Hela Rahas

Hela Rahas Official Web Portal

එදිනෙදා ආහාර වේලට ලූණු එකතු කර ගැනීමට හේතු 7 ක්

ලූණු යනු ඉතා ජනප්‍රිය එළවළුවකි. ආහාර රසගැන්වීමේදී නැතුවම බැරි රසයක් ලෙස හැඳින්වීම වරදක් නැත. ලුණු වල තන්තු පොටෑසියම්,කාබෝහයිඩ්‍රේට්,ප්‍රෝටීන්,සෝඩියම්, කැල්සියම්,මැග්නීසියම් මෙන්ම විටමින් සී සහා බී 6 වැනි පෝෂක ‍රැසක් අන්තරගත වේ. හිසේ සිට පාදාන්තය දක්වා සිරුර ශක්තිමත් කරමින් නීරෝගී කිරීමේ ගුණ ‍රැසක් ලූණු වල අඩංගු වන නිසා දිනපතා ආහාර වලට එක් කරගැනීමෙන් ඔබේ සිරුරට පහත සඳහන් විශේෂ සෞඛ්‍යය ප්‍රතිලාභ අත්කරගැනීමට ද හැකි වනු ඇත.

1.ශ්වසන රෝග ඇති වීම වළක්වාගැනීමට උපකාර කරයි

  • ලූණු වල අඩංගු ෆ්ලැවනොයිඩ මඟින් ශ්වසන මාර්ගයේ මාංශ පේශීන් මත සැහැල්ලු ක්‍රියාකාරීත්වයක් ඇතිකරමින් ඇදුම වැනි ශ්වසන රෝග වලින් පෙළෙන පුද්ගලයින් සඳහා පහසුවෙන් හුස්ම ගැනීමේ හැකියාව ඇති කරවයි. ලූණු යනු ප්‍රති-ආසාත්මිකකාරක වේ. ශ්වසන රෝග ඇතිවීමට බලපාන ආසාත්මිකකාරක වලට එරෙහිව ආරක්ෂාව සපයයි.

2.පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරවනු ඇත

  • නිතිපතා ලූණු වැනි එළවළු වර්ග පරිභෝජනය කරන පුද්ගලයින්ගේ සිරුරේ අන්ත්‍ර පිළිකා වර්ධනය වීමේ අවදානම 79% ක් පමණ අවම බව සඳහන් වේ.ඒවායේ ප්‍රති-ඔක්සිකාරක බහුල බැවින් සිරුරේ පිළිකා සෛල වර්ධනය වීම වළකවාලීමට සහය දේ. අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ ලූණු පරිභෝජනය කරන පුද්ගලයින් තුල උදර සහ පෙර සඳහන් කල පරිදි අන්ත්‍ර හෙවත් බඩවැල් පිළිකා වර්ධනය වීම අඩු බවයි. ලුණු වල අඩංගු ඕර්ගනෝසල්ෆර් නම් සංඝටක මඟින් පටක ආසාමාන්‍ය ලෙස වර්ධනය වීමේ තත්වයන් වලට එරෙහිව කටයුතු කරයි.

3.ටෙස්ටෙස්ටෙරෝන් මට්ටම් ඉහළ නංවයි

  • පර්යේෂකයින් පෙන්වාදෙන්නේ ලූණු සහ ලූණු යුෂ පරිභෝජනය මඟින් පුරුෂයින්ගේ ටෙස්ටෙස්ටරෝන් නිෂ්පාදනය වැඩි වීම සිදුවන බවයි. පුරුෂයින් සඳහා ටෙස්ටෙස්ටරෝන් යනු අස්ථි සහ මාංශ පේශී ස්කන්ධය, ශක්තිය, මේද බෙදා හැරිම සහ රතු රුධිර සෛල නිර්මාණය කිරීම ආදි ක්‍රියාකාරීත්වයන් සඳහා වැදගත් වන හෝර්මෝනයකි

4.ආර්තවහරණයේ පූර්ව ලක්ෂණ සමනය කරයි

  • වියපත් වීමේ දි සිරුරේ ශක්තිය හීන වී යාමත් සමඟ සිරුරේ දුර්වල බව සහ කැක්කුම්-පීඩා ඇතිවේ. මැදි වියේදී කාන්තාවන් මුහුණ දෙන ආර්තවහරණ සමයේ ඇති වන පිඩාකාරි තත්වයන් සමනය කිරීමට ලූණු වල අඩංගු ගුණ උපකාර කරයි.ලූණු පරිභෝජනය මඟින් වයස අවුරුදු 50 ඉක්මවු පසු සිරුරේ අස්ථි ඝනත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිවන බව සඳහන් වේ. ලූණු යනු ඉතා හොඳ කැල්සියම් මූලාශ්‍රයකි. එබැවින් සිරුරේ අස්ථි බිඳියාමේ අවදානම 20% කින් පමණ අඩු කරමින් අස්ථි වලට ආරක්ෂාව ලබාදීම සිදුකරයි.

5.නීරෝගි හිසකෙස් සහ සමක් ලබාදේ

  • නිකැලැල් සමක් ලබාගැනීම සඳහා ලූණු ඉතා ප්‍රයෝජනවත්ය. එහි අඩංගු විටමින් C මඟින් සමේ පිග්මන්ටේෂන් තත්වයන් දුරු කරමින් අහිතකර UV කිරණින් සමට ආරක්ෂාව ලබාදේ. සමට මෙන්ම හිසකෙස් වල නීරෝගි බව වර්ධනය කරගැනීමට ද ලූණු ඉතා ප්‍රතිඵල ලබාදේ. ලූණු වල අඩංගු බැක්ටීරියා නාශක ගුණ නිසා කෙස්කලඹේ ඉස් හොරි සහ උකුණන් කරදරය දුරු කරමින් හිස්කබල නීරෝගි කරයි. සම වියපත් වීම වළක්වමින් සමේ තරුණ පෙනුම ආරක්ෂා කිරීම ද ලූණු මඟින් සිදුකරයි. එහි අඩංගු ෆෝලික් අම්ල මඟින් සමේ මතු වි ඇති ‍රැළි වැටීම සහ සියුම් රේඛා ස්වභාවයන් දුරු කරමින් සමට හොඳ පෙනුමක් එක්කරයි.

6.රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට උපකාර කරයි

  • දියවැඩියා රෝග තත්වයෙන් පෙළෙන පුද්ගලයින් ලූණු පරිභෝජනය කිරිමෙන් ඔවුන්ගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය වඩාත් යහපත් කරවා ගැනීමේ හැකියාව ලැබෙන බව සඳහන් වේ. ක්වේසෙටින් (Quercetin) සහ ක්‍රෝමියම් (Chromium) වැනි ලූණු වල අඩංගු සංඝටක වල දියවැඩියාව සමනය කල හැකි ගුණාංග පවතියි. ක්වේසෙටින් අක්මාවේ සෛල , පේශී සහ මේද පටක සමඟ අන්තර්ක්‍රියා කරයි. ඒවාට සිරුර පුරා රුධිරයේ සීනි මට්ටම් පාලනය කිරීමේ හැකියාව ඇත. ක්‍රොමියම් සංඝටක මඟින් සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය ඉහළ නැංවිමට දායකත්වය ලබාදේ.

7.ඇස් පෙනීමේ තියුණු බව ආරක්ෂා කරයි.

  • ලූණු වල විටමින් A සහ C බහුලය. මේවා ඇස් වල පෙනීම වර්ධනය වීම සඳහා ඉතා වැදගත් වේ. විටමින් C මඟින් වයස්ගත වන විට සිදුවන අක්ෂි සෛල පරිහාණියට පත්විමේ තත්වයක් වන Macular degenareation වැනි අක්ෂි රෝග තත්වයන් වර්ධනය වීමේ අවදානම පහත දමයි.ඇසේ කනිනිකාවේ වළාකුලු ඇති වීම හෙවත් Corneal clouding ඇතිවීම වැළැක්වීමටත් බ්ලෙෆරයිටීස් (Blepharitis,) සංසන්ධිතදාහය හෙවත් Conjunctivitis ඇතුලු අක්ෂි ආසාදන තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසත් ලූණු වල ඇති ප්‍රතිඵලසහගත බව තහවුරු වි ඇත.