Hela Rahas

Hela Rahas Official Web Portal

රාවණා රජුගේ සහශ‍්‍රගත යානය

  • රාවණා රජතුමා ගැන ලංකාවෙ ජාතික පිළිගැනීමක් තිබේ. රාවණා රජ්ජුරුවන් සිංහල රජ පරපුරේ ආදි මුත්තෙක් බව සමහරු කියනවා. රාවණා ගැන විවිධ කතාන්දර අපි අහල තියෙනවා. ඒ කතා අතරින් ඔයා රාවණා රජ්ජුරුවන්ගෙ සහශ‍්‍රගත යානය ගැන අහල තියෙනවද?
  • රාවණ රජතුමා යුද ශිල්පයෙ ප‍්‍රමුඛයෙක්. එතුමා යුද්ධයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටිය කෙනෙක්. න්‍යෂ්ටික අවි පවා රාවණා සතුව තිබූ බව පුරාණ තොරතුරු වලින් කියනවා. මිනිස්සුන්ගෙ යහපතට රාවණ රජතුමා ඔහුගෙ සමහර යුද උපකරණ භාවිත කළේ නැති බව කියනවා.
  • රාවණා රජතුමා එහෙම පාවිච්චි නොකරපු යුධ උපකරණයක් ගැන තමා මේ කියන්නෙ. රාවණාට සහශ‍්‍රගත කියල විශිෂ්ට යුද යානයක් තිබී ඇත. මේ යුද යානය අද ”මල්ටි බැරල්” යුධෝපකරණයට වඩා බෙහෙවින් දියුණු වූවක් කියනවා.
  • සහශ‍්‍රගත ගුවන් යානය නිෂ්පාදනය කළේ එවකට සිටි දක්ෂ ගුවන් යානා ඉංජිනේරුවකු වූ ධීර රකුසා. ඔහු මහා රාවණාගේ උපදෙස් අනුව මේ යානය නිපදවා ඇත. දක්ෂිණ ලංකාවේ කතළු පුරයේ කතළු කුමරු සපයන ලද රත්තරන්ද, වීර රකුසා සැපයූ රිදීද, අටකලම්පන්නේ ඉන්දීර රකුසා විසින් ලබා දුන්න පිරිසිදු වානේද ඊට යොදා ගත් බව කියනවා.
  • සහශ‍්‍රගත යානය සෑදීමේදී ඉන්දියාවේ හිමාල කඳුකරයෙන් ගෙන්වන ලද ”මයුර දණ්ඩ” නමි ලී කොටස්ද මෙහි සවිකර ඇත. එය රියදුරුගේ ආරක්ෂාවට සවිකරන ලද බව රාවණා කතා තල්පතෙහි සඳහන්.මේ සහශ‍්‍රගත යානය වෙනත් ග‍්‍රහලෝකයකට වුවද පහසුවෙන් පහරදිය හැකි තරම් බලවත් නිෂ්පාදනයක්. එයින් වෙනත් ග්‍රහලෝකයක් වුනත් ආක්‍රමණය කරන්න පුළුවන් බව කියනවා.
  • සහශ‍්‍රගත යානය නිපදවා එහි ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක් කල්පිටිය මුහුදු ප‍්‍රදේශයේ පැවති බව ඉතිහාසයෙ සඳහන්. එහි පහසුව පිණිස ඒකාලෙ එහි සිටි ධීවර ප‍්‍රජාවද ඉවත් කර ඇත. මෙම යානය පණ ගැන්වූ පසු පළාතක් ගිනිබත් වන තරමට යානය බලවත් විය.
  • කල්පිටියේ යුද අභ්‍යාසයක් සඳහා සහශ‍්‍රගත යානය ලකේගල සිට පදවාගෙන ආවේ මේඝනාද (ඉන්ද්‍රජිත්) කුමරු. යානය කල්පිටියේ විශාල ගල් පීඨිකාව මත ස්ථානගත කරා. එදා කල්පිටිය වෙරළට රාවණ රජතුමා ද පැමිණ ඇත. යානය රජතුමාට පිළිගැන්වූයේ මේඝනාද කුමරු. මේ සහශ‍්‍රගත යානය නිෂ්පාදනය වුණේ ලකේගල කන්දේය. එහි මංගල ගමන රාවණ රජුට භාර කර ඇත.
  • ”මෙම ගුවන් යානයෙන් මේ රටේ කිසිම මිනිසෙක් ඝාතනය කිරීමට මම අදහස් නොකරමි. මෙය වෙනත් ග‍්‍රහලෝක සමග සටනට පිළියෙල කළ එකකි. දරුවනි, සහශ‍්‍රගත යානය තොපගේ ජයකි” යි කීව රාවණ රජතුමා යානයට ගොඩ වුනා.
  • යානය පණගැන්නුව රජතුමා අහසට නැගුණේ දක්ෂ යුද නියමුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින්. යානයෙ හඬ කල්පිටියේ සිට පුත්තලම දක්වා හෙණ ගසන්නාක් මෙන් පැතිරිනි. එම ප‍්‍රදේශයේ සිටි සත්තු බය වෙලා කැලෑ, ගල්ගුහාවල, ගස් බෙනවල සැඟවී දවස් ගාණක් සිටිය කියලා රාවණ කතා පුස්කොලහි සඳහන්.
  • සහශ‍්‍රගත යානය මුහුදේ හා ගංගාවල පවා ස්ථාන ගත කර තැබීමට වුවද දියුණු එකක් වුනා.යානය අහසේ දස්කම් පාද්දී කිතුල්ගල අසල වන රොදක් යානයේ බලවත්කම ඉදිරියේ ගිනිබත් වුන බව කියනවා. එම ගිනිදැල් ඉතා ශීඝ‍්‍රයෙන් කිතුල්ගල සිට යටියන්තොටට පැතිර ගිහින්.
  • සහශ‍්‍රගත යානය නිසා ගිනිබත් වූ මේ ප‍්‍රදේශයට දැන් ගිනිගත්හේන යැයි කියන බව පවසනවා. එදා මේ යානය නිසා සිදුවූ බලවත් විනාශය දුටු රාවණ රජතුමා බොහෝ සෙයින් කම්පාවට පත් වෙලා.ලෝකය සම්පූර්ණයෙන් නොදියුණු යුගයක රටක් විසින් තවත් රටක් අල්ලා ගනු ලැබීම දුෂ්කරය. නමුත් බලසම්පන්න ආයුධ ඇති කලෙක ප‍්‍රබල රටක් විසින් දුර්වල රටක් අල්ලා ගැනීම දුෂ්කර නොවේ.
  • ඒ අනුව මේ න්‍යාය මත පිහිටා රාවණ යුගය යනු නොදියුණු යුගයක් ලෙස නොව වර්තමානයටත් වඩා දහස් සංඛ්‍යාත දියුණු තැනක සිටය. එවැනි තැනෙක සිට බලද්දී ග‍්‍රහලෝක අල්ලා ගන්නා තරමේ යුද උපකරණ තිබීම ගැන පුදුම වෙන්න ඕන නෑ. විශේෂයෙන් සහශ‍්‍රගත යානය යුද්ධයට යොදා ගැනීමෙන් බලවත් මිනිස් සංහාරයක් වන බව දැන සිටි රජතුමා එය රාම හා සටනට යොදා ගත් බව නොපෙනේ.
  • මේ ගුවන් යානය නිපදවන පුවත විභීෂණගෙන් රාමට දැන ගන්නට ලැබුණු අතර, යුද්ධය අතරමග නවතා දමා ආපසු යා යුතුයැයි යෝජනා කළේ රාමගේ අග‍්‍ර පුරෝහිත හනුමන්තාය. ”මම ආවේ ලංකාව බලන්න නෙවෙයි, මෙහි සඟවා සිටින සීතා රැගෙන යන්නයි. එම නිසා ඔබ කවුරු ආපසු ගියත් මා ආපසු හැරෙන්නේ නෑ”
  • රාවණා රජතුමා දක්ෂ සටන්කාමියෙක්. එතුමා මේ සටනට සහශ‍්‍රගත යානය යොදා ගන්නේ නෑ. එතුමා මේ සටන සලකන්නේ පුංචි සටනක් ලෙසයි.රාවණා රජතුමා පිළිබඳ මනා අවබෝධයක් තිබූ විභීෂණ රාමාට දැන්වූවා. මේ විභීෂණ රාවණ රජතුමාගේ බාල සහෝදරයා වුනත් ඔහු කටයුතු කළේ රාම කුමරුගේ පැත්තගෙනය.
  • සහශ‍්‍රගත යානය ගුවනේ එක තැනක හෝරාවක් වුවද නවතා සටන් කළ හැක්කක් බව සඳහන්. එකවර වෙඩි උණ්ඩ දහස් ගාණක් මුදාහල හැකි යානයක්. වෙඩි උණ්ඩ පොකුරු පිටින් මුදාහරින අතර උණ්ඩ නිකුත් කරන ප‍්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කරවා ගත හැක.
  • සහශ‍්‍ර ගුවන් යානය පෘථිවිය මත කිසිම යුද්ධයකට භාවිත නොකරන ලෙස මේඝනාද කුමරුට තදබල ආඥාවක් නියම කළා.රාම සමඟ සටන බලවත් සටනක් බව රාවණ සිතුවේම නැත. රාම බලවත් තර්ජනයක් බව රාවණ සිතුවා නම් ඉතා පහසුවෙන් ඔහු මැඩපැවැත්වීමේ ශක්තිය රාවණා රජුට තිබුනා.
  • මේ සහශ‍්‍රගත යානය රාමට එරෙහිව ක‍්‍රියාත්මක කළා නම් රාමා, හනුමන්ත පමණක් නොව රාම සහායකයන් සියල්ලන් එක තැනක ඝාතනය කිරීමේ කාර්යය රාවණාට ලේසියෙන්ම කරන්න පුළුවන්කම තිබුණා.
  • රාවණ රජතුමා බොහෝ දුරදක්නා නුවණින් කටයුතු කළ රජ කෙනෙක්. ඒ වගේම රාවණා යනු හෙළයාගේ ”පෞරුෂය” රැකගෙන යුද බිමට ගිය හා අභීත තීන්දු ගත්ත රජ කෙනෙක්. එතුමා හෙළයා රැකගත්තා මිස හෙළයා නැසුවේ නෑ. ඒ නියම නායකයන්ගෙ ස්වභාවය බව පැහැදිලි