Hela Rahas

Hela Rahas Official Web Portal

මේ අලුත් අවුරුද්දේ පත්තිනි මෑණියන්ගෙන් පිහිට ලබාගන්න කන්නලව්වක්

  • අලුත් අවුරුද්ද ආරම්භයත් ආසිර්වාදය ප්‍රාර්ථණ කළ බව පරිස පොත්වල සඳහන් වේ. ඒ අනුව අවුරුදු කලණ බොහොමයක් බිහි වූයේ ද ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන උක්වහස්සේ ඇදහීම වෙනුවෙන් බවද සියැවේ. මෙතුවක් පැවැති ලෙඩදුන්, කරදර, බාධක, වදුරු වසංගත දුරුවී, පෙන්වනු සරු සාරවි, නිසි කලට වැසි ලැබී, කිරෝගී දරු සම්පත් ඇතිවී, ආරක්ෂාව සැලසී, වසර පුරාවට සෞභාග්‍ය උදාවේවායි පත්තිනි මාතාවගෙන් ඔවුහු ඉල්ලා සිටියහ.
  • කාලයාගේ ඇවෑමෙන් ඉතිහාසයේ අපට උරුමව තිටු සම්ප්‍රදායන් සහ ඇදහිලි වර්තමානයේදී ටිකෙන් ටික අපෙන් දුරස්ව ගොස් ඇති බව පෙනේ. විශේෂයෙන්ම අතීතයේ අපේ මුතුන් මත්තන් දේව සංකල්ප මත විශ්වාසය තබා කටයුතු කර ඒ තුළින් තම මානසික සැකසීම් සලසාගෙන තිබේ.
  • බාරවීම යනු පුරාණයේ සිට සිංහල බෞද්ධ ජනතාව අතර දැඩි විශ්වාසය මත පවතින ජන ඇදහීම් හා බැඳුණු වාර්තයකි. එමෙන්ම ජ්‍යොතිෂ විද්‍යාවේ එන එක්තරා ප්‍රතිකර්ම ක්‍රමයක් ලෙස ද සඳහන් වේ. එහිදී විශ්වාසය මූලික පදනම් වී තිබේ.
  • යමකු වෙත පැමිණෙන අනේකවිධ පීඩාවන්ගෙන් මිදීම පිණිස දෙවියන් කෙරෙහි භක්තියෙන් දැඩි විශ්වාසය පෙරදැරි කොටගෙන පඬුරු බැඳ බාර වීම පෙරකාලයේ සිට අද දක්වා සමාජය තුළ පැතිර පවතින්නා වූ චාරිත්‍රයකි.
  • විශේෂයෙන්ම අප මුහුණ දී සිටින කොරෝනා වසංගත තත්ත්වය අතීත වත්පිළිවෙත් පිළිබඳව බොහෝදෙනකුට යළිත් සිහිපත් කරන්නට යමක් පෙන්වා දුන්නකි. කෙතරම් විද්‍යාව දියුණු වුවත් මිනිසා තුළ වූ සාරධර්ම ගිලිහී යන්නේ නම් එය පැවැත්මට හානියක් බව මින් පැහැදිලි වේ. එහෙයින් අපෙන් වූ අඩුපාඩු, අත් වැරැදි මඟ හරවාගෙන ආරක්ෂාව හා සෞභාග්‍ය පතා ලැබුවා වූ අලුත් අවුරුද්දේ මතු බුදු බව පතන පත්තිනි මෑණියන් වෙත බාරයක් වී ආශීර්වාද ලබාගනිමු.
  • පිළිවෙළ
  • අලුත් අවුරුද්දේ ආහාර අනුභවයට පෙර මෙම බාරවීම කළ යුතුයි. ප්‍රථමයෙන් ඔබ නිවෙසේ බුදුන්ට පහන තබන ස්ථානය පිරිසුදු කර මල්, හඳුන්කූරු තබා පහන සකස්කර ගන්න. ඉන්පසු රිදී කාසියක් ගෙන (තම කාසියක් නොවේ) කහවතුරෙන් සෝදා පිරිසුදු කහ හෝ සුදු රෙදි කැබැල්ලක දවටාගන්න.
  • බුදුන් වඳින ස්ථානයට මඳක් පහළින් පත්තිනි දේව මාතාවගේ පින්තූරයක් හෝ පිළිමයක් තබන්න. ඊටද (ගිතෙල්) පහනක් සහ කහ මල් තබන්න. පත්තිනි මෑණියන් වන්දනා කරන ස්ථානයක් තිබේ නම් මෙය එහිදී සිදුකළ හැකිය.
  • ආහාර අනුභවයට මිනිත්තු කිහිපයක් තිබියදී මෙම බාරවීම කළ යුතුයි. මෙය ඉතා කාර්යබහුල වේලාවක් වුවත් යම් කැප කිරීමකින් යුතුව කරගතහොත් මින් ඔබට ලැබෙන ආශීර්වාදය කියා නිමකළ නොහැකිය.කලින් වැඩ නිමකර පවුලේ සියලුදෙනාම මේ සඳහා සහභාගි වන්නේ නම් ඉතා හොඳයි. ප්‍රථමයෙන් පහන පත්තු කර බුදුන්වඳින්න. මීළඟට පත්තිනි මෑණියන් වෙනුවෙන් වූ පහන දල්වා මෙම ස්තෝත්‍රය කියවන්න.
  • ස්තෝත්‍රය
  • නානා සුන්දර ජන වනිතා ගණ
  • තාරපතී ඉව ශ්‍රී දේහං
  • නානා වර්ණක භාටක ධාරණ
  • මාලා දාම් පිලන්දනං හා භෝහිත රත්න
  • නානා ශාස්ත්‍ර පුජාත විජානන
  • ඥාන විශාරද කීර්ති ධරං
  • නානා ශොභිත රත්න නිරන්තර
  • දදාතු තේ පත්තිනි මාතා
  • පත්තිනි මෑණියන් වෙනුවෙන් සිදු කරන කන්නලව්ව
  • පස්වාන් දහසකට ආයුරක්ෂා ආයුබෝවේවා … උතුම් වූ මතු බුදු වන පත්තිනි මෑණියනේ.. ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ මේ නරලොව සියලු සත්වයන්ට එකසේ දයානුකම්පාවෙන් පිහිටවෙනවා ….ඔවුන්ගේ ඉෂ්ටාර්ථ සිද්ධීන් වැඩිදියුණු කෙරෙමින් වැඩවසනවා….සත්‍යවාදී සැබෑවී නම් ….ඔබ වහන්සේට බුදු බව ප්‍රර්ථනා කරන මටත් මගේ පවුලේ සියලුදෙනාටත් සකල අභිමතාර්ථයන් ඉෂ්ට කරදී වදාරන සේක්වා…අප හට ඇති වන්නා වූ ලෙඩ දුක් ,කරදර ,බාධක අපල උපද්‍රව අනවින කොඩිවින වදුරු වසංගත වලින් ආරක්ෂා කරවා දී ….දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ථක කරවාදී …පවුලේ සමගිය සාමය අරක්ෂා කරවා දී …දියුණුව ඇතිකරවා දී …අම්මා කෙනෙක් තම දරුවන් ආරක්ෂා කරන්නා සේ අප සැම අරක්ෂා කරත්වා….මෙතෙක් කලක් අප අත දැන වැරදි නොදැන වැරදි ඇත්තේ නම් ඒවාට සමාව භජනය කොට ඉන් ඇති වූ දෝෂ භංග කොට මේ නව වසරේ සෞභාග්‍ය උදාකර දෙත්වා…උතුම් මෑණියනේ අද දින ඔබ වහන්සේ වෙත පඬුරක් වෙන්කොට පිහිට යදින්නා සේම මේ වසර අහවර වන්නට මත්තෙන් ඔබ වහන්සේ වෙනුවෙන් කිරි ඉතිරුම් මංගල්‍යයක් පවත්වා බාරය නිදහස් කරන්නට පොරොන්දු වෙනවා… අපටද අප සැමටද අප රටටද ඔබ වහන්සේගේ ශාන්තිය සැනසිල්ල ලැබේවා…