Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ පාවහන් දිගුකලක් හොඳ තත්වයෙන් තබා ගැනීමට රහස් 10 ක්

ඔබේ පාවහන් දිගුකලක් හොඳ තත්වයෙන් භාවිතා කරන්න නම් ඒවාට නිසි ආරක්ෂාවක් ලබාදීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම එදිනෙදා භාවිතයේදි,දුහුවිලි වලින් ,මඩවලින්, වැස්සට තෙමීමෙන් ඒවා අපවිත්‍ර වෙනවා. ඒ නිසාම ඉතාම ඉක්මනින් ඒවා පරණ වී යනවා. ඔබේ පාවහන් අලුතින් ගත්තා හා සමානව වැඩි කාලයක් පරිහරණය කිරීමට මේ උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වේවි!

  • ලෙදර් සපත්තුවක් හෝ බූට් එකක් මදක් විශාල කරගැනීමට (ස්ට්‍රෙච්) , ඝනකම් මේස් කුට්ටමක් පැලඳ පාවහන් දෙක පලඳින්න. වැඩි ඉඩක් අවශ්‍ය සපත්තුවේ කොටස මත තත්පර 30 ක් පමණ හෙයාර් ඩ්‍රයර් එකකින් රත්කරගන්න. පාවහන් පිටින්ම ඇවිදිමින් එය සිසිල් වීමට ඉඩහරින්න. හෙයාර් ඩ්‍රයර් උපකරණය භාවිතා කරන විට පාවහන් වලට අඟල් 4 ක් පමණ ඉහළින් එය රඳවාගෙන රත් කිරීමට මතකතබාගන්න. නො එසේ නම් පාවහන් මත පැල්ලම් ඇතිවිය හැක.

1.ලැකර් සපත්තු (lacquered shoes) වෙල්වට් ලේන්සුවකින් පිරිසිදු කරගන්න.

  • සෝදා පිරිසිදු කරගත් පාවහන් යුගල වෙල්වට් රෙදි කැබැල්ලකින් හොඳින් පොලිෂ් කරගන්න. මෙසේ දිනපතා සිදුකිරීමෙන් ඒවා පරණ වී යාම බොහෝ දුරට වළක්වාගත හැකිය.

2.ස්වේඩ් බූට් (sued boot) මත ඇතිවි තිබෙන පැල්ලන් ඉවත් කිරීමට

  • මතුපිට රෙදි ස්වභාවයක් ගන්නා ලෙදර් සපත්තු විශේෂයකි. එවැනි සපත්තු මත ඇති වන තෙල් පැල්ලම් ඉවත්කරගැනීමට ටැල්කම් හෝ පිටි ස්වල්පයක් ඒ මතට ඉසින්න. මේවා මඟින් එම අපද්‍රව්‍ය උරාගනියි. පැය 5 ක් පමණ ගත වූ පසු සපත්තු මතුපිට බුරුසුවකින් පිරිසිදු කරගන්න. දුඹුරු පැහැති ස්වේඩ් පාවහන් සඳහා, කෝපි කුඩු ආදේශ කරගනිමින් ඉහත ක්‍රමය භාවිතා කරන්න.

3.අඩිය සුදු කරගැනීමට

  • සුදු දත් බෙහෙත් වර්ගයක් ගෙන පාවහන් අඩියේ ආලේප කරන්න. මෙය ලෙදර් නොවන ඕනෑම පාවහන් වර්ගයකට භාවිතා කල හැකි උපක්‍රමයකි.භාවිතා කරන දන්තාලේපය වර්ණක නොයෙදූ තනි සුදු පැහැති නිෂ්පාදනයක් විය යුතුය.

4.තෙත සපත්තු වියළා ගැනීමට

  • නියම ලෙදර් පාවහන් පත්තර පි‍ටු සහ සෝඩා භාවිතයෙන් වියළා ගත හැකිය. බූට් පාවහන් තුලට පත්තර පිටි ගුලි කර දමා පුරවාගන්න.ඉන් පසුව තවත් පත්තර පි‍ටු කිහිපයකින් පාවහන් දෙක හොඳින් ඔතාගන්න. ඡායාරූප හෝ තීන්ත අධික පත්තර පි‍ටු මේ සඳහා භාවිතා නොකරන්න. පැය දෙකකට පසු ඒවා ඉවත් කර නැවත අලුතින් පත්තර පි‍ටු යොදන්න.

5.වාෂ්ප වලින් ස්වේඩ් පාවහන් වල අලුත් බව වැඩිකරගත හැකියි

  • ජලයට, තාපයට හා වෙනත් පාරිසරික සාධක වලට නිරාවරණය විමේදි ස්වේඩ් පාවහන් ක්‍රමයෙන් රළු ස්වභාවයකට පත් වී යයි. පාවහන් රෙද්දේ අලුත් බව වැඩිකරගැනීම සඳහා ඒවාට හොඳින් වාෂ්ප අල්ලන්න. මේ සඳහා වාෂ්ප අයන් එකක් භාවිතා කරන්න. අයන් එක සපත්තුව මත ස්පර්ෂ කිරීම සිදුනොකරන්න. ඒ මතුපිටට වාෂ්ප නිකුත්වන සේ අල්ලාගෙන සිටීම ප්‍රමාණවත්ය.

6.ලෙදර් පාවහන් මදක් විශාල කරගැනීමට (ස්ට්‍රෙච්),

  • මෙම උපක්‍රමය ෆෝක්ස් ලෙදර් (faux leather) වර්ගයේ පාවහන් සඳහා ද භාවිතා කල හැකිය. උණු වෙමින් ඇති ජලය ඒවා තුලට වත්කරගන්න. ස්වල්ප වේලාවක් තිබෙන්නට හැර ජලාය් ඉවත්කරගන්න. පාවහන් පැලඳ ඇවිදින විට එහි ඇතුලත වියළෙනු ඇත.

8.පාවහන් වල දුර්ගන්ධය ඇති නොවී ප්‍රසන්න සුවඳක් ඇතිවීමට

  • දුර්ගන්ධය ඉවත්කිරීමට විනාකිරි වල පොඟවාගත් කපු පුළුන් කැබලි වලින් පාවහන් ඇතුලත පිසදමන්න. විවෘත ස්ථානයක තබා වියළෙන්නට හරින්න.

9.ස්නීකර්ස් සපත්තු (sneakers) පිරිසිදු කරගැනීමට

  • පාවහන් මතුපිට මදක් තෙමාගන්න, අනතුරුව, එහි මතුපිට , වට දාරය සහ අඩිය ඇතුළු සෑම කොටසකම බ්ලීචිංග් පවුඩර් ස්වල්පයක් අතුල්ලන්න. එසේ මිනිත්තු 15 ක් පමණ වියළෙන්නට හරින්න. ඉන්පසුව බුරුසුවකින් ඒවා ඉවත්කරගන්න. පසුව, ජලයෙන් මතුපිට සෝදා පිරිසිදු කරගන්න.

10.ජලයට ඔරොත්තු දීමට

  • පාවහන් ජලයෙන් පෙඟීම වළක්වාගැනීමට පාවහන් මතුපිට දාර මත ලින්සීඩ් ඔයිල් කිහිපවරක්ම ආලේප කරගන්න.