Hela Rahas

Hela Rahas Official Web Portal

නිර්භීත සංචාරකයින්ට පමණක් ගමන් කර හැකි ස්ථාන 9 ක්

ලෝකයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රසිද්ධ ස්ථාන බොහෝමයක් තිබෙනවා. බොහෝ අය සංචාරය කරන්නේ තමන්ගේ නිවාඩුව සතුටින් සැහැල්ලුවෙන් වගේම විනෝදයෙන් ගත කල හැකි ස්ථාන වලටයි. මේ අය අතරේ තවත් පිරිසක් සංචාරය කරන්නේ ත්‍රාසජනක අත්දැකීම් ලැබීම වෙනුවෙන්ම යි. අභියෝග වලට මුහුණ දෙමින් තම සංචාරය බාධක කම්කටොළු මැද්දේ සාර්ථකව අවසන් කිරීමට කැමති නිර්භිත සංචාරකයින්ගේ ගමනාන්ත 9 ක් ගැනයි අද අපි ඔබට තොරතුරු කියන්නට යන්නේ. මේ ලැයිස්තුවේ සඳහන් ස්ථාන වලට සංචාරය කිරීම හරියට හොල්මන් චිත්‍රපටයක චරිතයක් රඟපානවා වගේ අත්දැකීමක් ගෙන දෙනවා කියලයි එහි ගමන් ගත් ඇතැම් අය අදහස් දක්වා ඇත්තේ. කොහොම වුණත් මේ වගේ ස්ථාන ‍ සංචාරය කරන්නට තෝරගන්නේ හිත හයිය භය නැති අයම විතරයි කියලයි හිතෙන්නේ.

1.අස්ථි වලින් තැනු උපදෙව් මැදුර (The chapel of bones)

  • මෙම උප දෙව් මැදුර පිහිටා තිබෙන්නේ පෘතුගාලයේ ඉවෝරා හී ය. මෙම මැදුරට එම නාමය ලැබීමට හේතුව වි ඇත්තේ එහි ගර්භ බිත්ති ආවරණය කර ඇත්තේ සහ සරසා ඇත්තේ මිනිස් හිස්කබල් සහ අස්ථි කොටස් උපයෝගී කරගෙන නිසා වීමයි.
  • මෙය ඉදිකර ඇත්තේ 16 වන සියවසේදීය. ඒ ජීවිතය කොතරම් කෙටි ද යන්න තම සොහොයුරන්ට ඒත්තුගැන්වීමට අවශ්‍ය වූ ෆ්‍රැන්සිස්කන් නමැති පූජකවරයා විසිනි. එම අරමුණ උදෙසා මෙම දෙව් මැදුර අස්ථි වලින් ගොඩනගා ඇත.

2.හොයිආ වනාන්තරය (Hoia forest)

  • මෙම ස්ථානය අසාමාන්‍ය අද්භූත සිද්ධි සිදුවන ප්‍රදේශයක් බව කියවෙන පුවත් කිහිපයක් නිසා ප්‍රසිද්ධියක් උසුලයි. මෙම වනාන්තරයට මෙම නාමය ලැබි ඇත්තේ එක්තරා සිදුවීමකින් අනතුරුවයි. වරක් එඬේරෙකු තම සත්වයින් රංචුවද ‍රැගෙන මෙම වනාන්තරයට ඇතුල් වී තිබුණි අතර මග දුරකදී ඔහු ඝන මීදුම අතරින් නොපෙනී ගොස් ඇත. නමුත් කිසිඳු පහරදීමක හෝ අනතුරක් සිදුවූ සේයාවක් වත් ඉතිරි වී නොතිබිණි.
  • මෙම වනාන්තරය පිහිටා ඇත්තේ ට්‍රාන්සිල්වේනියාවේය
  • .මෙම ප්‍රදේශයේ පර්යේෂණ කටයුතු මෙහෙයවූ ඇතැම් පර්යේෂකයින් තම පෞද්ගලික අත්දැකීම් ලෙස ප්‍රකාශ කර තිබුණේ වනාන්තරය තුලදී ඔවුන් භය යන්න සැබවින්ම කුමක්දැයි අත්වින්ද බවත්, ඔවුහු කම්පනයට පත් වුණු බවත් වනාන්තරය තුලදි ඔවුන් හට පැහැදිලි හේතුවක් නොමැතිවම විවිධ ශබ්ද ඇසුණු බවත්ය. ඇතැම් අය හඳුනානොගත් පිටසක්වල වස්තූන් සියැසින් දු‍ටු බව ද පවසා ඇත. හොල්මන් දු‍ටු අය ද සිටි බව සඳහන් වේ. නමුත් මේ කිසිවක් පිළිබඳ සාක්ෂි නොමැතිකමින් විශ්වාස කිරීම අසීරු වී ඇත. කෙසේවෙතත් එසේ සිදුවුණා යැයි කියන සිදුවීම් කිහිපයක් කැමරා කාච වල සටහන් වී තිබේ.

3.කුරුස කන්ද (The hill of crosses)

  • මෙම ශුද්ධ වූ ස්ථානය පිහිටා ඇත්තේ ලිතුවේනියාවේය. මෙම කන්දේ විශාල ප්‍රමාණයක් කිතුනු කුරුස දැකිය හැකිය. නමුත් එම සංඛ්‍යාව කොපමණක් දැයි නිශ්චිත නොමැති අතර 90 දශකයේ සිදුකල ගණනය කිරීමකට අනුව එය 50000 පමණ වන බව කියවේ.මෙය සුසාන භූමියක් නොවේ.

මෙම කන්දේ කුරුසයක් ගසා යෑමෙන් තමන්ට වාසනාව උදාවන බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇති නිසා දිනෙන් දින මෙහි කුරුස ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යයි. නමුත් , මෙම කන්ද එවැනි කාර්යක් සඳහා යොදාගැණුනු නිශ්චිත කාලවකවානුවක් හෝ හේතුවක් පිළිබඳ තොරතුරු හමුනොවීම පුදුමයට කරුණකි.

5.එල් කැමිනිටෝ ඩෙල් රි (El Caminito del Rey)

  • මෙම ස්පාඤ්ඤ නාමයේ ඉංග්‍රීසි අරුත ‘The king’s Little Pathway’ යන්නයි. සරල පරිවර්තනයක් ලෙස රජුගේ කුඩා ගමන් මාර්ගය යන්නයි.මෙය පාෂාණ පර්වතයේ වානේ අත්වැටවල් සහිතව ඉදිකල කොන්ක්‍රීට් නිර්මාණයකි. මෙම ගමන් මාර්ගය පිහිටා ඇත්තේ ස්පාඤ්ඤයේ චොරෝ සහ මලගා හි පිහිටි ගයිටනෙජෝ දිය ඇල්ල අතර මැදයි. මෙය පොලෝ මට්ටමට වඩා ඉහළ උසකින් පිහිටා ඇත. මෙම මාර්ගය දිගින් සැතපුම් 1.8 ක් වන අතර පළලින් අඩි 3.2 ක් තරම් ප‍ටු ය.
  • මෙය ඉදිකර ඇත්තේ 1905 දී එම ප්‍රදේශයේ ඉදිකරමින් පැවති වේල්ල දක්වා එහි සේවකයින් හට ගමන් කල හැකි උප මාර්ගයක් ලෙසයි.එක් දොරුවක සිට අනෙකට ගමන් කිරීම සඳහා මෙම මාවත භාවිතා වී ඇත. මෙම මාර්ගයට ‘රජු’ යන කොටස එක්වී ඇත්තේ එවක ස්පාඤ්ඤයේ රජු වූ XIII වන අල්ෆෝන්සෝ රජු විසින් සමාරම්භක උළෙලේදි මෙම මාර්ගයේ ගමන් කිරීමෙන් පසුවය. මෙය ඉතා ත්‍රාසජනක මාර්ගයකි.

6.එල්ලෙන මිනී පෙට්ටි

  • සගාඩා යනු ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය හිමි ප්‍රදේශයකි. පිලිපීනයට අයත් මෙම ප්‍රදේශය මීට කලකට ඉහතදි සාගරයේ කොටසක් ව පැවතී ඇත. මෙවැනි ගුහා රාශියකට අමතරව පාෂාණ පර්වත බොහෝ ප්‍රමාණයක් එහි පිහිටා ඇත. ඉන් එක් පාෂාණ පර්වතයක එල්ලෙමින් තිබෙන මිනී පෙට්ටි ‍රැසක් දක්නට ලැබේ. මෙය ඇතැම් අයට බිහිසුණු අත්දැකීමක් ලබාදේ.
  • එල්ලෙන මිනී පෙට්ටි වල සිරුරු භූමදාන කිරීම ඉපැරණි සම්ප්‍රදායකි. මේවා කැටයම් කර ඇත්තේ ඝනකම් ලී වලිනි. මිය ගිය පුද්ගලයා මෙම මින් පෙට්ටිවට ඇතුලත තැන්පත් කරමින් ඉහළ මුනක (අඩි 380 ක් පමණ උසින්) හෝ ගුහා තුල එල්ලා තබයි. එරට පුරාවෘත්ත වලට අනුව කඳු යනු පෘථිවියත් දෙ ලොවත් අතර ඇති ඉනිමං වැනිය.

7.ස්පාඤ්ඤයේ සම්ප්‍රදායක් වන ගොන්නුන් සමඟ දිවීම

  • එන්සිඑරෝ (The Encierro) නම් ඉපරණි ස්පාඤ්ඤ සම්ප්‍රදායේ දී හිතාමතා නිදහස් කරන ලද ගොන්නුන්ගෙන් බේරි මිනිසුන් පාරවල් පුරා දිව යාම සිදුකරති. ස්පාඤ්ඤයේ බොහෝ ගම්මාන වල මෙය ඉතා ප්‍රචලිතය. පැම්ප්ලෝනා හි පැවැත්වෙන වාර්ෂික සැන් ෆර්මින් සැණකෙළි සමයේදී එරට ජනප්‍රියතම එන්සිඑරෝ තරඟාවලිය පැවත්වේ.
  • සැතපුම් 0.6 ක් පමණ දිගු මාර්ගයක පැවතෙන මෙම තරඟාවලියට සංචාරකයින් ඇතුලුව ඕනෑම අයෙකුට විවෘතව සහභාගි විය හැක. මෙය ඉතා ත්‍රාසජනක ක්‍රීඩාවකි. ඇතැම් විට ජීවිත අනතුරු පවා ඇති විය හැකිය.


8.උමං සොහොන් (The Capuchin Catacombs)

  • ඉතාලියේ පැලෙර්මෝ හි ඇති උමං සොහොන් වල මිනිසුන් 8000 කට අධික සංඛ්‍යාවක් මිහිදන් කර ඇත. මෙම ස්ථානය ලොව ප්‍රසිද්ධම මමි දේහ ප්‍රදර්ශණයට තබා ඇති ස්ථාන වලින් එකකි. මේවා 16 වන සියවසේ අග බාගයේදී පමණ ඉදිකරන ලද්දකි. කැපුච්චි ආරාමයේ පූජකයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ විශාල සුසාන භූමියක අවශ්‍යතාවයද පැණ නැගී ඇත.
  • 18-19 වන සියවස් වලදී මෙම ස්ථානය උසස් පූජකවරු සහ ධනේෂ්වර (බූෂුවා) පවුල් වල සාමාජිකයින් මිය ගිය පසු මිහිදන් කරන සුඛෝපභෝගි සුසාන භූමියක්ව පැවත ඇත. මෙම උමං සොහොන් පරිශ්‍රයේ සිරුරු තැන්පත් කිරීම 1882 වසරේදි නිළ වශයෙන් නවතා දැමීය. එතැන් පටන් මෙහි අලුතින් සිරුරු තැන්පත් කර නොමැත.


9.සොලමන් දූපත් වල මුහුදුබත් වී ඇති නෞකාව

  • මෙම ස්ථානය නෞකා මාර්ග වල සිතියම් ගත නොවූ ස්ථානයකි. ඊට හේතුව නම් මෙම සාගර ජලය යටින් ඇති විශාල කොරල් පර නිසාවෙනි. 2000 වසරේදි ලයිබීරියානු කෲස් වර්ගයේ නෞකාවක් වන World Discoverer නම් නෞකාව පැසි‍ෆික් සාගරයේ පිහිටි සොලමන් දූපත් සමූහය අසලදි සිරවිය. එහි ගමන් ගත් කිසිඳු මගියෙකුට හානියක් සිදුනොවීය. නමුත්, අනතුරින් මෙම නෞකාව මුදාගැනීමට කිසිඳු ක්‍රමයක් නොවීය. වර්තමානයේ මෙම නෞකාව විවිධ මත්ස්‍යයින්ට හා අනෙකුත් සාගර ජීවීන් ‍රැසකට නිවහන වි අවසන්ය.

10.මෝටර් රථ සොහොන

  • සොම්බි චිත්‍රපටියක පසුබිමක් බඳු ස්වරූපයක් ගන්නා මෙම ස්ථානය බෙල්ජියමේ පිහිටා ඇති සත්‍ය ස්ථානයකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉවත්ව ගිය ඇමෙරිකානු සෙබලුන් ඔවුන්ගේ මෝටර් රථ වනාන්තරයක අත්හැර දමා ගොස් ඇත. කාලයත් සමඟ මෙම වනාන්තරය පැරණි මෝටර් රථ සුන්බුන් සඳහා සුසානයක් වී ඇත.

11.මැනෝ ඩෙල් ඩෙසීඒර්ටෝ (Mano del Desierto)

  • මෙම අසාමාන්‍ය ප්‍රතිමාව පිහිටා ඇත්තේ චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේය. මිනිස් අතකට සමාන මෙම ප්‍රතිමාවේ 1/4 ක් ම ඇත්තේ පොළොවට යටිනි. මෙය චිලී රාජ්‍යයේ මූර්ති නීර්මාණ ශිල්පියෙකු වන මාරියෝ ඉරාරසබාල්ගේ නිර්මාණයකි.
  • යකඩ අත්තිවාරමක් මත ඉදිකල කොන්ක්‍රීට් නිර්මාණයක් වන මෙය මිනිසා මුහුණ දෙන ‘අසාධාරණය, තනිකම , අවදානම්සහගත බව, අසරණබව සහ වේදනා විඳීම්’ යන තේමාවන් සංකේතවත් කරන බව නිර්මාණකරුගේ අදහසයි.මෙම ප්‍රතිමාව විවෘත කර ඇත්තේ 1992 වසරේදීය.