Hela Rahas

Hela Rahas Official Web Portal

අධික මස් පරිභෝජනය නිසා ඇතිවිය හැකි හානි 10ක්

මස් මාංශ අනුභවයෙන් සිරුරට හිතකර සත්ව ප්‍රෝටීන් සහා වෙනත් හිතකර පෝෂක ‍රැසක් ලබාගත හැකිය. බොහෝ දෙනෙක් මාංශ ආහාර ප්‍රිය කරන අතර ඒවා විවිධ ක්‍රම වලට පිසගනිමින් රසවිඳීමට පෙලඹෙති. නමුත්, ප්‍රමාණය ඉක්මවා ඇතැම් ආහාර වර්ග පරිභෝජනය කිරීම කිසිසේත්ම සුදුසු නැත. මස් මාංශ ඊට උදාහරණයකි. ඇතැම් අයට මස් අනුභව කිරීමෙන් පසු ඒවා ජීර්ණය කරගත නොහැකිව පීඩා විඳිමට සිදුවේ. ඒ වගේම තමයි අධික මස් පරිභෝජනය සෞඛ්‍යයට ඉතාම අහිතකරය. අධික ප්‍රෝටීන් පරිභෝජනය ගැටලු පීඩා මතුකරවිය හැකි අවදානම් සාධකයකි. එවැනි ආහාර පුරුදු නිසා ඔබේ සිරුරට ඇතිවිය හැකි හානි හා අවදානම් පිළිබඳව අපි දැනගනිමු.

1.වකුගඩු වල ගල් හටගත හැකිය

  • සත්ව ප්‍රෝටීන් වල පියුරයින් නම් සංඝටක රාශියක් අන්තරගත වේ. ඒවා යූරික් අම්ල බවට ඛණ්ඩනය වේ. මෙම අම්ල සිරුරේ අධිකව ඇතිවීමෙන් වකුගඩු ආශ්‍රිතව ගල් හටගැනීමේ අවදානම වැඩිය. මෙම අවදානම අවම කරගැනීමට නම් මස් මාංශ පරිභෝජනය හැකිතාක් සීමා කරමින් දිනකට හොඳින් ජලය පානය කරන්න.

2.විජලනයට ලක්විය හැකිය

  • සිරුරේ අතිරික්ත යූරික් අම්ල ප්‍රමාණයක එතිවීම නිසා අසාමාන්‍ය ලෙස සිරුරට පිපාසය ඇතිවේ. ඕනෑම විෂ අපද්‍රව්‍යයක් වුව බැහැර කරවීමේ ක්‍රියාවලිය සඳහා උදාසීන කරවීමට වකුගඩු සඳහා හොඳින් ජලය අවශ්‍ය වේ. එබැවින්, ඔබ දවසේ කොතැනක, කුමක් කරමින් සිටියර්ත් හොඳින් ජලය පානය කිරීමට අමතක නොකරන්න!

3.මලබද්ධය ඇතිවිය හැකිය

  • මාංශමය ආහාර වල බොහෝ ප්‍රෝටීන් අන්තරග්ත වුව ද එතරම් තන්තු පෝෂක අඩංගු නැත. ජීර්ණක තන්තු සිරුරට ලැබෙන්නේ එළවලු හා පලතුරු මෙන්ම ධාන්‍ය පරිභෝජනයෙනි. එබැවින් , ඔබේ දිනපතා ආහාර වේලට මේවා එක්කරගන්න. මලබද්ධය හා වේදනාකාරී බඩවැල් ක්‍රියාකාරීත්වයන් (ක්‍රමාකුංචනය් ක්‍රියාවලිය) ඇතිවීම මඟින් සිරුරට ලැබෙන තන්තු පෝෂණය අවම බවට ඉඟි සපයයි. පලතුරු හා එලවලු සලාද වර්ග ආහාරයට ගැනීම ඉතාමත් උචිතය.

4.හිසරදයන් මතුකරවිය හැකිය

  • සිරුරේ සජලතාව එසේත්නැතිනම් තෙතමනය නොමැති වීම හේතුවෙන් හිසරදය වැනි තත්වයන් හටගත හැකිය. ඒ බලපෑමින් රුධිරය වඩාත් ඝනකම් වන අතර මොලයට සැපයෙන ඔක්සිජන සැපයුම අවම වී සීමා වී යාමට පටන්ගනියි. ඇතැම් මස් ආශ්‍රිත නිෂ්පාදන සොසේජස්, හොට්ඩෝග් වැනි ආහාර වල නයිට්‍රේට් අඩංගුය. ඒවා හේතුවෙන් මොලයට ඇති රුධිර සැපයුම ඉහළ යාමට පටන්ගනියි.

5.හෘදය ආශ්‍රිත ගැටලු පීඩා මතුකරවිය හැකිය

  • තන්තු පෝෂක බහුල ආහාර පරිභෝජනය කිරීම ඔබේ හෘදසෞඛ්‍යය ආරක්ෂා කරවීමට සහය දේ. නමුත් ඔබ වැඩිපුර ආහාරයට ගන්නේ මස් ආහාර නම් ඔබේ සිරුරේ ඒවා හිඟ වේ. රතු මස් වර්ග විශේෂයෙන්ම හෘද සෞඛ්‍යයට එතරම් හිතකර නැත. ඒවා ආහාරයට ගැනීමෙන් හෘද රෝග වැලඳීමේ අවදානම තෙගුණයකින් ඉහළ යන බව පැවසේ. ඊට හේතුව නම් ඒවායේ සංතෘප්ත මේද රාශියක් අන්තර්ගත වීමය. ඒවා මඟින් සිරුරේ LDL අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමයි.

6.නිතර ලෙඩ රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩිවිය හැකිය

  • රතු මස් හා පෙර සකසන ලද මස් නිෂ්පාදන වල අඩංගු සංතෘප්ත මේද වල සිරුරේ ප්‍රදාහය වැළැක්වීම සඳහා දායක වන ප්‍රති-ඔක්සිකාරක ගුණ අඩංගු වන්නේ නැත. එවැනි ප්‍රති-ඔක්සිකාරක ගුණ අඩංගු වන්නේ එළවලු හා පලතුරු වලය.

7.මුඛ දුර්ගන්ධය ඇතිවිය හැකිය

  • අධික ප්‍රෝටීන් හා මේද අඩංගු නමුත් කාබෝහයිඩ්‍රේට් අඩංගු නොවන ආහාර පරිභෝජනය කිරීමේදි සිරුරේ කීටෝන නිෂ්පාදනය වේ. ඒවා ඇසිටෝන් වල ගන්ධයට සමාන වන අතර ප්‍රාශ්වාසය ඔස්සේ මුදාහැරේ. කීටෝ ඩයට් ක්‍රම අනුගමනය කරන පුද්ගලයින් මුඛ දුර්ගන්ධය හැමීමේ ගැටලු ඇතිවිය හැක්කේ ඒ නිසයි. එබැවින් ආහාර වේලට යම් ප්‍රමාණයකින් හෝ කාබෝහයිඩ්‍රේට් දායක කරගන්න.

8.හිසකෙස් හා සම ආශ්‍රිත ගැටලු මතුකරවිය හැකිය

  • මස් වල විටමින් C ඉතා දුර්ලභය. විටමින් C යනු කොලැජන් නම් සමේ, නියපෙළේ, හිසකෙස් වල , අස්ථි වල මනා පෙනුම වර්ධනය කරවන ප්‍රෝටීන නිර්මාණය වීමට දායක වන පෝෂකයකි. ඔබේ සමේ හා හිසකෙස් වල විවිධ ගැටලුකාරි වෙනස්කම් නිරීක්ෂණය කල හැකි නම් බොහෝ විට ඔබේ අධික මස් පරිභෝජනය ගැන දෙවරක් සිතිමට කාලය හරි බව ඔබට ඉඟි ලබා දෙනවා විය හැකියි.

9.අස්ථි දුර්වල වී යා හැකිය

  • අධික ප්‍රෝටීන් මට්ටමක් ඇතිවිට මූත්‍රා හරහා සිරුරෙන් කැල්සියම් ඉවත්ව යාම ඉහළ යයි. ඔබ දන්නවා කැල්සියම් යනු අපේ අස්ථි වල නීරෝගි බව සඳහා අතිශයින්ම වැදගත් පෝෂකයක් වන බව! එසේ සිරුරට අත්‍යවශ්‍ය කැල්සියම් අහිමිව යාම සුදුසු තත්වයක් නොවේ. එබැවින් අස්ථි වල ශක්තිමත් බව ‍රැකගැනීමට කැල්සියම් බහුල ආහාර වර්ග ලබාගන්න.

10.වෙහෙසකර බව දැනේ

  • එළවළු හා පලතුරු වර්ග මෙන් නොව මස් මාංශ ජිර්ණය කිරීම අපගේ ජීර්ණ පද්ධතියට අපහසු කාර්යකි. එබැවින් ඒව ජීර්ණය කිරීමට ආමාශයට දැඩි ආයාසයක් දැරීමට සිදුවේ. මේ හේතුව නිසා මස් මාංශ පරිභෝජනය කිරීමෙන් පසු ඔබ බර ආහාරයක් ලබාගත් මෙන් සිරුරට අපහසුවක් දැනෙනු ඇත.