Hela Rahas

Hela Rahas Official Web Portal

2050දි ලෝකයට වෙන දේ ගැන ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය.

ආතර් සී. ක්ලාක් මහතා විසින් රචනා කළ Deep Range (ගැඹුරු මුහුද) කෘතියෙ නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරයත් සමඟ ආගමට අත්වෙන ඉරණම ආතර් සී ක්ලාක් මහතා ගේ පොතේ මෙහෙම සඳහන් කරල තියෙනවා.

  • “මේ 2050 වසරයි ! මේ වන විට දෙවියන් පිළිබඳ ඉගැන්වෙන සියලු ආගම් අභාවයට පත්ව ඇත.බුදු සමය සමග තරඟ කළ අනික් ආගම් තුනම අසාර්ථක විය. දුබල විය. එහෙයින් තවදුරටත් මනුෂ්‍ය සිත් සතන් පුබුදු කරවිය හැකි එකම ආගම වන්නේ බුදු දහම පමණි.මේ අන්‍ය ආගම් සතුව තිබුණු බලය දැන් දක්නට නැත. එහෙත් මෙම ආගම් නොනැසි තවත් පරම්පරා ගණනාවක් පවතිනු ඇත.
  • දැන් සක්‍රීයව පවතින්නේ බුදුන් වහන්සේගේ සද්ධර්මය පමණි.අනෙක් ආගම්වල පිරිහීමත් සමග ඇති වූ හිස්තැන පුරවන බුදු දහමේ බලය වැඩි විය.හුදු ආගමක් පමණක් නොව, බුදු සමය, පුරාවිද්‍යාඥයන්ගේ කුළුගෙඩි පහරින් දෙදරා බිම නොවැටුණේ එය කිසිඳු දේව වාක්‍යයක් මත නොවැඩුණු ඉතා පැහැදිලි ශක්තිමත් දර්ශනයක් වන හෙයිනි.නෙකුත් සියලු බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි, සදිස හෝ අදිසි පහරවල් බුදු සමය කෙරෙහි බල නොපැවැත්විය”.
  • බුදු දහමේ ඇති සත්‍යතාව හා ප්‍රායෝගික බව නිසා නව සොයා ගැනීම් සමග බදුදහම තව තවත් බැබළීමට පත්වෙනවා.ඒත් බුදු සසුන විනාශ කරන්න අද වෙද්දි විවිධ ක්‍රියාකරකම් අපෙ රටේ වගේම ලෝකෙ පුරාම වගෙ වෙනවා. අපි අද වෙද්දි සමාජ මාධ්‍ය, පත්තර වලින් ආදි දකිනවා සමහර මිථ්‍යාදෘෂ්ටික මිනිස්සු බෞද්ධයන් බුදු දහමින් ඈත් කරන්න උත්සාහ කරනවා.
  • එහෙම මොන දේවල් කරත් බුදු දහම නැති කකරන්න බෑ. මොකද බුදු දහමේ මූලික හරයන් බුදු කෙනෙක්‌ ඇතිව ද, නැතිව ද පවතින බව අප ගෞතම බුදුරජාණන් වහන්සේම දේශනා කර ඇත.ඒ වුනත් අප බුදුරජාණන් වහන්සේ විසින් කල්ප ලක්ෂ ගාණක් කැප වී පාරමිතා පුරලා මේ සොයා ගත්ත සත්‍ය රැක ගන්න එක ලෝකවාසී බෞද්ධ අපෙ වගකීමයි.