Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ බඩු පහසුවෙන් පිරිසිදුකර ගැනීමට ක්‍රම 26 ක්

නිවස පිරිසිදුව තියාගන්න ගෘහණියන් වන ඔබ නිතරම මහන්සි ගන්නා බව අපි දන්නවා. ඒ නිසාම පිරිසිදු කිරීමේ රාජකාරිය පහසුවෙන් වගේම ඉක්මනින් සිදුකල හැකි රහස් කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.

1.නාන කාමරයේ ඇති අපිරිසිදු තැන් පහසුවෙන් පිරිසිදු කරගත හැකි ක්‍රම

  • නාන කාමරයට දමා ඇති තිර රෙදි වල බැඳි ඇති පුස් සහ තද පැල්ලම් ඉවත් කිරීමට ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සම ප්‍රමාණ වලින් ගෙන ද්‍රාවණයක් සකස් කරගන්න. ඒවා තිර රෙද්ද මතට දමා හොඳින් අතුල්ලාමින් පිරිසිදු කරගන්න.
  • දත් බුරුසු වල විෂබීජ ඉවත් වන සේ හොඳින් පිරිසිදු කරගැනීමට ඒවාඅ විනාකිරි වල පැයක් පමණ පොඟවන්න. ඉන් පසු ගලන ජලයෙන් විනාකිරි ඉවත් වන සේ හොඳින් පිරිසිදු කරගන්න.
  • නාන කාමරයේ භාවිතා වන ස්පොන්ජ් කැබලි උණුජලය සහ විනාකිරි සම ප්‍රමාණයෙන් මිශ්‍ර කර සකසාගත් ද්‍රාවණයක පැයක් පමණ පෙ‍ඟෙන්නට හරින්න. ඉන් පසු පිරිසිදු ජලයෙන් ඒවා සොදා හොඳින් වියළා ගන්න.
  • නාන තටාකය දිදුලන පිරිසිදු පෙනුමකට පත්කරගැනීමට ස්ප්‍රේ බෝතලයකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පුරවා එහි මතුපිටට ඉස පැය බාගයක් පමණ එසේ තිබෙන්නට හරින්න. අනතුරුව උණුසුම් ජලයෙන් තටාකය සෝදා පිරිසිදු කරගන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මඟින් තැන්පත් වී ඇති කැල්සියම් කාබනේට් කොටස්, කැල්සියම් පැල්ලම් සහ කහට පැල්ලම් හොඳින් ඉවත්කරයි.
  • නාන තටාකයේ මතුපිට පහසුවෙන් පිරිසිදු කරගැනිමට ඒ මත සෝඩා කුඩු ස්වල්පයක් ඉසින්න. මිනිත්තු කිහිපයක් ඒවා තිබෙන්නට හැර ඒ මතට විනාකිරි වත්කරන්න. බුරුසුවක් ආධාරයෙන් මතුපිට අතුල්ලමින් පිරිසිදු කර උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.
  • කහට පැල්ලම් ඉවත් කිරීමට වතුර කෝප්පයකට සිට්‍රික් අම්ල ඇසුරුමක් එක්කර ද්‍රාවණයක් සකසාගන්න. මිශ්‍රණය ස්පොන්ජ් එකක් ආධාරයෙන් ගෙන නාන තටාකය සහ සින්ක් එක මතුපිට අතුල්ලා මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන් අනතුරුව උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

2.වැසිකිළි බඳුනේ තැන්පත් වී ඇති කැල්සියම් කාබනේට් කොටස් (ලයිම්ස්කේල්) ඉවත්කිරීමට

  • අබ පවුඩර් , කෝන් පිටි (ඉරිඟු පිටි) සහ සිට්‍රික් අම්ල සම සමව ගෙන මිශ්‍රණයක් සකසාගන්න. එය භාවිතා කරමින් වැසිකිළි බඳුන් පිරිසිදු කරගන්න.
  • ටයිල් අතර මැද කොටස් වඩාත් පහසුවෙන් පිරිසිදු කරගැනීමට ටයිල් අතර බැඳී ඇති පුස්, තද පැල්ලම් සහ කැල්සියම් කාබනේට් කොටස් ඉවත්කරගැනීමට සුදු පැර‍ෆින් ඉටිපන්දමක් භාවිතා කරන්න. ඉටිපන්දමින් එම දාර කිහිපවරක්ම ඇතිල්ලීම සිදුකරන්න. එමඟින් යළි පුස් සහ කුණු දුහුවිලි ‍රැඳීම බොහෝ දුරට වළක්වාගත හැක.
  • බඳුනක් ගෙන එයට බේකිං සෝඩා ස්වල්පයක් දමා ජලය ස්වල්පයකින් එය තෙත් කරමින් බුරුසුවක් ආධාරයෙන් ටයිල් දාර කොටස් පිරිසිදු කරගන්න. පිරිසිදු කිරීමෙන් අනතුරුව උණුසුම් ජලයෙන් ටයිල් සෝදා පිරිසිදු කරන්න.
  • 2:1 අනුපාතයෙන් උණුසුම් ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිශ්‍රකරන්න. ටයිල් අතර පළුදු වී ඇති තැන් දියර භාවිතා කරමින් බුරුසුවකින් හෝ ස්පොන්ජ් එකක් ආධාරයෙන් පිරිසිදු කරගන්න. නැවත ජලයෙන් පිරිසිදු කිරීමට අවශ්‍ය නොවේ.

3.ටයිල් වල දිලිසෙන පෙනුමකට

  • සිට්‍රික් අම්ල ග්‍රෑම් 15 ක් උණුසුම් වතුර වීදුරුවකට මිශ්‍ර කරන්න. මෙම ද්‍රාවණයෙන් ටයිල් මතුපිට සෝදා පිරිසිදු කරගන්න. නැවත පිරිසිදු ජලයෙන් ටයිල් මතුපිට පිරිසිදු කරගන්න,
  • කිළිටි වි ඇති ටයිල් මතුපිටක් වඩාත් හොඳින් පිරිසිදු කරගැනීමට ස්ප්‍රේ බෝතලයක් ආධාරයෙන් ඒ මතුපිටට විනාකිරි ඉසගන්න. මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හැර පිරිසිදු ජලයෙන් මතුපිට සෝදා පිරිසිදු කරගන්න. ටයිල් මතුපිට මෘදු රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කරන්න. මෙම ක්‍රමයෙන් ටයිල් මතුපිට පිරිසිදු කරගැනීමට මෙන්ම විෂබීජහරණය කිරීමට ද හැකිය.

4.රෙදි සෝදන යන්ත්‍රය පිරිසිදු කිරීමට

  • සෑම මාස 3 කට වරක්ම රෙදි සෝදන යන්ත්‍රය පිරිසිදු කීරීමට අමතක නොකරන්න!
  • එහි ඇතුලත ‍රැඳී ඇති කැල්සියම් කාබනේට් කොටස් සහ ඉතිරි වි ඇති සබන් ඇතුලු රෙදි සෝදන ද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කිරීමට සිට්‍රික් අම්ල වලට හැකිය. සේදුම් කුඩු හෝ දියර දමන කොටසට සිට්‍රික් අම්ල ග්‍රෑම් 60 ක් පමණ එක්කරගන්න. අධිකම උෂ්ණත්වයෙන් සේදුම් වට කිහිපයක්ම ක්‍රියාත්මක කරන්න.
  • රෙදි සෝදන යන්ත්‍රයේ ඇතුලත පිරිසිදු කරගැනීමට
  1. විනාකිරි කෝප්ප 2
  2. බේකිං සෝඩා කෝප්ප 1/2
  3. වතුර කෝප්ප 1/4
  4. ස්පොන්ජ් කැබැල්ලක්
  • බඳුනක් ගෙන එයට ජලය සහ බේකිං සෝඩා එක්කර මිශ්‍ර කරගන්න. යත්‍රයේ සේදුම් කුඩු හෝ දියර දමන කොටසට මෙම මිශ්‍රණය දමන්න. යන්ත්‍රයේ ඩ්‍රම් (drum) කොටසට විනාකිරි එක්කරන්න. සාමානය් සේදුම් වාරයක් ක්‍රියාත්මක කරවන්න. අවසානයේ ස්පොන්ජ් එකක් ආධාරයෙන් එහි ඇති සියලු රබර් ගෑස්කට් කොටස් (rubber gaskets) පිසදමා පිරිසිදු කරන්න. ඩ්‍රම් කොටස වියළෙන තුරු එහි දොර විවෘතව තබන්න.

5.ලිප මතුපිට ඇති තෙල් පැල්ලම් ඉවත් කිරීමට

  • මේ සඳහා සාමාන්‍ය මකන කැබැල්ලක් අවශ්‍යයයි. වෘත්තිය පිරිසිදු කිරීම් සේවාවලදි පවා මේ උපක්‍රමය භාවිතා වේ.
  • තෙල් පැල්ලම් ඉවත් කරගැනීමට ලෙමන් යුෂ සහ ලෙමන් පෙති භාවිතා කල හැකිය. මිරිකාගත් ලෙමන් යුෂ වලින් ස්පොන්ජ් එකක් ආධාරයෙන් ලිප් මතුපිට පිසදමන්න. මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර තෙත් රෙදි කැබැල්ලකින් ලිප් මතුපිට හොඳින් පිරිසිදු කරගන්න.

6.රසායනික ද්‍රව්‍ය නොමැතිව විදුලි උඳුනක් පිරිසිදු කරගන්නා ක්‍රම

තෙල් සහ දැලි පැල්ලම් ඉවත් කරගැනීම ඇමෝනියම් ක්ලෝරයිඩ් වීදුරුවක් සහ වතුර ලීටරයක් භාවිතයෙන් සිදුකල හැකිය. උඳුන සෙල්සියස් අංශක 150 ක් (ෆැරන්හයිට් අංශක 302) උෂ්ණත්වයෙන් පෙර රත්කරන්න. උඳුන තුල පහළින් උණු වතුර බඳුනක් සහ එහි ඉහළ කොටසේ ඇමෝනියම් ක්ලෝරයිඩ් බඳුනක් තබන්න. උඳුන වසා රාත්‍රියක් පුරා සිසිල් වීමට හරින්න. පසුදින උදෑසන, ඕනෑම ඩිටර්ජන්ට් වර්ගයකින් මේස හැඳි කිහිපයක් සහ උණු ජලය කෝප්ප 1/2 ක් ඇමෝනියම් ක්ලෝරයිඩ් බඳුනට දමන්න. මෙම දියරයෙන් උඳුන ස්පොන්ජ් එකක් ආධාර කරගෙන පිරිසිදු කරගන. අප්සුව තෙත රෙදි කැබැල්ලකින් පිරිසිදු කරගන්න.

  • උඳුන අලුතින් මිලදී ගත්තා සේ පෙනුමකට
  • ස්පොන්ජ් එකකට විනාකිරි ස්වල්පයක් දමා උඳුන් පිසදමා පිරිසිදු කරන්න. උඳුන වසා පැය කිහිපයක් තිබෙන්නට හරින්න. කිළිටි ස්ථාන රෙදි කැබැල්ලකින් පිසදමන්න. ඉවත් කිරීමට අපහසු පැල්ලම් ඇති තැන් බුරුසුවකින් පිරිසිදු කරන්න. අවසානයේ ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.
  • තෙල් ඉඳුල් සහ දැලි පැල්ලම් ඉවත් කිරීමට බේකිං සෝඩා භාවිතා කල හැකියි. උණු ජලයෙන් උඳුන ඇතුලත පිසදමමින් පිරිසිදු කරන්න. ඇතුලත බේකිං පවුඩර් ස්වල්පයක් ඉස ජලය ස්වල්පයක් ද ඉසින්න. පැය බාගයකට පමණ පසු තෙත් රෙදි කැබැල්ලකින් බේකිං පවුඩර් කොටස් පිසදමා පිරිසිදු කර අවසානයේ පිර්සිදු ජලයෙන් නැවත උඳුන පිරිසිදු කරන්න. උඳුන ඇතුලතත් වීදුරු දොරත් වඩාත් හොඳි පිරිසිදු කරන ක්‍රමයකි.

7.මෙට්ට වල අලුත් පෙනුමකට

  • වැකියුම් නොසල් (vacuum nozzle) එකක් ආධාරයෙන් මාස කිහිපයකට වරක් මෙට්ට පිරිසිදු කරන්න. ඇඳ ඇතිරිලි වෙනස් කරන සෑම වාරයකම එසේ කල හැකි නම් වඩාත් සුදුසුය.
  • පැරණි මෙට්ට වල ඇති පුස් සහ දූවිලි ගඳ ඉවත් කිරීමට ඒවා මත බේකිං සෝඩා ඉසින්න. පැය බාගයක් පමණ එසේ තිබෙන්නට හැර වැකියුම් ක්ලීනර් එකක් භාවිතයෙන් ඒවා ඉවත්කරන්න.
  • අලුත් දහදිය පැල්ලම් ඉවත් කිරීමට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ සේදුම් දියර 2:1 අනුපාතයෙන් මිශ්‍ර කර ඇඳ ඇතිරිලි සහ මෙට්ට මතුපිට පිරිසිදු කරන්න.

8.කාපට් මතුපිට පැල්ලම් ඉවත්කිරීමට

  • කෝපි, චොකලට්, තේ වැනි දෑ වැටීමෙන් ඇති වී පැල්ලම් ඉවත් කරගැනීමට ග්ලිසරින් මේස හැන්දක් සීතල වතුර ලීටරයකට මිශ්‍ර කර භාවිතා කරන්න.
  • බියර්, වයින් හෝ වෙනත් මධ්‍යසාර පැල්ලම් ඉවත්කිරීමට උණු ජලය සහ සේදුම් කුඩු මිශ්‍ර කර සාදාගත් දියරයක් භාවිතා කරන්න. ස්පොන්ජ් එකක් ආධාරයෙන් මිශ්‍රණය පැල්ලම් මත ගල්වා හොඳින් අතුල්ලන්න. විනාකිරි තේ හැඳක් සහ උණු ජලය ලීටර් 1/2 ක් එකට දමා සාදාගත් මිශ්‍රණයකින් කාපට් සෝදා පිරිසිදු කරගන්න.

9.රෙදි මතුපිට පිරිසිදු කිරීමට

  • ඔයිල් පේන්ට් පැල්ලම් ඉවත්කිරීමට ගැසොලින්, ඇසිටෝන් සහ ටර්පෙන්ටයින් සම සම කොටස් වලින් ගෙන මිශ්‍රණයක් සාදා භාවිත කරන්න.
  • අලුත් තීත්න පැල්ලම් ඉවත්කිරීමට එළකිරි භාවිතා කරන්න.
  • වල් පැළෑටි නිසා ඇති වූ පැල්ලම් ඉවත්කිරීමට ලුණු තේ හැන්දක් වතුර කෝප්පයකට මිශ්‍ර කර භාවිතා කරන්න.