Hela Rahas

Hela Rahas Official Web Portal

හිසේ සිට පාදාන්තය දක්වා සිරුරට ගුණ දෙන කුළුබඩු වර්ග 7 ක්

ගොඩක් දෙනෙක්ට ඖෂධ වර්ග සහ ගුණදාඉ කුළුබඩු වර්ග ගැන මතක්වන්නේ ලෙඩකට බෙහෙතකට ගද්දි තමයි. නමුත්, මේවා එදිනෙදා ජීවිතයේ අපේ ආහාර පාන සමඟ මුසු කරමින් පරිභෝජනයට ගැනීමෙන් අපේ සිරුරට විශාල සෞඛ්‍යය ප්‍රතිලාභ ‍රැසක් අත්කරගත හැකි වන බව නොරහසකි. විශේෂයෙන්ම කායික පීඩාවන් වගේම මානසික පීඩාදිය සමනය කරවමින් නීරෝගි සෞඛ්‍යසම්පන්න බව වැඩිදියුණු කිරීමට මේ විශේෂ ඖෂධීය ශාක නිෂ්පාදන වලට හැකියි.සෙම්ප්‍රතිශ්‍යා උණ තත්වයන්, අධි රුධිර පීඩනය, බඩේ වේදනා, හිසරදය වැනි තත්වයන් පමණක් නොවේ ඔබේ සිරුර වියපත් විමේ වේගය මන්දගාමි කරවමින් ඔබේ නීරෝගි ආරක්ෂා කරගැනීමට සහය වන , ගෙදරදීම භාවිතා කල හැකි අත්බෙහෙත් වර්ග ලෙසත් මේවා හැඳින්විය හැකියි.මේ එවන් ආකාරයෙන් ඔබේ සිරුරට ගුණදෙන කුළුබඩු වර්ග හා ඔසු වර්ග කිහිපයකි,

1.සුදුලූණු

  • උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් සිරුර ආරක්ෂා කරවන ඔසුවක් ලෙස සුදුලූණු හැඳින්විය හැකිය. එමෙන්ම් රුධිර පීඩනය අවම කරන අතර හෘද රෝග වැලඳීමට ඇති අවදානම අවම කරවයි. සුදුලූණු වල ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුල ය. අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ එම ගුණ මඟින් ඇල්සයිමර්ස් හා ඩිමෙන්ෂියා වැනි රෝග වළකන බවයි.සුදුලූණු අඹරා ගා පොඩි කර ආහාර වලට මුසු කිරීමෙන් වැඩි සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාගත හැකි බව පැවසේ.

2.රෝස්මරි

  • රෝස්මරි වල සුගන්ධය මඟින් පුද්ගලයාගේ මතක ශක්තිය, මානසික ඒකාග්‍රතාවය, සාධනීය ක්‍රියාකාරීත්වයන් හා මනෝභාවයන් වැඩිදියුණු කරවයි. එමෙන්ම එහි ඇති ගුණ මඟින් මොලය වියපත් වීමෙන් වළකයි. රෝස්මරි කොළ කුළුබඩුවක් සේ භාවිතා වේ. ඒවා සුවඳවිලවුන් හා තෙල් ලෙස ද භාවිතා වේ. මේවා ඉහළ මට්ටමේ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර දෙන බැවින් දිනපතා භාවිතයට සුදුසුය.

3.මිරිස්

  • මිරිස් වල අන්තර්ගතයේ ඇති ඇතැම් සංඝටක මිනිස් සිරුර වියපත් වීම පාලනය කරවීමට සමත්ය. බර අඩු කරගැනීමට මෙන්ම වැඩි මේද ප්‍රමාණයක් දහනය කරගැනීම සඳහා ද සහය ලබාදේ. මේවා ආහාර වලට මුසුකරමින් පරිභෝජනයට ගැනීමෙන් සිරුරට තවත් බොහෝ හිතකර ප්‍රතිලාභ අත්කරගත හැක. ඇට ඉවත්කර භාවිතා කරන්න. ඇතැම් අයට මිරිස් වල දැවිල්ල දරාගත නොහැකි විය හැකියි. එම නිසා සැලකිලිමත් වීම වගේම නිතිපතා භාවිතය සීමා කිරීම උචිත වනු ඇත.

4.ඉඟුරු

  • ඉඟුරු මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරවමින් බඩේ ගෑස් ගතිය අවම කරවයි. එමෙන්ම ප්‍රදාහය පලානය කිරීම, වේදනාව සමනය කිරීම සහ සෙම්ප්‍රතිශ්‍යා අපහසුතා දුරුකිරීම සිදුකරයි. ගර්භණී කාන්තාවන්ට උදෑසන ඇතිවන අපහසුතා සමනය කරවයි. ඔක්කාරය ගතිය දුරුකරගැනීමට හොඳ ඔසුවකි. මේවා තේ වලට මුසු කරමින් හෝ සුප් හෝ වෙනත් ආහාර වලට කුළුබඩුවක් සේ මුසු කරමින් පරිභෝජනයට ගත හැකි නම් වඩාත් හොඳ ප්‍රතිලාභ සිරුරට ලබාගත හැකි වනු ඇත.

5.පාස්ලි

  • අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීමට පාස්ලි හොඳම ඔසුවකි. එහි අඩංගු බහුල විටමින් K පෝෂක මඟින් සිරුරේ අස්ථි වල ශක්තිමත් කරවමින් ඒවායේ නීරෝගි බව වඩවයි. වියළන ලද පාස්ලි කොළ සුප් වලට එක්කර පානය කල හැකියි. එමෙන්ම වෙනත් ව්‍යංජන වලට එක්කර අනුභවයට ගත හැකිය. නැවුම් පාස්ලි කොළ එළවලු සලාද වලට එක්කර අනුභව කරන්න.

5.පෙපර්මින්ට්

  • හිසරදයන් හා ඉරුවාරදය (මිග්‍රේන්) තත්වයන් නිසා ඇතිවන පීඩාකාරි බව සමනය කිරීමේ ගුණ පෙපර්මින්ට් වල අන්තර්ගතය. පෙපර්මින්ට් කොළ මිශ්‍ර උණු ජලයෙන් වාෂ්ප ඇල්ලීමෙන් හුස්මගැනීමට ඇති අපහසුතා දුරුකරගත හැකිය. විශේෂයෙන්ම නාසයේ අවහිරවීම් සමනය කරයි. පෙපර්මින්ට් තේ වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතියි. වියළි හෝ නැවුම් පෙපර්මින්ට් කොළ තේ වලට හෝ ආහාර වෑංජන සඳහා එක්කල හැකිය. ඒවා තෙල් වර්ගයක් ලෙසත් භාවිතා කල හැකිය.

7.කුරුඳු

  • සිරුරේ ආසාදනයන්ට එරෙහිව හා හානිවූ පටක අලුත්වැඩියාවට කුරුඳු යනු ගුණ දෙන ඔසුවකි. ඒවායේ අඩංගු ප්‍රති-ප්‍රදාහක ගුණ මඟින් හෘද රෝග අවදානම අවම කරවයි. බැක්ටීරියා ආසාදන වලට එරෙහිව සිරුර ආරක්ෂා කිරීම මෙන්ම පිළිකා වළකයි. තේ වලට හා කෝපි වලට කුරුඳු කැබල්ලක් මුසු කාර්මින් පානය කරන්න. විවිධ වෑංජන සඳහා කුළුබඩුවක් ලෙස මේවා බහුලව භාවිතා වේ. එමෙන්ම රසකැවිලි, අතුරුඅස, ස්මූති වර්ග හා කේක් වර්ග සඳහා ද මේවා කුඩු වශයෙන් භාවිතා කෙරේ. දිනපතා පරිභෝජනයට ගැනීම සුදුසුය.