Hela Rahas

Hela Rahas Official Web Portal

නුදුරු අනාගතයේදි ලෝකයේ බිහි වෙන අධි තාක්ෂණික නිර්මාණ 17 ක්

විද්‍යවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිස් ජීවිතය අධි වේගීව ඉදිරියට යමින් පවතියි. නව තාක්‍ෂණය, නව උපකරණ සහ නව නිෂ්පාදන අපගේ ජීවිතවලට වේගයෙන් පැමිණේ. තාක්ෂණයත් සමඟ ඉදිරියටම යන ලෝකයේ නුදුරු අනාගතයේදී අපට අසන්නට දකින්නට ලැබිය හැකි අධි තාක්ෂණික නිර්මාණයන් 17 ක් ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ.

1.රොබෝ මිනිසුන් (robot man)

  • විද්‍යා ප්‍රබන්ධ අදහසක් වුවද නොබෝ කාලයකින් මිනිස් මොලයකින් ක්‍රියාකරන පරිගණක නිර්මාණයක් අපට දැකිය හැකි වේවි.

2.ඉන්සියුලේෂන් (insulation) තාක්ෂණයේ නව පිම්මක්

  • විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති මෙම ඒරෝජෙල් (aerogel) නම් විශේෂ ජෙල් ද්‍රව්‍යය අතිශය කුඩා සිදුරු වලින් සමන්විතය. නැනෝමීටර් අගයක් සහිත මෙම කුඩා සිදුරු අතරින් ගෑස් අණු වලට පවා ගමන් කල නොහැකිය. මෙම ජෙල් විශේෂය සන්නයනයන් අතර වායු, තාප ගමන් කිරීම වළක්වමින් පරිවරණය කිරීමේ හැකියාව ඇති බවට තහවුරු වී ඇත. ඉදිරියේදී ඉන්සියුලේෂන් තාක්ෂණය යටතේ මේවා භාවිතා කිරීම සිදුකරනු ඇත.

3.විවිධ පෞරුෂයන් සහිත රොබෝවරු

  • විවිධ පෞරුෂයන් සහ විවිධ මනෝභාවයන්ගෙන් යුක්ත රොබෝවරුන් නිෂ්පාදන කිරීම කෙරෙහි ගූගල් සමාගම අවධානය යොමු කරමින් සිටියි.

4.හයිපර්ලූප් ප්‍රවාහනය (Hyperloop)

  • හයිපර්ලූප් යනු පැයට මීටර් 760 ක වේගයකින් යුතු සුපිරි වේගවත් ප්‍රවාහන පද්ධතියකි. චුම්භක ක්‍රියාකාරිතව්යෙන් යුතු ලෙවිටේෂන් තාක්ෂණය අනුසාරයෙන් උමං මාර්ගයේ නාළයක් ඔස්සේ මගී ප්‍රවාහල බහාලුම් ගමන් කිරිම් අසිදුවේ.

5.පරිකල්පන හැකියාව සහිත යන්ත්‍ර

  • Google DeepMind ව්‍යාපෘතියක් ලෙස කෘතිම බුද්ධිය(AI) පිලිබඳ පර්යේෂණ සිදුවෙමින් පවතියි. ඒ ඇසුරින් විශාල කාර්යන් ‍රැසක් මෙන්ම කුසලතා වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ. Go ක්‍රීඩාවේ ලෝව අංක එකේ ක්‍රීඩකයාව පරාජයට පත්කිරීමට පවා කෘතිම බුද්ධියට හැකි වි ඇත.

7.අඟහරු සංචාර

  • අඟහරු ග්‍රහයා සම්බන්ධ පර්යේෂණ ‍රැසක් මේ වන විටත් සිදුවෙමින් පවතියි.

8.සුපිරි මිනිස් කුසලතා සඳහා නිර්මාණය කල විශේෂ ඇඳුම්

  • අධි ශක්තියක් සහ සුපිරි වේගවත් හැකියාවන් ලැබෙන විශේෂ ඇඳුම් මේ වන විටත් ලොව බිහි වි අවසානය.

9.ස්වයංක්‍රීයව ධාවනය වන වාහන

  • මෝටර් රථ නිෂ්පාදන සමාගම් වල මීලඟ අපේක්ෂාව වී ඇත්තේ ස්වයංක්‍රීයව මාර්ගයේ ධාවනය විය හැකි මෝටර් රථ නිෂ්පාදනය කිරීමටයි.

10.ගෘහපාලන කටයුතු සඳහා රොබෝවරු නිපදවීම

  • පිරිසිදු කිරීමේ කටයුතු ඇතිලු ගෙදර දොරේ කටයුතු සිදුකල හැකි රොබෝවරු නුදුරේදිම වෙළඳපොලෙන් මිලදී ගැනීමට මිනිසුන් හට හැකි වේවි.

11.ජීව ඉන්ධන තාක්ෂණය (biofuel)

  • ජීව ඉන්ධන තාක්ෂණයේ ධාරිතාව වසරින් වසර පුළුල් වෙමින් පවතින බලශක්ති මූලාශ්‍රයකි. මේ කෝපි අපද්‍රව්‍ය වලින් ජීව ඉන්ධන සැකසීමට බොහෝ සමාගම් උනන්දුවෙන් පසුවේ.

12.අභ්‍යවකාශ බැලූන් (space balloons)

  • මේවාට මුහුදු මට්ටමේ සිට කි.මී.30-40 ක් ඉහළ අහසට ගමන් කිරිමේ හැකියාව ඇති බව සඳහන් වේ.අනාගතයේ අභ්‍යවකාශ සංචාරය සඳහා මේවා ප්‍රවාහන මාධ්‍යයන් සේ භාවිතා වීමට ඉඩ තිබෙනවා.

13.මෝටර් රථ වල සවිකරන ප්‍රාශ්වාස පරීක්ෂක හැකියාව ඇති උපකරණයක් (breathalyzer cars)

  • ඇමෙරිකාවේ ජාතික අධිවේගී මාර්ග ආරක්ෂක පරිපාලන අංශය විසින් ඇඟිලි සහ ප්‍රාශ්වසයන් විශ්ලේෂණය කරමින් රියදුරා බීමත්ව සිටින්නේ දැයි පරික්ෂා කල හැකි උපකරණයක් නිපදවමින් සිටියි.බීමත්ව රිය පැදවීම නිසා සිදුවන අනතුරු වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

14.සෑම දෙනාටම අන්තර්ජාල පහසුකම් ලබාදීම

  • මුලු පෘථිවියම ආවරණය වන පරිදි අධි වේගී අන්තර්ජාල පහසුකම් මුලු ලෝකයටම ලබාදීමට එලොන් මස්ක් සහ රිචර්ඩ් බ්‍රැන්සන් නම් ලොව ප්‍රබල ව්‍යාපාරිකයින් දෙපළ සැලසුම් කරමින් සිටිති.

15.ආහාර සඳහා ස්මාර්ට් ලේබල් ක්‍රම භාවිතය

  • ආහාර වල ස්වභාවය හඳුනාගැනීමට හැකි වන පරිදි සකසා ඇති මෙම ලේබල් ආහාර නරක් වීමත් සමඟ ක්‍රමයෙන් පිම්බීම සිදුවේ.

16.වේදනා රහිත ටැටූ ඉවත්කිරීමේ ක්‍රම

  • මෙම විශේෂ ටැටූ ඉවත් කරන ක්‍රීම් නිෂ්පාදනාය් වැඩිදියුණු කරමින් සිටින්නේ කැනේඩියානු සිසුවෙක් විසින්. මෙම ක්‍රීම් වර්ගය මඟින් තීන්ත ගැන්වූ සෛල වෙනුවට නව සෛල වර්ධනය වීම උත්තේජනය කරවයි.

17.බෙදාහැරීම් කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම

  • යම් කාලයක් ඇතුලත වේගයෙන් සහ පහසුවෙන් භාණ්ඩ ඇණවුම් කරගැනීමට මෙම තාක්ෂණය හරහා හැකියාව ලැබේවි. ඉදිරියේදි බොහෝ භාණ්ඩ බෙදාහැරීම් ව්‍යාපාර වල මෙම ක්‍රමය භාවිතා වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

18.සංවේදන හැකියාව සහිත කෘතිම ශරීරාංග

  • ස්වභාවික සමට සමාන නිමාවකින් යුතු ස්පර්ෂයන් සහ උෂ්ණත්වයන් දැනෙන ආකාරයේ කෘතිම ශරීර කොටස් නුදුරු අනාගතයේදි ලෝකයේ නිර්මාණය වෙනු ඇත.