Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ ගමන් කරන වහාන වල ආරක්ෂාකාරී අසුනක් ‍තෝරාගන්න ක්‍රම 7ක්

ගමන් බිමන් වලදි අප භාවිතා කරන ප්‍රවාහන මාධ්‍ය එහෙමත් නැතිනම් වාහන වල හොඳ සුවපහසු අසුනක් ‍තෝරාගන්නයි කවුරුත් උත්සාහ කරන්නේ. නමුත් සුවපහසු බව විතරක්ම නොව ආරක්ෂාවත් ඉතාමත් වැදගත් වන බව මතක තබාගැනීම වැදගත්. වාහනයක ගමන් කරන විට අනතුරු වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීමට හැකි ආකාරයේ ආරක්ෂිත අසුන් ගැනයි මේ දැනුවත් කිරීම. මෙම ලැයිස්තුව සකසා ඇත්තේ රථ වාහන අනතුරු සම්බන්ධයෙන් සිදුකරන ලද විවිධ අධ්‍යයන සහ වාර්තා ඇසුරිණි.

1.මෝටර් රථ

  • ආරක්ෂිත අසුන්: රියදුරු අසුනට පි‍ටුපසින් පිහිටි අසුන හා එහි මැද පිහිටි අසුන මුහුණට මුහුණ සිදුවන මෝටර් රථ ගැටීම් අනතුරකින් අනතුරට ලක්වීමේ අවදානම අඩුය.
  • අනතුරුදායක අසුන්:රියදුරු අසුනට එහා අසුනේ සිටින පුද්ගලයා අනතුරට ලක්විමේ අවදානම වැඩිය.

2.මිනි බස්

  • ආරක්ෂිත අසුන්: ගමන් ගන්නා දිශාවට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් සවිකර ඇති ආසන. මේවායේ අසුන්ගෙන යන විට හදිසි බ්‍රේක් ගැසීමකදි වුව හිස වැදීමේ ඉඩකඩ අඩුය.
  • අනතුරුදායක අසුන්:ජනෙල් වලට සහ දොරට ආසන්නයේ ඇති ආසන

3.බස්

  • ආරක්ෂිත අසුන්: ගමන් කරන දිශාවට පිහිටි බසයේ මැද කොටසේ දකුණු පැත්තට බර ආසන,
  • අනතුරුදායක අසුන්:මුල් පෙළ ආසන පේළි දෙක අවදානම්ය. දොරට සහ ජනෙල් ආසන්නයේ ආසන වලට එම අවදානම අදාළය. පි‍ටුපසින් වාහනයක් ගැටී අනතුරක් සිදුවුවහොත් බසයේ පිටිපස අසුන් වල සිටින්නන් ද අවදානමට ලක්වේ.

4.දුම්රිය

  • ආරක්ෂිත අසුන්: කෝච්චි පෙට්ටියේ මැද කොටස සමීපයේ ඇති අසුන්. එමෙන්ම 5 වන හෝ 6 වන කෝච්චි පෙට්ටිය ‍තෝරාගැනීම වඩාත් උචිතය. ඊට හේතුව දුම්රිය අනතුරකදි වැඩි වශයෙන් අවදානමට ලක්වන්නේ ඉදිරිපස සහ පි‍ටුපසම කෝච්චි පෙට්ටි වීමය. ඒවා පීලි පැනීමේ අවදානම වැඩිය.
  • අනතුරුදායක අසුන්:ගමන් කරන දිශාවට මුහුණලා ඇති ආසන. හදිසි බ්‍රේක් ගැසීමකදී ආධාරකයක් නොමැති නිසා අසුනෙන් ඇදවැටීමට ඉඩකඩ ඇත.


5.නැව්

  • ආරක්ෂිත අසුන්: නැවේ ඉහළ තට්‍ටුව සහ ඉහළ මහලේ කැබින් වල ආසන වඩාත් ආරක්ෂාකාරීය. ගිලීයාමේ අනතුරකදි වුවද නැවේ ඉහළම කොටස ගිලී යන්නේ අවසානයටය.
  • අනතුරුදායක අසුන්: ගැටීම් අනතුරකින් නෞකාව පළුදු වීම නිසා පහළ කැබින් වල අසුන් වලට ඉක්මනින් ජලය පිරිය හැකි අවදානම වැඩිය. එමෙන්ම පිටවීමට පහසු නැත.

6.ගුවන් යානා

  • ගුවන් යානාවක වඩාත් ආරක්ෂාකාරීම කොටස කුමක් ද යන්න පිළිබඳව විශේෂඥයින් තවමත් එකඟත්වය පළ කර නොමැත. නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ යානාවක පි‍ටුපස ආසන ඉදිරි පෙළ ආසන වලට වඩා අවදානමින් අඩු බවයි.