Hela Rahas

Hela Rahas Official Web Portal

දෛව අංකය අනුව මේ අවුරුද්දේ පලාඵල

  • සිංහල අලුත් අවුරුදු උදාව මෙම වසරේ අප්‍රේල් 14 වැනි බදාදා දින අලුයම 02 පසුවී විනාඩි 32යි තප්පර 43ට සිදු වුනා.අංක විද්‍යාව අනුව 2021 වසර අංක 5ට අයත් වේ.මෙදින උදාවන ලග්නය මකර වේ.මෙදින පවතින ග්‍රහ සිත්තම අනුව සිදුවන කම්පනයන් සලකා බලා ඔබගේ දෛව අංකයට මෙම අලුත් අවුරුදු උදාව බලපාන ආකාරය කෙසේදැයි සලකා බලමු.
  • පළමුව ඔබගේ දෛව අංකය හෙවත් වාසනා අංකය සොයන ආකාරය දැනගමු.මෙහිදී ඔබගේ උපන් දිනය අවශ්‍ය වෙනවා.උපන් දිනයට අදාළ වර්ෂය මාසය හා දිනය තනි අංකයක් ලැබෙන සේ එකතු කිරීමෙන් ඔබට හිමි දෛව අංකය සොයාගන්න පුළුවන්. ඒ අනුව ඔබට අංක 1 සිට අංක 9 තෙක් ඇති අංක අතරින් එක අංකය හිමිවේ. පහත සදහන් උදාහරණය මගින් දෛව අංකය සොයා ගන්නා ආකාරය ඔබට අවබෝධ කරගත හැකිවේ.
  • උදා –ඔබගේ උපන්දිනය 1997.05.07යැයි සිතන්න
  • ඔබේ දෛව අංකය සොයගන්න විදිය –1+9+9+7+5+7=38
  • 38 -3+8=11
  • 11-1+1=2
  • ඔබේ දෛව අංකය ඒ අනුව 2 වේ
  • ඔබගේ දෛව අංකය සොයාගත් පසු අංකයකට නියමිත පලාපල කියවා බලා ඉදිරි අනාගතය ගැන අවබෝධයක් ලබාගෙන බාධක ඇත්නම් ඒවා ජයගෙන ජීවිතය සාර්ථක කරගන්න මේ ලැබුවා වු සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමග ඔබත් අදිටන් කරගන්න.
  • අංක 01 හිමියන්ට මෙම වසර ඉතාම සුබදායක වෙනවා.ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවන වසරක්.විශේෂයෙන් ඔබගේ නිවාස තැනීමේ සිහිනය මල් පල ගැන්වේ . එහෙත් ඔබගේ අහංකාර ගති ,මානය,උඩගුකම වැඩි විය හැකිය.මේ හේතුව නිසාම ඥාතීන්, මිතුරන් සමග විරසක වීම් ඇතිවේ. එබැවින් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න.විවාහ සහකරු සමග කටයුතු කිරීමේදී හැගීම්වලට වඩා බුද්ධියට මුල් තැනක් දිය යුතුය. එසේ නොමැති වුහොත් ඔබේ පවුලේ සමගියට බාධා ඇතිවීමට ඉඩ තිබේ. ඔබේ රැකියාව සම්බන්ධයෙන් සලකා බැලීමේදී නව රැකියා අවස්ථා උදාවේ. රාජ්‍ය අංශයේ සේවය කරන අයට ප්‍රධානීන්ගේ උදවු උපකාර ලැබේ . උසස්වීම් අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවෙනවා.නීති ක්‍ෂේත්‍රයේ නියුතු අයගේ ආදායම් තත්ත්වය ඉහළ යයි.අධ්‍යාපනය ලබන දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ කටයුතු සාර්ථක වේ.සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී හෘදය රෝගවලින් පෙළෙන අය කොලොස්ටරෝල් ප්‍රතිශතය ඉහළ අය වැඩි අවධානයෙන් සිටිය යුතුයි.එසේම අක්ෂි රෝග හිස ආශ්‍රිතව රෝග භට ගැනීමේ ප්‍රවනතාවක්ද තිබේ.ඒ හැර සමස්තයක් ලෙස හොද යහපත් සෞඛ්‍ය තත්වයක් ඇති වෙනවා. ඕනෑම මාසයක අංක 01,05,10,14,23 දින ජයග්‍රහණය පතා තෝරා ගන්න.එසේම රන්වන් පැහැය ඔබට වඩාත් සුදුසු වර්ණය වේ.
  • අංක දෙක හිමියන්ට මෙම වසර අසුබදායක වේ. හොද මනසික සුවයක් ලැබේ. බොහෝ තීන්දු තීරණ නිවැරදිව ගැනීමට හැකියාව ලැබේ. මවු පර්ශ්වයේන් විශේෂ උදවු උපකාර බලාපොරොත්තු විය හැකිය. නව නිවාස ඉදිකිරීම් ,නව රැකියා අවස්ථා ලැබීම්, ව්‍යාපාර දියුණුව සිදුවේ. අවිවාහකයන්ට මංගල යෝග උදාවෙන අවුරුද්දක්. අධ්‍යාපන ලබන දරුවන්ට සුභදායක වේ. උසස් අධ්‍යාපනයක් අපේක්ෂිත අයගේ බලාපොරොත්තු සපල වේ. පවුලේ සමගිය වෙනදාට වඩා වැඩි වේ. ශරීර සෞඛ්‍ය ගැන සලකා බලන විට පෙණහලු ආශ්‍රිත රෝග ,සෙම් රෝග ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැළකිලිමත් වෙන්න. එසේම උගුර, කන හා සම ආශ්‍රිතව අසාත්මිකතාවයන් ඇතිවිය හැකිය.ඒ ආශ්‍රිත රෝග පවතින අය කල්පනාකාරීව සිටීම වැදගත්. ඕනෑම මාසයක අංක 02,07,11,16,20,25, දින ජයග්‍රහණ පතා තෝරා ගන්න. සුදු ක්‍රීම් වැනි පාට සුබ කටයුතු සඳහා යොදා ගන්න.එවිට බොහෝ සුබ ප්‍රතිඑල ලබාගත හැකිය.
  • අංක 03 හිමියන්ට ආදායම් ලැබෙන වසරකි. ඔබගේ ව්‍යාපාර, රැකියා තත්වයන් ඉහළට පැමිණේ. ඒ තුළින් ඔබගේ ජිවිතයට වෙනදාට වඩා තෘප්තිමත් බවක් ඇති කරයි.අන් අය අභිභවා කටයුතු කරයි. එහිදී ප්‍රබල මිතුරන් මෙන්ම සතුරන්ද ඇතිවිය හැකිය.වචන භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි. පවුලේ දියුණුව සැලසේ, සෑම දෙනෙකුටම එකසේ සැලකීමට උත්සාහ කරයි.එහිදී හිතවතුන් අමනාප වීමටත්, ඔබගෙන් ඈත් වීමටත් උත්සහා කරයි.එබැවින් එවැනි අවස්ථාවල ඔබ බුද්ධිමත් විය යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ උනන්දුව අඩුවේ. නීතිය හදාරන්නන්ට සුනදායක වසරකි. ගුරුවරුන්ට දේශකයන්ට විශේෂ වරප්‍රසාද හිමිවේ.සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී වකුගඩු ආශ්‍රිත රෝග මුත්‍රා ආසාදන සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. දැනටමත් එම රෝගවලින් පෙළෙන්නන් සැළකිලිමත් විය යුතුයි. ජයග්‍රහණය පතා කරන සියලු වැඩ කටයුතු වලදී ඕනෑම මාසයක 03,06,09,12,15,21,24,27,30, දින තෝරා ගන්න. එසේම කහ සහ දම් පැහැති වර්ණ තෝරා ගැනීම ඔබට සුබ පල වර්ධනය කිරීමට හේතුවේ.
  • අංක 04 හිමියන්ට මෙම වසර විශේෂ සුබපල ගෙනදේ. ඔබගේ පෞරුෂ වර්ධනය ඇතිවේ. එසේම ආත්මාර්ථකාමීත්වය පෙරට පැමිණේ. තමාගේ ජග්‍රහණය වෙනුවෙන් කටයුතු කරයි. මේ හේතුව නිසාම බොහෝ ජයග්‍රහණ අත්කරගනී. වචන භාවිතයේදී පරිස්සම් විය යුතුයි. ලිපි ලේඛන කටයුතුවලදීවගකීමෙන් වැඩ කළ යුතුයි.එසේ නොමැති වුවහොත් නීතිමය ප්‍රශ්න පවා ඇතිවිය හැකියි.අධ්‍යාපනය ලබන දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි .ඔවුන් මුරණ්ඩු ගති ඇතිව කටයුතු කිරීමට පෙළඹේ.අනතුරු පවා සිදුවිය හැකි බැවින් මවුපියන් ඇසුරේම තබාගැනීම සුදුසුවේ.ශරීර සෞඛ්‍ය ගැන සලකා බලන විට හදිසි අනතුරු,ස්නායු ආශ්‍රිත රෝග,නිධන්ගත රෝග වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතී.එසේම වයස අවුරුදු 40ට අඩු අයද ආගම දහමට ලැදිව කටයුතු කිරීම යෝග්‍ය වේ. ඒ තුළින් ඔවුන්ට සිදුවිය හැකි පීඩා තත්වයන් අවම කරගත හැකි.ලැබීම් අතින් යහපත් වේ. එබැවින් සුබ කටයුතු ආරම්භ කිරීමට ඕනෑම මාසයක අංක 01,06,10,15,19,24,28, යන දින තෝරා ගැනීම වැදගත්වේ.එසේම නිල් පැහැති වර්ණය තෝරා ගැනීම ජයග්‍රහණය තහවුරු කිරීමට හේතුවක් වෙයි.
  • අංක 05 හිමියන්ට මෙම වසර සෞභාග්‍යමත් වසරකි.සෑම අංශයේම දියුණුව ලබාදේ. පවුලේ සාමය, සතුට වැඩිදියුණු වේ. දරුවන්ගේ සියලුම කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන මට්ටම ඉහළට පැමිණේ. නව රැකියා අවස්ථාවන් උදාවේ. ව්‍යාපාරිකයන්ට, ගුරුවරුන්ට, නීති ක්‍ෂේත්‍රය තුළ රැකියා කරන්නන්ට විශේෂ ප්‍රතිලාභ හිමි වේ. බුද්ධිමතුන් ගරු සම්මානවලට පාත්‍ර වේ. රාජ්‍ය අංශයේ විශේෂ වරප්‍රසාද හිමිවේ. පසුගිය උපදෙස් වසරවල අඩපණව තිබූ සියලු කටයුතු නව ජීවයක් සහිතව ආරම්භ කිරීමට හැකියාව ලැබේ. විවාහකයන්ගේ දරුපල අපේක්ෂාවන් ඉටු වේ. විවාහවීමට නොහැකිව සිටි අයට මගපෙන මෙම වසර තුළදී එම අවස්ථාවන් හිමිවේ. ඔබගේ ත්‍යාගශීලීගතිය ඉස්මතුවේ. එබැවින් ඉඩකඩම් කා අතරත් ඔබ ජනප්‍රිය චරිතයක් බවට පත්වේ. සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බැලීමේදී ඔබට ස්නායු ආශ්‍රිත රෝග, බඩ කරගත ආශ්‍රිතව හා ආහාර ජීර්ණ පද්ධතිය තුළ කරන් රෝග මතුවේ. එබැවින් ආහාර පාන ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. දැන ටමත් ස්නායු රෝගවලින් පෙළෙන්නන් වැඩි ර්ධනය අවධානයකින් සිටිය යුතුය. ඒ මන්දයත් විටින් විට රෝගය උත්සන්න විය හැකි බැවිනි. සුබ කටයුතු සඳහා ඕනෑම මාසයක 1, 5, 10, 14, 19, 23, 28 දින තෝරාගන්න. එසේම ප්‍රා වර්ණයන් හා අළු පාට වර්ණය ජයග්‍රහණය පතා භාවිත කිරීම යෝග්‍ය වේ.
  • අංක 06 හිමියන්ට මෙම වසර මධ්‍යම පල ගෙන දේ. එහෙත් නිවාස, රථවාහන, මිලදී ගැනීමට අවස්ථාවන් උදාවේ. පරණ නිවස අලුත්වැඩියා කිරීමක් හෝ මෙම වසර තුළ සිදු වේ. එසේම ඔබගේ පරිත්‍යාගශීලී බව මතු වේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබේ, ඒ තුළින් ඔබගේ චරිතයට, නාමයට, හානි සිදුවිය හැකි බැවින් ඉතාම පරිස්සමින් කටයුතු කළ යුතුයි. තරුණ තරුණියන් ආදර සබඳතා ඇතිකර ගනී. අධ්‍යාපනය ලබන දරුවන් බාහිර දේ කෙරෙහි ආකර්ෂණය වීම නිසා, අධ්‍යාපනයට ඇති උනන්දුව අඩුවන බැව්න් මවුපියන් දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. කලා අංශයේ රැකියාවල නියුතු අයට විශේෂ සුබපල ගෙනදේ. නව නිර්මාණ බිහිකිරීමට අවස්ථාවන් ලැබේ. ශරීර සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල නොවන නමුත් හිස ආශ්‍රිත රෝග මෙන්ම පපුව සහ බඩ ආශ්‍රිතව රෝග තත්ත්වයන් මතුවේ. නිදන්ගත රෝගවලින් පෙළෙන අය ශරීර සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුය. සුබ කටයුතු ආරම්භයට ඕනෑම මාසයක 03,06,09,12, හා 15, 18,21,24, 27,30 දිනයන් තෝරාගත යුතුය. එසේම විසිතුරු වර්ණයන් එම කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම සුබදායකවේ.
  • අංක 07 හිමියන්ට මෙම වසරේ අර්ථිකමය ව ශයෙන් පාඩු සිදුවේ. එබැවින් ගනු දෙනු පරිස්සම් විය යුතුය. එසේම ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකිය. එසේම නව අයෝජන සඳහා යොමුවීමේදී දැනුවත්වීම වටියේය. එසේම උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් උපදෙස් ලබාගැනීම සුදුසුවේ. අධ්‍යාපන ලබන දරුවන්ගේ තත්ත්වය තරමක් දුරට පහත වැටේ. නමුත් මවුපියන් බුද්ධිමත්ම දරුවාගේ තත්ත්වය හඳුනාගෙන මඟපෙන්වීමක් කළ යුතුයි. එවිට එම සාධක ඉවත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉඩකඩම්, දේපළ ප්‍රශ්න පැනනගේ, විවාහ දිව්යයට බාධක පැමිණේ, ප්‍රේම සබඳතා බිඳ වැටීමේ ප්‍රවණතාවක් පවතියි. ඉවසීම්, ප්‍රගුණ කරගත යුතුය. ආගම් දහමට ළැදිව කටයුතු කරන්න. එවිට බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇත. ශරීර සෞඛ්‍ය දෙස බැලීමේදී නිදන් ගත රෝග උත්සන්න වීමක් සිදු වේ. සුළු අසනීපයකදී පවා ප්‍රතිකාර ගැනීම සුදුසු වේ. මීට අමතරව ශරීර උෂ්ණත්වය ඉහළ යෑම, බෝවන රෝගයන්ට ගොදුරුවීම සිදුවිය. හැකිය. ආරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ. එසේම අනවශ්‍ය කරුණු කාරණා සඳහා එනම් තමාට අදාළ නොවන කරුණු කාරණා සඳහා මැදිහත්වීම සුදුසු නොවේ. එසේම ඕනෑම මාසයක 02,07,11, 16,20,25,29 සුධ කටයුතු සඳහා තෝරා ගැනීමත් නිලට හුරු පැහැයන් වර්ණයන් ලෙස සංකලනය කර ගැනීමත් ජයග්‍රහණ ලැබීමට හේතුවක් වනු ඇත.
  • අංක 08 හිමියන්ට මෙම වසර මිශ්‍ර පල දායකවේ.වයස අවුරුදු 40 පසු කළ අයට විශේෂ සුබ පල ලැබේ. තරුණ හා ළමා වයසේ පසුවන්නන් අනතුරුදායක ක්‍රියාවන්ට යොමුවීම සුදුසු නොවේ.හදිසි අනතුරු ඇතිවීම, අස්ථි බිඳීම හේතුවෙන් හදිසි ශලකර්මයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බැවිනි.නමුත් ඔබ ආරක්‍ෂාකාරීව හැසිර්ම තුළ මෙවැනි තත්ත්වයන් අවම කරගත හැකිය.එසේම ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ පහළ යෑමක් පෙන්නුම් කරයි.පවුලේ දියුණුවට බාධා ඇතිවේ.මුදල් පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන්න.විවාහ වීමට සිටින පෙම්වතුන්ගේ ආදර සබඳතා බිඳී යා හැකිය.එසේම විවාහ වී සිටින අය අතරද අඬ දබර ඇතිවිය හැකිය.ඔබ බුද්ධිමත්ව, ඉවසීමෙන් ප්‍රශ්න දෙස බැලීමෙන් මෙම අසුබ තත්ත්වයන් අවම කර ගත හැකිය.අධ්‍යාපනය ලබන දරුවන්ගේ උනන්දුව අඩුවේ.දරුවන් උපායශීලීව අධ්‍යාපනයට යොමු කර ගත යුතුයි.රැකියාවල නියුතු අයට ආර්ථික වාසි ලැබුණත් ප්‍රධානීන් සමඟ ගැටලු ඇතිකර ගනී. මේ හේතුවෙන් ප්‍රධානීන්ගේ අප්‍රසාදය මතුවිය හැකිය.එබැවින් ආවේග පාලනය කරගත යුතුයි.එය ඔබගේ දියුණුවට හේතුවක් වේ.ශරීර සෞඛ්‍යය ගැන සලකා බැලීමේදී හොඳ තත්ත්වයක් පෙන්නුම් කරයි.නමුත් නිදන් ගත රෝගීන් පරිස්සම් විය යුතුයි.එසේම ඕනෑම මාසයක 04,08,13,17,22,26,31 දින සුබ කටයුතු සඳහා තෝරා ගන්න.නිල් සහ කළු වර්ණ ඔබගේ දියුණුවට එකතු කරගන්න.

  • අංක 09 හිමියන්ට මෙම වසර සුබ අසුර සම සමව ලැබෙන වසරකි.නමුත් උත්සාහය මත සුබ පල වැඩි කර ගත හැකිය.ඒ සඳහා ඔබට අවශ්‍ය මානසික ශක්තිය මෙම අංක 09 තුළින් ඔබට ලැබේ.නිවැරැදි ආකාරයට තීන්දු තීරණ ගත යුතුයි.තනි කැමැත්තට වැඩ කිරීම සුදුසු නොවේ.වැඩිහිටියන්ගේ උපදෙස් ලබාගැනීම දරුවන් අනිවාර්යයෙන් සිදු කළ යුතුය.විශේෂයෙන් අංක 09 හිමි දරුවන් ගැන මවුපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.මත්ද්‍රව්‍ය,අයථා ක්‍රියා සඳහා යොමුවීම මෙම කාලය තුළදී සිදු විය හැකි බැවිනි.එසේම රැකියාවේ නියුතු ඔබට ධෛර්යයෙන් කටයුතු කිරීමට ශක්තිය ලැබේ.රැකියාවේ දියුණුව ඇතිවේ.ශරීර සෞඛ්‍යය ගැන සලකා බැලීමේදී බඩ ආශ්‍රිත රෝග, ලිංගික රෝග මතුවේ.හදිසි ශල්‍යකර්මයන්වලටද භාජන වීමට ඉඩකඩ පවතී.එසේම අධික රුධිර පීඩනය, අංශ භාග, පිලිස්සීම්, විදුලි සැර වැදීම්, වැනි අනතුරු සිදුවිය හැකි බැවින් වැඩි අවධානයකින් කටයුතු කළ යුතුය.එසේම අංක 01,09,10, 18,19,27,28 වැනි දිනවල රතු පැහැයේ සියලුම ප්‍රභේද සම්බන්ධ කර ගනිමින් සිදුකරන සුබ කටයුතුවලින් සාර්ථක ජයග්‍රහණ ලැබේ.