Hela Rahas

Hela Rahas Official Web Portal

මෙතෙක් හමුවි ඇති ලොව ඉපැරණිම වස්තු 11 ක්

වසර බිලියන 4.5 කට වඩා වැඩි අතීතයක් පෘථිවියට ඇතත් මනුෂ්‍යවර්ගයා ලොව පහළ වි වසර 200,000 ක්වත් ඉක්මවා නැත. කෙසේවෙතත්, එම අතීත යුග වලට අයත් නෂ්ටාවශේෂ වස්තූන් ‍රැසක්ම විද්‍යාඥයින් හට ලොව වටා විවිධ ස්ථාන වලින් හමු වී තිබෙනවා. මේ එසේ හමු ව් ඇති ලොව ඉපැරණිම දේවල් කිහිපයකම එකතුවකි.

1.ඉපැරණි අවු කණ්ණාඩි

  • මේවා වර්තමානයේ භාවිතා වන කණ්ණාඩි වලට වඩා බොහෝ සෙයින් වෙනස්ය. නමුත් ඒවා නිර්මාණය කර ඇත්තේ එම පොදු කාර්ය වන හිරු කිරණින් ඇස් ආරක්ෂා කරගැනීම සඳහාය. එහි කුඩා කුහර දෙක සාදා ඇත්තේ එසේ ඇස් ආරක්ෂා වීමටය. සීත සෘතු වලදි හිම මත සූර්ය කිරණ ප්‍රබල ලෙස පරාවර්තනය වීම නිසා ඇස් වලටා ඇතිවන අපහසුව මගහරවා ගැනීමට මේවා භාවිතා වි ඇත.ආක්ටික් ප්‍රදේශවාසීන් මේවා භාවිතා කරන ලද බව පැවසෙ.

2.පළමු ස්විට්සර්ලන්ත හමුදා පිහි අවිය

  • ක්‍රි.ව. 200 රෝමන් අධිරාජ්‍ය සමය තරම් ඈත අතීතයක් ඇති අවියකි. 90 දශකයේදි මෙය මධ්‍යධරණී පර්දේශයෙන් හමුව ඇත. නවීන ස්විස් හමුදා පිහි අවි වල මෙන් කස්කුරුප්පු (corkscrew) කොටස් මෙහි පිහිටා නැත. එහි ගෑරුප්පුවක්, හැන්දක්, පිහියක් සහ ටූත් පික් (දත් හාරන කෝ‍ටුවක්) වැනි ආහාර ගැනීමේදි වැදගත් වන මෙවලම් කිහිපයකින් සමන්විතය.

3.පළමු විකලාංග ප්‍රකෘතිමත් කිරීම

  • වසර 3000 කට පමණ පෙර මිහිදන් කල මමි දේහයක තිබී මෙම විශේෂ ලක්ෂණය හමුව ඇත. එය විකලාංග ප්‍රකෘතිමත් කිරීමට යෙදූ ලී පා ඇඟිලි සැකැස්මකි. මෙය ක්‍රි.පූ.950-750 අතර කාලයේ විසූ කාන්තාවකට අයත් වූවකි. මෙය එවැනි විකලාංග ප්‍රකෘති මෙවක්ලම් අතර පැරණිම එක ලෙස සැලකේ.

4.ඉපැරණි දන්ත නිර්මාණයක්

  • වසර 6500 කට පමණ ඉහතදී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ යටි හණුවේ දතක් වන මෙය ඉතා සූක්ෂම ලෙස අලුත්වැඩියා කරන ලද එකක් බව විද්‍යාඥයින් හට පසු අනාවරණය වී ඇත. මෙය සොයාගෙන වසර 100 කට පසු කල පර්යේෂණයකදි එහි තිබි මී ඉටි හමුවී ඇත.

5.පැරණිම දේවගීතිකාව

  • මැටියෙන් තැනු මෙම සංගීත පුවරුව අර්ධයක් රචනා වී ඇත්තේ හුරියානු බසින් වන කීලාකාර සංඥා (cuneiform signs) වලිනි. ඒවා හමු වී ඇත්තේ සිරියාවේ ඉපැරණි උගාරිට් නගරයෙනි. ඒ අතරින් එක් පුවරුවක දේවගීතිකාවක් හමුව ඇත. එහි සංගීතඥයා විසින් එම සංගීතය වාදනය කල යුතු අයුරු දැක්වෙන උපදෙස් පවා සඳහන් වීම විශේෂත්වයකි.

6.පළමු දිය බැස යන වැසිකිළි

  • එ‍ෆිසස් නම් තුර්කි නගරයේ ක්‍රි.පූ. 1 වන සියවසේදි පමණ භාවිතා වූවායෙ සැලකෙන වැසිකිලි පද්ධතිය වර්තමාන පොදු වැසිකිලි වලට සමානකමක් දක්වයි.දිගු බංගු 3 ක් ආකාරයෙන් වන මෙම ඉදිකිරීමෙහි වැසිකිළි වලවල් 36 කි. එම සෑම වැසිකිළි වලකම යටින් අපද්‍රව්‍ය ඉවත්කරන ගලා යන ජල පද්ධතියක් තිබීම විශේෂත්වයකි.

7.පැරණිම වෙස්මුහුණු

  • මෙම ගල් වෙස්මුහුණ ලොවේ ඉපැරණිතම වෙස් මුහුණ සේ සැලකේ. නමුත්, එම නිර්මාණය පිලිබඳ එතරම් තොරතුරු හමු නොවේ. පුරාවිද්‍යාඥයින්ගේ අනුමානයට අනුව මෙය ක්‍රි.පූ.7000 යුගය වන පූර්ව-සෙරමික නියෝලිතික යුගයට අයත් එකකි.

8.ඉපැරණිම ඛනිජ

  • පෘථිවිය මත ඉපැරණිම පාෂාණ කොටස සේ සැලකෙන ස’කෝන් මුලින්ම හමුව ඇත්තේ ඕස්ට්‍රේලියාවෙනි. ඒවා ගොඩගෙන තිබුණේ මීට වසර 17 කට පමණ පෙර බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදීය. මෙය නෙසොසිලිකේට ඛණිජයක් වන අතර ලොව පැරණිතම ඛනිජ විශේෂයයි.

9.වසර 5000 කට වඩා පැරණි සපත්තුවක්

  • සෙරෙප්පුවක් බඳු මෙම ලෙදර් සපත්තුව හමුවී ඇත්තේ ආර්මේනියාවේ ගුහාවක් තුල තිබිය දිට්ය. වසර 5500 ක් පමණ පැරණි මෙය වල් වලින් පිරි හා බැටලු මලාපද්‍රව්‍ය වලින් වැසි තිබීම නිසා හොඳින් සංරක්ෂණය වී ඇත. මෙම දකුණු කකුල් සපත්තුව කාන්තාවකට අයත් වූ එකක් යැයි පැවසේ.

10.වසර 5000 කට වඩා පැරණි චුයින්ගම් එකක්

  • ෆින්ලන්තයේ නියෝලිතික යුගයේ විසූ ජනයා අතර චුයින්ගම් ජනප්‍රියව පැවත ඇත. 1993 වසරේ පැරණි කැණීම් ස්ථානයක තිබී වසර 5000 ක් පමණ පැරණි මෙම බර්ච් ගස් වල පොතු වල තාර කොටස හමුවි තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික සිසුවෙකුටයි. නියෝලිතික යුගයේ ජනයාගේ විශ්වාසය වී ඇත්තේ බර්ච් ගසේ තාර වල රෝග නසන ගුණ අඩංගු වන බව සහ දන්ත සහ විදුරුමස් ආසාදන වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැක්කක් බවයි.

11.වසර 70000 පමණ පැරණි බ්‍රේස්ලට් එකක්

  • 2008 වසරේ රුසියානු පුරාවිද්‍යාඥයින් පිරිසකට හමුවූ මෙය ලොව පැරණිතම ආභරණය ලෙස සැලකේ. එය හමුවී ඇත්තේ සයිබීරියාවේ ගුහාවක පොලොව යට වැලලී තිබියදීය.මෙය ඩෙනිසෝවානු ජනයාට අයත් එකක් යැයි සැලකේ. මෙහි යොදාගෙන ඇති සිදුරු කිරීම් තාක්ෂණය ගැන විද්‍යාඥයින් මවිතය පළ කරති.ඊට හේතුව නම් නියෝලිතික යුගයේ අවසානය දක්වාම එවැනි තාක්ෂණයක් ගැන අසන්නට නොලැබීමය. මෙම ආභරණය සකසා ඇත්තේ ක්ලෝරයිට් වලින් නිසා ඊට එම අසාමාන්‍ය ලස්සන කොළ පැහැය ලැබි ඇත.

12.වසර 5000 ක් පමණ පැරණි එකිනෙකා වැලඳගෙන සිටින පෙම් යුවලකගේ අස්ථි කොටස්

ලවර්ස් ඔෆ් වැල්ඩාරෝ’ නමින් හඳුන්වන මෙම සොයාගැනීම හමුවන්නේ ඉතාලියේ මැන්‍ටුආ ආසන්නයේ පිහිටි සැන් ජියෝජිඕ හි නියෝලිතික සොහොන් ගැබකිනි. මෙය කාන්තාවකගේ සහ පුරුෂයෙකුගේ අස්ථි කොටස් බව හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 20 නොවැඩි අය බව අනුමාන කෙරේ. මොවුන්ගේ මරණය සිදුවී ඇත්තේ කෙසේද යන්න පිලිබන්ඳ නිශ්චිත සාක්ෂියක් නොමැත.