Hela Rahas

Hela Rahas Official Web Portal

සුපිරි වෙළඳසැල් වලින් මිලදී නොගත යුතු ආහාර ද්‍රව්‍ය 8 ක්

සුපිරි වෙළඳසැල් වල දීමනා සහ වට්ටම් යටතේ ආකර්ෂණීය ඇසුරුම් වලින් තිබෙන භාණ්ඩ වලට පාරිභෝගිකයින්ගේ අවධානය යොමුවන්නේ නිරායාසයෙන්මයි. නමුත්, පාරිභෝගිකයින් වන ඔබ විසින් මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ
වෙළඳපොලේ ඇති සෑම ආහාර ද්‍රව්‍යයක්ම ඉහළ ගුණාත්මක බව තහවුරු කල ඒවා නොවන බවයි.ඇතැම් ආහාර වර්ග ඔබ නොහිතන ආකාරයෙන් ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් කාලයත් සමඟ ඇතිකරවයි. එබැවින් මේ වගේ ආහාර මිලදී නොගෙන ඉන්න එක ඔබේ සෞඛ්‍යයට වඩාත් හිතකර වේවි.

1.ඇසුරුම් කල සලාද, පළා වර්ග

  • ආහාරයට ගත හැකි පරිදි සූදානම් කර ඇතු සලාද වර්ග වෙළඳසැල්වල ඇති වඩාත් භයානකම ආහාර නිෂ්පාදනයක් බව බැක්ටීරියාවිශේෂඥයින් විසින් පෙන්වාදෙති. මේවා අන්ත්‍ර වල රෝග ඇතිවීම කෙරෙහි බලපෑම් කරන අහිතකර බැක්ටීරියා විශේෂ වල වර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය කරයි. සලාද වර්ග තාපයට ලක් නොකරන ආහාර විශේෂයක් නිසා පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන් පවා සලාද වලට එකතු වී විනාශ නොවී පවතියි.ඔබ මිලදී ගන්නා ඕනම සලාද , කොළ හෝ පළා වර්ගයක් අනුභවයට පෙර හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

2.සෝසේජස්

  • ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) විසින් පිළිගෙන ඇති ආකාරයට සොසේජස්, බේකන් හා වෙනත් පෙර සැකසූ මස් නිෂ්පාදන (processed meat) හේතුවෙන් පිළිකා වර්ධනය වීමේ හැකියාව ඇති බවයි.එම ආහාර වල අඩංගු නයිට්‍රයිට (Nitrites) අන්ත්‍ර තුලදී නයිට්‍රෝසැමයින් (Nitrosamines) හෙවත් ප්‍රබල පිළිකාකාරක බවට පරිවර්තනය විම සිදුවේ. දුම් ගැසු මස් නිෂ්පාදන (smoked meat) වල ද බෙන්සොපයිරීන් (Benzopyrene) නම් පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගුවේ. එවැනි නිෂ්පාදන මිලදි ගැනීමට වඩා අලුත්, හොඳ තත්වයේ මස් මිලදි ගෙන නිවසේදීම ඔබේ අතින් ඒවා විවිධ ක්‍රම වලට පිළියෙල කරගන්න.එය වඩාත් සෞඛ්‍යාරක්ශිත පියවරකි.

3.බෝතල් කල ග්‍රීන් ටී පාන

  • මේවායේ සාමාන්‍ය ග්‍රීන් ටී පානයක ඇති ගුණයට සමාන කිසිවක් නොමැති බව මෑතකාලීන අධ්‍යයන වලින් පවා පෙන්වාදේ. ග්‍රීන් ටී වල ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුල බව ප්‍රසිද්ධ කරුණකි. මෙවැනි බීම බෝතල් 20 ක අඩංගු ප්‍රති-ඔක්සිකාරක ප්‍රමාණය එක් සැබෑ ග්‍රීන් ටී කෝප්පයක අඩංගු වන්න බව සඳහන් වේ. මෙවැනි පාන වර්ග වල වැඩිපුර ඇත්තේ ජලය හා සීනි පමණි. බොහෝ විට ඒවා සෝඩා පාන වලටත් වඩා වැඩි ප්‍රමාණයකින් විය හැක. මේවාට වඩා නියම ග්‍රීන් ටී කෝප්පයක් රසවිඳීම සිරුරට ඉතා හොඳ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදෙනු ඇත.

4.පලතුරු පිරවුම් සහිත ආහාර

  • බනිස්, යෝගට්, පේස්ට්‍රි වර්ග වල ඇතැම් නිෂ්පාදන සකසා ඇත්තේ පලතුරු භාවිතා කරමිනි. සැබෑ පලතුරු වුවත් ඒවා ඉක්මනින් නරක් නොවීමට විවිධ රසකාරක, වර්ණකාරක හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය එක්කර තිබේ.

5.මයෝනීස්

  • මේවා සාදා ඇත්තේ බිත්තර, විනාකිරි, එළවළු තෙල් සහ කුළුබඩු මුසුකරමින්ය. නමුත් වෙළඳපොලේ ඇති නිෂ්පාදන වල මෙම අමුද්‍රව්‍ය වලට අමතරව වර්ණක, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, රසකාරක සහා ස්ථායිකාරක පවා අඩංගු කර තිබේ. Light වර්ගයේ මයෝනීස් වල අඩංගු වන්නේ මේද 35-50% අතර ප්‍රමාණයක් වුවත් එහි රසය සහ ඝනකම කල්තබාගැනීමට පිෂ්ටය හා සිනි ඒවට එක්කරයි. මෙහි ඇත්තේ සරල වට්ටෝරුවක් නිසා නිවසේදීම මයෝනිස් සකසාගැනීමට උත්සහ කරබලන්න.

6.කුඩු කල කුළුබඩු

  • ලාබදායි ආදේශක ද්‍රව්‍ය මුසු කරමින් වංචනිකව කුළුබඩු අලෙවි කරන ව්‍යාපාර ඇත. උදාහරණයක් ලෙස කුරුඳු වෙනුවට ඇතැම් කඩවල අලෙවි කරන්නේ කැසියා ය, ගම්මිරිස් සමඟ පැපොල් ඇට මිශ්‍ර කරයි, කහ කුඩු වලට පිටි මිශ්‍ර කරයි, සැෆ් රන් වෙනුවට සැෆ්ලවර් නම් මල් විශේෂය අලෙවි කරයි.වෙළඳැසැල් වලින් කුඩු වෙනුවට කුළුබඩු වල නියම තත්වයෙන් මිලදී ගන්න.ඒවා නිවසේදි කුඩු කර භාවිතයට ගන්න.

7.පාන්

  • ඇතැම් සුපිරි වෙළඳසැල් වල පාන් සකසන්නේ රසායනිකව බ්ලීච් කල පිටි වලිනි. උදාහරණයක් ලෙස පිටි සමඟ බෙන්සෝල් පෙරොක්සයිඩ් මුසු කර සදන පාන් වැඩි කලක් කල්තබාගත හැකි වගේම කෘමි හානි වලට ලක් නොවේ. පිටි මෝලිය සැකසීමේදි එක්කරන ඇතැම් ද්‍රව්‍ය (රස වැඩිවීම්ට, ඝනකම වැඩිවිමට එක්කර දෑ)සෞඛ්‍යාරක්ෂිත බවින් තොරය.එබැවින් කුඩා පරිමාණයේ බේකරි වලින් පාන්, බනිස් මිලදිගන්න. ප්‍රාදේශිය වශයෙන් පවතින බේකරි වල නිෂ්පාදන ක්‍රියාවලිය ගැන හොඳින් දැනුවත් වීමට හැකි නිසා එය වාසියකි.

6.කොකා කෝලා

  • කොකා කෝලා වල අඩංගු අමුද්‍රව්‍ය අපේ සෞඛ්‍යයට ඉතා හානිකර ආකාරයේ බලපෑම් ‍රැසක් ඇතිකිරීමට සමත්ය. කැෆේන්, ටොන් ගණනින් සීනි සා ෆෙනිල් ඇලනයින් (Phenylalanine) වැනි ද්‍රව්‍ය ඉන් කිහිපයකි. කෝකා කෝලා පරිභෝජනය නිසා දියවැඩියා තත්වයන්, විජලනය ආදි බරපතල සෞඛ්‍යය පීඩාවන් ඇතිවීමට ඉඩ ඇති අතර ලබාගනිමින් සිටිඔන ඖෂධ වල බලපෑම් ප්‍රබල හෝ දුබල කරවීමට ඉඩ ඇත.