Hela Rahas

Hela Rahas Official Web Portal

ස්නානය කිරීමේදී සිදු කරන වැරදි 12ක්‌.

දත්ත වලට අනුව අපේ ජීවිත කාලයෙන් වසර 1.5ක් පමණ අපි ගත කරන්නේ නාන කාමරයේ. එයිනුත් මාස 6ක් පමණ අපි ගත කරන්නේ ස්නානය කිරීමට. සෞඛ්‍යාරක්ෂාව අපේ ජීවිත වල ඉතාමත් වැදගත් කොටසක් නිසා එහි පුදුමයකුත් නැහැ. නමුත් අපි ස්නානය කිරීමේදී සිදුකරන වැරදි පිළිබඳව දැනුවත් වී සිටින්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. ඒ නිසා මේ ලිපියෙන් අපි ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනකු ස්නානය කිරීමේදී සිදුකරන සෞඛ්‍යයට අහිතකර වැරදි කිහිපයක් පිළිබඳවයි.

01.ව්‍යායාම කිරීමෙන් පසු ස්නානය නොකිරීම.

  • ඇතැම් පුද්ගලයන් සිතන්නේ ව්‍යායාම කිරීමෙන් පසු ස්නානය කළ යුතු එකම හේතුව දුගඳ හැමීම පමණක් බවයි. නමුත් ඇත්තෙන්ම ඔබ ව්‍යායාම කිරීමෙන් පසු ස්නානය කළ යුතු තවත් හේතුන් කිහිපයක්ම තිබෙනවා. දහඩිය මගින් සමේ දද වලට හේතු විය හැකි බැක්ටීරියා වර්ධනය වීම උත්තේජනය කරනවා. මේ නිසා අපි නිර්දේශ කරන්නේ ව්‍යායාම කිරීමෙන් පසු වැඩි වේලාවක් ගත නොකර ස්නානය කළ යුතු බවයි.

02.පෙඩිකියෝ (Pedicure) එකක් සිදු කිරීමට කලින් දෙපා ෂේව් කිරීම.

  • පාදවල ඇති වන සියුම් සීරීම් හරහා ආසාදන ඇතිවිය හැකි බැවින් පෙඩිකියෝ එකක් සිදු කිරීමට කලින් දෙපා ෂේව් කිරීමෙන් වලකින්න.

03.”ප්‍රතිවිරුද්ධ ස්නානය” අනුගමනය නොකිරීම.

  • ඔබ උණු වතුරෙන් ස්නානය කරන අවස්ථාවක ස්නානය කර අවසන් වීමට කලින් තත්පර 30ක් පමණ සීතල වතුරෙන් ස්නානය කරන්න. එමගින් ඔබේ ආතතියට ඇති ප්‍රතිරෝධීතාවය සහ ප්‍රතිශක්තිකරණය වැඩි කෙරෙන අතර ප්‍රති-අවපීඩකයක් (antidepressant) ලෙසත් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉන්සොම්නියා නොහොත් නිදන නොයාමේ තත්ත්වයකට හේතුවිය හැකි බැවින් මෙවැනි “ප්‍රතිවිරුද්ධ ස්ථානයක්” (Contrast shower) නින්දට පෙර සිදු නොකිරීමට වගබලාගන්න.

04.දිනපතාම හිසකෙස් සේදීම.

  • තුනී හෝ දුර්වල හිසකෙස් ඇති පුද්ගලයන් දිනපතාම හිසකෙස් සේදීමෙන් වැළකිය යුතුයි. කෙස් වල තෙතමනය සමතුලිතව පවත්වා ගත හැකි නිසා සතියකට දෙවරක් ස්නානය කිරීම වඩාත් සුදුසුයි.

05.තෙත හිසකෙස් තුවායකින් එතීම.

  • හිසකෙස් තෙත් වීමෙන් පසු ඒවා දුර්වල සහ ඉක්මනින් කැඩීයන සුළු ස්වභාවයකට පත් වෙනවා. මේ නිසා ස්නානය කිරීමෙන් පසු තෙත හිසකෙස් තුවායකින් එතීම සිදු නොකළ යුතු බවටයි නිර්දේශ කෙරෙන්නේ. මීට අමතරව උණුසුම නිසා සීබම් ග්‍රන්ථි වඩාත් හොඳින් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් වියළුණු පසු බලාපොරොත්තු වූ තරම් පිරිසිදු බවක් නොපෙනීමටත් පුළුවන්.

06.වතුර මල පිරිසිදු නොකිරීම.

  • ඔබ නාන කාමරයේ ඇති ‘ෂවර් හෙඩ්’ (Shower head) එක නොහොත් වතුර මල දිගු කාලයක් තිස්සේ භාවිතා කරනවා නම් එහි පුස් වැනි ද්‍රව්‍යයක් බැඳී තිබෙනවා දැක ඇති. විද්‍යාඥයන් පවසන්නේ එවැනි ස්ථාන වල පෙනහළු රෝගවලට හේතු විය හැකි බැක්ටීරියා වර්ගත් තිබිය හැකි බවයි.

07.සබන් පෙට්ටිය නිසි ලෙස භාවිත නොකිරීම.

  • ඔබ නාන කාමරයේ සබන් කෑල්ල තැබීමට සබන් පෙට්ටියක් භාවිතා කරනවා නම් එයින් ඉවතට වතුර ගලා යන බවට තහවුරු කරගන්න. එසේත් නැත්නම් සබන් කෑල්ල මත බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ තිබෙනවා.

08.රේසරය නාන කාමරයේ තබා ඒම.

  • රේසරය මත බැක්ටීරියා ගුණනය වීම වළක්වා ගැනීමට, භාවිතා කිරීමෙන් පසු එය වියලීමට තුවායක් මත තබන්න. මීට අමතරව ඔබ නිරන්තරයෙන් රේසර් බ්ලේඩ් තලයත් මාරු කළ යුතුයි.

09.දිගු කාලයක් එකම තුවාය භාවිතා කිරීම.

  • එකම තුවාය දිගු කාලයක් භාවිත කිරීමෙන් වලකින්න. ඔබ එය නැවත භාවිතා කිරීමේදී එය සම්පූර්ණයෙන් වියැළී නැත්නම් එහි බැක්ටීරියා තිබිය හැකියි. ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන ෆිලිප් ටියර්නෝ පවසන්නේ ඔබ තුවාය සේදීමට කලින්, එය භාවිතා කළ යුතු උපරිම වාර ගණන 03ක් බවයි.

10.ස්නානය අවසන් කළ වහාම නාන බේසම පිරිසිදු නොකිරීම.

  • ස්නානය අවසන් වූ වහාම නාන බේසම (Bath tub) සේදීමට අමතක නොකරන්න. තෙතමනය සහිත වටපිටාව නිසා ඊ-කෝලයි වැනි බැක්ටීරියාවන් වර්ධනය විය හැකියි. නිරන්තරයෙන් නාන බේසම පිරිසිදු කිරිම මගින් ආසාදනයක් ඇතිවීම වළක්වාගත හැකියි.

11.ඇඟ පිරිසිදු කළ ස්පොන්ජ් එක නානකාමරයේම තබා ඒම.

  • ඔබ ස්නානය කරන විට ඇඟ පිරිසිදු කිරීමට භාවිතා කළ ස්පොන්ජ් එක හෝ ලූෆා එක එහි තබා ඒමෙන් තෙතමනය නිසා විවිධ බැක්ටීරියාවන් එහි ගුණනය වීමට ඉඩ තිබෙනවා. මේ නිසා භාවිතා කිරීමෙන් පසුව එය හොඳින් පිරිසිදු කොට, වියලීමට තබා, වියලි ස්ථානයකම ගබඩා කරන්න.

12.පාද නොසේදීම.

  • ඇතැම් පුද්ගලයන් ස්නානය කිරීමේදී පතුල් පිරිසිදු කිරීමට වෙනම කාලයක් ගත නොකරන්නේ ඇඟ සේදීමේදී සේදී යන සබන් වලින් ඒවා ඉබේම පිරිසිදු වන බව සිතන නිසයි. නමුත් එසේ සිදු වන්නේ නැති අතර ඔබ නිසි පරිදි පතුල් පිරිසිදු නොකරනවා නම් නියපොතු වල දිලීර ආසාදන ඇතිවිය හැකියි.
  • ස්නානය කිරීමේ දී බොහෝ දෙනෙක් නොසැලකිලිමත්ව සිදු කරන ඉහත වැරදි මින්පසු ඔබ සිදු නොකරනු ඇතැයි අප සිතනවා. සියල්ලටම වඩා අපගේ සෞඛ්‍යය වැදගත් නිසා ඉහත උපදෙස් ඔබට වැදගත් වූ ආකාරයටම තවත් කෙනෙකුත් දැනුවත් කිරීමට මේ ලිපිය බෙදා හදා ගන්න.