Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ ඇති උපකරණ වල ආයු කාලය අඩු කරන භාවිතයේදී සිදුකරන වැරදි 36ක්

අලුතින් විදුලි උපකරණයක් මිලදී ගන්නා විට ඒ සමඟ භාවිතා කල යුතු ආකාරය දැක්වෙන අත්පොතක් ද ලබාදෙනවා. නමුත් බොහෝ දෙනෙක් කම්මැලිකමට ඒවා කියවා බලන්නේ නැති තරම්. ඒ නිසාම බොහෝ විට එම උපකරණ ඔවුන් භාවිතා කරන්නේ වැරදි ආකාර වලටයි. මේ නිසා ඒවා වැඩි කලක් යන්නත් කලින් අකර්මන්‍ය වෙලා හානිවීමට ලක්විය හැකියි.

ගෙදර දොරේ නිතර භාවිතා වන විදුලි උපකරණ කිහිපයක් හරි ක්‍රමයට නඩත්තු කරන්නේ කොහොමද යන්න පිළිබඳ උපදෙස් කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ. මේ උපදෙස් පිළිපැද්දොතින් වඩාත් ගිගු කාලයක් පුරාවට ගැටලුවකින් තොරව නිවසේ ඇති එවැනි උපකරණ වලින් උපරිම උපයෝගිතාවක් ලබාගැනීමට!

1.රෙදි සෝදන යන්ත්‍ර

  • රෙදි සෝදන යන්ත්‍ර මත බර වස්තු නොතබන්න. ඒ මත වාඩිනොවෙන්න.
  • යන්ත්‍රයට රෙදි දැමීමට පෙර ඒවායේ සාක්කු පරික්ෂාකරන්න. කාසි, හැට්ටක‍ටු ආදිය ඉවත් කරන්න.
  • රෙදි සේදුම් යන්ත්‍ර සඳහාම ඇති විශේෂිත සේදුම් දියර (ඩිටර්ජන්ට්) භාවිත කරන්න,. අතින් රෙදි සේදීම සඳහා භාවිතා කරන සේදුම් කාරක වලින් අධිකව පෙණ ඇතිවේ, ඒ බලපෑමින් කලාය්ක් යන විට යන්ත්‍රයට හානි ඇති විය හැකියි.
  • සෑම සේදුම් වාරයකටම පසු යන්ත්‍රය ඇතුලත රබර් කොටස් පිස දමා පිරිසිදු කරන්න. ‘ඩිස්පෙන්සර් ඩ්‍රෝඅර් (dispenser drawer)’ කොටස ගලවා ඉවත් කර පිරිසිදු කර වියළා ගන්න. පුස් දිලීර බැඳීම වළක්වාගැනීමට මෙය නිතිපතා සිදුකරන්න.
  • සෝදා වසන් කල තොගය ඉක්මනින් ඉවත්කරන්න (තෙත බරිත රෙදි යන්ත්‍රය තුල බොහෝ වෙලාවක් ‍රැඳී තිබීම නිසා එහි ‘ඩ්‍රම් (drum)’ කොටසට හානි ඇති විය හැකියි).
  • යන්ත්‍රයේ ස්වයං පිරිසිදුවීමේ (sel-cleaning cycle option) යාන්ත්‍රණයක් නොමැතිනම් මාසයකට එක්වතාවක් හෝ අතින් යන්ත්‍රය පිරිසිදු කරන්න. යන්ත්‍රය හිස් කර උණුසුම් ජල සේදුම් වාරයක් ක්‍රියාකරවන්න.ලෙමන් යුෂ, විනාකිරි හෝ වෙනත් ‍රැඳී ඇති සේදුම් දියර අවශේෂ ඉවත්කල හැකි දියරයක් ජලයට එක්කර නැවත සේදුම් වාර කිහිපයක් ක්‍රියා කරවමින් යන්ත්‍රය ඇතුලත පිරිසිදු කරන්න.

2.ශීතකරණ

  • ශීතකරණයක් ඔසවාගෙන එහාමෙහා ගෙන යන විට එය අංශ 40 කට වඩා ඇල වී නොතිබිය යුතුය. නැතිනම් සිදුවන්නේ එහි ‘කම්ප්‍රේසර් ඔයිල් (compressor oil)’ කාන්දු වි පූර්ණ පද්ධතියටම හානිවීමයි.
  • ශීතකරණයක් නිවසට ගෙන ආ වහාම එය ක්‍රියානොකරන්න (කම්ප්‍රෙසර් ඔයිල් කාන්දුවිය හැකි බැවිනි). අවම පැය 6 ක් ගත වූ පසු විදුලියට සම්බන්ධ කර ක්‍රියාත්මක කරන්න.
  • ශීතකරණයට උණුසුම් ආහාර බඳුන් නොදමන්න. ඒවා පළමුව සිසිල් වීමට ඉඩ හැර පසුව ශීතකරණයේ තබන්න.
  • මස කිහිපයකට වරක් හෝ සොකට්‍ටුවෙන් විසන්ධි කර ශීතකරණයේ ඇතුලත තට්‍ටු හොඳින් පිරිසිදු කරන්න.
  • ශීතකරණයේ පි‍ටුපස දුහුවිලි ‍රැඳීම වළක්වාගන්න. පිරිසිදු කිරීමට පෙර ශීතකරණය පේණුවෙන්ම ගලවා ඉවත්කරන්න.

3.ස්ලෝව් කුකර් (slow cooker)

  • කිලිටි බඳුන් හා පිටත තෙත බඳුන් ස්ලෝව් කුකර් තුලට නොදැමිය යුතුය. එසේ කිරීමෙන් මෙම උපකරණය ඉක්මනින් කැඩී යනු ඇත.
  • අනවශ්‍ය ලෙස වාෂ්ප එක් ‍රැස් වීම, තෙල් පැල්ලම් ඇතිවීම සහ ආහාර කොටස් ඉතිරි වීම වළක්වාගැනීම සඳහා ආහාර පිසීමෙන් පසු කුකර් එකේ පියන හොඳින් පිසදමන්න.
  • කුකර් එකේ පෑන් කොටස ධාන්‍ය වර්ග සේදීම සඳහා භාවිතා නොකරන්න. එමඟින් එහි ඇතුලත මතුපිට සීරීයාමට ලක්විය හැකිය. පෑන් එක පිරිසිදු කිරීමේදී මෘදු ස්පොන්ජ් එකකින් එය සිදුකිරීම වැදගත්ය.
  • උපරිම ධාරිතා සීමාවට වඩා අඩුවෙන් ආහාර අමුද්‍රව්‍ය එක්කර පිසගන්න.

4.මයික්‍රෝවේව් උඳුන්

  • සැහැල්ලු බ‍රැති ආහාර පිසින විට මයික්‍රෝවේව් උඳුන තුල වතුර වීදුරුවක් තැබීම ඉතා සුදුසුය. ජලය මඟින් මයික්‍රෝවේව් උඳුන තුල ඇති ඇතැම් විකිරණ උරාගනිමින් ආහාර වඩාත් හොඳින් පිසෙන්නට ඉඩ ලබාදේ.
  • උඳුන උඩින් කිසිවක් නොතබන්න. උඳුනේ ‘වෙන්ටිලේෂන් ග්‍රිල් (ventilation grills) කොටස් අවහිර නොවීම ඉතා වැදගත්ය.
  • හිස් ව පවතින විට උඳුන ක්‍රියාත්මක නොකරන්න. මෙමඟින් මයික්‍රෝවේව් (සූක්ෂ්ම තරංග) නිකුත් කරවන ‘මැග්නෙට්‍රොන් (magnetron)’ උපාංගයට පහසුවෙන් හානි සිදුවිය හැක.
  • අතිශයින්ම අධික බ‍රැති අයිතමයන් උඳුනට ඇතුල් නොකරන්න.
  • මයික්‍රෝවේව් උඳුන් වලට ඒවා සඳහාම සකසා නොමැති වර්ගයේ මැටි බඳුන් ඇතුල් නොකරන්න. බොහෝ විට ගිනිගැනීම් අනතුරු ඇතිවිය හැක.
  • නිසි කාලයට වඩා වැඩියෙන් ආහාර රත්කිරීම සිදුනොකල යුතුය.
  • මෘදු පිරිසිදුකාරකයක් භාවිතා කරමින් තෙල් ,ඉඳුල් ‍රැඳී ඇති උඳුන ඇතුලත මතුපිට හොඳින් පිරිසිදු කරන්න.

5.ටෝස්ටර්

  • ජලය වැටීමට ඉඩ නොදෙන්න. එමෙන්ම තෙත අතින් ටෝස්ටර් උපකරණ නො අල්ලන්න. ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍ය වලින් එය ඈත් කර තබන්න.
  • වෙනත් පාන් වර්ග වලට වඩා වියළි පාන් ටෝස්ටරයට දැමීම සුදුසුය.
  • දිනපතා ටෝස්ටරය භාවිතා වේ නම් සතියකට වරක් හෝ එහි ඇතුලත හොඳින් පිරිසිදු කරන්න.

6.බ්ලෙන්ඩර්

  • අධික ලෙස උණු ආහාර බ්ලෙන්ඩරයට එක්කර නොගන්න. ඒවා අවම ෆැරන්හයිට් අංශක 158-176 ක් පමණ සිසිල් වන තුරු තබා බ්ලෙන්ඩර් කරගන්න.
  • බ්ලෙන්ඩරයේ මෝටර් කොටසට ජලය ගමන් නොකරන තරමට එහි කල් පැවැත්ම වැඩිය. ඇතුලත පිරිසිදු කරගැනීමට තෙත රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
  • භාවිතා නොකර බ්ලෙන්ඩරයේ ස්විච් එක ක්‍රියාත්මක කර බොහෝ වෙලාවක් තිබෙන්නට නොහැරිය යුතුය. ඉන් මෝටරය අනවශ්‍ය ලෙස රත්විය හැක.
  • වියළි ද්‍රව්‍ය සහ දියර ඇඹරීමට දී ඇති වෙන් වෙන් බ්ලෙන්ඩර් බඳුන් භාවිතා කිරීම වැදගත්ය.