Hela Rahas

Hela Rahas Official Web Portal

නාස්ති නොකර මුදල් ඉතිරි කරන්නේ මෙහෙමයි

  • අවශ්‍ය නොවෙන දේවල් වලටත් එක්ක වියදම් කරන පුරුද්ද නතර කරගන්න පුලුවන් වුණානම් ඇත්තටම මට ප්‍රයෝජනවත් වන දේවල් ගොඩක් මිලදි ගන්න තිබ්බා කියලා ඔබටත් හිතිලා තියෙනවාද? සල්ලි නාස්ති නොකර අරපරිස්සමින් අනාගතයට ඉතුරුවක් වන විධියට කළමනාකරණය කරන ක්‍රමයක් ගැන ඉගෙන ගන්න කැමති ද?
  • මේ ක්‍රමය හඳුන්වන්නේ සීරෝ අවුට් ක්‍රමය ලෙසයි. මෙය ඉතා සරලයි. ඔබට ඇත්තේ දවස අවසානයේ ඔබේ අතේ සහ බැංකු ගිණුමේ ඉතිරි වන මුදලේ ‍තෝරගත් සංඛ්‍යාස්ථානයක් ශුන්‍ය අගයකට ගෙන ගෙන එමයි.
  • උදාහරණයක් ලෙස: අද දිනයේ ඔබේ අතේ ඉතිරි වූ මුදල රු. 532 යැයි සිතන්න.
  • ඔබ කලයුත්තේ කුමක් ද? මෙම අගයේ එකස්ථානය ගනිමු. එහි ඇති අගය රුපියල් 2 යි. මෙම අගය බිංදුව දක්වා අඩු කරන්න. ඒ අනුව රු.532-රු.2= රු.530. එහිදි අඩු වි යන රු.2 කැටයට දමන්න.
  • පසුදා ඔබේ අතේ ඉතිරි වන මුදල රු.2425 ක් යැයි සිතන්න.එහි අවසන් අගය බිංදුව දක්වා අඩු කරන්න.ඒ අනුව,රු. 2425-රු.5 = රු.2420 යි. එහිදි අඩු වි යන රු.5 කැටයට දමන්න.
  • ඔබ එසේ ඉවත් කල මුදල කැටයකට එක්කරන්න.බැංකු ගිණුමේ හුවමාරු කටයුතු සිදුකිරීම් අපහසු අයට දවස පතා අතේ ඉතිරි වන මුදලින් මේ ක්‍රමයට යම් මුදල් අනාගතයට ඉතිරි කරගත හැකියි
  • මෙසේ අගය ශුන්‍ය කිරීම සංඛ්‍යාස්ථාන 2 කට වුව සිදුකිරීමට උත්සාහ කල හැකියි.එනම්, රු. 532 න් එකස්ථානය සහ දසස්ථානයයේ එකතුව වන රු. 32 ප්‍රමාණය මුදලින් අඩු කරමින් එම ස්ථාන දෙක ශුන්‍ය අගයකට පත්කිරීමයි. එහිදී අඩු වන රු. 32 ප්‍රමාණය කැටයට දමා ඉතිරි කරන්න.
  • අනෙක් උදාහරණයට අනුව, පසුදා අතේ ඉතිරි වූ මුදල රු.2425 ක් නම්, එහි එකස්ථානය සහ දසස්ථානයේ නියෝජනය කරන අගය අඩු කරන්න. ඒ අනුව රු.2425 -රු.25 =රු.2400 යි. එහිදි අඩු වී යන රු. 25 ක මුදල කැටයට දමා ඉතිරි කරන්න.
  • (*එසේ කැටය තුල යම් විශාල මුදලක් එකතු වූ පසු එය මුදල් ගිණුමකට බැර කිරීම සුරක්ෂිත ඉතිරිකිරීමක් වනු ඇත. මෙය ඔබ වේතන ගැනීමේ දිනයට පෙර බැංකු ගිණුමක තැන්පත් කරන්නේ නම් අනවශ්‍ය දේවල් සඳහා ඔබ ඉතිරිකරගත් මුදල වියදම් වීම වළක්වාගත හැකියි.)