Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව ප්‍රසිද්ධ ස්ථාන වල සැඟවුණු තැන් 10 ක්

අන්තර්ජාලය නිසා ලෝකයේ බොහෝ අප්‍රසිද්ධ ස්ථාන ගැන තොරතුරු අපට දැනකියාගන්නට ලැබෙනවා. ලොව ප්‍රසිද්ධ ස්ථාන වල පවා ඇසට හසුනොවී සැඟවි ඇති තැන් බොහෝමයි. මේ එවන් ස්ථාන 10 ක් ගැන අපා දැනගන්නට ලැබුණු තොරතුරුයි.

1.ගුස්ටාව් අයිෆල් ගේ පෞද්ගලික කුටිය- පැරිස් නුවර ,ප්‍රංශය

  • අයිෆල් කුළුණේ තෙවන මහලේ ඇති මෙම කුටිය අයත් වන්නේ එහි නිර්මාණ ශිල්පී ගුස්ටාව් අයිෆල් හටය. එම ස්ථානය ඔහු අමුත්තන් හමුවීම සඳහා යොදාගත් බව සඳහන් වේ. ‍තෝමස් එඩිසන් පවා ඔහුගේ අමුත්තෙක් විය. වර්තමානයේ අය්ෆල් සහ එඩිසන් අතර හමුව සිදුවූ කාමරය ඔවුන් දෙදෙනාගේ ඉටි රුව සහිත ව කෞතුකාගාරයක් ලෙස මහජනයාට විවෘත කර ඇත.

2.ටයිම්ස් චතුරස්‍රයේ හිස් ගොඩනැගිල්ල- නිව්ය් යෝර්ක්, ඇ.එ.ජ.

  • වාර්ෂිකව එහි හිමිකරුවන් හට ඩොලර් මිලියන 23 ක ආදායමක් ලබාදුන්නද මේ වන් ටයිම්ස් චතුරස්‍ර ගොඩනැගිල්ලේ අත්හැරදැමූ කාර්යාල කිහිපයක් සහ පහත මහළේ ඇති ඖෂධ අලෙවිසැල හැරෙන්නට වෙනත් කිසිවක් නැත.මෙම ගොඩනැගිල්ල හිමි හිමි සමාගම 1992 බංකොලොත්වීමත් සමඟ එය ප්‍රචාකරක ආයතනයකට අලෙවි කර ඇත. එවක පටන් වන් ටයිම්ස් චතුර්ස්‍රය තිර ‍රැසක් සහිත විශාල අලෙවි ප්‍රචාරක පුවරුවක් පමණි.

3.අත්හැර දැමූ නගර ශාලා උමං දුම්රිය ස්ථානය- නිව් යෝර්ක්. ඇ.එ.ජ.

  • 1904-1945 දක්වා කාලයේ සක්‍රියව පැවති මෙම උමං දුම්රිය මාර්ගය නව දුම්රිය මැදිරි වල සැකැස්ම මෙම උමඟේ දිගු වංගු හරහා ගමන් කරවීම අපහසු වීමත් සමඟ වසා දැමීමට කටයුතු කෙරෙනි.

4.ඩොජස් පැලස් හි සිරමැදිරිය- වෙනීසිය, ඉතාලිය

  • මෙම කෞතුකාගාර පරිශ්‍රයේ ගියාකෝමෝ කැසනෝවා නම් කුප්‍රකට පුද්ගලයා රඳවා තැබූ සිරමැදිරියක් ඇත. වසර 400ක ඉතිහාසය තුල මෙම ස්ථානයෙන් පලා ගිය එකම පුද්ගලයා වන්නේ ඔහුය. මෙවන් සිරමැදිරියක් පවතින බව බොහෝ අය දන්නා කරුණක් වුවත් මාලිගයේ සංචාරය කරන අයට එහි පිවිසීමට සම්මත අවසරයක් නොමැත.

5.ලාස් වේගාස් තීරයේ පහළින් පිහිටි උමං මාර්ග- ලාස් වේගාස්, ඇ. එ. ජ.

  • මෙම පුළුල් උමං පද්ධතිය ඇත්තේ ලාස් වේගාස් හි ප්‍රධාන මාර්ගය පහළින්ය. එම ස්ථානය සිය ගණනක් ජනයාට වාසස්ථාන සපයයි.

6.එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ 103 වන තට්‍ටුව- නිව් යෝර්ක් , ඇ. එ. ජ.

  • මෙම ගොඩනැගිල්ලේ 102 වන තට්‍ටුවේ නැරඹුම් මැදිරියක් පවතින බව ප්‍රචලිත කරුණකි. මෙම දර්ශණය 103 වන තට්‍ටුවේ සිට ද නැරඹිය හැකිය. එහි බැල්කනියක් සහිත කුඩා කාමරයක් පවතියි. නමුත්, මෙය විවෘතව ඇත්තේ අතිශය වැදගත් පුද්ගලයින්ට (VIP) සහ එහි කාර්ය මණ්ඩලයට පමණි.

7.කාර්දිනල් බිබියේනාගේ නානකාමරය- පපාල් නිවස්නය, වතිකානුව

  • මෙම නිර්මාණය 1516 වසරේදි රෆායල් සැන්ටි හා ඔහුගේ ගෝලයින් විසින් අලංකරණය කර ඇත. එහි ඇති අසාමාන්‍ය ලක්ෂණය නම් අලංකරණය සඳහා භාවිතා කර ඇති බිතුසිතුවම් ශිෂ්ටසම්පන්න බාවයෙන් බොහෝ දුරස් ඒවා වීමය.මෙම නානකාමරය සඳහා ඇති පිවිසුම ඇත්තේ කාදිනල් හිමිගේ පෙර නිදන කාමරයේය. වර්තමානයේ එම කාමරය භාවිතා වන්නේ පාප් වහන්සේ විසින් ලෝක නායකයින් හමුවන අවස්ථාවන් වලදීය.

8.සින්ඩරෙල්ලා මාලිගාවේ රහස් කුටි- ඩිස්නිලන්තය, ඇ. එ. ජ.

  • අධි සුඛෝපභෝගී හෝටල් කාමරයක් ලෙස පෙනෙන මෙම ස්ථානය ලෝකයේම මුදල් ඔබ අතේ තිබුණත් මෙහි රාත්‍රියක් ගත කිරීමට නොහැකියි. නමුත්, වසරකට එක් වතාවක් ඒ සඳහා අවස්ථාව ලබාදෙනවා. ඒ ඩිස්නිලන්ත කාර්ය මණ්ඩලය විසින් ජනවාරි මාසයේ සිදුකෙරෙන විශේෂ දිනුම් ඇදීමකින් ජයග්‍රහයකයෙකු ‍තෝරාපත්කරගනිමිනි.

9.ලිබර්ටි ප්‍රතිමාවේ ගිනි සිලුවේ ඇති නැරඹුම් වේදිකාව- නිව් යෝර්ක්, ඇ. එ. ජ.

  • 1916 වසර තාක්ම මෙම ගිනිසිළුව ඇතුලත බැල්කනිය තෙක් ගමන් කල හැකි පඩිපෙළක් තිබි ඇත. නමුත් එම වසරේදි එහි සිදුවූ පුපුරා යෑමකින් ගිනිසිළුව කොටසට අලාභානි සිදුවිය. ඉන් පසුව සංචාරකයින් හට එම ස්ථානයට ගමන් කිරීම තහනම් කෙරිණි. 1986 වසරේ ගිනිසිළුව ප්‍රතිසංස්කාරණය කරලද මෙය අදටත් මහජනයාට විවෘත නැත.

’10.නපුරු ආත්මයේ ගුහාව’ (cave of the evil spirit)- නයගරා දිය ඇල්ල, කැනඩාව

  • දිය ඇල්ලේ සිට ඇති මාර්ගයේ පහළ කුඩා ගුහාව පිලිබඳ පුරාවෘත්තයක් ගොඩනැගී ඇත. එනම් වසර ගණනකට පෙර මෙම ගුහාව තුල එක්තරා නපුරු ආත්මයක් සිරවී ගොස් තිබුණු බවය. එතැන් පටන් එම ස්ථානයට ගමන් කරන සෑම පුද්ගලයෙකුටම ශාපලත් දිවියක් උරුම වන බවට විශ්වාසයක් පවතියි.