Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රයෝගීකව භාවිතයට ගත හැකි මනෝවිද්‍යාත්මක උපක්‍රම 18 ක්

අපි බොහෝ විට අපටම ආවේණික ආකාරයකට ජීවත් වුවත් ඇතැම් අවස්ථා වලදී අන් අයගේ සහයත් අපට අවශ්‍ය වෙනවා. නමුත්, එතැම් අයගේ අවධානය සහ සහයෝගය එතරම් පහසුවෙන් නම් අපට හිමිවන්නේ නැහැ. ඔබට අවශ්‍ය දේ අන් අය ලවා කරගන්න නම්, ඔබේ මතය අන් අයට ඒත්තුගන්වන්න නම් ඔබට සාමාන්‍යයෙන් ඒ සඳහා යම් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය හැකියි. බොහෝ විට වරක් දෙවරක් නොව කිහිපවරක්ම නැවත නැවත ඒ සඳහා උත්සාහ කිරීමට සිදුවන තරමට ඔබ අසාර්ථක විය හැකියි.

නමුත්, අද අපි ඔබට කියාදෙන මේ වෙනස්ම මනෝවිද්‍යා උපක්‍රම වලින් ඔබට හැකි වේවි අන් අයගේ තීරණ, අදහස් වලට ඔබට අවශ්‍ය ලෙස බලපෑම් ඇති කරන්නට. සරලව කිව්වොත් අන් අයව ඔබට අවශ්‍ය විදියට මෙහෙයවා ගන්න ඔබට මේ ක්‍රම බොහෝ දුරට ප්‍රයෝජනවත් වේවි.
Reddit වෙබ් අඩවියේ පරිශීලකයින් විසින් එදෙනෙදා ජීවිතයේදි ඔවුන්ට උපකාරි වුණු එවැනි උපක්‍රම කිහිපයක් මෙසේ එහි සටහන් කර තිබුණා.

ඔබට කුමක් හෝ ප්‍රශ්ණයක් තිබෙනවාද කියා අසනවාට වෙනුවට මොන ප්‍රශ්ණද ඔයාට තියෙන්නේ ? යැයි අසන්න. පළමුවැන්න ගැටලු ඇතිකරවන අතර දෙවැන්න නිහඬතාව ඇතිකරයි.

  • අප්‍රසන්න නරක පුද්ගලයින්ට පවා කරුණාවන්ත වන්න. යහපත් මනසක් ඇති අයෙකු කෙරෙහි ක්‍රෝධයෙන් පසුවන අයෙකුගේ ආකල්ප වෙනස්වන ආකාරය හරි අපූරු දෙයකි.
  • වැඩ කරන ස්ථානයේදි ඔබට ගැටලු මතු නොවිමට වගේම කාර්යාල සගයින් සමඟ ඔබේ සුහදතාව වර්ධනය කරගැනීමට නම්, අනෙක් අය සමඟ කතා කරන විට ඔවුන්ගේ හොඳ ගැන කතා කරන්න.
  • ‘කාර්යාලයේ මම වැඩ කරමින් සිටින මේසය ලඟට කෙනෙක් ඇවිත් ගොඩක් වෙලා යනතුරු ‍රැඳි කතා කරමින් සිටිනවා නම් , මම කරන්නේ වතුර බෝතලය අරගෙන එය පුරවා ගැනීමට යන එකයි. ඉන් පසු මම මගේ ආසනයට පැමිණීම වෙනුවට සිදුකරන්නේ එම පුද්ගලයා ගේ මෙසාය් වෙත ගමන් කිරීමයි. එවිට මා සමඟ කතා කරමින් සිටින පුද්ගලයා ඒ දෙසට විත් වාඩි වීමට පෙලඹේ. එවිට මම සංවාදය අවසන් කරමින් මගේ මේසය වෙත යමි’
  • මිනිසුන් ගැවසෙන තැනක හෙඩ්ෆෝන් එකක් පැලඳ සංගීතය වාදනය නොකර සිටින්න. ඔබ වටේ සිටින පුද්ගලයින් ඔබට ඇසෙන්නේ නැතැයි සිතමින් අපූරු දේවල් සැහැල්ලුවෙන් කතා කිරීමට පටන්ගනිති.
  • ‘ක්‍රීඩා කරන විට ප්‍රතිවාදියා සිනාගැස්වීමට මම උත්සාහ කරමි. ඒ අතරේදි මගේ ඊලඟ පියවර ගැන සිතමි. සිනාසීම ඔවුන් ‍රැවටීමට ඇති ඉඩකඩ අවම කරයි.
  • අනෙක් පුද්ගලයින් ඔබව ප්‍රියකරනවාට කැමතිද? ‘මගේ පෑන තත්පරයකට අල්ලගන්නවාද?’ වැනි ඉතාමත් සුලු උදව්වක් ඉල්ලාසිටින්න. මෙය ඔවුන්ගේ මොළය උපක්‍රමිකව රවටමින් ඔබට කැමති බවක් හඟවයි. එසේ නොමැති නම් ඔවුන් ඔබට උදවු කරන්නේ මොකක් නිසාද?
  • පළමුව, ඔබට කිසිසෙත්ම නොලැබෙන දෙයක් ඉල්ලාසිටින්න, ඉන්පසුව ඔබට ඇත්තෙන්ම අවශ්‍ය දේ ඉල්ලා සිටින්න. ඔබේ අවශ්‍යතාව බොහෝ දුරට ඉ‍ටු වනු ඇත.
  • සමාව ඉල්ලා නොසිටින්න. නමුත්, ඒ වෙනුවට පුද්ගලයින්ට ස්තූති කරන්න. ‘පමා වුණාට සමාවෙන්න’ යැයි පවසනවා වෙනුවට ‘ඔබේ ඉවසීමට ස්තූතියි’ පවසන්න. එමඟින් ඔබ අන්තර්සම්බන්ධතා දක්වන පුද්ගලයින්ගේ අවධානය ඔබේ දුර්වලතා දෙසට යොමු නොවන සේ ඔබේ යහපත් ලක්ෂණ ඉස්මතු කර පෙන්විය හැක.
  • ඔබට යම් අයෙකුව විවේඡනය කිරීමට අවශ්‍ය නම්, පළමුව ධනාත්මක යමක් ගැන පවසන්න, ඉන් පසුව ඔබේ විවේඡනය ගෙන හැර දක්වන්න, අවසානයේ යලිත් ධනාත්මක දෙයක් පවසමින් එය අවසන් කරන්න. මින් ඔබේ විවේඡනය ධනාත්මක එකක් යැයි ඔවුන්ට ඒත්තු ගැන්වේ.
  • ‘අනෙකාට නිශ්ශබ්දව සවන් දෙන විට මම බොහෝ තොරතුරු එක් ‍රැස් කරගනිමි. එබැවින්, පුද්ගලයා හට කතා කිරීමට ඉඩදෙන්න. කතා කරන මෙන් ඔබට බාධා කරයි නම් තවදුරටත් ‍රැඳී සිටින්න. එහිදී හඬ නැගීමේ අවශ්‍යතාව ඔවුන්ට දැනෙනු ඇති අතර ඔවුන් දිගටම කතා කරනු ඇත.’
  • වාද විවාදයකදී, පළමුව දෙපාර්ශවයම එකඟ වන තර්කයකින් අරඹන්න, පසුව ප්‍රධාන විෂයට ප්‍රවේශවන්න.
  • යම් කෙනෙක් තමන් කල ක්‍රියාව සාධාරණීකරනය කිරීමට උත්සහ කරමින් කතා කරයි නම් ඔබ ඊට අනුබල නොදි නිශ්ශබ්දව සිටින්න. කාගෙන් හෝ ප්‍රතිචාරයක් නොලැබෙන විට ඔවුන්ට ඔවුන් පවසන දේ ගැන ආත්මවිශ්වාසය ගිලිහෙන්නට පටන්ගනියි.
  • ඔබට අවශ්‍ය දේ කුමක් දේ අසනවාට වඩා ඔබට අවශ්‍ය නැති දේ මොනවාද අසන්න. ඉන් කාලයත්, මුදලුත් ඉතිරිකරගනිමින් පහසුවෙන් තීරණයක් ගැනිමට හැකිවේ.
  • ” මට උදවු කරන්න!” යනුවෙන් ඉල්ලීම කරන්න පටන් ගන්න. ඒ මොහොතේ උදවු නොකලොත් තමන් ගැන ඇති වන වරද කාරී හැඟීමට මිනිසුන් අකමැතියි. ඒ නිසාම ඔවුන් ඔබට උදවුකිරීමට පෙලඹෙනු ඇත.
  • ඔබට යමක් කිරීමට මතක තබාගැනීමට අවශ්‍ය නම් යම් අසාමාන්‍ය ක්‍රියාකාරකමක් කරන අතරේ ඒ ගැන සිතන්න. එහිදී ඔබේ මතකය එම අසාමාන්‍ය ක්‍රියාකාරකම සමඟ බැඳේ. උදා: නිදාගැනීමට කලින් කුණු බඳුන හිස් කල යුතු බව සිතමින් ඇඳේ කොට්ටය පු‍ටුව උඩ තබන්න. ‘. පසුව ඔබ එය දකින පෙර මතකය අවදි වී ඔබ කල යුත්ත සිහිවේ.
  • කවුරුන් හෝ අමනාප වි හෝ තරහෙන් සිටියි නම්,’මට ඒ ගැන හොඳටම තේරෙනවා ‘ යැයි පවසන්න. ඉන් ඔවුන්ට ජයග්‍රාගි හැඟිමක් ඇතිකරමින් චිත්තාවේගයන් වෙනතකට යොමු වි ඔබ ද ඔවුන්ගේ පැත්ත ගනු ඇතැයි මානසික සහනයක් ඇතිවේ.
  • කුඩා දරුවන්ට යමක් පවසන විට සන්සුන්ව එය පවසන්න. බනින විට පවා අවධානය නොදෙන පොඩිත්තන් ඔබ රහසින් කොඳුරන දෙයට අවධානය යොමුකරගෙන සිටීවි.