Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ දරුවන්ට පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව ලාබාගන්න පුජාවක්

අපි හැමෝම වන්දනා මාන කරන දෙවි කෙනෙක් තමයි පත්තිනි මෑණියන් කියන්නේ.අතීතයේ සිටම අපේ මිනිසුන් පත්තිනි මෑණියන් උදෙසා විවිධ පුජාවන් සිදු කරලා පිහිට ආශිර්වාදය බලාපොරොත්තු උනා. අදත් එය එසේ සිදු උනත් දෙවියන් උදෙසා සිදු කරන පුජාවන් වැරදි විදියට සිදු කිරීම නිසා දෙවියන්ගේ ආශිර්වාදය ඔබට නොලැබෙන්නට හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා මුලින්ම ඔබ ඔබට අවන්කවම සීල්වත් පුද්ගලයෙක් බවට පත්වී දෙවියන් උදේසා පුජාවන් සිදු කරන්න පුරුදු වෙන්න. ඒ තුලින් ඔබට නොවරදවාම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙයි. .

  • ලංකාව පුරා සිටිනා සියලුම දරුවන් වෙනුවෙන් සත් පත්තිනි දේව ආශිර්වාදය ලබා දෙන්නා වූ ඕනෑම ස්ථානයකදී හෝ නැතිනම් ඔබේ නිවසේදීම පත්තිනි මෑණියන්ගේ රුවක් ඉදිරියේදී හෝ මෙම ආශිර්වාදාත්මක ක්‍රමවේදයට යොමු විය හැකිය.
  • මේ සඳහා සූදානම් කර ගත යුතු දේ
  1. උදෑසනින් නෙළා ගත් සුදු මල් වට්ටියක්
  2. පිරිසිදු පැන් බඳුනක්
  3. අඟල් 4ක් පළල, අඟල් 16ක් දිග සුදු රෙදි කැබැල්ලක්
  4. අමු කහ කැබැල්ලක්
  5. වී ඇට ටිකක්
  6. සඳුන් කුඩු ස්වල්පයක්
  7. පිරිසිදු තඹ කාසියක්
  • පළමුව උදෑසන නිවසේ බුද්ධ වන්දනාව සිදු කර දෙවනුව පත්තිනි මෑණියන් වෙනුවෙන් පහනක් දල්වා සු මල් වට්ටිය පුදා පැන් බඳුන ද තැන්පත් කර සුවඳ දුම් අල්ලා පත්තිනි මෑණියන්ට මෙම ගාථාවෙන් තෙවරක් පි අනුමෝදන් කරන්න.
  • 1.ගාථා රත්නය
  • ජීවංව රක්ඛිත පතිබ්බත දිබ්බ මාතා
  • ඒතේන සිද්ධ පත්තිනි සුලද්ධ නාමා
  • පුඤ්ඤාණි මානි අනුමෝදිය චිත්ත මාද
  • පාලේතු මං සතත සාත හිතා වහන්තෝ
  • දැන් මෑණියන් ඉදිරියේ ඔබේ දරුවාව, දරුවාගේ නමින් ඇයට කාරණාව කියා නිසි ලෙස භාර කිරීම කර ආශිර්වාදය පතන්න. පසුව සූදානම් කර ගත් රෙදි කඩ ගෙන එහි හරි මැද අමු කහ, වී ඇට, සඳුන් කුඩු හා තඹ කාසිය තබා විසිරී නොයන පරිදි ඒවා හොඳින් රෙදි කඩෙහි ඔතා ගැට ගසන්න. දැන් මේ සෙත්කවිය මෑණියන් ඉදිරියේ කියා සිටිමින්, ඔතාගත් රෙදි කඩ ගැලවී නොයන පරිදි අඹ ගසක අත්තක ගැට ගසන්න.
  • 2.සෙත් කවිය
  • නයන පිනවන රුවය සසොබන
  • පිරුව පතිදම විදින හරසර
  • සවස දෙන සත වෙතට දිවැසින
  • මව්නි පත්තිනි තෙදැස පබසර
  • දිලෙන මිණිරුව සළඹ සල සල
  • වඩන සම්පත සමැති සුරතුර
  • තිබෙන බෝවන රෝග කරදර
  • තුරන් කර දෙනු මැනව සලඹ බලයෙන
  • මෙම පිළිවෙත් බලවත්ව හා නිවැරදිව සිදු කිරීමෙන් ඔබේ දරුවා සියලු බෝවන රෝගයන්ගෙන් මෙන්ම නිසැකවම අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් ආරක්ෂා වන්නට මහැඟි පිටිවහලක් වනුනිසැකය.

ඔබටත්, දරුවන්ටත් සත් පත්තිනි මෑණියන්ගේ නිති ආරක්ෂාව සැලසේවා!