Hela Rahas

Hela Rahas Official Web Portal

බෙල්ලේ කැක්කුම නැති කරන ක්‍රම 8ක්

බෙල්ලේ තදබව හා කැක්කුම් හා වේදනා මතුවීම එම පුද්ගලයාගේ කාර්යක්ෂමභාවයට හා ශරිර සුවතාවයට බාධා කරන්නකි. විශේෂයෙන්ම එම වේදනාවන් ඔබේ අත් සහා කකුල් දක්වා ගමන් කිරීමෙන් එය දෙගුණ තෙගුණ වීම සිදුවේ. දවස පුරා වැඩි වේලාවක් හිස පහළට කරගෙන සිටින පුද්ගලයින් සඳහා මෙවැනි බෙල්ල ආශ්‍රිත වේදනාවන් මතුවිය හැකියි. එය බොහෝ දුරට ඇතැම් අයගේ ‍රැකියාවල් වල ස්වභාවයන් හේතුවෙන් සිදුවේ.ඔබට ඇතිවන බෙල්ලේ වේදනා හා කැක්කුම් සමනය කරගැනීම සඳහා නිවසේදීම උත්සාහ කල හැකි සරල ප්‍රතිකාර සහා ඉරියව් පවත්වාගැනීම් කිහිපයක් තමයි පහතින් දැක්වෙන්නේ.

1.ස්ට්‍රෙචිං

  • මෙමඟින් බෙල්ලේ පේශින් දරදඬු ස්වභාවයකට පත්වීම වැළකේ.
  • උරහිස් ඉහළට රෝල් කරන්න.
  • කිහිපවරක් උරහිස් තල එකවර තද කරවන්න
  • සෙමින් ඔබේ කන් උරහිස් දෙසට නවන්න
  • සෙමින් ඔබේ හිස වමට හා දකුණට රෝල් කරන්න.
  • ඔබේ අත් කන් වලට ඉහළින් තබාගෙන ඇඟිඋලි වලින් මෘදුව තද කරන්න. හිස සෘජුව සිටින සේ බෙල්ලේ මාංශ පේශින් වලින් ප්‍රතිරෝධය ඇතිකරවන්න.

2.සිසිල් හෝ උණුසුම් තැවීම්

  • සීතල පොට්ටනියකින් තැවීම මඟින් බෙල්ලේ ප්‍රදාහය හෙවත් ඉදිමුම අඩු කරවන අතර උණුසුම් පොට්ටනියකින් තැවීම හරහා බෙල්ලේ රුධිර ප්‍රවාහය උත්තේජනය වේ. මෙම ප්‍රතිකාර දෙකම ඉතා ඵලදායී වන අතර ඉන් කැමති ආකාරයක් හෝ දෙකම එකවර මාරුවෙන් මාරුවට භාවිතා කල හැක.

3.කොට්ට ගණන අඩු කරන්න

  • කොට්ට වැඩි ගණනක් උඩ නිදාගැනීමෙන් බෙල්ලට හානිකරය. තද පිරවුමක් සහිත කොට්ට භාවිතය ද නුසුදුසුය.

4.සම්බාහනය කිරීම

  • මෘදුම බෙල්ලේ සම සම්බාහනය කිරීම මඟින් වේදනාව බොහෝ දුරට සමනය කරවාගත හැකිය.

5.සරල ව්‍යායාමයක්

  • ඔබ වැඩි කාලයක් ගත කරන්නේ කාර්යාල මේසයක සිට නම් හෝ පරිගණකයක් ඉදිරියේ නම් ඔබේ බෙල්ල පීඩාවට ලක්වි වේදනා කැක්කුම් මතුවීමට බොහෝ ඉඩ ඇත. එබැවින් විටින් විට නැගිටිමින් සරල ව්‍යායාමයක නිරතවන්න.

6.ඇකියුපන්ක්චර් (acupuncture)

  • ඉපැරණි චීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් වන මෙහිදි සිදුවන්නේ සිරුරේ පීඩන ලක්ෂ්‍යයන් වෙත ක‍ටු චිකිත්සාව සිදුකිරීමයි. ක‍ටු ඇතුල් කිරීම හරහා එම ප්‍රදේශයේ ආතතිය දුරු කරවමින් දිගුකල්පවතින පීඩාකාරි බෙල්ලේ කැක්කුමට ප්‍රතිකාර කරමින් එම අපහසුතාව සමනය කරවයි.

7.දිවේ අගට ගෑරුප්පුවකින් කිහිපවරක් සියුම්ව අනින්න

  • මෙහිදි දිවේ අග මත ගෑරූප්පු තුඩ සහිත පැත්ත වාර 30 ක් පමණ ස්පර්ෂ කරවමින් දිව උත්තේජනය කිරීම සිදුකල යුතුය. මෙය ගෑරුප්පුවකින් තොරව ඇඟිලි තුඬු වලින් ද සිදුකල හැක. බෙල්ලේ වේදනාව ඉක්මනින් අඩු වී යනු ඇත.

8.බෙල්ල පහළට කරගෙන දුරකථනය දෙස බලානොසිටින්න

  • ජංගම දුරකථන ඇබ්බැහියත් බෙල්ලේ කැක්කුම් මතු වීමට එක හේතුවක්. දුරකථනය දෙස බලාගෙන බොහෝ වේලාවක් හිස පහතට නවාගෙන සිටීමේදී බෙල්ලේ ඉදිරිපසට හා පි‍ටුපස ප්‍රදේශයන් වලට අමතර පීඩනයක් එල්ලවීම සිදුවේ. එය වේදනාත්මක අත්දැකීමක් විය හැකි අතරම පසුකාලීනව ඉන් වෙනත් සෞඛ්‍යය ගැටලු පවා වර්ධනය විමට ඉඩ ඇත (උදා: පපුවේ දැවිල්ල). එබැවින් දුරකථන භාවිතයේදී නිසි ඉරියව්වක් පවත්වාගැනීම ඉතා වැදගත් ය. දුරකථනය ඇසේ මට්ටමින් තබාගෙන භාවිතා කිරීම වඩාත් උචිතය.