Hela Rahas

Hela Rahas Official Web Portal

විවිධ රට වල කාන්තාවන් ලස්සන වෙන්න භාවිතා කරන ක්‍රම 30ක්

සුන්දරත්වය ඔප්නංවාගැනීමට ලොව පුරා විවිධ රටවල කාන්තාවන් විසින් භාවිතා කරන සරල සහ ස්වභාවික රූපලාවන්‍ය රහස් එකතුවක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ. දිනපතා භාවිතයෙන් ඔබේ ලස්සන දෙගුණ තෙගුණ කරගන්නට මේ සත්කාර ක්‍රම ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි.

  • ප්‍රංශය -මුහුණේ අයිස් කැට ඇතිල්ලීම- මෙමඟින් මුහුණේ රුධිර සංසරණය උත්තේජනය කරමින් සමට නීරෝගි හා දිදුලන ස්වභාවයක් ලබාදේ.
  • උණුසුම් සහ සිසිල් පොට්ටනි වලින් මාරුවෙන් මාරුවට මුහුණ තැවීම-සමේ නම්‍යතාව වැඩිකිරීම, රුධිර සංසරණය වැඩිකිරීම, සමේ පැහැය නීරෝගි කිරීම , සමට තෙතමනය ලබාදීම වැනි ප්‍රතිලාභ ලබාදෙයි. උණුසුම් ජලයෙන් පෙඟවූ තුවායක් මුහුණ මත තබාගෙන සිටින්න. නැවත සිසිල් ජලයෙන් තුවාය පොඟවා මුහුණේ තබාගෙන සිටින්න. මෙසේ වාර කිහිපයක් මාරුවෙන් මාරුවට සිදුකරන්න.
  • සමේ ප්‍රදාහය අඩු කිරීමට ලෙමන් යුෂ-කුරුලෑ දුරුකරමින් එම ගෙඩි පිටතට පෙනෙන ස්වභාවයා ඩු කිරීමට සහ රතු පැහැ ස්වභාවය අඩු කිරිමට කුරුලෑ මත ලෙමන් යුෂ ස්වල්පයක් ජලය සමඟ මිශ්‍ර කර ගල්වන්න.


චිලී

  • සමේ දිදුලන ස්වභාවය වැඩිකරගැනීමට -රතු මිදිරතු මිදි සහ පිටි මේස හැඳි දෙකක් මිශ්‍ර කරමින් සාදාගන්නා මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 10 කින් පමණ සෝදා ඉවත්කරයි. උදෑසන කාලයේ සිදුකිරීම හොඳ ප්‍රතිඵල ලබාදෙන බව සඳහන් වේ.
  • ස්වීඩනය-මාලු සහ බෙරි වර්ග ආහාරයට ගැනීම- ඉහළ ප්‍රති-ඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු මෙම ආහාර මඟින් ඔවුන්ගේ සිරුරට හොඳ නීරෝගි පෝෂණයක් ලැබේ.මෙම ආහාර රටාව ඔවුන්ගේ සම සුන්දර වීමට හේතු වි ඇති බව රූපලාවන්‍ය විශේෂඥයින්ගේ අදහසයි.
  • හුමාල ස්නානය (සෝනා)-හුමාල තාපය මඟින් සිරුරේ විෂ අපද්‍රව්‍ය හොඳින් ඉවත් කෙරෙන ක්‍රමයකි.
  • ජපානය
  • සහල් වතුර-සහල් වතුර ක්ලෙන්සර් එකක් ලෙස භාවිතා කරයි. එමඟින් සම ගැඹුරින් පිරිසිදු කිරීම, කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කිරීම මෙන්ම සමට මෘදු ස්වභාවයක් ලබාදීම සිදුකරයි.
  • දිනාපතා මුහුණ සම්බාහනය කිරීම-එමඟින් සමේ නම්‍යතාව වැඩිවේ. හොඳින් ඔක්සිජන් ලැබේ.සමට සුදුසු තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් භාවිතා කරමින් සම්බාහනය කිරීම සුදුසුය.
  • අඩුවෙන් පවුඩර් භාවිතා කිරීම-පවුඩර් නිතර භාවිතා කිරීම නිසා සමේ සිදුරු අවහිර වී යා හැකි අතර සම ප්‍රදාහයට ලක්විය හැක. දිලිසෙන ස්වභාවය අඩු තරමට ස්වභාවික ලස්සන කැපී පෙනේ.
  • බ්‍රසීලය-කුරුලෑ දුරු කරගැනීමට කැරට් යුෂ ඒවායේ අඩංගු බීටා-කැරොටින් පෝෂණය මඟින් සමේ කුරුලෑ තත්වය සමනය කරමින් සම සුන්දර කරයි.

ස්පාඤ්ඤය

  • ඇස් යට කලු වීම් දුරු කරගැනීමට අර්තාපල් භාවිතා කිරීම සිහින් පෙති කපා ඇස් යට මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට ඉඩ හරියි.
  • කොරියාව-ගොලුබෙලි සෙවල කොරියානු ක්‍රීම් නිෂ්පාදන වලට යොදාගැනෙන ජනප්‍රිය අමුද්‍රව්‍යයක් වන මේවායේ සම සමනය කරන ගුණ සහ කොලැජන් හා ඉලාස්ටින් අඩංගුය.
  • තෙල්-ක්‍රීම් ගැල්වීමට පෙර සමේ ආගන් හෝ පොල් තෙල් ගැල්වීම හෝ ෆේස් මාස්ක් එකක් ලෙස එසේ සමට හිතකර තෙල් වර්ග ගැල්වීම සිදුකරයි.


තුර්කිය

  • ක්වින්ස් (quince) නම් ඇඹුල් ගෙඩි සාරයෙන් සෑදු ලෝෂන් සහ මාස්ක් සත්කාර -මේවා තෙල් සහිත සමකට ඉතාමත් හොඳ ප්‍රතිලාභ ලබාදෙන බව පැවසේ.
  • ජේඩ් රෝලර් (jade roller) භාවිතයෙන් සම සම්බාහනය කිරීමෙන් සමේ රුධිර සංසරණය වැඩිදියුණු වීම සහ සමේ තානය (සවිමත්බව) වැඩිවීම සිදුවේ.
  • ඊශ්‍රායලය මුහුදු ලුණු වලින් ෆේස් ස්ක්‍රබ්-මුහුදු ලුණු,මුහුදු පැළෑටි පවුඩර්, ලැවෙන්ඩර් තෙල් මිශ්‍ර ආලේපය සමේ අපද්‍රව්‍ය ඉවත්කරමින් පිරිසිදු කරයි.
  • චීනය-තේ-ඖෂධ තේ සහ බෙරි තේ වලින් සම පිරිසිදු කරගනියි
  • ඉන්දියාව-මී පැණි සහ ලෙමන් ෆේස් මාස්ක්-ලෙමන් මඟින් සම මත මතුවන කුඩා බිබිලි අඩු කරවන අතර මී පැණි වලින් සම සුමුදු කරවයි.

රුසියාව

  • ඕට්ස් ස්ක්‍රබ්-සමේ සිදුරු සවිමත් කරමින් සමේ මැරුණු සෛල ඉවත් කර පිරිසිදු කරවයි.
  • ග්‍රීසිය-මුහුණට වාෂ්ප ඇල්ලීම-කැමොමයිල් මල් මුසු කල උණු වතුරෙන් මිනිත්තු 20 ක් වාෂ්ප ඇල්ලීම සිදුකරයි. අනතුරුව ස්ක්‍රබ් සත්කාරයකින් සම පිරිසිදු කරගනියි.
  • අයිස් වතුර-අයිස් වතුරෙන් මුහුණ සේදීම මඟින් සමේ සෛල අව්ලුත්වැඩියා වීම සහ ස්වභාවික කොලැජන් හා ඉලාස්ටින් සංස්ලේෂණය වීම උත්තේජනය කිරීම සිදුකරයි.එමෙන්ම සමේ පැහැය වැඩිදියුණු කරවයි.
  • වදකහ ෆේස් මාස්ක්-ප්‍රතිබැක්ටීරිය ගුණ සහ චර්ම රෝග වලට එරෙහිව සමට ආරක්ෂාව ලැබේ.සම නීරෝගි පැහැපත් කරවයි.
  • ඔලිව් තෙල්-ඔලිව් තෙල් ගල්වා සම සම්බාහනය කිරීම මඟින් සම නීරෝගි වීම, මෘදු සහ තෙතමනය සහිත ස්වභාවයකට පත්වේ.
  • ඊජිප්තුව-කිරි මැටි මාස්ක්-මැටි වලින් සෑදු මාස්ක් එකක් ආලේප කරයි. එමඟින් සම ගැඹුරින් පිරිසිදු කිරීම, පෝෂණය කිරීම සහ සම සුසුදු කිරීම සිදු කරයි.
  • කෝමාරිකා ක්‍රීම්-සමට තෙතමනය ලබාදීම, සම පෝෂණය කිරීම සහ අකලට සම වියපත් වීමට එරෙහිව සමට ආරක්ෂාව ලබාදේ.සම සුමුදු කරමින් සමනය කරවයි.