Hela Rahas

Hela Rahas Official Web Portal

කල නොහැක්කක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කෙරූ පුද්ගලයින් 8 දෙනෙක්

ස්ටෙෆන් හෝකිංග් ,ෆ්‍රිඩා කාලෝ , බී‍තෝවන් ,ඇල්බර්ට් අයින්සටයින් ආදී නම් අපට කුඩා කාලයේ සිටම අහන්නට ලැබුනු ශ්‍රේෂ්ඨ පුද්ගල නාම කිහිපයකි. නමුත්, ඔවුන් සැබෑ ජීවිතයේදී බොහෝ බාධක අභියෝග වලට මුහුණ දීමට සිදු වූ අය වග බොහෝ දෙනා නොදත් කරුණකි. ඔවුන්ගේ සාර්තකත්වයට හේතු වූ එකම කාරණය වී ඇත්තේ ඔවුන් තුල නොනැසී පැවතුණු ශක්තිමත් අධිෂ්ඨානයයි.
අද අපි කියන්න යන්නේ තමන් කෙරෙහි විශ්වාසයක් ඇත්නම් කිසිවෙකුටත් ඔබව වැළැක්විය නොහැකියි ලොවට ඔප්පු කර පෙන්වූ මිනිසුන් කිහිපදෙනෙකුගේ කතා පුවත් ය.

1.මාර්ලි මැට්ලින් (Marlee Matlin)

  • වයස අවුරුදු 1 1/2 ක් වන විට මාර්ලී බිහිරි දරුවෙකු යයි තහවුරු විය. “මට නොහැකි එකම දේ කන් ඇසෙන්නේ නැතිකම පමණයි (the only thing I can’t do is hear)” යන්න ඇය කුඩා කල පටන් තමන්ගේ උදාන පාඨය කරගත්තාය. ඇය කුඩා කල ඇගේ දෙමවුපියන් වෛද්‍යවරයාගේ උපදෙස් නොතකාම ඇයව බිහිරි දරුවන් සඳහා වන විශේෂිත පාසලකට නොයවා පොදු පාසලකට ඇතුලත් කරන්නට කටයුතු කළහ. විවිධ විශේෂ වැටසටහන් වලට සහභාගී වීමෙන් ඇය ඉතා ඉක්මනින්ම ජීවිතයට අනුගත වූවාය. ඇයගේ උනන්දුව කැපවීම නිසාම ලොව ඇකඩමි සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ පළමු සහ එකම බිහිරි රංගනශිල්පිනිය බවට ඇය පත් වූවාය. මාර්ලී නිතරම පවසන්නේ: “මම හැමදාම මිනිසුන්ට මාව තේරුම් කරදීමට හැකි ආකරයක් වෙනුවෙන් මහන්සි වී වැඩ කරනවා, හරියට මගේ දෙමවුපියෝ මට තේරුම් කරලා දුන්නා වාගේ. මට ඕන බිහිරි මිනිසුන්ට ගෞරවය පමණක්ම නොව ඔවුන්ව ඔබට ඇසෙනු දැකීමටත් අපේක්ෂා කරන බව ලෝකයට තේරුම් කිරීමටයි”. “deaf people are not only deserve respect, they deserved to be heard”, ඇය කියන්නීය.

2.නික් වුජිසික් (Nick Vujicic)

  • “මට අත් සහ කකුල් අවශ්‍යය නැත, මට අවශ්‍ය වන්නේ ඔහුවයි” යන්න උදාන පාඨය කරගත් නික් අද වට විට ලොව වඩාත් ජනප්‍රිය “motivation” නැතිනම් අභිප්‍රේරණය සම්බන්ධ උපදේෂකයෙකි. එපමණක් නොව ඔහුට ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියකුත් තිබේ.ඔහු විවාහකයෙක් මෙන්ම දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. උපතින්ම අත් පා අහිමි වුනත් නික් සතුව හොඳ අධිෂ්ඨානයක් තිබුණි. එය ඔහුට හිමි වී ඇත්තේ ඔහුගේ මවගෙන් යැයි ඔහු විශ්වාස කාරයි.ඔහු ලියූ ග්‍රන්ථයක ඔහුගේ මව ඔහුට පැවසූ වදන් පෙලක් ඔහු අන්තර්ගත කර තිබුණේය මෙසේය.” නිකොලස් ” ඇය පැවසුවාය.”ඔබ අනෙක් සමාන්‍යය ළමුන් සමඟ සෙල්ලම් කලයුතුයි. මොකද ඔබත් ඒ වගේම සාමාන්‍යය ළමයෙක් නිසා. පොඩි පොඩි දේවල් කිහිපයක් විතරයි ඔබට නැත්තේ. ඒක ලොකු දෙයක් නෙවෙයි.”ඔහු පොත් පමණක් නොව ගීත ද රචනා කරයි. සර්ෆ් (Surf) ක්‍රීඩාවට වගේම ගොල්ෆ් ක්‍රීඩාවටත් ඔහු ප්‍රිය කරනවා. ඔහු නිතරම ලොව වටා සංචාරය කරමින් මිනිසුන්ට ජීවිත් වීමට අරමුණක් ලබාදීමට, ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වයන් ඔවුන්ටම හඳුනාගැනීමට උපකාර කිරීම වෙනුවෙන් උපදේශන වැඩසටහන් පවත්වමින් සිටියි.

3.ස්ටෙෆන් හෝකිංග් (Stephen Hawking)

  • ශිෂ්‍යයෙකුව ඉටින කාලයේදි ස්ටෙෆන් ගේ ශරීරය Amyotrophic lateral sclerosis නම් රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබුණි. එය කාලයත් සමඟ ස්නායු මියයාමේ රෝගයකි. රෝගය ක්‍රමයෙන් උත්සන්න වූ අතර අවුරුදු කිහිපයකින් ඔහු සම්පූර්ණයෙන්ම ඔත්පල විය. ඔහුගේ උගුරේ සිදු කල සැත්කමකින් පසුව ඔහුට කතා කිරීමේ හැකියාව ද අහිමි විය. නමුත්, මේ කිසිවකින් ඔහුව වැළැක්වීමට නොහැකි විය. ඔහු දෙවතාවක්ම විවාහ වූ අතර ඔහුට දරුවන් තිදෙනෙකු වූහ. ඔහු මෑත කාලයේ ලොව බීහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයින්ගෙන් අයෙකු සේ සැළකේ.මෑත කාලයේ බිහි වූ සමකාලීන න්‍යායාත්මක භෞතිකවාදීන් අතරින් වැඩි බලපෑමක් කල හැකි විද්‍යාඥයෙකි. ඔහු විශ්වාස කරන ආකාරයට අනුව ඔහුට බොහෝ දේ හිමි වී තිබුණේ ඔහුගේ රෝගී තත්වයට ස්තූති වෙන්නටය.” මීට පෙර මගේ ජීවිතය ඉතා කම්මැලි ලෙසයි ගත වුනේ. දැන් මන් ඉන්නේ ගොඩක් සතුටින්. අකල් මරණය ගැන සිතුවිල්ල නිසාම ජීවත් වීමට ඇත්නම් කෙතරම් වටිනාව දැයි මට වැටහී ගියේය. බොහෝ දේ සිදු කිරීමට හැකිය, සියලු දෙනාටම සිදුකල හැකි දෑ බොහෝය.” ඔහු වරක් පවසා සිටියේය.

4.ෆ්‍රිඩා කාලෝ (Frida Kahlo)

  • ෆ්‍රිඩා කාලෝ මෙක්සිකෝවේ අතිශයින් ප්‍රසිද්ධියට පත් වූ චිත්‍ර ශිල්පිණියකි. ඇයගේ අනර්ඝ මෙන්ම වෙනස් වූ පින්තාරු කලාව ඉතා සුවිශේෂී වේ.අවුරුදු 6 දි ඇය පෝලියෝ රෝගය ට ගොදුරු වී දැඩි ලෙස රෝගාතුර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ එක් කකුලක් අනෙක් කකුලට වඩා සිහින් වී ගියේය. මේ සිදු වීමෙන් ඇය දැඩි අධිෂ්ඨානයක් ගොඩ නගා ගත්තාය. කෙට්‍ටු කකුල නිසාම මිත්‍රයින්ගේ උසුලු විසුළු වලට ලක් වූ ඇය ඉන් නිදහස් විය යුතු යැයි සිතා පිහිනීම, නර්තනය,පාපන්දු මෙන්ම බොක්සිං පිලිබඳව උනන්දුවෙන් උගත්තාය.තරුණ වියේදී ඇය එක් කාර් අනතුරකට ලක්වුණාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය මියයනතුරුම ඇයට දරුණු කොන්දේ තුවාලයක් සහා එහි දැඩි වේදනාවක් පැවතුණි. අනතුරින් පසු ඈයට මාස ගණනාවක් යන තුරුම ඇ‍ඳෙන් බැසගත නොහැකි විය. මේ කාලයේදී ඇය නොනවත්වා චිත්‍ර ඇඳීම සිදු කළාය. ඉන් බොහෝ ඒවායේ ඇය විසින් ඇයගේම රුව පින්තාරු කර තිබුනාය (self-portraits). වර්තමානයේදී ෆ්‍රිඩා කාලෝ ගේ නිර්මාණ අලෙවි වන්නේ ඩොලර් මිලියනය වැනි ඉහළ මිල ගණන් යටතේය.

5.රේ චාර්ල්ස් (Ray Charles)

  • රේ යනු ඇමෙරිකානු සංගීතයේ අපට හමුවන අති විශිෂ්ටයෙකි.ඔහු විසින් ග්‍රැමී සම්මාන 12 ක් හිමි කරගෙන තිබේ. කුඩා කාලයේදී ඔහුට ඔහුගේ පෙනීම නැති වීමට පටන් ගෙන තිබුණී. අවුරුදු 7 සපිරෙන්නටත් ප්‍රථම ඔහු සම්පූර්ණයෙන්ම අන්ධ වී ගියේය. ඔහුට යන්තම් අවුරුදු 15 ක් වූ වසරේ ඔහුගේ මව මිය ගියාය. ඉන් දැඩි කම්පනයට පත් වූ ඔහුට කිසිසේත් නිදාගැනීමට, කැමක් ගැනීමට හෝ කතා කිරීමට පවා හෝ නොහැකිව දින ගණනාවක් දුකින් ගත කරන්නට විය. තමන් එන්න එනම් පිස්සෙකු වෙමින් සිටි බව ඔහු කියා සිටියේය. ඔහු එම කම්ප්නයෙන් (Depression) මිදී සුව වූ පසු තේරුම් ගත් එක් දෙයක් වූයේ “මෙතරම් දුක්ඛාන්තයක් අතරින් ජීවත් වීමට තමන්ට හැකි වූවානම් , ඉදිරියේ සිදුවන ඕනම දෙයකට තම දැන් සූදානම් බවයි.”ඔහුට වයස 17 ක් වෙද්දී ,ඔහු තම පළමු soul, jazz ,rhythm හා blue ඒකපුද්ගල ගීත කිහිපයම පටිගත කරනු ලැබීය. අද වන විට ඔහු ප්‍රසිද්ධ සංගීතඥයෙකු ලෙස ලොවම හඳුනාගනියි.ඔහුගේ නිර්මාණ Library of congress හි ද අන්තර්ගතකර ඇත. 2004 වසරේ ඔහු මිය යාමත් සමඟ “Rolling stone” නම් මැගසිනය මඟින් ඔහුව ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම කලාකරුවන්ගේ නම් ලැයිස්ත්වේ 10 වෙනි ස්ථානයට නම් කරනු ලැබිණි.

6.හෙලන් කෙලර් (Helen Keller)

  • වයස වුරුදු 1 1/2 ක් වන විටදී ඇය එවක පීඩා විඳිමින් සිටි රෝගයකින් සුවය ලබමින් සිටියාය.එසේ රෝගී වූ කාලයේදී ඇයගේ පෙනීමත්, කන් ඇසීමත් ඇයට අහිමිව ගියාය. නමුත් ,මේ කිසිවකට ඇයගේ ආත්ම විශ්වාසය බිඳ දැමිය නොහැකි විය. ඇය විසින් ලේඛිකාවක් වීමට සිහින දැක්කාය. පොත් ගණනාවක් මෙන්ම ලිපි 400 කට අධිකව ඇයගේ නමින් පලවිය. ඇය විසින් ශාස්ත්‍රවේදී ප්‍රථම උපාධියක් හිමිකරගත් ලොව එකම හා ප්‍රථම අඳ- බිහිරි පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියට පත් වූවාය. එපමණක් නොව, කෙලර් සක්‍රීය දේශපාලන කටයුතු වලට ද මැදිහත් වූවාය. ඇය කාන්තා සහා කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කලාය.කෙලර් විසින් ඇයගේ ශක්තිමත් පෞර්ෂය සහා ඇය තුල වූ කුතුහලය නිසාම ඉතාමත් සාර්ථකත්වයට පත් වූවාය. ඇය නිතර පැවසූ දෙයක් නම්: “සතුටේ එක් දොර‍ටුවක් වැසී යන විට තවත් දොර‍ටුවක් විවෘත වෙනු ඇත. නමුත්, අපි වැසුණු දොර‍ටුව දෙස බලා දුක් වෙමින් සිටින මුත් අපි වෙනුවෙන් විවෘත වුණු අනෙක් දොර‍ටුව බොහෝ විට නොදකියි” (When one door of happiness closes,another opens.;but often we do not see the one which has been opened for us)

7.ලුඩ්විග් වෑන් බී‍තෝවන් (Ludwig van Beethoven)

  • වයස අවුරුදු 26 දී බී‍තෝවන් හට කන් ඇසීමේ හැකියාව නැතිවී ගියේය. නමුත්, ඔහු දිගටම සංගීත නිර්මාණ සිදුකිරීමට කටයුතු කලේය. ඔහු සම්පූර්ණ බිහිරි බාවයට පත් වුවත් ඔහුගේ සංගීතය නම් ඉන් නොනැවතුණි. පූර්ණ බිහිරිබාවයට පත් වූ පසුත් ඔහු විසින් ලියූ moonlight Sonata හා Fur Ellis වැනි නිර්මාණ අතිශය ජනප්‍රිය වීය. ඔහුගේ දක්ෂතාවයට හා ශක්තිමත් අධිෂ්ඨානයට පින් සිදුවෙන්නට ඔහු විසින් ඔහු තුලම ඇති සංගීතයට ඇහුම්කන් දීමට ඉගෙනගන්නට විය. Symphony No. 9 යන නිර්මාණය රචනා කරමින් පසුව ඔහු විසින්ම මෙහෙය වූ සංගීත සංදර්ශණයක් පැවැත්වීමට ද කටයුතු කලේය. ඉතාමත් සාර්ථක ඉදිරිපත් කිරීමකින් අනතුරුව ඔහු හඬා වැටෙන්නට පටන් ගත් බව කියවේ. “දක්ශතාවයක් ඇති සහ තමන් කරන දෙයට ආදරයක් ඇති මිනිසෙකුට කිසිඳු සීමා මායිමක් බලපාන්නේ නොමැත”, ඔහු වරක් කීය.(There are no barriers for a person with talent and love towards work)

8.ඇල්බර්ට් අයින්සටයින් (Albert Einstein)

  • අයින්සටයින් කුඩා කාලයේදී ඔහුට අනාගතයක් තිබෙදයි ඇතමුන් සැක සිතූ බව කියවේ. ඔහුට වයස අවුරුදු 3 ක් වන තුරුම ඔහු කතා කිරීමට පටන්ගෙන් තිබුණේ නැත. ඔහු ගොඩක් දුරට ඕටිසම් හා ඩිස්ලෙක්සියා (වචන අන්ධතාව) රෝග ලක්ෂණ පෙන්නුම් කලේය. උසස් පාසලේදී, ඔහු පන්ති මඟ හැරීමට පුරුදුව සිටියේය. එම නිසාම ඔහුට උසස් පාසලෙන් සමත් වීමට නොහැකි වීය. තමන් දක්ශ යැයි තම දෙමවුපියන්ට ඔප්පු කර පෙන්වීමට සිතූ ඔහු වරක් ඔහු විසින්ම ඉංග්‍රීසි පරීක්ෂණයකට සූදානම් වූවේය. දෙවන වරටත් එයට පෙනී සිටිමින් ඔහු, ස්විට්සර්ලන්තයේ Zurich හි පිහිටි Polytechnic විශ්වවිද්‍යාලයට ඇතුල්වීමටච්වරම් ලැබුවේය. අයින්සටයින් විසින් වරක් පවසා ඇත්තේ,”සියලු දෙනාම දක්ශයින් වේ. නමුත් ඔබ මාලුවෙකු ඌගේ ගස් නැගීමට ඇති හැකියාව මත පිහිටා විනිශ්චය කරනවානම්, ඌ මුලු ජීවිත කාලය පුරාවටම එය මෝඩ අදහසක් යයි සිතමින් කල් ගෙවනු ඇත.” යනුවෙනි.