Hela Rahas

Hela Rahas Official Web Portal

සාලිය කුමාරයාගේ පෙර බවයේ කතාව

  • එකල අනුරාධපුරයේ කමිමල් වැඩ කරන කෙනෙක් සිටියා. මේ කම්මල්කරුට කියල ගොවි උපකරණ හදාගන්න කෙනෙක් ආවා. ඔහු පඬුරු වශයෙන් ඌරු මස් හා ඇල් හාල් ගෙනාවා. එය භාරගත්ත කම්මල්කරු ප්‍රණීත ආහාර වේලක් හැදුවා.ඒ සමඟම භික්ෂූන් වහන්සේලා තුන්නමක් වඩිනවා ඔහු දුටුවා. අර කෑම ටික උන්වහන්සේලාට දන් වශයෙන් පිළිගැන්වුවා. පිළිගන්නවා මේ පිනෙන් මා මරණින් මතු දෙව් ආත්මයක හෝ මනුෂ්‍ය ආත්මයක උපදී නම් දහස් ගණන් පඬුරු මා වෙත එළබෙත්වා කියලා කීවා.
  • රහත් භික්ෂූන්ට දන් දුන් ඒ පිනෙන් මෙි කම්මල්කරු මිය ගොස් දුටුගැමුණු රජතුමාගේ දේවියගෙ කුස පිළිසිඳගත්තා. පිළිසිඳගත්ත දවසේ ඉදන් දේවිය වෙත දහස් ගණන් පඬුරු ලැබුණා. ඇය ඒවා භාරගත්තා. කුමාරයාට අවුරුදු දොළහක් වුනාට පසු කුමරු පඬුරු භාරග්තා. මේ හේතු නිසා කුමාරයාට සාලිය කියල නම තැබුවා.
  • සාලිය කුමාරයාගෙ බිරිඳ අශෝකමාලා ය. ඇය සඬොල් ස්ත්‍රීයක්. ඇය සැඬොලියක් වුනේ මෙසේය. ඇගේ පෙර භවයක ඇය හා මව ජීවත්ව සිට ඇත. ඇගේ මව ස්වාමින්වහන්සේලාට සෑම දවසකම දානය දෙනවා. දවසක් ස්වාමින්වහන්සේලා දානය සඳහා කලින්ම ගෙදරට වැඩියා. දානය පිළිගන්වන්න වෙලාව ඇති බැවින් ස්වාමින්වහන්සේලා අසුන්ගෙයි වැඩ සිටියා. දානය පිළිගන්වන වෙලාව ලං වී මහළු කාන්තාව දුවට පැවසුවා භික්ෂූන් වහන්සේලාට දානයට ආරාධනා කරන්න කියලා. දුව යන විට ස්වාමින්වහන්සේලා ධර්මය දේශනා කරමින් සිටියා. එයට බාධා කරන්න බැරි නිසා ඇයද බණ අසා බණ ඉවරවුන පසු සාධුකාර දී ස්වාමින්වහන්සේලාට දානයට ආරාධනා කළා.
  • සිදුවුන දෙය නොදන් ඇගේ මව දුවට බැණ වැදුණා. ගමේ ඇවිදලා දහවල් වුනාම ද දානයට ආරාධනා කළේ කියලා. කෝප වුන දුව අම්මාට බැණ වැදුණා. “සැඬොලිය, කුමකට කිපේද, මම බණ අසමින් සිටියේ. බණ ඇසුව මට සැඬොලිය කුමට කෝප වෙත්ද? කියලා බැණ වැදුණා.
  • මරණින් පසු මේ දෙන්නාම දෙව් ලොව ඉපදුනා. දුව කාලෙකට පසු මිනිස් ලොව ඉපදුනා. ඇය ඉපදනේ අනුරාධපුරය ආසන්නයේ සැඬොල් ගමක. ඇය රූපයෙන්, ධනයෙන් අගතැන්පත් වුණා. එදා සාධුකාර දුන්න නිසා මේ ආත්මයේ ඇයගේ කටින් අශෝකමල් කෙසරු වගේ රැස් විහිදුනා. ඒ නිසා ඇයට අශෝකමාලා කියල නම තැබුවා.
  • ඇය දවසක් වැඩකට අනුරාධපුරයට ආවා. ඒ වෙද්දි ඇගේ වයස අවුරුදු දොළහක්. ඇය යනවිට සාලිය කුමාරයා තමන්ගෙ රථයෙන් යන ගමන් සිටියෙ. කුමාරයා එනව දුටුව අශෝකමාලා පාරෙන් ඉවත්වුනා. පසෙකට වෙලා බිම බලා සිටි ඇය ප්‍රාකාර බිත්තියකට හේත්තුව සිටියා.
  • මේ සිතුවම වෙනදා මෙහි තිබුනෙ නෑ නේද, කවුද මෙය සිතුවම් කලේ කියලා කුමාරයා ඇසුවා. ඒ අශෝකමාලා ප්‍රාකාර බිත්තියට හේත්තු වී ඉන්නවා දැකලා. රාජපුරුෂයන් කීවේ ඒ සිතුමක් නොව සැඬොල් දරුවෙක් බව. අශෝකමාලාට වසඟ වුන කුමාරයා ඇයව අන්තඃපුරයට ගෙන ගොස් බිසව කර ගත්තා.
  • මේ බව දුටුගැමුණු රජතුමාට ආරංචි වුනා. කෝප වුන රජු කුමාරයා හා අශෝකමාලා නෙරපන්න කටයුතු කළා. පසුව රජතුමා ඔවුන්ගෙ මාළිගාවට අවා. රජතුමාගේ පා දෝවනයට වතුර රැගෙන ආ අශෝකමාලාගේ රූපයට රජුද වසඟ වුනා.
  • මේ සැප සම්පත් මට ලැබෙන්නෙ මා කරපු පිං වලටමද කියලා දවසක් සාලිය කුමාරයා කල්පනා කරමින් සිටියා. වනයේදීත් මට මේ සැප සම්පත් ලැබේද සිතලා කුමාරයා කසාවතක් ඇඳගෙන මාළිගාවෙන් පිට වුනා. ඔහු නැගෙනහිර, බටහිර, දකුණු දිශාවලට ගමන් කළා. කුමාරයා යන්නෙ කොතැනකටද දන ධාන්‍ය පිරුණු ගැල් පිටින් ඔහුට ලැබුණා.
  • පසුව සාලිය කුමාරයා සිතුවේ මෙයින් පිටත් දිවයිනේ ඕනෑම තැනකදිත් මේ විපාක ලැබේද කියලා. ඒ නිසා සාලිය කුමාරයා ඒ බව බලන්න අශෝකමාලා හා රථයකින් ගොස් සෑගිරියටත් අසළ ගමත් අතර නැවතුණා.
  • මට බඩගිනී. කන්නට යමක් සූදානම් කරව කියා කුමාරයා අශෝකමාලාට පැවසුවා. ඇය පැවසුවේ ස්වාමිනි මේ කවුරුත් නැති කැලයෙ කන්නට යමක් කොහෙද කියා. කුමාරයා සැරයටියක් අතටදී අසළ තිබුණ ගසකට තට්ටු කර කෑම දෙන ලෙස කියන්න යැයි අශෝකමාලාට පැවසුවා. ඇය එසේ කළා.
  • ගසෙ සිටිව රුක් දේවතාව වැඩ ස්වාමිනි, නුඹ මට පහර දෙන්නනෙ කිමද. නුඹ එන බව දැන කලින්ම මම ආහාර පිළියෙල කරන ලෙස දෙවිවරුන්ට නියම කළා. පසුව යකුන් විසින් බත් කත් හතරක් රැගෙන ආවා.
  • කුමාරයා ඒවා දැක ඔවුන් ලවා ඒ හතර සෑගිරියට ගෙන්වා ගෙන භික්ෂූන් වහන්සේලාට දනට පිළිගන්වා පසුව අශෝකමාලා හා කුමරුද ආහාරයට ගත්තා. එසේ පිං කළ කුමරු අවසන දෙව් ලොවට ගියා.