Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ ඇති උපකරණ වල ආයු කාලය අඩු කරන වැරදි 20ක්

අලුතින් විදුලි උපකරණයක් මිලදී ගන්නා විට ඒ සමඟ භාවිතා කල යුතු ආකාරය දැක්වෙන අත්පොතක් ද ලබාදෙනවා. නමුත් බොහෝ දෙනෙක් කම්මැලිකමට ඒවා කියවා බලන්නේ නැති තරම්. ඒ නිසාම බොහෝ විට එම උපකරණ ඔවුන් භාවිතා කරන්නේ වැරදි ආකාර වලටයි. මේ නිසා ඒවා වැඩි කලක් යන්නත් කලින් අකර්මන්‍ය වෙලා හානිවීමට ලක්විය හැකියි.
ගෙදර දොරේ නිතර භාවිතා වන විදුලි උපකරණ කිහිපයක් හරි ක්‍රමයට නඩත්තු කරන්නේ කොහොමද යන්න පිළිබඳ උපදෙස් කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ. මේ උපදෙස් පිළිපැද්දොතින් ඔබට හැකිවේවි වඩාත් දිගු කාලයක් පුරාවට ගැටලුවකින් තොරව නිවසේ ඇති එවැනි උපකරණ වලින් උපරිම උපයෝගිතාවක් ලබාගැනීමට!

1.වාෂ්ප විදුලි ස්ත්‍රික්ක (steam iron)

  • ටැප් ජලය භාවිතා නොකරන්න.ඉන් කුඩු කුඩු ස්වභාවයක් මතුවීමට පටන්ගත හැකිය. පෙරා පිරිපහදු කල ජලය භාවිතා කරන්න. ජලයේ ලවණ ගතිය අඩු වන තරමට ස්ත්‍රික්කයට වන හානිය ද අවම වේ.
  • ස්ත්‍රික්ක තුල ජලය ඉතිරි නොකරන්න. ඉන් ස්ත්‍රික්කය මලකඩකෑම නිසා රෙදි මදින විට දුඹුරු තිත් වැනි ස්වභාවයන් ඇතිවීමට ඉඩ ඇත.විශේෂයෙන්ම ඇතුලත මලකඩ සහිත ජලය කාන්දු වීම, වයර් තුලට ජලය ගමන් කිරීම වැනි හානි ඇතිවීම හෝ පරිපථ එකේ දෝෂ මතුකිරීමට ඉඩ ඇත.
  • ස්ත්‍රික්කයේ ලෝහ මතුපිට පෙනුමින් අපිරිසිදු නැතත් පිරිසිදු කල යුතුය. හැතුව එහි කුඩා නූල් හෝ ජලයේ ලවණ වැනි අංශු ඉතිරි වී තිබිය හැකි බැවිනි. ඒවා මඟින් තාල්යේ වාෂ්ප සිදුරු අවහිර විය හැකි නිසා ජලයට බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර එම දියරයෙන් ස්ත්‍රික්ක මතුපිට හොඳින් පිසදමා පිරිසිදු කරගන්න.

2.PC

  • මාසයකට වරක් PC වර්ගයේ පරිගණක වල ඇතුල් කොටස් පිසදමා පිරිසිදු කරන්න. අධික ලෙස දුහුවිලි එක් ‍රැස් වීම නිසා උපාංගය අධික ලෙස රත්වීම සිදුවිය හැකිය. බොහෝ කලක් ඒවා පිරිසිදු නොකරන විට එහි වාතාශ්‍ර කවුලු සිරවි ගොස් උපාංගය නිසි ලෙස සිසිල් වීමට නොදී අවහිරතා මතුකරයි. ඉන් එහි යාන්ත්‍රික හානි සහ දෝෂ මතුකරවීමට ඉඩ ඇත.
  • පරිගණකය තැබීමට ‍තෝරාගන්නා ස්ථානය පිලිබඳව සැලකිලිමත් විම වැදගත් වේ. උපාංග සැකැස්මේ ඇති වාකවුලු අවහිර (ventilation holes) වන ආකාරයෙන් එය තැන්පත් නොකල යුතුය. උදාහරණයක් ලෙස බිත්තියක් ආසන්නයේ එය තැබීමෙන් ඒවා පහසුවෙන් අවහිර වී යයි. එමෙන්ම පරිගණකය තාපවත් වන උපාංගයක් අසල හෝ සෘජු හිරු එළියට නිරාවරණය වන ස්ථානයක නොතැබිය යුතුය.
  • අධික ලෙස රත් විම පාලනය කිරීමට Thermal grease භාවිතය වැදගත් ය. අධික තාපවත්වීම සිදුවන්නේ මේවා වාෂ්ප වී යන විටය. සෑම වසර 2-3 කට වරක්ම ඒවා නැවත යෙදීමට තාක්ෂණ ශිල්පියෙකුගේ සහය ලබාගන්න. අධිකව භාවිතය නුසුදුසුය.

3.ලැප්ටොප්

  • ඉහත ගැටලු වලට අමතරව ලැප්ටොප් පරිගණක සම්බන්ධයෙන් සලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.ලැප්ටොප් පරිගණකය නිතරම චාර්ජරයට සම්බන්ධ කර තැබිම නොකල යුතුය. තාපවත්වීම සහ ඉහළ වෝල්ටේජ් ධාරා නිසා බැටරියට හානි විය හැක. 80% ක් දක්වා චාර්ජ් කිරීම හා 40% ට වඩා බැටරිය බැස ඇති සෑම අවස්ථාවකම චාර්ජ් කරගැනීම සිදුකල යුතු බව නිර්දේෂ කර ඇත.
  • අඩු උෂ්ණත්වයන් මෙම උපාංගයට සෘණාත්මක බලපෑම් ඇතිකල හැකිය.පරිගණකය අනවශ්‍ය ලෙස සිසිල් වීමට ඉඩ නොදෙන්න. උපාංගය කාමර උෂ්ණත්වයේ උණුසුම් වීමට ඉඩ දෙන්න. පරිපථ පද්ධතියේ දෝෂ (circuit shorts) ඇතිවීම වළක්වාගැනීමට තෙතමනය පිසදමා ඉවත්කරන්න.
  • ලැප්ටොප් පරිගණක එහාමෙහා ගෙනයාමට හැකි වීම වාසිදායක වුවත් එය ගැටලුවක් වන අවස්ථාත් තිබෙනවා. එසේ පරිගණකය ඔඩොක්කුව මත, ඇඳ මත, පු‍ටු මත තබා භාවිතා කිරිමේදි ඒවා අධික ලෙස තාපවත්වීම හා දෝෂ හටගත හැක. ඒවායේ වායු කවුළු අවහිර නොවන සේ ඝනකම් මතුපිටක තබා පරිගණකය භාවිතා කිරීම වඩාත් උචිතය.
  • ඇතැම් අය ලැප්ටොප් සඳහා SSD වෙනුවට සාම්ප්‍රදායික ලෙස hard drive සම්බන්ධ කර භාවිතා කරයි. පරිගණකය ක්‍රියාත්මක කර ඇති විට එය හෙල්ලීම නොකල යුතුය. එන් එහි යාන්ත්‍රික හානි මතුවිය හැකිය.

4.කේතල්

  • ප්‍රමාණවත් තරම් ජලය පිරවීමට මතක තබාගන්න. අඩුවෙන් ජලය දමා විදුලිය ක්‍රියාකරවන විට තාපකය (heater) වැසෙන තරමටවත් ජලය නොමැති නම් , එසේ කිහිපවරක් දිගින් දිගටම සිදුවන විට කේතලයේ දෝෂ ඇතිවීමට හා කැඩීයාමට ඉඩ ඇත.
  • අධික තාපයට නිරාවරණය වන ස්ථාන වල කේතල් නොතබන්න. විවෘත ලිප්, ගිනි උඳුන්, ඉලෙක්ට්‍රික් උඳුන් ආදි තාපය වැඩි ස්ථාන වල නොතබන්න.ඉන් කේතල් වල ප්ලාස්ටික් වැස්ම සහා ආකෘතියට හානි ඇතිවීමට ඉඩ ඇත.
  • කුඩු කුඩු ස්වභාවයන් ඇතුලත ‍රැඳීමට පටන්ගන්නා නිසා කාලයෙන් කාලයට කේතල් ඇතුලත හොඳින් පිරිසිදු කල යුතුය. ලෝහ කේතල් වල මෙන්ම ප්ලාස්ටික් කේතල් වල ද මෙසේ කොටස් (කැල්සියම් කාබනේට්) ‍රැඳීම සිදුවේ. ඒවා ඉවත්කිරීමට විනාකිරි සහ ජලය 1:1 අනුපාතයෙන් ගෙන කේතලයට දමා රාත්‍රියක් පුරා පෙ‍ඟෙන්නට හරින්න. පසුදා කේතලය හොඳින් සෝදා පිරිසිදු කරගන්න,
  • නිතර ඇතුලත ජලය ඉතිරි වන නිසා මෙසේ කුඩු කුඩු ස්වභාවයක් ‍රැ‍ඳෙන්නට පටන්ගනියි. වතුර උණු කල පසු කේතල්යෙන් ජලය හිස් කිරීම වඩාත් සුදුසුය.

5.ග්‍රයින්ඩර් (meat grinder)

  • අත්පොතේ සඳහන් කර ඇත්දැයි පරික්ෂා නොකර ග්‍රයින්ඩරේ කොටස් ඩිෂ්වොෂර් එකට දමා පිරිසිදු නොකරන්න. බොහෝ ඩිෂ්වොෂර වල භාවිතා වන ඩිටර්ජන්ට් වල ක්ෂාරීය පොස්පේට් (alkaline phosphate) අඩංගු වේ. ඒවා මතුපිට ඔක්සිකරණය වීම වැඩිකරමින් මතුපිට ගෙවීයාමට ලක්කරයි. එවැනි පොස්පේට් කොටස් යන්ත්‍රයේ ‍රැඳී ඉතිරි වී එයට දමා අඹරාගන්නා මස් වලට එක්විය හැකිය.
  • මස් වල ක‍ටු ඉවත් කර භාවිතයෙන් ග්‍රයින්ඩර් බඳුන කැඩිමේ අවදානම අඩු කරගත හැකියි.
  • ඇඹරුම් ක්‍රියාවලිය අතරතුරදි ග්‍රයින්ඩරය අධික ලෙස රත්වීමට ඉඩ නොදෙන්න. ඇඹරීම සඳහා ලිහිසි ද්‍රව්‍යයක් එක්කර නොමැති වීම සහ යන්ත්‍රයේ සිසිල් වන පද්ධතිය කැඩී තිබීම නිසා එසේ රත්වීම සිදුවිය හැක. කප් එක මස් වලින් පිරවීම නිසා සහ එක දිගට වැඩි වෙලාවක් ක්‍රියාත්මක කිරීම නිසා ග්‍රයින්ඩරය කැඩී යාමට වුවත් ඉඩ ඇත.

6.බ්ලෙන්ඩර්

  • අයිස් කැට සහ වෙනත් සීතලට ගල්වී ඇති දේවල් බ්ලෙන්ඩර් නොකරන්න. එමඟින් ඇතුලත තල පවා කැඩී යාමට ඉඩ ඇත. එසේ කිරීමට අවශ්‍ය නම් අයිස් වලට ජලය ස්වල්පයක් එක්කරන්න.
  • අධික උණුසුම් ආහාර එයට එක් නොකරන්න. පියන වැසූ පසු අධික තාපය නිසා ඇතුලත වැඩි පීඩනයක් ඇති වී බ්ලෙන්ඩර් කප් මතුපිට පළුදුවීයාමට ඉඩ ඇත. එසේ නොවීමට බ්ලෙන්ඩර් කප් එක තුවායකින් ආවරණය කර අඩුම වේගයෙන් (low power mode) බ්ලෙන්ඩර් එක ක්‍රියාකරවීමයි.
  • එක දිගට වැඩි වෙලාවක් භාවිතා කල පසු එහි මෝටර් කෝටස සිසිල් වීම සඳහා ඉඩ හරින්න.

7.වායු සමීකරණ

  • තාක්ෂණ ශිල්පියෙකුගේ සහය ඇතිව කලින් කටල එහි පිරිපහදු ඒකක (filters) වෙනස්කිරීම සහ පිරිසිදු කිරීම සිදුකරන්න.
  • වායු සමීකරණ ක්‍රියාකර ඇතිවිට ජනෙල් විවෘත කර නොතබන්න. එමඟින් කාමරය සිසිල් වීමේ ක්‍රියාවලිය මන්දගාමී වේ. එමෙන්ම ජනේල හරහා ඇතුලට එන උණුසුම් වායු පැසුරුම් කිරීමට සිදුවන නිසා අමතර අධි ක්‍රියාකාරීත්වයකට පත්වීමෙන් වායු සමීකරණයේ දෝෂ හටගැනීමට ඉඩ ඇත.
  • හැකි පමණට වඩා අධික ලෙස ක්‍රියාත්මක වීමට සිදුවිමෙන් කාමරයට වත් ප්‍රමාණවත් නොවන ආකාරයේ වායු සමීකරණ ඉක්මනින් ගෙවී ගොස් අකර්මන්‍ය වේ. ඔබ අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් ඇති වායු සමීකරණ වලට වැඩි විදුලියක් නාස්ති වෙන අතර කුඩා කාමරයක් නම් ඉක්මනින් සිසිල් වී ගොස් තෙතමනය පහළ බැස ඇතුලත වාතාශ්‍රය වඩාත් වියළි ස්වභාවයක් ගැනීමට ඉඩ ඇත.