Hela Rahas

Hela Rahas Official Web Portal

බුදු දහම එන්නත් කලින් හැදුව සඳගිරි සෑය

  • අපි අතරෙ සඳගිරිසෑය වඩාත් ප්‍රචලිත වුනේ මෑත කාලයේදීය. මේ සඳගිරිසෑය සෑය ගැන අපි නොදන්න කරුණු රැසක් තියෙනවා. ඒ කරුණු කිහිපයක් දැන් අපි බලමු.
  • ක්‍රි.පු 200 තරම් ඈත අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය දෙසට දිවෙනවා. අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ ස්තූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 ක්‍රි.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත. ඒ ක්‍රි.පූ. 200ට අයිති රඹුක්කන දැලිවල කොටවෙහෙර හා තිස්සමහාරාමයේ ක්‍රි.පූ. 250 ට අයිති සඳගිරිසෑයත්ය.
  • සඳගිරිසෑය දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්න කලින් කළ විධිමත් පරීක්‍ෂණ කැණීමේදී හමු වී ඇත.එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි හමුවුණේ නෑ. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.
  • ඒ අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය ක්‍රි.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු කළා. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල – රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.
  • ක‍්‍රි.පූ. 200ට අයත් යැයි සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලින්. ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.
  • අතීත රජ දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.
  • මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි ක්‍රි.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ තහවුරු කරනවා. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග කුමරු විසින් බව කියනවා.