Hela Rahas

Hela Rahas Official Web Portal

නින්දෙන් ගෙරවීම නතර කර ගැනීමට ක්‍රම 10ක්

කෙනෙකු නින්දෙන් ගොරවන විට අනෙක් පුද්ගලයාට නිදාගැනීම හරිම අපහසු අත්දැකීමක් වෙන එක නම් අහන්නත් දෙයක් නොවෙයි. නමුත්, නින්දෙන් ගෙරවීම කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික තත්වයක් වගේම අපි කාටවුණත් අතින් නින්දේදි සිදුවිය හැකි දෙයක්. ගැඹුරු නින්දේ සිටින විටදි අපේ උගුර වඩාත් ලිහිල් වි පවතින අතර එය චලනය වීම සිදුවන නිසා එසේ පුද්ගලයා නින්දෙන් ගෙරවීම සිදුවේ. නිදා සිටින අතරේදී උගුර හා නාසය හරහා වාතය නොමැතිකමින් ගෙරවීම ඇතිවේ.ඒ හේතුවෙන් අවට පටක කම්පනය වීමට පටන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඝෝෂාකාරි ගෙරවුම් හඬ ඇතිවේ.

නින්දෙන් ගොරවන ඇතැම් පුද්ගලයින් බොහෝ දෙනාගේ නාසික පටක (රසදිව) කම්පනය වීමේ සම්භාවිතාව වැඩිය. කෙසේවෙතත්, සැලකිලිමට විය යුතු අවස්ථා ද නැතිවම නොවේ.යම් කෙනෙකු තදබල ලෙස නින්දෙන් ගෙරවීම නිසා අවට සිටින පුද්ගලයින් හට නින්දට බාධා ඇතිවීම නිසා නින්දේ ගුණාත්මකභාවයට හානි වීම, නින්ද නොයාම නිසා ඉන්සොම්නියා වැනි තත්වයන් ඇතිවීම, කාංසාව වැනි ගැටලු ඇතිවිය හැකිය. නින්දෙන් ගෙරවීම නවත්වාගැනීමට උපකාරී වන ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ.

1.පෙපර්මින්ට් ඔයිල්

  • නාසය හා පපුව අවහිර වීම හේතුවෙන් ඇතැම් විට පුද්ගලයෙකු නින්දෙන් ගෙරවීමට පටන්ගත හැකිය. සයිනස අවහිරතා දුරු කර උගුරේ අපහසුතා සමනය කිරීමට පෙපර්මින්ට් ඔයිල් දායක වේ. ශ්වසන මාර්ගය විවෘත වීමට, ශ්ලේෂ්ලම ඉවත්කිරීමට හා අවහිරවීම් දුරුකිරීම සිදුකරවන කථෝත්සාරකයක් එසේත් නොමැතිනම්, සෙම ඉවත්කරන ඔසුවක් ලෙස ක්‍රියාකරයි. ඒවායේ සංඝටක වල අඩංගු ප්‍රති-ක්ෂුද්‍රීය, ප්‍රති-වෛරස හා ප්‍රති-ඔක්සිකාරක ගුණාංග මඟින් ශ්වසන මාර්ගයේ ආසාදන ඇතිවීමට එරෙහිව සටන් කර එහ් නිරොගිබව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.

2.විටමින් C පරිභෝජනය කිරීම

  • විටමින් C යනු සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත් කිරිම හා ශ්වසන පද්ධතියේ නීරෝගි බව වැඩිදියුණු කරවන ස්වභාවික සත්කාරයකි. නාසයේ පිහිටි සයිනස මඟින් වායු ගමන් කරන මාර්ගය අවහිර වීම නින්දෙන් ගෙරවීම සඳහා හේතුසාධකයකි. මේ හේතුවෙන් මුඛය විවර වි පවතින අතර රසදිව කම්පනයට පත්විමට පටන්ගැනීම සිදුවේ.විටමින් C පරිභෝජනය වැඩිකිරීම මඟින් සයිනස අවහිරතා දුරුකරගැනීම අහසු වනු ඇත. දොඩම්, ලෙමන්, රතු බෙල් පෙපර්, පැපොල්, අන්නාසි, බ්‍රෝකෝලි ආදි විටමින් C බහුල ආහාර පරිභෝජනයට ගන්න. අන්නාසි වල අඩංගු බ්‍රෝමලේන් නම් එන්සයිම වල ප්‍රති-ප්‍රදාහක ගුණ අඩංගු බැවින් ඉදිමුම් හා අවහිරතා ඇතිවීම වළකයි.රාත්‍රී නින්දට යාමට පැයකට පෙර නැවුම් දොඩම් යුෂ හෝ අන්නාසි යුෂ වීදුරුවක් පානය කරන්න.

3.මිංචි හා උළුහාල්

  • නින්ද කෙරෙහි සිරුරේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ද වැදගත් කාර්යභාරයක් ඉ‍ටුකරයි. එය නින්දට බාධා ඇතිවීම කෙරෙහි ද බලපානු ලබයි. මිංචි හා උළුහාල් මඟින් ආහාර මාර්ගයේ අජීර්ණ තත්වයන් හෝ අම්ල රෝග හේතුවෙන් ඇතිවිය හැකි පීඩාව නිසා නින්දෙන් ගෙරවීම ඇතිවීම සුවපත් කිරීමට දායක වේ. බ්‍රොන්කයිටීස් (ශ්ලේෂ්ලම ප්‍රදාහය), පටක ආසාදනයන්, දිගුකල් පවත්නා කැස්ස තත්වයන් වැනි සිරුරේ ප්‍රදාහය තත්වයන් අඩු කරවීමට ගුණ දේ.සිරුරේ අධික ආම්ලිකතාව දුරු කරන අතර නින්දෙන් ගෙරවීමේ ඉඩකඩ අවම කරවයි. නිද්‍රා ඇප්නියා (කටින් හුස්ම ගැනීම නිසා ඇතිවන බරපතල පීඩාකාරි තත්වයකි) වැනි ගැටලු දුරු කිරීමට ද උළුහාල් ගුණ ලබාදේ. මේවා ඔබේ පරිභෝජනයට එක්කරගන්න.

4.කපුරු

  • පපුවේ සෙම ගතිය දුරුකිරීමට කපුරු ඉතා හොඳ ඖෂධයක් සේ භාවිතා වේ. ඒවා මඟින් ප්‍රදාහය අඩු කරවමින් ශ්වසන මාර්ගයේ පීඩාකාරි තත්වයන් යහපත් අතට පත්කරවයි. කපුරු තෙල් වල 90% ක් පමණ ඇත්තේ ප්‍රති-ඔක්සිකාරක,ප්‍රති-ප්‍රදාහක හා වේදනා නාශක ගුණ ය. බැක්ටීරියා, වෛරස් හා දිලීර ආසාදනයන් ඇතිවීම වැළැක්වීම, ශ්වසන මාර්ගය පිරිසිදුව තැබීම හා ඒ තුල ශ්ලේෂ්මල ඇතිවීම වැළැක්වීම සිදුකරයි.
  • රාත්‍රියේ නින්දෙන් ගෙරවිම වළක්වාගැනීම සඳහා කපුරු තෙල් භාවිතා කල හැකි ආකාරය:ස්ටීම් හීලර් උපකරණයකට හෝ උණු වතුර භාජනයකට කපුරු කොළ කිහිපයක් දමා හොඳින් වාෂ්ප අල්ලන්න. නාසයෙන් මෙන්ම කටින් ද එම වාෂ්ප ආග්‍රහණය කරන්න. එමඟින් අවහිර වී ඇති සයිනස ලිහිල් වනු ඇත.රාත්‍රි නින්දට පෙර මෙය සිදුකරන්න.

5.දන්ත ආධාරක භාවිතය

  • ශ්වස්නයට බාධා ඇතිනොවන සේ හා දිව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩකඩ වැඩිකරවන ආධාරක සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවේ. ගෙරවිල්ල පාලනය කිරීමට එවැනි ආධාරක හොඳ ප්‍රතිඵල ලබා දි ඇති බව ඇමෙරිකානු දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්තා වල දැක්වේ. මෙවැනි ඕර්තොඩොන්ටික් රිටේනර් උපකරණ මඟින් හණු වඩාත් ඉදිරියට ඇදෙන සේ ආධාරකයක් ලබාදෙමින් ඉහළ වායුමාර්ගය විවෘතව තබයි.

6.බර පිළිබඳ සැලකිලිමත් වන්න

  • බෙල්ල අවට මහත නිසා නින්දේදි ඇඳ උඩ වැතිර සිටින විට උගුර ප්‍රදේශය වඩාත් ප‍ටු විම සිදුවන නිසා බොහෝ දුරට එවැනි පුද්ගලයින් නින්දෙන් ගෙරවීමේ අවස්ථාව වැඩිය. බෙල්ලේ මහත වැඩි පුද්ගලයින් නින්දෙන් ගෙරවීම වැඩිබව සඳහන් වේ. ඒ අනුව බෙල්ලේ විශාලත්වය ගෙරවීම කෙරෙහි බලපාන බව ඉන් අදහස් කෙරේ. සිරුරේ අධික බරක් ඇති පුද්ගලයින් නින්දෙන් ගෙරවීමේ සම්භාවිතාව වැඩිය. සිරුරේ බර අඩු කරගැනීම ඊට හොඳ විසඳුමකි.

7.හියුමිඩිෆයර් උපකරණයක් භාවිතා කිරීම

  • නාසය හෝ උගුර අවහිර වීම හෝ ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන නින්දෙන් ගෙරවීමේ තත්වය වඩාත් දරුණු වීමට වියළි වාතාශ්‍රයක් තිබීම හේතුවක් වේ. එවැනි පරිසරයක ද ආශ්වාස කෙරෙන්නේ වියළි වායුව නිසා නාසික පටල, උගුර වියළී ගොස් අවහිර විමට පටන්ගත හැක. එසේ අවහිර විමෙන් ශ්වසන මාර්ගයේ පැහැදිලි බවට බාධා ඇති වී පටක කම්පනය වීම සිදුවිය හැක.හියුමිඩිෆයර් හෙවත් වාතාශ්‍රයේ තෙතමනය වැඩිකරවන උපකරණයක් නිදන කාමරය තුල භාවිතා කිරීම ඊට ඇති තවත් හොඳම විසඳුමකි.එය ශ්වස්න ක්‍රියාවකිය හා පෙනහළු වලට සැපපහසු පරිසරයක් ඇතිකරවයි.වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා කපුරු හෝ පෙපර්මින්ට් වැනි එසෙන්ෂියල් ඔයිල් වර්ගයක් ද ඊට එක්කල හැකියි.

8.දුම් බීමෙන් වළකින්න

  • දුම් පානය කිරීම නිසා නාස් කුහර වල හා උගුරේ ආස්ථර වල පීඩාකාරි අපහසුතාවන් ඇති වන අතර ඒ හැතුවෙන් ඒවා ඉදිමීම හා පීනස තත්වයන් වර්ධනය විය හැකිය. සිගරට් දුම නිසා නාස් කුහර අවහිර විම නිසා ඒ හරහා ගමන් කරන්නේ අඩු වායු ප්‍රවාහයක් වීමෙන් හුස්ම ගැනීම දැඩි අපහසු බවක් ගනියි. එසේ වන විට පුද්ගලයා නින්දෙන් ගෙරවීම සිදුවේ. පානය කරන සෑම සිගරට්‍ටුවකින්ම නාසයේ අවහිරතාව ඉහළ යයි. සිගරට් පානය නොකළත් ඒ දුම ආග්‍රහණය වන පුද්ගලයින් හට නාසය හා උගුර මාර්ගය ආශ්‍රිත දිගුකල්පවත්නා ප්‍රදාහය තත්වයන් වර්ධනය වීමේ අවදානම ඉහළය.

9.නීරෝගි සමබල ආහාර වේලක් ලබාගන්න

  • සිරුරේ ප්‍රදාහය තත්වයන් ඇතිවීම අඩු කරවන ප්‍රති-ඔක්සිකාරක ගුණ හා එන්සයිම අඩංගු ආහාර පරිභෝජනය වැඩි කිරිම් අනින්දෙන් ගෙරවීම අවම කරගැනීමට ඇති හොඳ ක්‍රමයකි.කිරි නිෂ්පාදන වැනි ආහාර නින්දට පෙර ආහාරයට ගැනීම නින්දෙන් ගෙරවීමේ තත්වය උත්සන්න වීමට හේතුවක් වියහැකියි. ඊට හේතුව නම් ඒවා උගුර අභ්‍යන්තරයේ ශ්ලේෂ්මල පටලයක් සේ ඉතිරි වීම නිසයි. ඒ හේතුවෙන් ශ්වසන මාර්ගය අවහිර වීමට ඉඩ ඇත.
  • රාත්‍රි ආහාර වේලට බර ආහාර ලබානොගන්න. අධික ලෙස ආහාර ගැනීමත් නුසුදුසුයි. බඩ පිරි ඇති විට එය් මහා ප්‍රාචීරය දෙසට එසවී ඔබේ රිද්මයානුකූල ශ්වසනයට බලපෑම් ඇතිකරවයි. සිරුර පුරා වායුව ගමන් කිරීමට වැඩි ඉඩකඩක් අවශ්‍ය වීම නිසා පුද්ගලයා විසින් නින්දෙන් ගෙරවීමට ඉඩ ඇත.බැදුම් ආහාර, කිරි නිෂ්පාදන, මත්පැන්, චොකලට්, පෙර සැකසූ ආහාර හා සරල කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර පරිභෝජනයෙන් හැකිතාක් වළකින්න.

10.නින්දෙන් ගෙරවීම අඩු කරවන ස්වභාවික ප්‍රතිකර්මයක්

  • සිරුරේ ඇති සෙම අඩු කරගැනීමට මෙම ප්‍රතිකර්මය බොහෝ සෙයින් උපකාරී වනු ඇත. මේ සඳහා භාවිතා වන සියල්ල ස්වභාවික අමුද්‍රව්‍ය වේ.
  1. කැරට් අල 2
  2. ඇපල් ගෙඩි 2
  3. ලෙමන් ගෙඩි 1/4
  4. ඉඟුරු කැබැල්ලක්
  5. දොඩම් යුෂ කෝප්ප 1
  • ක්‍රමය: මේ සියල්ල බ්ලෙන්ඩරයකට දමා පානය සකස් කරගන්න. රාත්‍රි නින්දට පැය දෙකකට පමණ මෙය පානය කරන්න.