Hela Rahas

Hela Rahas Official Web Portal

කෙනෙකු ඔබට අකමැති බව දැනගත හැකි ඉඟි 9 ක්

කෙනෙක් ඔබට කැමැති ද අකමැති ද කියා වචනයෙන් දැනගන්න නොහැකි අවස්ථාවක ඒ පුද්ගලයාගේ හැසිරිම් වලින් ඒ ගැන දැනගන්න පුලුවන්. ඔබ ගැන කෙනෙක් ඇත්තටම දක්වන ප්‍රතිචාරය අඳුරගන්න නම් අවශ්‍ය වෙන්නේ ඒ පුද්ගලයා කතාබහ කරන විදිය හෝ ඔහු/ඇයගේ අභින දෙස සූක්ෂමව සහ සමීපව වඩාත් හොඳ අවධානයක් යොමුකිරීමයි. මේ සඳහා ඔබට උපකාරී විය හැකි රහස් කිහිපයක් ගැනත් අද අපි ඔබට කියා දෙනවා. අනෙක් පුද්ගලයා ඔබ ගැන හිතන ඇත්තම දේ ඔහුගේ/ඇයගේ කතාවෙන් සහ හැසිරීමෙන් තේරුම් ගන්නේ මෙහෙමයි.

1.කතාකරමින් සිටින අතරේ අතින් බෙල්ල කසයි නම්

  • ඔහු/ඇය යමක් ගැන අවිනිශ්චිතතාවයකින් හෝ සැකයකින් කතා කරන බව මින් බොහෝ දුරට අදහස් වේ. ඔහු/ඇය බෙල්ල අතින් ආවරණය කරගන්නා ගමන් කන දෙසට උරහිස ඔසවයි නම්, ඉන් අදහස් වෙන්නේ ඔහු/ඇය ඔබ පවසන දේට එකඟ නොවන බව හෝ ඔවුන් ඔබට සම්පූර්ණ සත්‍ය නොපවසන බවයි.

2.තොල් හකුළයි නම්

  • මෙවැනි අභිනයක් ඔබට අනෙක් පුද්ගලයා තුලින් නිරික්ෂණය කල හැකි වී නම් බොහෝ දුරට යම් වරදක් සිදුවී ඇතිවාක් විය හැකියි. ඔබ කෙනෙකුට කතා කරමින් සිටින අතරේ ඔහු/ඇය මෙසේ සිදුකරයි නම් ඉන් බොහෝ දුරට අදහස් වන්නේ ඔහුට/ඇයට ඔබ නිසා යම් අපහසුතාවක් දැනී ඇති බවයි. ඇතැම් විට ඔබ කතාකරමින් සිටින මාතෘකාව පිලිබඳව රුචියක් නොමැතිකම හෝ ඔබ විමසා සිටින ගැටලු වලට පිලිතුරු දීමේ අකමැත්ත නිසා මෙවැනි හැසිරිමක් ඔවුන් කෙරෙන් පිලිඹිබු විය හැකියි. තොලහැකිලීම , තොල සැපීම නොසන්සුන් බවේ ලක්ෂණයි. මෙවැනි හැසිරීමක් ඔබට නිරික්ෂණය කල හැකි අවස්ථාවක දි මාතෘකාව වෙනස් කිරීමට උත්සාහ කිරීම ඉතාමත් උචිත වේ.

3.ඔවුන් ඔබෙන් ඈත්වී යම් දුරක් තබාගනියි නම්

  • ඔබ සමඟ කතාකරමින් ඉන්නා අතරේ අනෙක් පුද්ගලයා ඔබගෙන් දුරස්ථව සිටිමට උත්සාහ කරයි නම් බොහෝ විට ඔහු/ඇය ඔබෙන් කායිකවත් මානසිකවත් යම් දුරස්ථබාවයක් පවත්වාගැනීමට අපේක්ෂා කරනවා විය හැකියි. බොහෝ විට ඔබ ඉදිරියේ ඔවුන්ට අපහසුතාවක් ඇතිවීම නිසා මෙසේ සිදුකරනවා විය හැකියි.කෙනෙකු ඔබට ඇති කැමැත්ත අකමැත්ත පිලිබඳව කායික පරතරය යම් පිලිඹිබු කිරිමක් සිදුකරයි.

4.ව්‍යාජ සිනහවක් පළකරයි නම්

  • ව්‍යාජ සිනහවක් හඳුනාගන්නේ කෙසේද? මේ සඳහා අනෙකාගේ ඇස් වටා එති ‍රැළි සහ තොල් වටා ඇති කොන් හොඳ අවධානයකින් නිරික්ෂණය කරන්න. අව්‍යාජ සිනහවකට බොහෝමයක් මාංශපේශීන් දායක වේ. බොහෝ විට ඇත්තටම සිනහසෙන පුද්ගලයින්ගේ ඇස් වටා ‍රැළි ඇතිවෙනවා පැහැදිලිව දැකිය හැකියි. ව්‍යාජ සිනහවක් සඳහා එතරම් මාංශ පේශින් දායක නොවේ. එවැනි සිනහවක පීඩනාත්මක බවක් සහ බලෙන් සිදුකිරීමට උත්සාහ කරන බවක් පැහැදිලිව පෙනෙයි.

5.ඔබේ ඇස් දෙස නොබලයි නම්

  • ඇසට ඇස දෙස බලා කතා නොකිරිම හොඳ සංවාදයකට බාධාවකි.ඉන් බොහෝ විට අදහස් වන්නේ ඔහු/ඇය ඔබ සමඟ කතාකිරීමට අකමැති බව, හෝ ඔබට පෞද්ගලිකව අකමැති බව විය හැකියි. ඉන් කියවෙන්නේ ඔබ අදහස් කල තරම් ඔබේ සබඳතාව සාර්ථක නොවන බවයි. ඇස් දෙස බලා කතා නොකිරිමෙන් බොහෝ විට ඔහු/ඇය ඔබෙන් යමක් සඟවන බවට, බොරු පවසන බවට ඉඟියකි.

6.පාද පිටත දෙසට හරවාගෙන සිටියි නම්

  • ඔබත් සමඟ සිදුකරන කතාබහ කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වයි නම් බොහෝ විට ඔහු/ඇය ඔබ දෙසට නොව පිටතට කකුල් හරවාගෙන සිටින ඉරියව්වක් නිරික්ෂණය කරන්නට හැකිය. දෙපතුල් සමඟ කවන්ධය ද එසේ පිටතට හරවාගෙන සිටිම ඇතැම් අය සිදුකරති. බොහෝ විට එම කතාබහ ඔවුන්ට අපහසුතාවක් ඇතිකීරීම ඊට හේතුව විය හැකියි. ඉතින් ,ඔබේ කතාබහට ඔවුන්ගේ අකමැත්ත මෙවැනි ඉරියව්වකින් ඔබට ඉඟි සපයයි.

7.එක් වචනයකින් පමණක් පිළිතුරු දෙයි නම්

  • ඔබ අසන සෑම ප්‍රශ්ණයකටම, හෝ සෑම සංවාද මාතෘකාවකටම අනෙක් පුද්ගලයා ඉතා සීමිත වචන ප්‍රමාණයකින් පිලිතුරු දේ නම්, ඉන් අදහස් වන්නේ ඔහු/ඇය ඔබ සමඟ කතාබහක යෙදීමට වැඩි කැමැත්තක් නැති බව විය හැකියි. කෙනෙකු අකමැත්තෙන් සිටින විට ඔහුව/ඇයව බලෙන් කතාකරවීම සිදුකල නොහැකි දෙයකි. වචන දෙක තුනකින් ඔවුන් ඔබට ප්‍රතිචාර දක්වයි නම් ඔන් බොහෝ දුරට තේරුම්ගත හැක්කේ ඔහු/ඇය කල යුතු නිසා ඔබට නොසැලකිල්ලෙන් යම් පිලිතුරක් ලබාදෙන බව හෝ මඟහැරිය නොහැකි නිසා ඔබට පිලිතුරු දෙන බවකි.

8.හඬේ ස්වරය වෙනස් කරයි නම්

  • කෙනෙකුගේ උස් හඬකින්. පරුෂ ස්වරයකින් ඔබ සමඟ කතා කරයි නම් ඉන් අවබෝධ කරගත හැක්කේ ඔහු/ඇය ඔබෙන් යම් දුරස්ථබාවයක් අපේක්ෂා කරන බවයි.

9.ඔබ කතාකරන අතරේ ඔහු/ඇය වාඩි වී සිටින පු‍ටුවේ ආධාරක දෙක මත දෑත් තබාගෙන සිටියි නම්

  • වාඩි වි කතාකරමින් සිටින අවස්ථාවක දි අනෙක් පුද්ගලයා දණහිස් මත අත් තබාගෙන ඔබ දෙසට හැරී සවන් දීගෙන සිටියි නම් ඉන් අදහස් වන්නේ ඔහු/ඇය ඔබ සමඟ සංවාදයට ඉතා හොඳ උනන්දුවකින් පසුවන බවයි. නමුත්, ඔබ කතාකරමින් සිටින විට ඔහු/ඇය තම අත පු‍ටු ආධාරකය මත තබාගෙන සිටිනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු/ඇය ඉක්මනින් එතැනින් පිටවීයාමට අවස්ථාවක් ලැබෙනු තුරු බලා සිටින බවය.