Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ දැනගත යුතු මනෝවිද්‍යාත්මක කරුණු 21 ක්

මිනිස් මනස යනු තවමත් විද්‍යාවට විසඳාගත නොහැකි වු රහස් වලින් පිරී ඇත්තකි. නමුත් විවිධ අධ්‍යයන සහ පර්යේෂණ ඇසුරෙන් පුද්ගල මනසේ විවිධ ස්වරූප සහ එහි අපූරු බව ගැන විද්‍යාඥයින් හට අනාවරණය කරගැනීමට හැකි වූ කරුණු එකතුවක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ.

  • ඉහළ ටෙස්ටෙස්ටරෝන් මට්ටමක් ඇති පුද්ගලයින් හට අනෙක් පුද්ගලයින්ගේ කෝපය දැකිමෙන් තෘප්තියක් දැනේ.
  • ඇතැම් පුද්ගලයින් ගණිතය විෂය සඳහා උත්පත්තියෙන්ම සහජ දස්කම් දක්වන බව පර්යේෂණ මඟින් පවා තහවුරු වී ඇත්තකි.
  • අසා සිටීමට කම්මැලි ආකාරයේ ඇතැම් විට ඇසෙන ඒකාකාරී කතා වඩාත් රසවත් වීමට සහ මතකයේ තබාගැනීමට පහසු වීම සඳහ මොළය විසින් ඒවා සවිස්තර කරයි.
  • ගී ගැයීම කාංසාව අඩුකරවන අතර විෂාදය (මානසික අවපීඩනය) තත්වය දුරුකරගැනීමට උපකාර කරයි.
  • අන්ත්‍රයේ සහ මොලයේ ස්නයු පද්ධතිය එකිනෙක සම්බන්ධිතය. ඇතැම් චිත්තාවේග ක්ෂණිකව උදරයට බලපෑම් ඇතිකරවන්නේ මේ හේතුව නිසාය. වැඩිම බලපෑම ඇතිකරවන්නේ ආතතිය මඟිනි.
  • මිතුරන් නොමැතිකම දුම් බීම තරම්ම අහිතකර තත්වයකි.හෘදයාබාධ හෝ ආඝාත තත්වයන් පවා ඇතිවිය හැකි ආකාරයේ බලපෑම් කල හැකි සම්බන්ධතාවයක් ප්‍රෝටීන ආතංචනය (කැටිගැසීම) සහ හුදකලාභාවය අතර පවතින බව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.
  • ඇතැම් පුද්ගලයින් ජානමය උරුමයෙන් සර්ව අශුබවාදී බව කෙරෙහි වැඩි නැඹුරුවක් පෙන්නුම් කරති. ඔවුන් අනෙක් පුද්ගලයින් මෙන් නොව සෘණාත්මක සිදුවීම් පිළිබඳ පුළුල් පරිකලපනයන් මනසේ මවාගනිති.
  • කෙසේවෙතත්, යම් අයෙකුට සර්වශුබවාදීව සිතීමට ඉගෙනගත හැකිය. එම ලක්ෂණය උත්පත්තියෙන්ම හිමිවිමට අවශ්‍ය වන්නේ නැත.
  • අප නිරන්තරයෙන් විවිධත්වය අපේක්ෂා කලද අපට යමක් ‍තෝරාගත හැක්කේ දී ඇති සීමිත වරණ කිහිපයක් අතරින් පමණි. දිගු මෙනුමත්, පි‍ටු ගණනක කැටලොග්, විශාල මිල ලැයිස්තු දු‍ටු විට මනස වියවුල් වී යන්නේ මේ නිසාය.
  • ඔබ යම් අතීත සිදුවීමක් ආවර්ජනය කිරීමට උත්සාහ කරන විට දී, ඇත්තෙන්ම ඔබ ඇත්තෙන්ම සිදුකරන්නේ එම සිදුවීම හා සම්බන්ධ ඔබට ඇති අවසාන මතකය යලි ආවර්ජනය කිරීම, විනා සැබෑ සිදුවීම පිළිබඳව නොවේය.
  • අප අතින් සූදානම් නොකල /නොපිසූ ආහාර වඩාත් රසවත් මෙන් හැඟී යයි. ආහාර පිසින විට අපට එහි සුවඳ දැනීමත් සමඟ රසය කෙසේ වේදැයි උපකල්පනය කල හැකිය. එම අත්දැකීම නිසා බොහෝ විට පිසිමින් සිටින ආහාරයෙන් කොටසක් දැනටමත් ආහාරයට ගෙන ඇතිවාක් මෙන් අපට දැනේ.තවත් අපූරු කරුණක් නම් අප අතින් පිසූ ආහාරයක් අප අනුභව කරන්නේ ඉතා අඩුවෙන් වීමයි.
  • බුද්ධිමත්භාවය සහ උපහාසාත්මකභාවය අතර ඇති සබඳතාව කෙරෙහි විද්‍යාඥයින් විසින් වැඩි අවධානයක් යොමු කර ඇත. උපහාසාත්මකබව මඟින් නිර්මාණශීලීත්වය වර්ධනය වන බව තහවුරු වී ඇති කරුණකි.
  • උත්පත්තියෙන්ම අන්ධ පුද්ගලයින් හීන්නෝන්මාදය (Schizophrenia) තත්වයට කිසිදා ගොදුරු නොවෙති.
  • බොහෝ අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන්නේ පුද්ගලයින් නිරන්තරයෙන් තමාගේ ධනාත්මක ලක්ෂණ පිළිබඳව අතිශයෝක්තියකින් කතා කරන බවයි. – උදා: වෘත්තිය රියදුරන් සාමාන්‍ය නිරදුරන්ට සාපේක්ෂව තමන් රිය ධාවනයේ දක්ෂයින් යැයි සිතති.
  • අප අධික වශයෙන් විපරම් සහගතව පරික්ෂාකාරී වී දෙවන සැලසුමක් (plan B) ගොඩනගන බොහෝ අවස්ථා වලදී අපගේ පළමු සැලැස්ම (plan A) අසාර්ථක වීම සිදුවේ.
  • නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයින් පිරිසක් විසින් පුද්ගලයින් 5000 ක් ඇසුරෙන් සිදුකල ප්‍රශ්ණාවලියක දත්ත ඇසුරෙන් සොයාගත හැකි වී තිබුණේ සාමාන්‍යයෙන් වසරකට වාර 30-64 අතර වාර ප්‍රමාණයක් කාන්තාවන් හඬන බවයි. පිරිමි පුද්ගලයින් හඬනු ලබන්නේ වසරකට වාර 6-17 ක් අතර ගණනකි.
  • බොහෝ කාන්තාවන් විසින් පිරිමි පුද්ගලයෙකුගේ ආකර්ෂණීයභාවය 70% ක්ම නිර්වචනය කරනු ලබන්නේ ඔහු කොතරම් ශක්තිමත් ද යන කරුණ මතයි.
  • පුද්ගලයෙකු විසින් තම ප්‍රියතම ගීතයට සවන් දෙන විට දී ද, මත්ද්‍රව්‍ය භාවිතා කිරිමේදී ද එම පුද්ගලයාගේ මොළයේ භාවිතාවන්නේ එකම යාන්ත්‍රණයකි.
  • ඔබේ සැලැසුම් අන් අයට පැවසීමෙන් බොහෝ දුරට ඔබට ඒවා ඉ‍ටුකරගැනීමට නොහැකිව යනු ඇත. ඉන් ඔබේ උනන්දුව (අභිප්‍රේරණය) ක්‍රමයෙන් අඩු වී යාමට පටන්ගැනීම ඊට හේතුවයි.
  • දුඹුරු ඇස් හිමි පුද්ගලයින් නිල් පැහැති ඇස් හිමි පුද්ගලයින්ට වඩා විශ්වාසවන්ත බවින් වැඩිය. දුඹුරු ඇස් හිමි පුද්ගලයින්ගේ මුහුණේ ලක්ෂණ වඩාත් කැපි පෙනෙන ආකාරයෙන් පිහිටා තිබෙනු නිරීක්ෂණය කල හැකි වීම නිසා ඔවුන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි යැයි හැඟීමක් ඇති වේ.
  • කැමති අය සමඟ කතාබහ කරන විට පුද්ගලයින් තම හඬ වෙනස් ලෙසකින් භාවිතා කරති.