Hela Rahas

Hela Rahas Official Web Portal

දොඩම් පොතු වලින් ලබාගත හැකි ප්‍රයෝජන 7 ක්

දොඩම් කියන්නේ බොහෝ දෙනෙකුගේ ප්‍රියතම පලතුරක්. දොඩම් ආහාරයට ගැනීමට පෙර එහි පොතු ගලවා ඉවත දමනවා. දොඩම් පොතු ආහාරයට ගන්නේ නැති වුණත් ඒවා එසේ කසල බඳුනට බැහැර කිරීම නොකළ යුතු බව ඔබට පැහැදිලි කරන හේතු 7 ක් ගැනයි අද අපි ඔබට කියාදෙන්නේ. ඉවත ලන දොඩම් පොතු වලින් ඔබට අපූරු ප්‍රයෝජන කිහිපයක්ම ලබාගත හැකියි. අපි බලමු ඒවා මොනවාද කියලා!

1.දත් දෙපළ සුදු කරයි

  • දොඩම් පොතු වල සිට්‍රික් අම්ල නම් ස්වභාවික සංඝටක අන්තර්ගතය. ඒවා දන්තාලේප නිෂ්පාදනයේදි බහුලව භාවිතා වේ. විශේෂයෙන්ම එහි ඇති ගුණ මඟින් දත් සුදු පැහැ ගන්වයි.දොඩම් පොතු වල සුදු පැහැති කොටස දත් මත අතුල්ලන්න. මිනිත්තු 4 ක් පමණ යුෂ දත් මත තිබෙන්නට හැර බුරුසුවකින් දත් මැද පිරිසිදුකරගන්න.

2.ස්වභාවික පිරිසිදුකාරකයක් ලෙස

  • මෙය ඔබේ මුදල් ඉතිරි කරදෙන වාසිදායක ක්‍රමයකි. මෙම දියර වලින් ඔබට නිවසේ ඇති ජනෙල් වීදුරු, උඳුන් මතුපිට, පිඟන් බඩු, සින්ක් එක ආදිය පිරිසිදු කරගත හැකිය. මේ සඳහා භාවිත කරන සාමාන්‍ය විනාකිරි වල අඩංගු ඇසිටික් අම්ල මඟින් තද පැල්ලම් ඉවත් කරන අතර දොඩම් පොතු වල අඩංගු ලයිමනීන් ඒවා මත ද්‍රාවකයක් සේ ක්‍රියාකරයි.
  1. බෝතලයකට විනාකිරි එක්කර දොඩම් පොතු කැබලි එක්කරන්න.
  2. වරින් වර බෝතලය හොඳින් සොලවමින් එය සති කිහිපයක් පුරාවට ශීතකරණයේ තබන්න.
  3. පසුව, එම දියර භාවිතයට පහසු වන් අපරිදි ස්ප්‍රේ බෝතලයකට පෙරා පිරිසිදුකිරීම් සඳහා යොදාගන්න.

3.දොඩම් පොතු වලින් ඉටිපන්දම්

  • සිට්‍රස් හෙවත් පැඟිරි සුවඳට ප්‍රිය කරන අයට දොඩම් පොතු වලින් ක්ෂණික ඉටිපන්දම් නිර්මාණය කරගත හැකියි.
  1. දොඩම් ගෙඩියක් දෙකට කපා සීරුවෙන් මදය ඉවත් කරගන්න.
  2. කෝප්පයක් හැඩය පරිදි ඉතිරිකරගත් පොත්තට ඔබ කැමති ආහාර පිරීමට භාවිතා කරන තෙල් වර්ගයක් වත්කරගන්න.
  3. පොත්තේ න‍ටුව සාමාන්‍යය තිරයක් ලෙස හෝ රෙදි තිරයක් දමා දල්වන්න.

4.ග්‍රේට් කරගත් දොඩම් පොතු වලින් ආහාර රසගන්වන්න

  • ඔබේ ප්‍රියතම ආහාර වට්ටෝරුව තවත් රසවත් කරගැනීමට දොඩම් පොතු හීනියට ග්‍රේට් කර ඊට උඩින් එක්කරගන්න. එමඟින් ආහාරයේ රසය වැඩිවෙනවා වගේම පෝෂක ගුණ සහ සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ ද වැඩිකරගත හැකියි. බත් වර්ග, කුකී වර්ග,කේක් වර්ග, පුඩින් වර්ග ඇතුලු වෙනත් රසකැවිලි සඳහා එසේ දොඩම් පොතු මුසු කරගන්න.

5.කෘමි විකර්ෂකයක් ලෙස

  • ඉවතලන් අදොඩම් පොතුවලින් පහසුවෙන්ම කෘමි විකර්ෂක දියරයක් නිවසේදීම සකසා ගත හැකියි. දොඩම් පොතු වල අඩංගු ලයිමෝනින් නම් සංඝටාක් කෘමි විකර්ෂක නිෂ්පාදන සඳහා බහුලව යොදාගැනේ.
  1. දොඩම් පොතු හොඳින් වියළා ගන්න.
  2. ස්ප්‍රේ බෝතලයක් ගෙන ඊට ජලය පුරවාගන්න.
  3. බෝතලයට වියළා ගත් දොඩම් පොතු කැබලි එක්කරගන්න.
  4. හොඳින් සොලවා භාවිතයට ගන්න.

6.මුහුණේ සුන්දර බව වැඩි කරගැනීමට දොඩම් පොතු + සීනි ස්ක්‍රබ් එකක්

මෙම සත්කාරය මඟින් මුහුණේ මැරුණු සෛල ඉවත් කර සමේ පෙනුම වර්ධනය කරයි. මෙය සතියකට වාර කිහිපයක් පමණක් සිදුකිරීම ප්‍රමාණවත්ය.

  1. බඳුනක් ගෙන සීනි සහ පොඩි කරගත් දොඩම් පොතු එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
  2. එයට ජොජෝබා/පොල් තෙල්/ ආගන් තෙල් වැනි ඔබ කැමති තෙල් වර්ගයකින් ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරගන්න.
  3. මිශ්‍රණය මුහුණේ ගල්වා මෘදුව සම අතුල්ලා පිරිසිදු කරගන්න. පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

7.පාවහන් වල දුගඳ වළක්වන ස්වභාවික ඩියොඩොරන්ට් එකක් ලෙස

  • පාවහන් වල ඇති දුර්ගන්ධය ඉවත්කරගැනීමට ඒවා තුලට දොඩම් පොතු කිහිපයක් දමා රාත්‍රියක් පුරා තිබෙන්නට හරින්න.