Hela Rahas

Hela Rahas Official Web Portal

මේස ලුණු වලින් වැඩ පහසු කරන ප්‍රයෝජන ‍16 ක්

ආහාර පිසීමේදී, ආහාර කල් තබා ගැනීමේදී වගේ ඉවුම් පිහුම් වැඩ වලදී ලුණු භාවිතා කරනු ලබනවා. ඒ වගෙම ගිණි ගැනීම් පාලනය කිරීමට පවා ලුණු භාවිතා කරන බව ඔබ දන්නවා ද? වඩාත් ම වැදගත් දේ තමයි ලුණු කියන්නේ හරිම පහසුවෙන් හොයාගන්න තියෙන මිලෙන් අඩු අමුද්‍රව්‍යයක් වීම.මේස ලුණු වල ප්‍රයෝජනත් ගණනාවක් තිබෙනවා. ඒවා බොහෝමය ලේසියි ! සරලයි!

1.නාන කාමරයේ තිර රෙදි වල දිය සෙවල,පුස්, දිලිර බැඳීම වළක්වාගැනීමට

  • අලුතින් මිලදි ගන්නා නාන කාමර තිර රෙදි ලුණු වතුරෙන් සෝදා ගන්න. ඒවායේ යලි කිසිදා පුස් නොබැඳේවි.

2.මදුරුවන්ගේ දෂ්ට කිරීම් නිසා ඇති වන බිබිලි සමනය කිරීමට

  • මදුරු දෂ්ට කිරීම් නිසා සමේ කසන සුලු තත්වය හටගත හැකියි. ඔබේ ඇඟිල්ලක් ජලයේ පොඟවා ලුණු කුඩු වල ඔබා සම මත මෘදුව අතුල්ලාගන්න.

3.තඹ භාජනය වල දීප්තිය යලි ලබාගැනීමට

  • විනාකිරි, පිටි, ලෙමන් යුෂ ස්වල්පයක් සමඟ ලුණු කුඩු මිශ්‍රකරගන්න.එම මිශ්‍රණය තඹ බඳුන් වල මෘදුව අතුල්ලමින් ඒවා පිරිසිදු කරගන්න.

4.තෙල් ඉහිරීම වළක්වාගැනීමට

  • මස්, මාලු හෝ යම් බැදුමක් සකසා ගැනිමට පෙර ලිප මත තබා ඇති පෑන් එකට ලුණු කුඩු ටිකක් ඉසින්න. එමඟින් උණු තෙල් පිටතට විසිවීම සිදුනොවේ.

5.ඉටි කිරි වැක්කිරීම වළක්වාගැනීමට

  • ඉටිපන්දම් ලුණු සාන්ද්‍රණයෙන් යුක්ත දියර බඳුනකට දමා පැය කිහිපයක් පුරාවට පෙ‍ඟෙන්නට හරින්න. ඒවා භාවිතයට ගැනීමට පෙර හොඳින් වියළාගන්න.

6.සපත්තු වල දුගඳ ඇති වීම වළක්වාගැනීමට

  • රෙදි කැබලි වලට ලුණු දමා පොට්ටනි ලෙස සපත්තු දෙක තුලට දමන්න. මෙමඟින් පැය කිහිපයකින්ම ඒවායේ දුගඳ ඉවත් කරයි. තවත් ක්‍රමයක් ලෙස සපත්තුව තුලට ලුණු කුඩු දමා හොඳින් සොලවා පසුව, ඒවා වැකියුම් කර ඉවත්කරගන්න.

7.කූඹි පළවා හැරීමට

  • ලුණු සහ ජලය 1:4 අනුපාතයෙන් ගෙන මිශ්‍රකරගන්න. ඔබේ නිවසේ නිතර කුඹි ගැවසේන ස්ථාන වලට මෙම දියරය ස්ප්‍රේ කරගන්න. එම ස්ථාන වල ලුණු කුඩු ටිකක් ඉසීම ද ඔබට සිදුකල හැකි තවත් උපක්‍රමයකි.

8.සෞඛ්‍යාරක්ෂිත සහ අඩු මිලකින් ගෙදරදීම කුඩා දරුවන් සඳහා තීන්ත (paint) වර්ග සකස් කරගැනීමට

  • බඳුනක් ගෙන එයට පිටි කෝප්ප 1 ක්, ලුණු කෝප්ප 1 ක්, ජලය කෝප්ප එකක් සහ කැමති ආහාර වර්ණක (food coloring) වර්ගයක බිංදු කිහිපයක් එක් කරමින් හොඳින් මිශ්‍ර කරගන්න.

9.පෙති කැපූ පලතුරු සහ එළවළු වල කහට පිපීම වළක්වාගැනීමට

  • ඒවා ලුණු වතුරේ දමා තබන්න.

10.ලූණු කැපීමෙන් පසු අත් වලින් හමන ලූණු දුගඳ නැති කරගැනීමට

  • සුදුලූණු , රතු ලූණු සහ බී ලූණු කැපීමෙන් පසු අත් වල ඉතිරිවන්නේ අප්‍රසන්න දුගඳක්. අත් පිරිසිදු කරගැනීමට අත් වල ලුණු කුඩු ස්වල්පයක් අතුල්ලාගනිමින් ජලයෙන් සෝදා හරින්න.

11.ස්වභාවික air-freshener එකක් ගෙදරදීම සකසා ගන්න.

  • මේ සඳහා ලුණු කෝප්ප 1/2- 1 ක් සහ ඕනෑම වර්ගයක එසෙන්ෂියල් ඔයිල් බිංදු 20-30 ක් පමණ හෝ රෝස පෙති ටිකක් අවශ්‍ය වෙනවා. බඳුනකට මෙම අමුද්‍රව්‍ය දමා මිශ්‍රකරගෙන නිවසේ තැන් කිහිපයක තබන්න. මේ ආකාරයේ දොඩම් පොත්තක් බඳුනක් ආකාරයෙන් භාවිතා කරන්නත් ඔබට පුලුවන්.

12.ආහාර පිසිමේදි ගිනි ගැනීම් පාලනය කරගැනීමට

  • තෙල් රත්කිරීමේදි ඒවා ඉක්මනින් ගිනි ගත හැකියි. එවැනි අවස්ථා වලදි ආහාර පිසිමින් ගිනි ගන්නා බඳුනට ලුණු වත්කරන්න. එමඟින් දහනය වීමට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාල වීම සිදුවේ.

13.විදුලි ස්ත්‍රික්කය පිරිසිදු කරගැනීමට

  • විදුලි ස්ත්‍රික්කය මතුපිට අල්ලා ඇති මලකඩ අපද්‍රව්‍ය කොටස් ඉවත් කරගැනීමට එය උපරිම උෂ්ණත්වයට රත්කරගන්න. බ්‍රවුන් පේපර් එකක් මත ලුණු කුඩු ටිකක් දමා එය උඩින් විදුලි ස්ත්‍රික්කය කිහිප වරක් එහාමෙහා ගෙනයන්න.

14.වීදුරු වල හිම බැඳීම වළක්වාගැනීමට

  • ලුණු වතුරේ ස්පොන්ජ් එකක් පොඟවාගෙන ජනේල වල ඇතුලත පැත්තේ අතුල්ලන්න. එමඟින් හිම ගල් ගැසීම සිදුනොවේ. එමෙන්ම ජනෙල් පඩිවල ලුණු දැමු කුඩා රෙදි බෑගයක් තැබීමෙන් ද එසේ වීම වළක්වාගත හැකියි.

15.සින්ක් එක පිරිසිදු කරගැනීමට

  • මල නොබැදෙන වානේ මතුපිට පිරිසිදු කරගැනීමට ලෙමන් යුෂ සහ ලුණු කුඩු මිශ්‍රණය භාවිතා කල හැකියි. මෙම ක්‍රමය ඔබේ සින්ක් සහ සවිකුරු ආදිය පිරිසිදු කරගැනීමට ද භාවිතා කල හැකියි. මෙය වෙනත් රසායනික දියර වලට වඩා ප්‍රතිඵලදායකය.

16.ඔබව ‍රැවටීමට ඉඩ නොදීමට අපූරු උපක්‍රමයක්!

  • අවන්හලක දී ඔබ ඇණවුම් කල ආහාරයේ තිබී කෙස් ගසක් හමුවුණා කියා සිතන්න. ඔබ එවිට එය මාරු කරදෙන ලෙස වේටර්වරයාගෙන් ඉල්ලා සිටීවි. නමුත් ඔහු ඔබට නැවත ගෙනවිත් දෙන්නේ අලුත්ම ආහාර බඳුනක් ද නැතිනම් ඔබව රවටා ඇත්දැයි සොයාගැනීමට මේ ක්‍රමය භාවිතා කරන්න. ආහාරයේ දෝෂය පැවසීමට පෙර එයට ලුණු හොඳින් ඉසින්න. එමඟින් ඔබේ ආහාරය මාරු කර ඇත්දැයි ඔබට තහවුරු කරගත හැකි වේවි.