Hela Rahas

Hela Rahas Official Web Portal

දුරකථන හරහා සිදුවන වංචනික ක්‍රියා දැනගන්න ක්‍රම 10ක්

ඔබේ දුරකථනයට ඔබ කිසිදා සහභාගි නොවූ තරඟයකින් විශාල මුදලක් ජයගෙන ඇති බව සඳහන් කරමින් ත්‍යාගය ලබාදීම සඳහා ඔබේ පෞද්ගලික විස්තර ඔවුන්ට ලබාදෙන ලෙස පණිවිඩයක් ඔබට ලැබී තිබේද? මෙවැනි ක්‍රම හරහා වංචනික ලෙස මිනිසුන්ගෙන් මුදල් සොරාගන්නා ව්‍යාපාර අන්තර්ජාලයේ බිහිවී ඇත.එබැවින් ඔබේ පෞද්ගලිකත්වයට හානි වන සංවේදි දත්ත සහ තොරතුරු පිටතට ලබාදීමේදි ප්‍රවැශම් විය යුතුය. උදා: ඔබේ බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක, මුරපද, හැඳුනුම්පත් අංක … මේවාට හසු නොවී සිටීමට ඔබ බුද්ධිමත් විය යුතුය. එවැනි ආකාරයේ වංචනික ක්‍රියා හඳුනාගත හැකි ආකාර කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

1.ඔබට ඇසෙනවාද යන්න දිගින් දිගටම අසයි නම්

  • සම්බන්ධ වූ, නොහඳුනන දුරකථන ඇමතුමේ අනෙක් පාර්ශවයෙන් ඔබට පැහැදිලිව ඇසෙනවාද කියා දිගින් දිගටම ඇසිය හැකිය. ඔවුන් අපේක්ෂා කරන්නේ ඔබේ ‘ඔව්’ යන පිළිතුරම විය හැකිය. එවිට ඔබ ලබාදෙන පිළිතුර හඬ පටිගත කරමින් වංචනික ක්‍රියා සඳහා භාවිතා කිරීමේ කූට ව්‍යාපාර ඇත. හරපත් සහ බැරපත් හරහා මුදල් ගනුදෙනු සඳහා විධාන කිරීම් වැනි දේ සඳහා ඒවා යොදාගත හැක.වඩාත් උචිත ක්‍රියාව වන්නේ ඔබේ දුරකථනයට ලැබෙන නොහඳුනන ඇමතුම් අංක වලට පිළිතුරු නොදී සිටීමය. එසේ නොමැතිනම් එම අංකය පිළිබඳ සොයාබැලීමය. ‘ඔව්’ යනුවෙන් පිළිතුරු නොදී වෙනත් ආකාරයකින් ප්‍රතිචාර දැක්වීම කල හැකිය.

2.ඔබ විසින් ගෙවිය යුතු ණය මුදලක් ඇති බව පවසමින් තර්ජනය කරයි නම්

  • අත්අඩංගුවට ගන්නා බවක් හෝ වෙනත් නීතිමය පියවරක් ගන්නා බව පවසමින් දුරකථනය හරහා තර්ජනය කිරීම තවත් ක්‍රමයකි. එකම විසඳුම එම මුදල අදාළ ලබාදීම නව ඒත්තුගැන්වීමට ඉඩ ඇත. එවැනි ඇමතුම් වලට තව දුරටත් පිළිතුරු දීමෙන් වළකින්න. ඇමතුම විසන්ධි කරන්න. කිසිවිටෙක ඔබේ පෞද්ගලික තොරතුරු ලබානොදෙන්න.අදාළ රාජ්‍ය ආයතන හෝ ආරක්ෂක අංශ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

3.ඔබේ පරිගණකයේ වෛරසයක් ඇති බව පවසයි නම්

  • පරිගණකයේ ඇති දෝෂ නිවැරදි කරන ලෙස තිරයේ යම් යම් පණිවිඩ මතුකිරීම තවත් උපක්‍රමයකි. එම links හරහා පරිගණක වෛරස් (malware) පරිගණකය තුල ස්ථාපනය කරමින් ඔවුන්ට අවශ්‍ය ඔබේ පෞද්ගලික දත්ත සොරාගැනීමට ඉඩ ඇත. ව්‍යාජ දැන්විම් (pop up adds) හරහා ඔබ විසින් යම් මුදලක් ගෙවන්නේ නම් ඔබේ පරිගණකයේ අදාළ දෝෂය නිරාකරණය කර දෙන බව පවසන වංචනික අන්තර්ජාල ව්‍යාපාර ඇත. බොහෝ විට Microsoft සමාගමේ පණිවිඩ ලෙස මේවා තිරයේ දිස්වේ. නමුත් එම සමාගම ඔබට ඇමතුම් ලබාගන්නේ හෝ ඊ-මේල් යොමුකරන්නේ නැත. එවැනි දැන්වීම තිරයේ මතුවීමට පටන්ගෙන ඇත්නම් තාක්ෂණික ශිල්පියෙකුගේ සහය ඇතිව පරිගණකයේ සැකසුම් වෙනස්කරගන්න.

4.ඔබට නොමිලේ ත්‍යාග මුදලක් ලැබී ඇති බව පවසයි නම්

  • ත්‍යාග මුදලක් දිනා ඇති බව පවසමින් එම මුදල තැන්පත් කිරීම සඳහා ඔබේ බැංකු ගිණුම් විස්තර අවශ්‍ය බව පවසයි නම් ප්‍රවේශම් වන්න. එම ආයතනයේ නම විමසා අන්තර්ජාලයේ සොයාබලන්න. එවැනි ඇමතුම් වලට නො‍රැවටෙන්න.

5.පෞද්ගලික තොරතුරු සනාථ කෙරෙන ආකාරයේ කෙටි පණිවිඩ දුරකථනයට එවයි නම්

  • වෙනත් වෙබ්පි‍ටුවකට පිවිස ඔබේ තොරතුරු සනාථ කරන මෙන් ඔබට පණිවිඩ ලැබේ නම් එවැනි Link මත click කිරීමෙන් වළකින්න. ඔබේ දුරකථන අංකය ස්වයංක්‍රීයව එහි ප්‍රවි ඔබේ තොරතුරු අවදානමට ලක්විය හැක.

6.ස්වයංක්‍රීය කෙටි පණිවිඩ හරහා ඔබට බලෙන් භාණ්ඩ විකිණීමට උත්සාහ කරයි නම්

  • නොමිලේ වරප්‍රසාද කිහිපයක් ලබාදෙන බව පවසමින් එක් අංකයකින් ඔබා එම අවස්ථාව සක්‍රීය කරගන්නා මෙන් ඔබට බලකරමින් ඇමතුම් ලැබේ නම් එවැනි ඇමතුම් ලැබෙන අංකයට නැවත පිළිතුරු දීමෙන් වළකින්න.

7.නොදන්නා සුබසාධක ආයතන සහ වැඩසටහන් සඳහා මුදල් ලබාදෙන මෙන් ඉල්ලයි නම්

  • සුබසාධන ආයතනය යැයි කියාගන්නා නොහඳුනන පුද්ගල ඇමතුම් හරහා ඔබෙන් මුදල් ඉල්ලා සිටීම තවත් කූට ව්‍යාපාරයකි. ඔවුන් ව්‍යාජ වෙබ් අඩවි , ව්‍යාජ මධ්‍යස්ථාන ලිපින , දුරකථන අංක ලබාදෙනු ඇත. එම ආයතනය පිළිබඳ තොරතුරු සවිස්තරව ලබාදෙන මෙන් ඉල්ලා සිටින්න. ප්‍රශ්ණ අසන්න.මුදල් බෙදි යන ආකාරය විමසන්න. ඊට හේතුව එවැනි දේ සඳහා එම ආයතන බැඳී සිටින බැවිනි. ඒ ආකාරයෙන් ඔබට ව්‍යාජ අව්‍යාජ බව තේරුම්ගත හැකි වනු ඇත.

8.කාඩ් පත් වල PIN අංක ඉල්ලා සිටියි නම්

  • ඔබේ ගිණුමේ යම් සැකසහිත ගනුදෙනු කටයුතු පෙන්නුම් කරන බවත් එම දෝෂය නිරාකරණය කිරීමට ඔබේ කාඩ්පත් වල PIN අංක ඉල්ලා සිටියි නම් සැලකිලිමත්වන්න. පොලිසිය හෝ බැංකුව එවැනි කටයුතු සඳහා ඔබෙන් එවැනි තොරතුරු ඉල්ලා නොසිටියි.

9.මග හැරුණු ඇමතුම් (missed calls)

  • ඔබේ දුරකථනයේ ඔබට මගහැරුණු ඇමතුම් (බොහෝ විට විදේශිය අංක) ලැයිස්තුවේ මෙසේ නොදන්නා අංකයකින් ඇමතුම් වාර සටහන් වී තිබිය හැකිය. එවැනි අංක වලට නැවත සම්බන්ධ වීමට උත්සාහ කිරිමෙන් ඔබේ දුරකථනයේ මුදල් බොහෝ ප්‍රමාණයක් වැය වි යයි. එවැනි අංක වලට නැවත ඇමතුම් නොගැනීම වඩාත් නුවණට හුරුය. එවැනි අංක අවහිර කරන්න (report) කරන්න.

10.ඥාතියෙකුට කරදරයක් වි ඇති බව පවසමින් බියවද්දයි නම්

  • ඔබේ ඥාතියෙකුට කරදරයක් වි ඇති බව පවසමින් හදිසි වියදමට මුදල් අවශ්‍ය බව පවසමින් ඒත්තුගැන්වෙන ආකාරයේ ඇමතුම් ලබාදිය හැක. රෝහටල අවශ්‍ය මුදල් බව පවසමින් ඉක්මනින් වේගයෙන් මුදල් ලබාගත හැකි තාක්ෂණික ක්‍රමයක් හරහා එය ලබාදෙන ලෙස පවසයි නම් බුද්ධිමත් වන්න. පළමුව එම ඥාතිවරයාට ඇමතුමක් ලබාදෙන්න. ඔහු/ඇය සම්බන්ධ කරගත නොහැකි නම් වෙනත් සමීපතමයෙකුගෙන් එම පුද්ගලයා ගැන විමසන්න. ඔවුන් සුරක්ෂිතව සිටින බව තහවුරු වේ නම් එම ඇමතුම පිළිබඳ ලඟම ඇති පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්න. එම අංකය scam number එකක් ලෙස සලකා අවහිර කරන්න( report ) කරන්න.