Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ ආදරේ කරන කෙනා ගැන නැවත සිතා බැලිය යුතු ලක්ෂ 10ක්

1.සැම විටම ඔබ පිට වරද පටවයි

  • සබඳතාවයකදී සහකරු /සහකාරිය විධානාත්මකව අනෙකා මෙහෙයවයි නම් බොහෝ විට එම පුද්ගලයා අනෙකාගේ වැරදි නිතර මතුකර පෙන්වීම සිදුකරනු ලබයි. මතුවන ඕනෑම ගැටලුවකදි පැහැදිලිවම අනෙකාගේ වරදක් නැතත් ඔහු/ඇය වැරදියි යන සිතිවිලි එම පුද්ගලයාගේ මනසේ ඇතිවන වචන පැවසීම සහ ක්‍රියාවන් සිදුකරයි. උදාහරණයක් ලෙස ඔබ ඔබේ පෙම්වතාට/පෙම්වතියට ඇමතුමක් ගත් විට ඔහු/ඇය තමන් කාර්යබහුල බව මොහොතකටවත් සිහි වුණේ නැති දැයි ඔබට දොස් නගයි නම් ඔබ තුල ඔබ වරදකාරියි යන හැඟීම ඇති වේ.

2.අසරණකම උපක්‍රමයක් ලෙස භාවිතා කරයි

  • අසරණ කෙනෙකු කෙරෙහි අනුකම්පාව ඇතිනොවන්නේ කාටද? ඇතැම් පුද්ගලයින් මෙය ප්‍රේම සබඳතා වලදි අනෙකාව මෙහෙයවීමට උපක්‍රමයක් ලෙස යොදාගනිති. තම ජීවිතය කරදර වලින් , අවාසනාවෙන්, අපහසුතාවලින් පිරුණු එකක් බව සීමාවක් නොමැතිව නිතර මැසිවිලි නගමින් අනෙකාගේ අනුකම්පාව තමා වෙත ලබාගැනීමට උත්සාහ කරන අය වෙති. භාරදූර කාර්යක් හෝ බරපතල වගකීමක් පැහැරහැරීමට ගන්නා උත්සහයක් ලෙස ඇතැම් අය මෙසේ අන් අයගේ අවධානය බලාපොරොත්තු වෙති. නමුත් මෙය ඔබේ පෙම්වතා/පෙව්ම්වතිය ඔබ සමඟ විවෘතව ඔවුන්ගේ හැඟීම් සහ සිතිවිලි බෙදාහදා ගැනීම සමඟ පටලවා නොගත යුතුය. විධානකාරී පුද්ගලයින් අසරණබව මතුකර පෙන්වන්නේ තම වාසි ලබාගැනීම උදෙසාය.

3.තරහා අවුස්සමින් ඔබව ගැ‍ටුමකට පොලඹවාගනියි

  • වාද කිරීමේදි තවදුරටත් තමන්ට තර්කයක් නොමැති වන විට විධානකාරි පුද්ගලයින් තම පෙම්වතා/පෙම්වතිය තරහා ගැස්වීම සිදුකරනු ඇත. එහිදි ඇතිවන ගැ‍ටුමකදී පිටවන වචනයක් හෝ යම් ක්‍රියාවක් අනෙකාට එරෙහිව තම වාසියට භාවිතා කිරීම ඔවුන් උත්සාහ කරනු ඇත. එවැනි අවස්ථාවක අනෙකා ප්‍රතිපිළිතුරු ලබානොදෙමින් , ක්‍රෝධයට පත් නොවී සන්සුන්ව සිටීම උචිතය. නැවත මාතෘකාවට පැමිණීමට උත්සාහ කලත් අනෙක් පුද්ගලයා තවදුරටත් ඔබව උසි ගැන්වෙන වදන් පවසයි නම් එම සංවාදය විනීතව අවසන් කිරීමට උත්සහ කරන්න.

4.ඉක්මන් තීරණ ගැනීමට විධාන කරයි

  • තීරණයක් ගැනීමට ලැබෙන කාලය අඩුයි නම් සිතීමට ලැබෙන කාලය ද ඉතා අඩුය. ප්‍රේම සබඳතාවකදි අනෙකාව මෙහෙයවන පුද්ගලයින් බොහෝ විට එසේ අනෙකාව ඉක්මන් තීරණ ගැනීමට උසිගන්වන්නේ මේ නිසයි. කාගේවත් බලපෑම මත ඉක්මන් තීරණ වලට එලඹීම එතරම් නුවණට හුරු නැත. එසේ ඔබේ පෙම්වතා/පෙම්වතිය යම් දෙයක් සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගැනීමට ඔබට දැඩි පීඩනයක් එල්ල කරයි නම් කලබල නොවී ඔබට ඒ සඳහා කාලය අවශ්‍ය බව පැහැදිලිව පවසන්න.

5.ඔබේ ගැටලු සහ හැඟීම් වලට සවන් නොදි ගණන් නොගෙන සිටියි

  • ප්‍රේම සබඳතාවවකදි අනෙකාව තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ තවත් ලක්ෂණයක් නම් කිසිවක් ගණනකට නොගැනීමයි.ඔවුන් තමන්ගේ ගැටලු ගැන නිතරම මැසිවිලි නැගුවද අනෙකාගේ ගැටලුවකදි ඔහුට/ඇයට සවන්දීමට උත්සුක නොවෙති. බොහෝ විට තමන් කාර්යබහුල බව පැවසීම හෝ සංවාදය අතරතුර එය මගහැර යාම, වෙනත් මාතෘකාවක් ගැන කතාකිරීමට පටන්ගැනීම හෝ පසුව කතාකරමුයි සංවාදය මගහැරයාම සිදුකරති. සබඳතාවකදි අනෙකා ගැන සැලකිල්ලක් දැක්වීම සහ සානුකම්පිත වීම එහි පැවැත්මට ඉතා වැදගත් වේ.

6.මානසික තර්ජන එල්ල කරයි

  • මානසික වශයෙන් තර්ජනාත්මක වදන් පවසමින් අනෙකාව බියවැද්දීම (emotional blackmailing) ඔවුන්ගේ තවත් ලක්ෂණයකි. මෙය ඉතා ආත්මාර්තකාමී ක්‍රියාවකි. බ්පොහෝ විට අනෙකාගේ සිතේ වරදකාරි හැඟීමක් ඇති කරවමින් ඔහුට/ඇයට සිදුවන ඕනෑම කරදරයක දෝෂාරෝපණය සහ ජීවිතයට යම් අනතුරක් වේනම් එහි වගකීම අනෙකා පිට පටවයි. තමන් අකමැති දෙයක් තම පෙම්වතා/පෙම්වතිය සිදුකරන විට එය නතර කිරීමට සැම විටම තමන්ගේ ජීවිතයට හානිකරගන්නා බව බිය වැද්දීම ඇතැම් අය උපක්‍රමයක් කරගෙන ඇත.

7.පෙර සිදුවීම් සිහිපත් කරමින් ඔබව අපහසුතාවයට පත්කරයි

  • අතීත සිදුවීම් සිහිපත් කිරීම පමණක් නොව එම සිදුවීම් විකෘති කරමින් අවස්ථා, සිද්ධි, පසුබිම් වෙනස්කරමින් බොරු පවසමින් අනෙකාව වියවුලට පත් කිරීම ඇතැම් පෙම්වතුන්/පෙම්වතියන් සිදුකරති. එසේ අනෙකාගේ මතකය පිළිබඳ ප්‍රශ්ණ කරමින් තමාට අවශ්‍ය පරිදි අනෙකාව හසුරුවයි.

8.පොදු ගැටලු විවෘතව කතා කිරීමට උනන්දු නොවෙයි

  • එකිනෙකා සමඟ හොඳ සන්නිවේදනයක් පැවතීම සබඳතාවකදී ඉතා වැදගත් වේ. විවෘතව එකිනෙකා සමඟ කතාබහ නොකරන නිසා නිතරම පැරණි වාද සහ ගැ‍ටුම් යලි යලි ඇතිවන්නට පටන්ගනියි. සබඳතාවයේදි අනෙකාව මෙහෙයවන පුද්ගලයින් තමන්ගේ කායික හෝ මානසික පහසුව නැතිවන කිසිවක් කෙරෙහි මොහොතකට හෝ සංවේදී වීමට ,අවධානය යොමුකිරීමට සූදානම් නොවෙති. එවැනි සබඳතාවක් පැවතීම අනාගතයේදි ගැටලුකාරි විය හැකිය. එබැවින් අනෙකා සමඟ හොඳ සංවාදයක් ඇතිකරගනිමින් එකිනෙකාගේ ගැටලු සහ අදහස් උදහස් පිළිබඳ සාකච්ඡා කරන්න උත්සාහ කරන්න.

9.තමන්ට අවශ්‍ය දේ සිදුකරගැනීමට උපක්‍රමශීලී වදන් පවසයි

  • තම අවශ්‍යතාව කෙසේ හෝ ඉ‍ටුකරගැනීමට උපක්‍රමශීලීව ඉල්ලීම් සිදුකිරීම ඇතැම් අයගේ පුරුද්දකි. වටිනා තෑග්ගක් තෑගි කිරීමට නොහැකි නම් තරු පහේ හෝටලයක රාත්‍රි කෑමකට තමන්ව ගෙන යන ලෙස කෙනෙකු පවසයි නම් අනෙක් පුද්ගලයා වඩාත් උත්සුක වන්නේ මෙම ඉල්ලීම් දෙක අතරින් ඉ‍ටු කිරීමට පහසුම එක ‍තෝරාගැනීමටයි. නමුත්, මෙම උපක්‍රමයේදි අනෙකාට ‍තෝරාගැනීමට වර්ණයක් ඉතිරිවන්නේ නැත. අනිවාර්යෙන්ම එය ඉ‍ටු කිරීමට සිදුවේ.


10.ඔබ පවසන දේ නොවැටහුණු සේ ව්‍යාජ හැසිරීමක් පෙන්වයි

  • නොවැටහුණු ලෙස සිටීම එවැනි පුද්ගලයින්ගේ තවත් ලක්ෂණයකි. ඔවුන් බොහෝ විට එසේ කරන්නේ තමන්ගේ සුවපහසුව නැතිකරගැනීමට ඇති අකමැත්ත නිසාය. ඔබ යම් වැදගත් දෙයක් ගැන දිගින් දිගටම පවසද්දී එය නෑසුණා සේ සිටින අයෙකු සමඟ අනාගතය ගත කිරීම පහසු වේව්යි ඔබ සිතනවාද? බොහෝ විට එවැනි පුද්ගලයින් තමන්ගේ ගතිසිරිත් පහසුවෙන් වෙනස්කර නොගනිති. එබැවින් , එවැනි ප්‍රේම සබඳතාවක් තවදුරටත් ඔබට අවශ්‍ය ද යන්න බුද්ධිමත්ව සිතීම ඔබේ අනාගතය යහපත් එකක් වීම උදෙසා ඉතා වැදගත් වනු ඇත!