Hela Rahas

Hela Rahas Official Web Portal

අධෝවාතය සිරකරගෙන නොසිටිමට හේතු 6ක්

  • අධෝවාතය ලෙස පිටවන්නේ සිරුරේ නිපදවෙන ගෑස් සහ සිරුර තුල සිරවූ වායුවයි. මෙය ඉතා සාමාන්‍ය ශාරීරික ක්‍රියාවලියකි.එබැවින් ආයාසයකින් අධෝවාත පිටවීම වළක්වාගැනීම පීඩාකාරි තත්වයන් මතුවීමට හේතුසාධක විය හැක.එසේ කිරීම නුසුදුසු බව පෙන්වාදෙන ප්‍රධාන හේතු 5 ක් මෙසේය.

1.අධෝවාතය සිරකරගෙන සිටීම නිසා ඒවා නැවත ශරිරයට අවශෝෂණය වේ.

  • අධෝවාත පිටනොකිරීමට සිරුර ආයාස දරන විට වෙනත් විකල්පයක් නොමැතිකමින් සිරුරටම නැවත ඒවා අවශෝෂණය වේ. ප්‍රතිසංසරණය වන එම වාතය ප්‍රාශ්වාසය හරහා හෝ රාමතෙල් හැරීමක් (‘ගුඩුස්’) ලෙස පිටවිය හැකිය.

2.අධෝවාතය සිරකරගෙන සිටීම වේදනාව සහ බඩපපුවේ දැවිල්ල ඇතිකරවිය හැකියි

  • අධෝවාතය පිටනොකිරීමට මාංශ පේශීන් සංකෝචනය කරගෙන සිටින විටදී, සිරුර අභ්‍යන්තරයේ පීඩනයක් ගොඩනැගෙන අතර එය ක්‍රමයෙන් වේදනාව, අජීර්ණය සහ බඩපපුව දැවිල්ල දක්වා වැඩිවිය හැකිය.එසේ නිතර අධෝවාත පිටනොවන සේ සිරකරගෙන සිටීම නිසා ආහාර ජීර්ණ මාර්ගයේ ඉදිමීමට පටන්ගත හැකිය.

3.වාතය සිරකරගැනීම ඔබේ බඩවැල් වල සෞඛ්‍යය කෙරෙහි බලපෑම් කරයි

  • අධෝවාතය හරහා සිරුරේ පීඩනය බැහැර කෙරේ. එසේ වීම බඩවැල් වලට ඉතා හිතකරය. නමුත් , ආයාසයෙන් එය රඳවාගෙන සිටීම නිසා බඩවැල් තුල අපහසුතාවක් ඇතිවිය හැකි අතර අර්ශස් වැනි තත්වයන් පවා උත්සන්න විය හැකිය.

4.වාතය සිරකරගෙන සිටීමෙන් නිතර බඩ පුරවාදැමූ ස්වභාවයක් ඔබට දැනෙනු ඇත

  • අධෝවාතය සිරකරගෙන සිටීමෙන් බඩ පිපුම ඇතිවනවාද යන්න ගැටලුවකි. නමුත් එසේ ආයාස දැරීම පුද්ගලයාව අපහසුතාවට මෙන්ම සිත කරදරයට පත්කරවන නිසා බඩ ඉදිමී ඇති බවක් නිතර ඔබට හැඟිය හැකිය.

5.එය වඩාත් බරපතල රෝග තත්වයක සංඥා කිරීමක් විය හැකිය.

  • නීරෝගි සෑම පුද්ගලයෙකුටම අධෝවාත පිටවීම සිදුවන අතර එය පෙර සඳහන් කලාක් මෙන් ඉතා සාමාන්‍යය තත්වයකි. නමුත්, එසේ පිටවන වාතයේ රටාවන් සහ ගන්ධයන් සැලකිල්ලට ගනිමින් ප්‍රභවය විය හැකි විවිධ සෞඛ්‍යය පීඩාවන් (ආහාර සංකූලතා සහ ජීර්ණක ගැටලු ආදී) හඳුනාගත හැකිය. අධික දුර්ගන්ධයකින් අධෝවාත පිටවීම ඔබේ සිරුරේ සල්ෆර් (ගෙන්දගම්) ප්‍රමාණය ඉහළ මට්ටමක් ඇති බව පෙන්නුම් කරයි. අධෝවාත පිටවීමේදී දැඩි වේදනාවක් දැනේ නම් හෝ අසාමාන්‍ය සංවේදනයක් දැනේ නම් වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කරන්න.
  • දුර්ගන්ධය සහ ඝෝෂාකාරී වාතය පිටනොවීම සඳහා භාවිතා කල යුතු උපක්‍රම
  • කාබනීකෘත බීම වර්ග (සෝඩා වැනි) පානය කිරීමෙන් වළකින්න.ඒවා මඟින් සිරුරේ වැඩියෙන් ගෑස් නිපදවේ.
  • ආහාර කුඩා ප්‍රමාණවලින්, සෙමින් සපමින් අනුභව කරන්න.
  • කෙසෙල්, අර්තාපල්, සීරියල් වැනි ආහාර වර්ග අනුභව කරන්න.