රසට උයන්න ඉවුම් පිහුම් රහස් 14 ක්

Articles

අති දක්ෂ කෝකියෙකුට වුණත් මුලුතැන්ගෙයි හිදි අත් උදවු අවශ්‍ය වෙනවා. ඊට හේතුව තමයි හරිම ආහාර වට්ටෝරුව දැනගෙන හිටියත් කෑමක රස හරි පදමට එන්නේ ඊට දමන අමුද්‍රව්‍ය වලින් විතරක් නොව එය පිළියෙල කිරීම සඳහා බාවිතා වන බැදීම, රත්කිරීම, බේක් කිරීම, පුළුස්සා ගැනීම, කර කිරීම වැනි ආහාර පිසීමේ ක්‍රම තුලින් ද වීම නිසයි. තමන් අතින් පිළියෙල කරන ආහාරයක් රසයි කියනවාටනේ කවුරුත් කැමති!ගෘහණියන් වන ඔබට දක්ෂ ලෙස රසවත් විදියට ආහාර පාන සකසාගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇති ‘හොඳම කෝකිවරුන්ගේ රස රහස්’ කිහිපයක් ගැනයි මේ.

  • මස් බදින විට නිතර එහාමෙහා හැරවීම නිසා ඒවායේ ක්‍රිස්පි ගතිය සහ ස්වභාවික සාරය ඉවත්වී යයි. ඉතින්, බොහෝ විට ඔබ සකසන මස් වල වියළි ස්වභාවයක් ඇතිවි එහි රසය ඉවත්වී තිබිය හැකියි. මස් කැබලි හැරවීමට සුදුසුම කාලය ගැන අවබෝධයක් තිබිය යුතුයි: සරල උපක්‍රමයක් ලෙස පෑන් එක සෙමින් සොලවන්න. මස් කැබලි පහසුවෙන් එහා මෙහා ලිස්සා යයි නම් ඒවා අනික් පැත්ත හරවා පුළුස්සා ගන්න.
  • සුපිරිසිදු ඔලිව් තෙල් භාවිතයෙන් ආහාර ගැඹුරු තෙලේ බැදගැනීම විශාල වරදකි. ඉහළ උෂ්ණත්වයේදී ඔලිව් තෙල් වල දුම් දැමීමට පටන්ගන්නා අතර ඉන් ආහාර වල රසයට හානි ඇතිවේ. මෙසේ පිසගත් ආහාර සෞඛ්‍යාරක්ෂිත බවින් ඉතා අඩුය.
  • ගැඹුරු බඳුනකට සීතල ජලය පුරවා එයට ‍තෝරාගත් බිත්තරයක් දමන්න. නැවුම් තත්වයේ බිත්තර බඳුනේ පතුලටම ගමන් කර තැන්පත් වේ.බිත්තරය වතුර මැද හරියකදී සමබර වී තිබේ නම් බිත්තරය සති 2-3 ක් පමණ පරණ නමුත් තවමත් හොඳ තත්වයේ පවතින බව හඳුනාගත හැක. බිත්තරය මතුපිට පාවේ නම් බිත්තරය බොහෝ දුරට නරක් වී ඇති අතර ආහාරයට ගැනීමට නුසුදුසු තත්වයේ පවතින බව හඳුනාගත හැක.
  • මස් පීසූ සැණින් පිලිගැන්වීම සිදු නොකරන්න. එය මද වේලාවක් නිවෙන්නට හැරීමෙන් මස් වල ආහාරයට ප්‍රිය ස්වභාවය සහ ප්‍රණීත රසය යන ගුණාර්ත්මක ලක්ෂණ දෙකම හොඳින් ඈරක්ෂා කරගත හැක.
  • මාලු ග්‍රිල් එකක් මත පුළුස්සා ගන්නා විට ඒවා ලෙමන් පෙති ඇතිරු තට්‍ටුවක් මත තබන්න. එමඟින් මාලු කැබලි ග්‍රිල් එකේ ඇලීම වළක්වාගත හැකියි වගේම මාලු වලට හොඳ රසයක් ද එක් වේ.
  • පළා සහ කොළ වර්ග ආහාරයට ගන්නා විට ඒවා හැන්දේ ඇලවීම වළක්වාගැනීමට ලුණු කුඩු ස්වල්පයක් ඒවාට ඉසින්න.
  • ඉක්මනින් බටර් දියකරගැනීමට අවශ්‍යයයි නම්, මයික්‍රෝවේව් එකක ජලය පිරවූ වතුර වීදුරුවක් රත්කරගන්න. නැතිනම් විදුරුවකට උණු වතුර දමාගැනීමද සිදුකල හැකියි. ඉන්පසුව, ජලය ඉවත් කර වීදුරුවෙන් බටර් කුට්ටිය වසන්න. මෙම ක්‍රමය මඟින් මිනිත්තු කිහිපයකදී බටර් කුට්ටිය මොලොක් කරගැනීමට හැකිය.
  • වයින් වල නැවුම් බව බෝතලයක් විවෘත කර දින කිහිපයක් පුරාවට පමණක් පවතියි.
  • පෑන් එකක ආහාර කැබලි පුරවා පිසීම වැරදි ක්‍රමයකි. ඔබට අවශ්‍ය මස් කැමලි ගණකම් සහ වියළි බවින් තොරව මෘදුව මොළොක් සාරය සහිතව පිසගැනීමට නම් පෑන් එක මත ඇති කැබලි අතර පරතරයක් තබා පිසගන්න.
  • අවන් එකක ආහාරයක් බේක් කරගන්නා විට එයට චීස් එක් කරන්නේ නම් ඒවා එම ආහාරය ඉවතට ගැනීමට මිනිත්තු 5 කට පෙර එක්කිරීම සිදුසුය. නැතිනම් චීස් ඉතා ඉක්මනින් පිළිස්සී යාමට ඉඩ ඇති අතර සැපිය නොහැකි තරමට ආහාරයේ මතුපිට ගණකමට පත්වේ.
  • එළවළු හෝ පලතුරු කපන විට කටින් බෝඩ් එක ලිස්සා යාම වළක්වාගැනීමට ඊට යටින් කිචන් ටවල් එකක් එලාගන්න.
  • අර්තාපල් පොඩි කරන විට උණුසුම් කිරි භාවිතා කරන්න. සීතල කිරි මඟින් අර්තාපල් අළු පැහැයට හැරීම සිදුවිය හැක.
  • පිරිසකට ආහාර වේලක් දීම සඳහා බිත්තර කිහිපයක් එක්වර තම්බාගැනීමට අවශ්‍ය නම් ඒවා වතුර භාජනයක දමා තම්බාගැනීම වෙනුවට ඒවා අවන් එකට දමා පිසගැනීම සිදුකරන්න.
  • ඔබට නිවසේදීම මයෝනිස් සාදාගැනීමට හැකි සරල ක්‍රමයක්: බිත්තරයක් සහ ඔලිව් තෙල් මිලිලිටර් 150 ක් පමණ එකට දමා බ්ලෙන්ඩර් කරගන්න.