Hela Rahas

Hela Rahas Official Web Portal

අදටත් ඇතැම් අය විශ්වාස කරන වැරදි මත 12 ක්

පොත් පත්, සංගණන දත්ත මූලාශ්‍ර වල සඳහන් වන බොහෝ කරුණු සියලුදෙනාම පාහේ එක හෙලාම විශ්වාස කරනවා. ඒවා විධිමත් මූලාශ්‍ර වන නිසා ඒවා සත්‍ය යැයි පිලිගැනීමට අප පැකිළෙන්නේ නැහැ වගේම ඒවා ගැන එතරම් තර්ක කරන්නට යන්නේ නැහැ. නමුත් , පොත් පත්තර සංඛ්‍යාලේඛන සහිතව ඔප්පු කර ඇති ඇතැම් කරුණු ඇත්තෙන්ම කිසිඳු සත්‍යතාවක් නැතැයි කියා පසු කළෙක අනාවරණය වී තිබෙනවා. මේ එවැනි අනාවරණ වූ දුර්මත කිහිපයකි.

1.අතීතයේ මානවයින් වයස අවුරුදු 30 ට පෙර මියගිය බව

  • පූර්ව ඓතිහාසික යුගවලදි පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජීවිත අපේක්ෂාව වසර 30 ක් පමණ වන බව සඳහන් වේ. නමුත් ඉන් අදහස් වන්නේ වසර 29 සපිරු විට සියලු දෙනා මරණයට පත් වූ බව නොවේ. ළමා මරණ අනුපාතිකය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් එසේ සාමාන්‍ය ජීවිත අපේක්ෂාව පහළ අගයක් ගෙන තිබී ඇත. ජීවත් වු උපරිම වයස අවුරුදු 30 ට වඩා වැඩිය.

2.වසරකට මිනිසුන්ට මකුළුවන් 8 ක් පමණ ගිලෙන බව

  • බොහෝ විලෝපිකයින් තමන්ගේ ශරිර ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් වැඩි දෙයක් ආක්‍රමණය කිරීමට පෙලඹෙනවා අඩුය. ඒහැරත්,මකුළුවන් යනු උණුසුමට හා කම්පනයන්ට (vibration) සංවේස්දී සතුන් විශේෂයක් නිසා උන් බලෙන් මිනිසුන්ට සමීප නොවේ. මෙම ගණන ගැන සඳහන් වී ඇත්තේ 1993 වසරේ Lisa Holst නමැත්තියගේ ලිපියකය.මෙම දත්තය මඟින් මිනිසුන් කොපමණ පහසුවෙන් ‍රැවටිය හැකිදැයි පෙන්වීමට ඇය උත්සහ කර ඇති බව සඳහන් වේ.

3.එකම තැනකට දෙවතාවක් අකුණු සැර නොවදින බව

  • එකම ස්ථානයකට දෙවරක් අකුණු සැර වැදිය හැක. ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වාදෙන්නේ එය එතරම්ම විරල සිදුවීමක් ද නොවන බවයි.

4.දිනකට වතුර වීදුරු 8 ක් පානය කල යුතු බව

  • දිනකට වතුර වීදුරු 8 ක් පානය කල යුතු යැයි ඔබ අසා ඇති නිසා අපහසුවෙන් ආයාසයෙන් එසේ කල යුතු නැහැ. මෙය විශ්වීය වශයෙන් පිලිගත් ජල ප්‍රමාණයක් නොවේ. එබැවින් බලෙන් වතුර පානය නොකරන්න. ඔබට පිපාසය දැනෙන විට ප්‍රමාණවත් තරමින් ජලය පානය කරන්න. සිරුරේ උපරිම ජල ධාරිතාව සම්පූර්ණව පවතින විට මොළය විසින් ගිලීම අපහසු කරවන බව පර්යේෂණ මඟින් පෙන්වාදේ.

5.ආහාර ගත් පසු මිනිත්තු 30 ගත වන තුරු පිහිනීම නොකළ යුතු බව

  • ආහාර ගත් පසු ඇවිදීම උචිතයි වගේම පිහිනීම නිසා ඔබට ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් එසේ කිරීමෙන් මස් පිඬු පෙරළීම් වැනි තත්වයන් හටගැනිමට ඉඩ ඇත.ඉන් ඇතිවිය හැකි නරකම දේ නම් ඔබට බොහෝ විට පිළිකුල් බවක් (අප්පිරියාවක්) ඇතිවිය හැකි වීමය.

6.බල්ලෙකුගේ ජීවිතකාලයෙන් වසරක් මිනිස් වර්ෂ 7 කට සමාන බව

  • මිනිස් වර්ෂ වලින් ඔබේ බලු සුරතලාගේ වයස මැනීමට නම් 7:1 රිතිය විශ්වාස නොකල යුතුය. ඇත්තෙන්ම වයස තීරණය වන්නේ බල්ල්න්ගේ ප්‍රභේදය හා ශරීර ප්‍රමාණය මතය. මෙය 60′ දශකයේ කුඩා දරුවන් හට තම බලු සුරතලුන්ගේ වයස ගණනය කිරීමට කියාදුන් ගණිත පාඩමකි.

7.මැස්සන් ජීවත් වන්නේ පැය 24 ක් පමණක් බව

  • වැඩිහිටි මැස්සෙකු ආසන්න වශයෙන් සති 2-4 ක් පමණ කාලයක් ජීවත් වේ.ශිශිර නිද්‍රාවට පත්වෙමින් මුලු සීත සෘතුවම ගත කිරීමට හැකිය.

8.දිවේ රස සංවේදක ප්‍රදේශ 4 ක් ඇති බව

  • මෙම මතය වැරදි වන අතර අපේ මුලු දිවටම රස සංජානනය කල හැකිය. මෙම මතය ඇති වී ඇත්තේ වූ Dirk P. Hanig නම් ජර්මානු මනෝවිද්‍යාඥයෙකු විසින් 1901 රචිත ලේකනයක් අවිධිමත් හා අක්‍රමවත්ව පරිවර්තනය කර තිබීමේ ප්‍රතිඵලයක් ලෙසය.

9.ගෝල්ඩ් ‍ෆිෂ් මාලුවන්ගේ මතකය පවතින්නේ තත්පර 3 ක් පමණක් බව

  • ගෝල්ඩ්‍ෆිෂ් මසුන්ට තත්පර 5 කට වඩා වැඩි කාලයක් දේවල් හොඳින් මතක තිබේ. ඊශ්‍රායල් ජාතික විද්‍යාඥයෙකු විසින් සිදුකල එක්තරා අධ්‍යනයකදි ඔහු විසින් යම් ශබ්දයක් නැගීමෙන් පසු මාලුවා හට ආහාරය වෙත ලඟාවීමට ඉගැන්වීමට උත්සහ කර තිබේ. එම මාලුවාට මාස 5 කට පමණ පසුවත් එම ශබ්දය මතක තිබී ඇති බව ඔහුගේ අධ්‍යයන ප්‍රතිඵල වල දැක්වේ.

10.මිනිසුන්ට ඇත්තේ සංවේද 5 ක් පමණක් බව

  • මිනිසුන්ට සංවේදක 5 කට වඩා ඇත. ඇතැම් විද්‍යාඥයින් විසින් සමබරතාව, වේදනාව, උෂ්ණත්වය සහ ශරීර භාෂා සංජානනය කිරීම ඇතුලු සංවේද 21 ක් පමණ පවතින බව ගණනය කර ඇත.

11.දිනපතා ෂවර් ජෙල් (shower gel) භාවිතා කල යුතු බව

  • දිනපතා ෂවර් ජෙල් භාවිතා කරන විට සමේ ස්වභාවික තෙල් ඉවත්ව යයි. එහිදි සම වියළි ගොස් වෙනත් ගැටලු හටගැනීම් වලට නිරාවරණය විය හැක. අත් වල , කිහිළි වල හා ශ්‍රෝණි ප්‍රදේශයේ ෂවර් ජෙල් දිනපතා වුවත් භාවිතා කල හැක.නමුත් මුලු සිරුරටම භාවිතා කරන්නේ නම් එය සතියකට වාර 2-3 කට පමණක් සීමා කරන්න.

12.අයිලයිනර් (eyeliner)භාවිතය සම්පූර්ණයෙන්ම ආරක්ෂාකාරි රූපලාවන්‍ය භාවිතයක් බව

  • මේවා නිතර භාවිතා කරන විට එම පැන්සල් හා බුරුසු වල බැක්ටීරියා, දිලීර හා වෙනත් හානිකර දේ ‍රැඳි වර්ධනය වී තිබිය හැකියි. භාවිතා කරන විට ඇස් වල ආසාදනය වීම් ඇති වීමේ අවදානම අඩු කරගැනීම සඳහා සෑම මාස 3 කට වරක්ම අයි මේක්-අප් ද්‍රව්‍ය වෙනස්කරන්න. ඇහි පිහා‍ටු ඇතුලතින් ගැල්වීමෙන් වළකින්න.

13.ගොන්නුන් රතු පැහැය දකින විට කුලප්පු වන බව

  • ගොන්නුන් හට වර්ණ දැකිය නොහැක. ඔවුන්ට දැකිය හැක්කේ චලනයන් පමණි. ඉදිරියෙන් රෙදි කැබැල්ලක් වැනෙනවා දැකීම ඔවුන්ව කෝප ගන්වන නිසා ඔවුන් කුලප්පු වේ.