Hela Rahas

Hela Rahas Official Web Portal

ඇඳුම් අසුරාතබන විට සිදුකරන වැරදි 10 ක්

නිසි පරිදි ක්‍රමවත්ව ඇඳුම් අසුරාතැබීමෙන් ඒවා දිගු කලක් හොඳ තත්වයෙන් භාවිතා කල හැකියි. නමුත්, අසුරාතැබිමේදි සිදුකරන වැරදි නිසා බොහෝ වටිනා ඇඳුම් පැලඳුම් පවා දවසෙන් දෙකෙන් විනාශ වෙලා යන්නට ඉඩ තිබිය හැකියි. ඒ නිසා ඇඳුම් වල අලුත් බව ‍රැකගන්න නම් මේ වැරදි සිදුකිරීමෙන් වළකින්න .

1.අපිරිසිදු ඇඳුම් අල්මාරියට දැමීම

  • පිටතට අඳින ඇඳුම් සියල්ල dry clean කරගන්න. ඒවා කිළිටි ප්ටින් අල්මාරි තුලට නොදැමිය යුතුයි. එසේ කිරීමෙන් ලොම් කබා වල නියම දිලිසෙන ස්වභාවය නැතිවීම සහ ලෙදර් ඇඳුම් වල මතුපිට ඔපය හා නම්‍යතාව අඩු වීම සිදුවිය හැක. ඇඳුම් වලට කෘමිවිකර්ෂක (උදා: කපුරු බෝල වැනි) භාවිතා කරන්න.

2.වැකියුම් බෑග් වල රෙදි අසුරාතැබීම

  • වැකියුම් බෑග් (vacuum bag) වල ඇඳුම් අසුරාතිබීම ලොම් සහ ලෙදර් වලින් නිමවන ලද ඇඳුම් වලට සුදුසු නොවේ. ඉට හේතුව ඇතුලතට ඔක්සිජන් සැපයුමක් නොලැබීම නිසා ඇඳුම් වලින් අප්‍රසන්න පුස් ගන්ධයක් වහනය වීම, එවැනි ඇඳුම් මතුපිට ඇලෙන සුලු ස්වබාවයක් ගැනීම සහ ලොම් ඇඳුම් වල එම කොටස් කැඩී අතට ඒම හා හානිවී තිබෙන අයුරු දැකිය හැකිවේ.

3.හැන්ගර් භාවිතය

  • ප්‍රමාණවත් තරමින් හැන්ගර් කිහිපයක් නිවසේ තබාගන්න. එකම හැන්ගර් එකේ ඇඳුම් කිහිපයක් එල්ලා නොතබන්න. ඉන් ඇඳුම් අතරේ වාතාශ්‍රය ගමන් කිරීම අවහිර වී යයි. ඇඳුම් වල්ල ප්‍රමානයට ගැලපෙන ස්වබාවයේ හැන්ගර් භාවිතා කරන්න. ඉන් අත් වල හැන්ගර් එකට තද වී රෙද්දේ බුබුළු මතුවීම වළක්වාගත හැක.

4.ගොතන ලද ඇඳුම් සහ ස්වීටර් වැරදි ක්‍රමයකට අසුරාතැබීම

  • ගොතන ලද හා වූල් ඇඳුම් හැන්ගර් වල එල්ලා නොතැබිය යුතුයි. ඉන් ඒවායේ නියම හැඩය වෙනස් වී යා හැකියි වගේම බුරුල් බව වැඩි වී යා හැකියි. මේවා රාක්ක වල අසුරාතැබිය හැකියි. ඒවා අනෙක් ඇඳුම් වලින් වෙන් කර වෙනම තබන්න.දිගු ගවුම් හා සායවල් බිම ඇදෙන සේ එල්ලා නොතබා මේ ආකාරයෙන් බාර් එකේ වනා තිබීමෙන් නිතර iron කිරීමට අවශ්‍ය නොවේවි.

5.දිගු ඇඳුම් හැන්ගර් වල එල්ලා තැබීම

  • ඇඳුමේ බර සහ වර්ගයට ගැලපෙන හැන්ගර් ‍තෝරාගන්න. සිහින් හැගර් මත ලෙදර් ඇඳුම් ආදි බර වැඩි ඒවා එල්ලා නොතබන්න. සියුම් රෙදි වර්ග වලින් මසා ඇති ඒවා ලී හැන්ගර් වල එල්ලා නොතබන්න. ඉන් රෙද්ද ඉරී යාමට ඉඩ ඇත.

6.කලිසම් අසුරාතබන්න වැරදි ආකාරය

  • කලිසම් නැවි ඇති තැනින් ඇදීගොස් (streched) තිබිය හැකියි. එමෙන්ම ක්ලිප් සහිත හැන්ගර් භාවිතා කල විට එම සලකුණ කලිසම් වල ඉතිරි විය හැකියි. එබැවින් කලිසම් එල්ලා තැබීමට හොඳම ක්‍රමය වන්නේ එහි සම්පූර්ණ උසින් ක්ලිප් හැන්ගර් එකකින් එල්ලා තැබීමය

7.යට ඇඳුම් නවා තබන ආකාරය

  • බ්‍රා දෙකට නවා අසුරා තැබීමෙන් බොහෝ විට ඒවායේ පෙනුමට හානියක් විය හැක. විශේෂයෙන්ම ඒවායේ පියයුරු රඳවාගැනීමේ හැකියාව සහ නිමාව සම්බන්ධයෙන් වෙනස්කම් ඇතිවිය හැක.දෙවන පින්තූරයේ ආකාරයෙන් ඒවා අසුරා තැබීම වඩාත් සුදුසුය.

8.හැන්ගර් භාවිතා කිරීම වෙනුවට රාක්කයක් භාවිතා කිරීම

  • සියුම් රෙදි වලින් මසා ඇති බ්ලවුස් , සායවල් සහ ගවුම් වර්ග ඒවාට ගැලපෙන ප්‍රමාණයේ හැන්ගර් වල එල්ලා තබන්න. වූල් සහ ගොතන ලද ඇඳුම් ඇදීයාම වළක්වාගැනීමට ඒවා රාක්කයේ අසුරාතැබීම සුදුසුයි.

9.ඇඳුම් කිහිපයක් එකම හැන්ගර් එකේ එල්ලා තැබීම

  • විවිධ උප කොටස් ඇති හැන්ගර් වල හැර ඇඳුම් කිහිපයක් එකම හැන්ගර් එකක එල්ලා නොතබන්න. ඉන් යටම ඇති ඇඳුම් වල හානි ඇති වීය හැකියි.

10.බොත්තම් හෝ සිපර් නොපියවා ඇඳුම් අසුරාතැබීම

  • හැන්ගර් වල ඇඳුම් එල්ලා තබන විට ඒවායේ බොත්තම්,සිපර් , ගාංචු, පටි ආදිය පියවන්න. එමඟින් ඇඳුම් වල නියම ස්වභාවය හොඳින් ආරක්ෂා කරගැනීමට හැකිය.