Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ ආත්ම ආරක්ෂාව සදහා උපදෙස් 10 ක්

මග තොටේ ගමන් කරන සෑම අවස්ථාවකම ඔබට ඔබට විශ්වාසවන්ත අයෙක් සමඟම ගමන් කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. නිවසින් පිටත ඕනෑම අවස්ථාවක් අනාරක්ෂිත වීමේ අවදානම වැඩියි. ඉතින් එවැනි අවස්ථාවකදි ඔබේ සහයට ඉන්නේ ඔබම පමණක් විය හැකියි. ඇතැම් විට ඔබට අවස්ථාව අනුව කෙනෙකුගෙන් උදවු ඉල්ලා සිටීමට හැකි වේවි. එසේ නොවන අවස්ථා වලදී ඔබේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ වගකීම පැටවෙන්නේ ඔබ මතටයි. එවැනි අවස්ථා 10 කදි ඔබට ක්‍රියාකල හැකි ආකාර කිහිපයක් පිලිබඳව යම් අදහසක් දීමට අප සිතුවා. මේ දැනුම ඔබට හදිසි අවස්ථාවකදි කලබල නොවී ඊට උචිත පරිදි ක්‍රියාත්මක වීමට ඔබට සහයක් ලබාදේවි.

1.ආත්මාරක්ෂාව සඳහා යතුරු කැ‍රැල්ල භාවිතා කල හැකි ආකාරය

  • ඔබේ ආත්මාරක්ෂාව සඳහා හදිසි අවස්ථාවක දි යතුරු කැරල්ල ආයුධයක් ලෙස භාවිතා කල හැකියි. පළමු රූපයේ පරිදි යතුරු කැරල්ල හැසිරවීම අපහසුයි වගේම ඔබේ ඇඟිලි ඉන් තුවාල වීමටත් ඉඩ තිබෙනවා. ඒ වෙනුවට යතුරු කැරල්ල පිහියක් ආකාරයෙන් එල්ල කිරිම සිදුකරන්න.

2.ටැක්සි රියදුරු අමුතු විදියකට හැසිරේ නම්

  • ටැක්සියකට නැගීමට පෙර එහි අංක තහඩුවේ සටහන් අංකය ලියාගන්න. රියදුරු ඔබට අනාරක්ෂිත බවක් හැ‍ඟෙන ආකාරයෙන් හැසිරෙයි නම්, ඔබේ දුරකථන්යෙන් ඔබේ මිතුරෙකුට හෝ නිවසේ අයෙකුට ඇමතුමක් ගන්නා සෙයක් පෙන්වන්න. සංවාදය අතරතුරදි ටැක්සි රථයේ අංකය පවසන්න.

3.කිණිතුල්ලන් දෂ්ඨ කිරීමකදී

  • කිනිතුල්ලන් නිසා ඉතා භයානය රෝග හටගත හැකිය. Lyme disease, encephalitis ආදි රෝග ඉන් කිහිපයකි. කිනිතුල්ලන් දෂ්ට කිරීමකට ප්‍රතිකාර ගැනීම ඉතාමත් උචිතයි. සමේ ලේ උරා බොමින් සිටින කිනිතුල්ලන් ඉවත් කිරීමට ට්වීසරය උපකරණයක් භාවිතා කර සතාගේ හිස දෙසින් අල්ලා ඉවත් කිරීමට උත්සාහ කරන්න. උණුසුම් ජලයෙන් හා සබන් යොදා තුවාලය පිරිසිදු කරගන්න.

4.පුද්ගලයෙකු ඔබව ස්පර්ශ කිරීමට අදහස් නොකරන බව පවසයි නම්, අවධානයෙන් ඉන්න

  • කිසිඳු පැහැදිලි හේතුවක් නොමැතිව එක්වරම යමෙකු ඔබව ඔහු ස්පර්ශ නොකරන බව පවසයි නම් එය ඉතා අමුතු පොරොන්දුවක් මෙන්ම අනතුරක සේයාවක් බව පෙන්නුම් කරයි. ඔවුන් නොකරන බව පවසන දේ ඇත්තටම සිදුකිරිමට එම පුද්ගලයා අපේක්ෂා කරන බව ඔබට සැක පහළ විය යුතුය. එබැවින් අවදානම දැන අවධානයෙන් සිටින්න.

5.හදිසි අවස්ථාවක පරිහරණයට මුදල්

  • හදිසි වෙලාවක පරිහරණයට ගැනීමට හැකිවන පරිදි දුරකථන කවරය පි‍ටුපස මුදල් සඟවාගෙන සිටීම හොඳ අදහසකි. හදිසියේ ඔබේ මුදල් පසුම්භිය අස්ථාන ගත වුවහොත් හෝ සොරාගැනීමට ලක්වුවහොත් ඔබ එසේ ඉතිරිකරගත් මුදල ඔබට යම් දුරකට හෝ ප්‍රයෝජනවත් වනු ඇත.උදා: බස් ගාස්තු ගෙවීමට හෝ ටැක්සි රථයකට ගෙවිමට.

6.හදිසියකදි ලඟම සිටින කෙනාගෙන් උදවු ඉල්ලන්න

  • සෙනග ගැවසෙන ස්ථානයකදි ඔබට යම් රෝගි තත්වයක් හෝ අපහසුතාවක් දැනීමට පටන් ගත් හදිසි තත්වයකදි අවට සිටින සියලු දෙනාගෙන්ම එක්වරම උදවු ඉල්ලා කෑගසන්නට එපා. ඔබ අසලම සිටින පුද්ගලයා නවතා උදවු ඉල්ලාගැනීම සිදුකරන්න. පිරිසක් සිටින ස්ථානයක දි වගකීම විසරණය වේ. එනම් තවකෙකු උදවු කිරීමට ඉදිරිපත් වනු ඇතැයි සිතමින් එකිනෙකා තමන්ගේ පාඩුවේ ගමන් කිරීමට පෙලඹෙති. ඉක්මනින් උදවු ලබාගැනීමට ක්‍රමය එයයි.

7.ගිලෙමින් තිබෙන මෝටර් රථයක ජනේලය විවෘත කරගැනීමට නොහැකි වූ විට

  • පළමුව, සීට් බෙල් එක ඉවත් කරගන්න. මෝටර් රථයේ දොර‍ටුව විවෘත කිරීමට හදිසි නොවන්න. ඒ වෙනුවට ජනේලය හොඳින් විවෘත කරන්න. විවෘත කල නොහැකි ලෙස සිරවී ඇත්නම් වීදුරුව බිඳීම සිදුකරන්න. ඔබට වැඩි වේලාවක් නොමැති නිසා සිදුකරන සෑම පියවරක්ම බුද්ධිමත්ව සිදුකල යුතුයි. දොර‍ටුව ජලයේ ගිලී තිබෙන විට ජල තෙරපුම නිසා එය විවෘත කල නොහැකි තරමට සිරවිය හැකියි. එබැවින් ඒ සඳහා පරිශ්‍රමය දරමින් කාලය නාස්ති නොකර වීදුරුව බිඳිමින් පිටතට පැමිණීමට හැකිතාක් උත්සාහ ගන්න.

8.පඩි පෙල් පරිහරණයේදී

  • පඩිපෙලක් නගින විට හෝ බහින ව්ට ඔබේ දෑත් සාක්කුවේ දමාගෙන නොසිටින්න. ඒවෙනුවට අත්වැටක් ඇත්නම් එය භාවිතා කරන්න. එවිට ඔබ ඇදවැ‍ටුණත් ඔබේ සිරුරට හා හිසට සිදුවිය හැකි බරපතල අනතුරු වළක්වාගැනීමට පහසුවෙන් අත් මෙහෙයවා ගැනීමට හැකියාව ලැබේ.

9.බියට පත් වෙන්න එපා!

  • ඔබට අනතුරක් හෝ අපහසුවක් දැනෙන ස්ථානයක දී (උදා: තනිව සිටින අවස්ථාවක යම් අයෙකු ඔබට බලපෑම් කරයි නම් කුමක් හෝ වරදක් ඇති බව ඔබට සැක සිතෙන හැසිරීමක් පෙන්නුම් කරයි නම්) බියට පත් නොවී අවස්ථාවට උචිත පරිදි (එසේ සිදුවීමට වන අවස්ථාවලදි දරුණු ලෙස හෝ) ක්‍රියාකරමින් ආත්මාරක්ෂාව සලසාගන්න

10.ඔබව ග්‍රහණයට නතුවුණොත් ?

  • ඔබව ආක්‍රමණය කල පුද්ගලයාගේ මුහුණට පහර නොදෙන්න. එහිදි එම පුද්ගලයාගේ අත් නිදහසේ තිබෙන නිසා ඔබට හානි කිරිමේ හැකියාව තවදුරටත් ඔහුට ඇත. සිරුරට පහරදීම හෝ මැණික්ක‍ටුව දැඩි බලයක් යොදමින් ග්‍රහණයට ගැනීමට උත්සාහ කරන්න. ඔබේ දැත් වල ශක්තිමත් බව වර්ධනය කරගැනීම සඳහා දිනපතා ඔබේ මැණික්ක‍ටුව ප්‍රදේශයන්ට ව්‍යායාම ලබාදෙන්න.