Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයේ නොගැලපෙන නම් යෙදු දේවල් 19ක්

අවනාම (misnomers) එහෙමත් නැතිනම් නොගැලපෙන නාම සහිත දේවල් කිහිපයක් ගැනයි අද අප ඔබට තොරතුරු කියන්නේ. ඒ වගේ නම් යෙදුම් නිසා පලතුරක් එලවළුවක් විදියටත් දළඹුවෙක් පණුවෙක් කියලත් වැරදියට අර්ථකතනය වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ මේ දේවල් හැඳින්වීම සඳහා භාවිතා වන නම් ඇත්තටම ඒවාට අදාළ වෙන්නේ නැති තරම් කියලයි හිතෙන්නේ. කොහොමවුණත් මේ නම් නැවත වෙනස් කරන්න බැරි තරමට භාෂාව ඔස්සේ සමාජගත වෙලා තිබෙනවා. ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ හමුවන අපූරු වචන කිහිපයක් පහළින් දැක්වෙනවා.

1.Bald eagle

  • මෙම පක්ෂියාට ‘bald ‘හෙවත් ‘තට්ටය සහිත’ යන නම තිබුණද ඌගේ හිස මත සුදු පිහා‍ටු රාශියක් පිහිටා ඇත. මොවුන් උතුරු ඇමෙරිකාවට ආවේණිකය. පියාපත් විහිදූ විට පරාසය අඩි 7 ක් පමණ වේ. ප්‍රධාන ආහාරය මාලුය.

2.Prairie dog

  • Prairie dog’ යනු බල්ලෙකු නොවේ. මොවුන් රොඩන්ට් (rodent) සත්ව විශේෂයකි (විශාල ඉදිරිපස දත් පිහිටා ඇති ක්ෂිරපායි සත්ව වර්ගයකි).පවුල මූලික කරගත් රංචු වශයෙන් ජීවත් වේ. ගැඹුරු උමං සහ බෙන සකසන අතර විශාල කොලනි වශයෙන් ජීවත්වෙති.

3.Turkey

  • තුර්කි ජනයා නැගෙනහිර අප්‍රිකාවෙන් සහ යුරෝපයෙන් ‘guinea fowl’ හෙවත් ගිණි කුකුලන් ආනයනය කර ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදීය.යුරෝපානු පිලිගැනීමට අනුව කුකුල්,තාරා ඇතුලු සත්තු ඇතිකිරීම ආරම්භ වී ඇත්තේ තුර්කියෙන් (Turkey) බවය. එම නිසා එම සත්වයින්ගේ ගැහැණු සතුන් ‘Turkey hen’ ලෙසත් පිරිමි සතා ‘Turkey’ ලෙසත් හැඳින්විමට පටන්ගෙන ඇත. එම නම එසේම භාවිටතයේ පවතියි.

4.Sweetbread

  • Sweetbread’ පැණි රස (sweet) නොවන අතර පාන් (bread) වර්ගයක් නොවේ.ඒවා ආහාරයට ගන්නා සත්වයින්ගේ තෛමස් ග්‍රන්ථි වේ.

5.Hot bath

  • Bath’ හෙවත් ස්නාන තටාක ඉතිහාසය ඇරඹෙන්නේ හෙලනික් රෝම යුගයෙනි. ඒවා හඳුන්වා ඇත්තේ thermae යනුවෙනි. ඒවා නිවාඩුපාඩුවේ, සමාජශිලී වෙමින් නිදහසේ ගත කිරීමට මිනිසුන් භාවිතා කල ස්ථාන විය.

6.පිපිඤ්ඤා (cucumber)පලතුරකි

  • ඒවා හටගන්නේ ශාකයේ මල කොටසින් වීම නිසා සහ ඒවායේ බීජ පැවතීම නිසා උද්භිත විද්‍යාත්මකව පිපිඤ්ඤා යනු පලතුරකි (fruit).

7.Guinea pig

  • Guinea pig’ නම් මෙම සත්වයා පැවත එන්නේ ගිනියා රාජ්‍යයෙන් (Guinea) හෝ ඌරන් (pig) ගෙන් නොවේ. මොවුන් ද රොඩන්ට් කුලයේ සත්වයින් වේ. මොවුන් ගෘහස්ථව ඇතිකිරීමට පටන්ගෙන ඇත්තේ මීට වසර 3000 කට පමණ පෙර සිට බව පැවසේ.

8.Silkworm

  • ‘Silkworm’ යනු පනුවෙකු (worm) නොවේ. එය දළඹුවෙකුගේ ලාවා අවධියයි. ඔවුන් ආහාරයට ගන්නේ මල්බෙරි කොළ පමණි. මොවුන් වසර 5000 ක සිට පමණ පැවත එන සත්ව විශෙෂයකි නමුත් වර්තමානයේ වනාන්තර වලින් හමුනොවේ.

9.Horned toad

  • ‘Horned toad’ යනු මැඩියෙකු (toad) නොවේ. උන් උතුරු ඇමෙරිකාවට ආවේණික ක‍ටුසු වර්ගයකි. මොවුන්ගේ ප්‍රභේද 13 ක් පමණ සිටියි. ඔවුන් මකර පැටවුන්ගේ පෙනුමට සමානය.

10.Banana tree

  • කෙසෙල් ගස ගසක් නොවේ, එහි කඳ කොටසේ පැහැදිලි ලෙස දැව පටක නොමැති නිසා එය පැළෑටියකි (herb).

11.Koalar bear

  • Koala bear’ යනු වලසෙකු (bear) නොවේ. මොවුන් පැසිපොව්වන් හෙවත් මර්සුපියාලියා කුලයේ සත්ව විශේෂයකි. ඔවුන් ඕස්ට්‍රේලියාවට ආවේණිකය. මාස 6 ක් පමණ පිරෙන තුරු පැටවුන් සිටින්නේ මවගේ උදරයේ ඇති මල්ල තුලය.

12.Peanut

  • පීනට් යනු නට් වර්ගයක් නොවේ. ඒවා පොලොවට යට වර්ධනය වන රනිල වේ.

13.Catgut

  • තන්තු (strings) සෑදීමට භාවිතා කරන ‘catgut’ ලබාගන්නේ පූසන්ගෙන් නොවේ. ඒවා ලබාගන්නේ බැටලුවන්ගේ හෝ අශ්ව බඩවැල් වලිනි. වයලින්, ගිටාර් සහ හාර්ප් වැනි සංගීත භාණ්ඩ වලට ඒවා යොදාගැනේ.

14.Firefly

  • ‘Firefly’ හෙවත් කලාමැදිරියා යනු මැස්සෙකු නොවේ. උන් ආලෝකය විහිදුවන කෘමි විශේෂයකි. ප්‍රභේද 2000 කට අධිකව ජීවත්වේ. ඔවුන් නිකුත් කරන විශේෂිත ආලෝක රටා ඔවුන්ට සහකරු/සහකාරියන් සොයාගැනීමට උපකාරි වේ.

15.Shooting star

  • කඩාවැටෙන තරු (shooting star) යනු තරු නොවන අතර වායුගෝලයට ඇතුල් වන ගමන් කරනා උල්කාශ්ම වේ.

16.කැලිෆ්‍රැ‍ෆි සඳහා භාවිතා වන India ink

  • මෙම තීන්ත නිපදවන්නේ ඉන්දියාවේ නොවේ. එය නිපදවා ඇත්තේ චීනයේය. තම ප්‍රධාන ගැනුම්කරු වන ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් මේවා මිලට ගැනීමට හුරුවි තිබීම නිසා එම නම එසේම භාවිතයේ පවතින්නට විය.

17.umping bean

  • මෙක්සිකානු ‘jumping beans’ නම් ඇට වර්ගය බෝංචි වර්ගයක් නොවේ. ඒවා කුඩා පිලවෙකු සහිත කුඩා බීජ වේ.

18.Shortbread

  • ‘Shortbread’ යනු පාන් වර්ගයක් නොවේ. ඒවා බටර් කුකී වර්ගයකි. සීනි, බටර් සහ පිටි 1:2:3 අනුපාතයෙන් ගෙන පහසුවෙන් සාදාගත හැකි ආහාරයකි.

19.Puss caterpillar (Megalopyge opercularis)

  • පූසෙකුට සමාන ලොම් ඇති නිසා ‘puss’ යන කොටස නමට ඇතුල් වි තිබුණත් මෙම සත්වයා අහිංසක නොවන භයානක ජීවියෙකි. ලොම් සේ පෙනෙන්නේ විෂ ක‍ටුය.