Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව වටා සංචාරය කරත් ජපානයේ විතරක් දකින්නට ලැබෙන දේවල් 9 ක්

ජපානයේදී සියවස් ගණනක් පුරා පැවතෙන සම්ප්‍රාදායන් සහා නවීන ලෝකයේ සම්ප්‍රදායන් අතර සහජීවනය හොඳින් දැකගත හැකියි. ජපාන සංස්කෘතිකාංග අතරේ කැපී පෙනෙන බොහෝ දේවල් වර්තමානයේ වෙනත් රටවල සංස්කෘතීන් සමඟ මුහු වී තිබෙනවා. ජපන් ඇනිමි කා‍ටුන් චිත්‍රපට, ටෙලි කතා මාලා, සුෂී වැනි ජපන් ආහාර, ජපන් භාෂාව , ගීත , ඔරිගාමි වැනි කලාවන් සහ ජපන් සටන් කලාවන් ආදි බොහෝ දේට ප්‍රියකරන සහ අනුගමනය කරන පිරිසක් ලෝකයේ බිහිවී තිබෙනවා.වෙනත් රටවලට සාපේක්ෂව ජපානයේදි විතරක්ම දකින්නට ලැබෙන අපූරු දේවල් කිහිපයක් ගැන තොරතුරු එකතුවක් ගැනයි මේ කියන්නට යන්නේ.

  • කොළ පැහැති මිනිස් රුව මතුවූ විට පාර හරහා මාරු වීම සිදුකල යුතු බවයි අප කුඩා කාලයේ සිටම ඉගෙන ගන්නේ. නමුත්, ජපානයේ පාර මාරු වන ස්ථාන වල සවිකර ඇති ආලෝක මාර්ග සංඥා පුවරුවේ කොළ මිනිසෙකු වෙනුවට සිටින්නේ ‘මිෆී (Miffy)’ නම් හාවෙකි. මෙම කා‍ටුන් චරිතය නෙදර්ලන්ත ජාතික ඩික් බෘනා නම් කතුවරයාගේ නිර්මාණයකි.මෙය ‘හෙලෝ කිටී’ රුවට ඉතා සමානය.
  • සාමාන්‍ය කැෆේ අවන්හල වල ඇති පු‍ටු වලට වඩා ජපානයේ අවන් හල් වල ඇති පු‍ටු වෙනස්ය. ඔවුන් වැඩි සැපපහසුවක් ලැබෙන පරිදි කොට හාන්සි පු‍ටු අවන්හල් වල මේස සඳහා යොදවා ඇත. මේවා ‘ඉසකායා’ (izakaya) නමින් හැඳින්වේ.
  • ආතතිය සහ හිසරදයන් සමනය කරගැනීමට සාමාන්‍යයෙන් අප භාවිතා කරන මෙම සරල හිස සම්බාහන උපකරණයට වඩා ජපානයේ භාවිතා වන්නේ තරමක වෙනස් එකකි. එය වෛවර්ණ බූවල්ලෙකු මෙන් පෙනුමැති විදුලි බලයෙන් ක්‍රියා කරන උපාංගයකි.
  • බොහෝ රටවල Pringles යනු ඉතා ජනප්‍රිය චිප්ස් නිෂ්පාදනයක් ලෙස සැලකෙනකි. නමුත්, ජපානයේ Pringles යනු ඔවුන් නිතර ආහාරයට ගන්නා නූඩ්ල්ස් නිෂ්පාදන සන්නාමයක් ලෙසයි ඔවුන් හඳුවන්නේ.
  • අවන්හලක තනි මේසයක වාඩි වි තනිවම ආහාරයක් රසවිඳීම ඉතා සාමාන්‍ය දෙයක්. නමුත් ජපානයේදි අවන්හලකට පුද්ගලයෙකු පැමිණ සිටින්නේ තනිවම නම් ඔවුන්ට තනිකම නොදැනෙන සේ මූමින් (moomins) නම් විශාල සෙල්ලම් වලසෙක් ඔවුන්ගේ මේසයට ලබාදෙයි.
  • වෙනත් රටවල කෝපි අලෙවිකරණ යන්ත්‍ර එකිනෙකට බොහෝ දුරට සමානය. මුදල් ගෙවා බොත්තම් කිහිපයක් තද කරමින් තමන් කැමති පානයක් පේපර් කප් එකක් ලෙස මිලදි ගැනීමට හැකියාව ලැබේ. නමුත්, ජපානයේදි මෙම සේවාව ‘ඇප්’ එකක් හරහා ඕනම වෙලාවක ඇණවුම් කිරීමේ හැකියාව ලබාදී ඇත. මෙහිදි පේපර් කප් වෙනුවට කෝපි ලබාදෙන්නේ ඔබට කැමති පරිදි ‍තෝරාගත හැකි ටැග් සහිත බෝතල් වලය.
  • විවිධ සත්ව රූප වල හැඩ ගන්නා කුකීස් ඔබත් රසවිඳලා ඇති. ජපානයේ ඒවා නිෂ්පාදනය කරන්නේ Pokemon කා‍ටුන් රූපයේ හැඩයටය.
  • ලොව සෙසු රටවල් අලුත් අවුරුද්ද සහ නත්තල බොහෝ ආහාර පාන සකසමින් උත්සවශ්‍රීයෙන් සමරති. සාමාන්‍ය දවස් වල ලබාගන්නා ආහාර රටාවට වඩා වෙනස් අලුත් සහ රසවත් ආහාර එදිනට රසවිඳිම කාගේත් ආශාවයි. නමුත් ජපානයේ ජනයා නත්තල් දා රාත්‍රියේ ආහාරයට ගන්නේ KFC වෙතින් ඇණවුම් කල කුකුල් මස්ය. උත්සව ආහාර ගැන ඔවුන්ගේ ආකල්පය තරමක් වෙනස් බවයි පෙනෙන්නේ.
  • චොප්ස්ටික් එකකින් සුෂි කැබලි හැසිරවීමට උත්සාහ කරන විට මාලු කැබැලි වලින් බත් ඇට හැලෙන ස්වභාවය වැඩිය. වෙනත් රටවල සකසන සුෂි වල මේ ගැටලුව පවතියි. නමුත් ජපානයේ ජනයා ඒ සඳහා විශේෂ වට්ටෝරුවක් අනුගමනය කරති. ඔවුන් බත් මිශ්‍ර කරන්නේ සීනි, ලුණු සහ සහල් විනාකිරි මිශ්‍ර කර සෑදු විශේෂ සෝස් වර්ගයක් සමඟය.