Hela Rahas

Hela Rahas Official Web Portal

තොලේ හටගන්නා බිබිලි සමනය කරගැනීමට ක්‍රම 7ක්

තොල් වල පොකුරු වශයෙන් හටගන්නා ‘cold sores’ හෙවත් වේදනාකාරී, කුඩා බිබිලි හෝ තුවාල තත්වය වෛරසයක් නිසා හටගන්නා තත්වයකි. තොල් ප්‍රදේශයේ මතුවන මේවා කුරුලෑ වලට වඩා වෙනස්ය. වරක් මෙම වෛරසය සිරුරට ඇතුලු වුවහොත් ඒවා සිරුරෙන් ඉවත් වන්නේ නැති අතර ස්නායු සෛල තම වාසස්ථාන කරගනිමින් ජීවත් වේ. බොහෝ දෙනෙකු හට මෙම වෛරස බලපෑම නිසා කිසිඳු රෝග ලක්ෂණ පහල විමක් සිදුනොවේ. නමුත් ඇතැම් අයට ඉතා වේදනාකාරී බිබිලි තුවාල මතු වේ.මෙසේ තොල් මත වේදනාකාරී සැරව තුවාල ඇති වීම සමනය කරගැනීමට වඩත් උපකාරි වන ස්වභාවික සත්කාර කිහිපයක් ගැන අද අපි ඔබට කියා දෙනවා.

1.සුදුලූණු

  • සුදුලූණු වල ස්වභාවික ප්‍රති-ක්ෂුද්‍රීය ගුණ (විෂබීජ නැසීමේ හැකියාව) ඇත.එමෙන්ම සමේ ඉදිමුම් සුවපත් කරමින් තුවාල සුවවීමේ කාලය වේගවත් කරයි. මෙම සැරව තුවාල මත සෘජුව සුදුලූණු ආලේප කල හැකියි. මුල් අවධියේදීම භාවිතා කල හැකි නම් ඒවා විශාල වී වර්ධනය වීම වළක්වාගත හැකියි.

2.එසෙන්ෂියල් ඔයිල් වර්ග

  • පෙපර්මින්ට් සහ ටී ට්‍රී එසෙන්ෂියල් ඔයිල් වර්ග ප්‍රති-වෛරස, ප්‍රති-බැක්ටීරීය මෙන්ම විෂබීජ මර්දක ගුණ වලින් අනූනයි. සැරව තුවාල වල මුල් අවධියේදිම ඒවා ප්‍රතිකාර සේ ආලේප කිරීමෙන් ඒවා වර්ධනය විම වළක්වාගත හැකියි.පොල් තෙල් හෝ ඔලිව් තෙල් තේ හැන්දකට ඉහත සඳහන් තෙල් වර්ගයක බිංදු 2 ක් පමණ දමා දියකර කපු පුළුන් වලින් සම මත ආලේප කරගන්න.

3.විටමින් C

  • ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට නම් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් ව තිබිය යුතුයි. ඒ සඳහා විටමින් C ගුණ වල ඇති ප්‍රති-ඔක්සිකාරක ගුණ ඉහළ දායකත්වයක් සපයයි. විටමින් C බහුල ආහාර වර්ග පරිභෝජනය කරන්න.

4.ලෙමන් බාම්

  • හර්පීස් තත්වයන් සමනය කිරීම සඳහා ලෙමන් බාල්ම් යනු ප්‍රබල ඖෂධීය සත්කාරයක් සේ ක්‍රියාකරන්නකි. එහි සම සුවපත් කරවන ඖෂධීය සාරයන් සහ ප්‍රති-බැක්ටීරිය ගුණ බහුලය. දිනපතා ආලේප කිරීමෙන් තුවාල සුවපත් වීම වේගවත් වේ.දිනකට කිහිපවරක්ම මේවා ආලේප කරන්න.

5.කෝමාරිකා

  • සමේ ආසාදන ඇතිවීම වැළැක්වීමේ ගුණ කෝමාරිකා වල අඩංගු ය. එමෙන්ම වේදනා අපහසුතා සමනය කරමින් තුවාල ඉක්මනින් සුවපත් කරයි. කෝමාරිකා මද තුවාල මත ආලේප කර මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හරින්න. මෙම ප්‍රතිකාරය දිනකට කිහිපවරක්ම සිදුකරන්න. කෝමාරිකා පත්‍ර සොයාගැනීමට නොමැති නම් කෝමාරිකා ජෙල් වුවද භාවිතා කල හැකියි.

6.වැල්මී

  • වැල්මී මුල් වල ග්ලයිසයිරිසික් අම්ල වන අතර ඒවා ඉහළ ප්‍රති-වෛරස ගුණ වලින් අනූනවේ. තුවාල මත ඒවා ආලේප කිරීම හෝ කැප්සියුල් ලෙසින් භාවිතා කිරීම සිදුකල හැකියි.

7.විටමින් E

  • විටමින් E මඟින් හානි වූ සම නැවත අලුත්වැඩියා වීමට උපකාර කරයි. සමේ නව සෛල වර්ධනය කරමින් සමේ ස්වභාවය යථා තත්වයට පත්කරයි. විටමින් E තෙල් තුවාල මත ආලේප කිරීම මෙන්ම එම විටමින් පදාර්ථ බහුල ආහාර වර්ග පරිභෝජනය කිරීමත් වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රම වේ.