Hela Rahas

Hela Rahas Official Web Portal

විද්‍යාඥයින්ට පැහැදිලි කිරීමට නොහැකි අභිරහස් ස්ථාන 8 ක්

විද්‍යාව කොතරම් දියුණු වුවත් ඇතැම් සිදුවිම් සහ දේවල් පැහැදිලි කිරීමට විද්‍යාඥයින් පවා අපොහොසත් වි ඇත. අරුම පුදුම දේවල් වලින් පිරුණු ලෝකයේ විද්‍යාඥයින්ට පවා තේරුම්ගත නොහැකි වූ දේවල් 8 ක් ගැනයි මේ. මේ අභිරහස් වලට තවමත් නිශ්චිත විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැහැ කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද? කොහොම වුණත් මිහිමත ජීවය කොතරම් සංකීර්ණ දෙයක් දැයි සිතෙන මේ අභිරහස් වල සත්‍ය ඉදිරි අනාගතයේදී හෙලිදරවු වීමටත් ඉඩකඩ තිබෙනවා!

1.ගුරුත්ව කන්ද හෙවත් ‘ග්‍රැවිටි හිල්ස්’- ඉන්දියාව

  • මෙම කන්ද පාමුල මෝටර් රථයක් නතර කලේද, එය කන්ද ඉහළට ගමන් කිරීමට පටන්ගනියි. ඇසට නොපෙනෙන යම් බලවැගයක් විසින් මෝටර් රථය ඉහළට අදින බව බොහෝ දෙනාගේ විශ්වාසයකි. නමුත් මේ සංසිද්ධිය පැහැදිලි කිරීමය නිශ්චිත තොරතුරු නොමැත. නමුත් ඇතැම් අය පවසනේ මෙය ගුරුත්වකන්ද මඟින් ඇතිකරන දෘෂ්ටි මායාවක් බවයි.

2.ශෛලමය සුසාන කුටි

  • රොක්නියාව, කොරියාව, චීනය, ඉන්දියාව, ඊශ්‍රායලය, ස්කැන්ඩිනේවියාව, රුසියාව ආදි රටවල් වලින් හමුවූ මෙම විශාල පුරාණ පාෂාණ ගල් මේස /කුටි ලක්ෂණ පුරාවිද්‍යාඥයින්ගේ නිගමනයට අනුව මේවා අතීත පූජකවරුන්ගේ සුසානඝර විය හැකි බවයි. මේවා ඔරලෝසු සීඝ්‍රතාව වෙනස් කරවන බවත් අනෙකුත් උපාංග අමුතු ආකාරයෙන් ක්‍රියාකිරීමට පටන්ගැනීමට හේතුවන බවත් සඳහන් වේ.

3.ගිනි දැල් නැගෙන ‘එටර්නල් ෆ්ලේම් දිය ඇල්ල’- ඇ.එ.ජ.

  • සොබාදහමේ අමුතුම නිර්මාණයක් වන මෙම දිය ඇල්ලේ සංසිද්ධියට හේතුව එහි කුඩා විවර මඟින් ස්වභාවික ගෑස් විමෝචනය වීම නිසා බවයි.මෙම ගිනි දලු නිවි යන අතර යලි දැල්විය යුතුය. එම ගිනි දළු යලි යලි දල්වන පුද්ගලයා වාසනාවන්තයෙකු වන බවට විශ්වාසයක් පවතියි.

4.ෆ්‍රැන්ගෝකාස්ටෙලෝ මාලිගය- ග්‍රීසිය

  • ලොව එකම ලේඛනගත කල කාල මිරිගුව සඳහා මෙම ස්ථානය ප්‍රසිද්ධය. සෑම වසරකම මැයි අග වන විට , සන්නද්ධ පාපන්දු සෙබළුන්ගේ සහ අශ්වාරෝහකයින්ගේ සෙවණැලි ඇජියෝස් චරලම්බෝස්ගේ ආරාමයේ සිට ෆ්‍රැන්ගෝකාස්ටෙලෝ බලකො‍ටුවට ගමන් කරන බව පැවසේ. උදෑසනම මුහුද නිසොල්මණේ ඇතිවිය, සුලඟ ආර්ද්‍රතාවයෙන් අධික විට මෙම සංසිද්ධිය මිනිත්තු 10 ක් පමණ කාලයක් තිස්සේ නිරීක්ෂණය කල හැකි බව පැවසේ. එම ඉඩම් අත්පත් කරගත් ජර්මානු හමුදා එම මිරිඟුව දැක භීතියෙන් වියරු වැටී ඒ දෙසට වෙඩි තැබීමට පටන්ගත් බව සඳහන් වේ.

5.උමං සොහොන්- චෙක් ජනරජය

  • ඕර්ගන් එකක ශබ්දය මෙම උමං සොහොනෙන් නැගෙන බව පුරාවෘත්තයකි. 1996 දි විද්‍යාඥයින් විසින් එය ලේඛනගත කර පවා ඇත.මෙම පොලොව යට උමඟ අඩි 33 ක් පමණ ගැඹුරුය. නමුත් එහි එවැනි සංගීත උපකරණයක් තැබීමට තරම් ඉඩකඩ සහිත තැනක් නොමැත. මෙම සිදුවිම අසා ඇති ඇතැම් පුද්ගලයින් සාක්ෂිකරුවන් ලෙස අධ්‍යයනය කරනු ලැබ ඇති බවද සඳහන් වේ. මෙහි කොරිඩෝව අධ්‍යයන කිරීමේදි එහි සාම්පල වල පොෆරස් නොමැති බව තහවුරු විය. මුලින් බලන විට ඒවා සාමාන්‍ය ඒවා ලෙස නිරික්ෂණය කල හැකි වී ඇති අතර ටික මොහොතකින් වේගයෙන් ඒවා රතු මිශ්‍ර තැඹිලි පැහැයක් ගන්නා දිස්නයක් නිකුත් කිරීමට පටන්ගෙන තිබීම විශේෂත්වයකි.

7.පාෂාණ වනාන්තරය – චීනය

  • චීනයේ ඇති අරුම පුදුම ස්ථාන වලින් එකක් වන මෙය වසර මිලියන 200 කට ඉහත දි නිර්මාණය වූවකි. එම කාලයට පෙර එහි විශාල හුණුගල් සෑදුනු මුහුදක් තිබී ඇත. භූකාරක චලන හේතුවෙන් එම ගල් ඉහළට මතුවිය. වනාන්තරයේ භූගත කොටසේ පිහිටි ‘චිෆෙන්ග් ගුහාව’ ආශ්චර්යමත් ස්ථානයකි. අගෝස්තු මස සිට නොවැම්බර් දක්වා කාලයේදි, සෑම මිනිත්තු 30 කට වරක්ම භූගත ගංඟාවේ දිය සුළියක් ඇතිවන අතර එය මිනිත්තු කිහිපයක් පැවතී වේගයෙන් අතුරුදහන් වී යයි.

8.වර්ණ 5 ක් ගන්නා ජලය සහිත ගංගාව- කොලොම්බියාව

  • වසරේ බොහෝ කාල වලදී මෙම ගංගාව අනෙක් ගංගාවන් මෙන් පැහැදිලි ජලයෙන් යුක්තය. නමුත් ග්‍රීෂ්ම සෘතුවේදි එය බහුවර්ණ ස්වභාවයක් ගනියි. අසමස ම වල් පැලෑති විශේෂයක් ජලය මත වර්ධනාය් විමට පටන්ගන්නා අතර ඒවා ජලය රතු, රෝස, නිල්, කොළ හා කහ පැහැයට හරවයි. පුරාවෘත්ත වලට අනුව මෙම ස්ථානයට පහළින් ජල මාතාවගේ නිධානය පවතින බවයි. එය ‘ට්‍රේෂර් ඔෆ් ලා මොජානා’ නමින් හැඳින්වේ.

9.රුධිරය පැහැති ජලය ඇති දිය ඇල්ල- ඇන්ටාර්ටිකාව

  • රුධිර පැහැති ජලය ඇති මේ දිය ඇල්ල -10 C අගයකදි වුවද මිදෙන්නේ නැත. මෙම ග්ලැසියරය වඩාත්ම සිසිල් ඒවා අතරින් එකක් වන අතර ජලය ගලමින් පවතියි. හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් කල අධ්‍යනයකින් තහවුරු වී ඇත්තේ මෙම රුධිර ජලාශය ක්ෂුද්‍රජීවි ගහණයට ලක්වි ඇති බව හා ඒ හේතුවෙන් මෙවන් සංසිද්ධියක් ඇති වනවා විය හැකි බවයි.