Hela Rahas

Hela Rahas Official Web Portal

සෝමාවති සෑරදුගේ බුදුරැස් දහරාව දුටු පිරිසගේ අනාවරණය

  • සෝමාවතිය චෛත්‍යයේ බුදුරැස් විහිදෙනව කියල අපි අහල තියෙනවා. ඒ වගේම ඒ බුදුරැස් දැක්ක පිංවත් මිනිස්සුත් ඉන්නවා. අද කියන්නෙ සෝමාවති චෛත්‍යයෙ ඇති මේ විශ්මිත බවයි.සෝමාවතී සෑය නිර්මාණය කිරීමෙ ඓතිහාසික කතාව මුලින්ම අපි බලමු. කාවන්තිස්ස රජතුමාගේ නැගණිය සෝමා දේවිය කැලණියේ සිව රජුගේ බෑණනුවන් වුණු ගිරි අබා කුමරු සමඟ විවාහ වෙලා මහවැලි නදිය අසබඩ මේ සශ‍්‍රීක පෙදෙසේ නුවරක් ගොඩ නැගුවා. එය නම් කළේ දේවියගේ නමින්. එනම් සෝම නුවර.
  • ආගම දහමට ලැදි කාන්තාවක් වුන සෝමා දේවියට මේ නුවර චෛත්‍යයක් තනවන්න උවමනා වුනා. තම ස්වාමියාගෙ ද අදහස් ගෙන මේ යුවළ රහතන් වහන්සේලා හැටනමක් වඩම්මවා දන් පූජා කරලා මහ සෑයක් හදන්න අවසර පැතුවා.
  • මහ රහතන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදයෙන් උන්වහන්සේලා පරපුරෙන් රැකගෙන පැමිණි දකුණු දළදා වහන්සේ නිදන් කරලා තැනුව මේ මහ සෑයට සෝමාවතිය යන නම ලැබුණෙ එයට මුල් වුන සෝමා දේවිය නිසයි.
  • සෝමාවතී චෛත්‍ය නැවත සොයා ගැනීම ගැන අපි බැලුවොත් එය සිදු වී ඇත්තෙ මෙසේය. සුංගාවිලෙන් එහාට ඇති සෝමාවතිය රක්ෂිතය නිදැල්ලේ හැසිරෙන වන සතුන්ගේ පරාදීසයක්. ඒ මහා වනාන්තරය පුරා අණසක පතුරා සිටින්නෙ අලි ඇත්තු කියන එක සෝමාවතී සෑය වඳින්න ගිය අපි කවුරු වුනත් දන්න දෙයක්.
  • මෙසේ වන්දනාවෙ ගිය නඩයක් වනාන්තරය පසු කර යන විට රෑ වී ඇත. ඝන අන්ධකාරය මැදින් පිරිස යන විට ඈතින් ඇසෙන කුඤ්චනාද හා විවිධ වන සතුන්ගේ ගෙරවුම් හඬ පිරිසගේ ලොමුඩැහැ ගැන්වීමට සමත් විය. ඒත් ඔවුන් හා ගිය ස්වාමීන් වහන්සේ අඳුර මැදින් හෙමින් ඇසෙන හේවිසි නාදය ඔස්සෙ අර පිරිස සමඟ ගොස් ඇත.
  • ඒ හේවිසි නාදය ළං වෙත් ම ඝන අන්ධකාරය මැදින් සෞම්‍ය ආලෝකයක් මතු වී පෙනෙන්ට විය. අඳුර බිඳ චෛත්‍ය රාජාණන් වහන්සේට සඳ පෑයූවා වගේ ආලෝක ධාරා. ඒ කඳුගැටයකින් අහසට විහිදුනේ ෂඞ් වර්ණ රශ්මි දාරාවන්. හේවිසි නාද හා පසතුරු නද ඇසුනේ එ් කඳුගැටය මැදින්.
  • එ් සෝම නුවර මහ වනය මැද බුදුරැස් විහිදෙන මේ කඳුගැටය ගැන ආරංචිය ලැබුනේ 1947 දි. එදා සෝමාවතිය මහ සෑය සොයාගෙන වැඩියේ පූජ්‍ය සිරිමල්වත්තේ පියරතන හිමියන් ඇතුළු පිරිසක්. එදා උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් වහා සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණා.
  • සෝමාවතී මහ සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමවී කොත් පැළඳ වූ දින පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ කොත් පැලඳවීම සිදු වූවා පමණයි, සිදුවුනේ පුදුමයක්. මහ සෑයෙන් බුදුරැස් විහිදෙන්නට වුනා. මේ අසිරිමත් පෙළහර පැය භගයක් විතර තිබුන බව එදා පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැතියන් අදටත් සාක්ෂි දරනවා.
  • ඒත් 1983න් පසු අපෙ රටට වගේම මේ සෝමාවතී පිංබිමටත් උදාවුනේ අභාග්‍ය සම්පන්න යුගයක්. ත‍්‍රස්තවාදී කලබල ආරම්භ වීමෙන් සෝමාවතිය පුද බිම අලි ඇතුන්ගේ රාජධානිය තුළ ආයත් හුදෙකලා වුනා.
  • පූජ්‍ය සිරිමල්වත්තේ සිරි පියරතන නා හිමියන්ගේ අපවත් වීමෙන් පසු සෝමාවතී පුදබිමේ භාරකාරත්වයට පත්වුනේ පහමුණේ ශ‍්‍රී ගුණානන්ද අනුනායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ද සියලූ අසීරුතා විඳ දරා ගනිමින් මහ සෑය රැක ගන්නට ගත් මෙහෙය කියා නිම කරන්න බෑ.
  • උන්වහන්සේ අපවත් වීමෙන් පසු උන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ සෝමාවතිය මහ සෑ රජාණන් වහන්සේගේ වත්මන් සියලූ සංවර්ධන කාර්යයන්ට නායකත්වය ලබා දුන්නා.
  • ත‍්‍රස්ත ග‍්‍රහණය යටතේ තිබුන සෝමාවතී සෑය ඒ කාලෙ සිට ජීවිත පරිත්‍යාගයෙන් යුතුව උන්වහන්සේ කළ කැප කිරීම අදත් සෝමාවතී වදින්න එන ඕනෑම කෙනෙක්ට දකින්න පුළුවන්. අද අපි මේ විදියට සෝමාවතී සෑය වන්දනා මාන කරන්නෙ එදා සිට අද දක්වා රැකගත් ස්වාමින්වහන්සේලාට පිංසිදු වන්නයි.
  • සෝමාවතී සෑයෙ බොහෝ අසිරිමත් සිදුවීම් වෙලා තිබෙනවා. ඒ වගේ සිදුවීමක් තමා ත්‍රස්තවාදී සමයෙදි කීප වතාවක් ම මේ සෑයට හානි කරන්න කොටින් උත්සාහ කළත් කිසි ම කෙනෙකුට එය කළ නොහැකි වුනා. ඒ කාලෙ මේ අවට මිනිස් වාසයක් තිබුණෙ නැතත් මෙයට හානියක් කරන්න බැරි වීමයි මෙහි ඇති අපූර්වත්වය. මහ වනය මැද තියෙන මේ සෑය එ් යුගයෙදි අලි ඇතුන් රැකගෙන තියෙනවා.
  • සෝමාවතී සෑයෙන් බුදු රැස් විහිදුන වාර අනන්තයි කියනවා. ඒ වගේම තමා සමහර දවසට රාත‍්‍රියට චෛත්‍ය ගර්භය තුළින් පංචතූර්ය නාදය ඇහෙනවා කියනවා. 2009 අවුරුද්දෙ සෝමාවතී පුදබිමේ දළදා පෙරහැර පවත්වන්න සූදානම් වී ඇත. ඒ අලි ඇතුන් නැතිව. මොකද හීලෑ අලින්ගෙ ඉව දැනී වනයෙ ඉන්න අලි ඇත්තු ඇවිත් කලබලයක් වේවි සිතලා.
  • ඒත් පහුවෙනිදා උදේ කිරි ආහාර පූජාව පවත්වන වෙලාවේ සෑ රජාණන් වහන්සේ තුළින් ආයෙමත් බෙර හඬ ඇසෙන්නට පටන් ගෙන ඇත. සෑය මැදින් අලි ඇතුන් සහිත පෙරහැරක් ඇවිත්. මේ සිදුවීම ඡායාවක් වගේ පෙනුණ දෙයක් වුණාට ඡායාරූපවලට පවා හසු වී ඇත.
  • මේ සිදුවීම තුළින් ඉඟි කළේ දළදා වහන්සේ වඩමවන්න ඕනෙ හස්තියෙකු පිට මයි කියන එක බව ස්වාමින්වහන්සේලා තේරුම් ගෙන දළදා මාලිගාවේ කරඬුව වැඩමවන ඉන්දිරාජා හස්තිරාජයා ම ගෙන්වලා දළදා පෙරහැර පවත්වලා.
  • 2010 අගෝස්තු මාසෙ 22 වෙනිද උදේ හතට විතර තවත් අසිරිමත් සිදුවීමක් වී ඇත. එදා ෂඞ්වර්ණ රශ්මි දහරා තුළින් දළදා වහන්සේ සහිත කරඬුව සෑයෙ ගර්භය මත දිස්වුණ බව කියනවා. කිසි කෙනෙක් නොදත්, තවත් හෙළි නොවුන මේ වගේ අසිරිමත් සිදුවීම් සෝමාවතී පුදබිමෙ තව නම් මොනතරම් සිදු වෙලා ඇතිද? මේ සිදුවීම් දකින්නත් කොපමණ පිං කළයුතුද.