Hela Rahas

Hela Rahas Official Web Portal

ව්‍යාජ කුළුබඩු වෙන්කර හඳුනා ගැනීමට ක්‍රම 9ක්

වෙළඳපොලේ අලෙවියට ඇති බොහෝ කුළුබඩු අතරේ ව්‍යාජ ඒවා ද තිබිය හැකියි. ඒවා පරිභෝජනය කිරීමෙන් කුළුබඩු වලින් ලැබෙන නියම පෝෂණ ගුණ සිරුරට නොලැබෙන බව ඔබ දන්නවා. එමෙන්ම ඒවා සෞඛ්‍යාරක්ෂිත බවින් ද තොර විය හැකියි. බොහෝ විට පාරිභෝගිකයින් වෙළඳපොලේ ඇති එවන් ආකාරයේ අඩු ගුණාත්මක නිෂ්පාදන වලට ‍රැවටෙනවා. ව්‍යාජ ඒවායින් නියම ස්වභාවික කුළුබඩු වර්ග වෙන්කර හඳුනාගන්නේ කොහොමද? ඒ සඳහා ඔබට උපකාරී විය හැකි රහස් කිහිපයක් ගැනයි මේ.

1.කුරුඳු

  • කුරුඳු වෙනුවට බොහෝ වෙලඳසැල් වල අලෙවි වන්නේ චයිනීස් කැසියා නම් විශේෂයකි.ඒවා කුරුඳුවල පෙනුමට සමානය. නමුත්, සුගන්ධය කුරුඳු වලට වඩා දුර්වලය. ඒවායේ ඝනකමින් වැඩි අතර රළු බවින් ද වැඩිය.
  • ඒවා බොහෝ විට එක් පැත්තකට වක්‍ර වී ගොස් තිබෙයි.කුරුඳු කුඩු හා කැසියා අතර වෙනස පහසුවෙන් සොයාගැනීමට ඊට අයඩින් බිංදුවක් දමන්න. කුඩු නිල් පැහැයට හැරෙයි නම් ඒවා කැසියා නම් විශේෂය වේ.

2.කලු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස්

  • නැවුම් කලු ගම්මිරිස් කුඩු කල විට මේදමය ස්වභාවයක් ඉතිරි කරමින් විශාල කොටස් ලෙස කැඩී වෙන්වේ. ගුණාත්මක බවින් අඩු හෝ අධික වියළි හෝ පැරණි ගම්මිරිස් කුඩු කල විට කුඩාම කොටස් වලට කුඩු වි යයි.
  • සුදු ගම්මිරිස් ක්‍රීම් ස්වභාවයක් ගත යුතු අතර මද වශයෙන් කෝපි පැහැයක් ගනියි. ඒවා අධික ලෙස සුදු නම් ඒවා බ්ලීච් කරන ලද ඒවා විය හැක.
  • සුදු ගම්මිරිස් වා පිට පොත්තක් නැත.මේවායේ පොතු ද ඇතුලුව ඒවා තරමක් විශාලව හා ඝනත්වයකින් යුක්ත විය යුතුය. ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස් ඇට ජලයේ ගිලෙයි.

3.ඉඟුරු

  • ඉඟුරු වල මුල මෘදු, ඝනකම් වන අතර ‍රැළි නොගැසුණු හා සිහින් පොත්තක් සහිතය.ඉඟුරු ‍රැළි ගැසී, තලප ස්වභාවයක් ගනියි නම් ඒවා නරක් වුණු ඒවාය.අලයක වැඩ්යෙන් මුල් වර්ධනය වී නොමැති තරමට ඒවා ඇතුලත රළු තන්තු අවමය.

3.කහ

  • කහ කුඩු වෙනුවට කහ පාට ගැන්වූ පිටි කූට ලෙස අලෙවි කරන ඇතැම් අය සිටිති. ඒවා පහසුවෙන් වෙන්කර හඳුනාගැනීමට කුඩු ස්වල්පයක් ජලයේ දිය කරන්න. ස්වභාවික කහ කුඩු මඟින් ජලය මතුපිට සුදු පැහැති පැල්ලම් ස්වභාවයක් ඇති නොකරයි.
  • වදකහ අලය සම්පූර්ණයෙන්ම කහ හෝ තැඹිලි පැහැයක් ගනියි. පොත්ත සිහින් වේ.ඒවායේ යුෂ දීප්තිමත් වර්ණයක් ගනියි. ඒවයෑ මුල් මෘදු හෝ ‍රැළි වැ‍ටුණු ස්වභාවයක් නොගත යුතුය.

4.කරදමුංගු

  • කරදමුංගු කරල් විශාල විය යුතු වන අතර වර්ණයෙන් ඔලිව් හෝ කොළ පැහැති විය යුතුය.දීප්තිමත් කොළ පැහැයක් ගනියි නම් ඒවාට කෘතිම වර්ණක යොදා තිබෙනවා විය හැකිය.
  • කහ පැහැයට හෝ සමර පැහැයට හැරී ඇත්නම් ඉන් අදහස් වන්නේ වැරදි ක්‍රමයකට වියළන ලද ඒවා හෝ පරණ ඒවා බවය.

5.සාදික්කා

  • නියම සාදික්කා ප්‍රමාණයෙන් විශාලය, ඕවලාකාර හා ඇතුලතින් ‍රැළි වැටී තිබේ.මේවා වෙනුවට එම කුලයට අයත් වල් සාදික්කා අලෙවි වේ. ඒවා දිගැටි හැඩයක් ගන්නා අතර හරස් කැපුමක දක්නට ඇත්තේ ඉරි තැලුන් අල්ප ප්‍රමාණයකි.

6.කරාබු නැටි

  • ගුණාත්මක බවින් ඉහළකරාබු නැටි දුඹුරු පැහැයක් ගන්නා අතර න‍ටුවට වඩා බල්බය හැඩැති කොටස ලා පැහැයක් ගනියි. පොඩි කල විට තෙල් ස්වභාවයක් ගනියි. කරාබු වල ප්‍රබල සුගන්ධයක් ඇති අතර සැපූ විට දිවට දැවිල්ල ගතියක් හා සුලු වශයෙන් තිත්ත රසයක් දැනේ.
  • කරාබු නැටි වල නැවුම් බව පරික්ෂා කිරීමට ඒවා කිහිපයක් ජලයට දමන්න. නැවුම් කරාබු නැටි සිරස් අතට පාවෙන අතර පරණ වී ඇති ඒවා ජලය මතුපිට ඉතිරි වේ.

7.වැනිලා

  • වැනිලා කරල් තුල රසය වසර ගණනාවක්ම නොනැසී ආරක්ෂා වී පවතියි.ගුණාත්මක බවින් වැඩි කරල් වල අග කොටස් වල ‍රැළි දැකිය හැක. ඒවා චොකලට් පැහැයක් ගන්නා අතර සෙන්ටිමීටර් 15-25 ක් පමණ දිගකින් යුතුවේ.
  • කෘතිම වැනිලින් වලට වඩා ගුණාත්මක බව හා සුවඳින් ද අඩු වි ගොස් ඇති වැනිලා භාවිතය වඩාත් සුදුසුය..
  • කුළුබඩු මිලදී ගන්නා විට කුඩු කරන ලද ඒවාට වඩා නියම ස්වභාවයෙන් කුළුබඩු මිලදී ගන්න. කුඩු කරන ලද ඒවා බොහෝ විට ව්‍යාජ ලෙස බාල ආකලන සමඟ මිශ්‍ර කර සෑදූ ඒවා විය හැකිය. ඒවා වෙන් කර හඳුනාගැනීමට පවා ඇතැම් අවස්ථා වල අපහසුය.
  • අසුරා ඇති පැකට්‍ටු දුහුවිල්ලෙන්,තෙතමනයෙන්, හා වෙනත් ගන්ධයන්ගෙන් ආරක්ෂා වන සේ නිෂ්පාදනය කර තිබිය යුතුය. කුළුබඩු දැමීම සඳහා වීදුරු බඳුන් භාවිතා කිරීම ඉතා සුදුසුය. එමඟින් වෙනත් ගන්ධයන් හා තෙතමනය ඇතුල්වීමෙන් වළක්වාගත හැකිය. ආලෝකයට නිසා කුළුබඩු වලට බලපෑමක් එල්ල විය හැක. ඒවා දමා ඇති බඳුන් අර්ධ වශයෙන් හෝ කඩදාසි ලේබල් වලින් ආවරණය කිරීම උචිතය