Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයේ තිබෙන අමුතු රසකැවිලි වර්ග 14ක්

තරඟකාරී වෙළඳපොල තත්වයන් නිසා නිෂ්පාදකයින් විසින් කලින් කලට තම නිෂ්පාදන අලුත්ම සහ වෙනස්ම මුහුණුවරකින් යුතුව පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරති. ඔවුන්ගේ එම ඇතැම් නව නිෂ්පාදන පාරිභෝගිකයින්ව පුදුමයෙන් පුදුමයට පත්කරවීමට සමත් ආකාරයේ අමුතු සංකල්ප වීම විශේෂත්වයක් ගනියි. ඒකාකාරි බවට වඩා වෙනස් දේවල් ආකර්ෂණීයයි. ඒ නිසාම බොහෝ දෙනා වෙළඳපොලට පැමිණෙන අලුත්ම සහ වෙනස්ම දේවල් මිලදි ගනිමින් උත්සාහ කර බැලීමට උනන්දු වෙති.

විශේෂයෙන්ම ආහාර පාන සම්බන්ධව වෙළඳපොලට නිකුත් වන නව නිෂ්පාදන රස විඳ බැලීමට කවුරුත් කැමතියි. ගොඩක් දෙනෙක් කැමති රසකැවිලි නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන සමාගම අතර විශාල තරඟකාරීත්වයක් ඇති වි තිබෙනවා. ඔවුන් විසින් වෙළඳපොල නිර්මාණය කරගැනීමේ අරමුණින් පාරිභෝගිකයින් වෙත හඳුන්වාදී ඇති රසකැවිලි නිෂ්පාදන අතරින් ලෝකයේ අමුතුම ආකාරයේ රසකැවිලි නිෂ්පාදන වර්ග කිහිපයක්ම පිලිබඳ තොරතුරු අපට අසන්නට ලැබුණා.අද දවසේ අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ ඒ වගේ අමුතුම ආකාරයේ රසකැවිලි වර්ග 10 ක් ගැනයි.

1.කන්කලාඳුරු වල රසය ගන්නා ලොසින්ජර්

  • මේ ලොසින්ජර් වර්ග කන්කලාඳුරු පමණක් නොව සබන්, මඩ, වමනය, කුණු මාලු, මේස් හෝ බියර් ආදි අසාමාන්‍ය ආකාරයේ රසවල් වලින් යුක්තයි. Jelly Belly Candy Company නම් සමාගම විසින් වසර 150 ක් තිස්සේ මේවා නිෂ්පාදනය කරයි.

2.ගෝනුස්සන්, පණුවන් සහ කැරපොත්තන් සහිහ ලොලිපොප් වර්ග

  • Hotlixs සමාගම වසර 25 ක් තිස්සේ මේ ආකාරයෙන් විවිධ කෘමි සතුන් මිශ්‍ර රසකැවිලි නිෂ්පාදනයේ යෙදි සිටියි. ඔවුන්ගේ නිෂ්පාදන අතර ගෝනුස්සන් සහ කුහුඹුවන් සහිත ලොලිපොප්, පළඟැටියන් සහ පණුවන් යෙදු චොකලට් සහ කුරුමිණියන් එක්කල වොෆල් වැනි ආහාර වේ.

3.මූත්‍රා සාම්පල බෝතල් වල ඇසුරුම් කර ඇති රසකැවිලි

  • Candywarehouse සමාගමේ අමුතුම නිෂ්පාදනයක් වන මෙම රසකැවිලි ඇඹුල් රසැති දියර ස්වභාවයේ නිෂ්පාදනයකි.

3.සීනි මුසු කල වයලට් මල්

  • මෙම රසකැවිලි විශේෂය දුර්ලභ සහ ජනප්‍රියතම නිෂ්පාදනයකි. මේවා නිපදවන්නේ ස්පාඤ්ඤයේ La Violeta සමාගම විසිනි. වෙනත් නිෂ්පාදන මෙන් නොව මෙම සමාගම රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ සැබෑ වයලට් මල් වීම විශේෂත්වයකි.

4.කුකී පිටි මෝලියෙන් සැකසූ අයිස් ක්‍රීම්

  • නිව් යෝර්ක් හි Cookie Dough Cenfections ආයතනය අමුතුම ආකාරයේ අතුරුපසක් හඳුන්වාදී තිබේ. එය අයිස් ක්‍රීම් ස්වරූපයක් ගන්නා කුකී මිශ්‍රණයකින් සැදූ ආහාරයකි. එය සාමාන්‍ය කුකී පිටි මිශ්‍රණය විවිධ රස සහ සැරසිලි වලින් අලංකාර කර පිලිගැන්වෙන්නකි. මෙසේ පිටි මිශ්‍රණය ආහාරයට ගැනීම ගැටලුවක් නොමැති බව නිෂ්පාදකයින් පවසති.

5.වැසිකිළි බඳුන් වැනි ඇසුරුමකින් එන රසකැවිලි වර්ගයක්

  • මෙම Moko Moko Mokoletto නම් රසකෙවිලි නිෂ්පාදනය සකස් කර ගැනීමට ලබාදී ඇති බඳුන හරිම වෙනස් ආකාරයේ එකකි. එය කුඩා ප්ලාස්ටික් වැසිකිළි බඳුනකි. ඊට මෙම රසකැවිලි මිශ්‍රණය දමා ජලය එක්කර වසා තැබිය යුතුයි. මිශ්‍රකරගත් පසු බටයක් ආධාරයෙන් එය් රසවිඳීමට ඔබට හැකියි.

6.රසකැවිලි සුප්

  • Soup Candy නම් මෙම නිෂ්පාදනය ජනප්‍රිය ජපන් රසකැවිලි වර්ගයකි. මෙම පැකැට්‍ටුවේ සඳහන් උපදෙස් අනුව එහි අන්තර්ගතය සුප් එකක් ලෙස පිළියෙල කර අනුභවයට ගත හැකිය.

7.අයිස් ක්‍රීම්,ස්විට් බීන්ස්, බාඕබාබ්, හිම පිපිඤ්ඤා සමඟ පෙප්සි

  • ලෝක ප්‍රසිද්ධ සෝඩා බීම නිෂ්පාදකයෙකු වන PepsiCo සමාගම වර්ණ සහිත මෙන්ම වර්ණ රහිත බීම වර්ග වෙළඳපොලට හඳුන්වාදි තිබෙනවා. කෝපි, ස්ට්‍රෝබෙරි, කුරුඳු, යෝගට්, අන්නාසි, සකුරා ආදි වෙනත් රසයන් සමඟ පෙප්සි නිෂ්පාදන සීමිත එකතුවක් වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් මේ වන විටත් කටයුතු කර තිබෙනවා.

8.බේක් කල යුතු කිට්කැට්

  • Nestle සමාගම විසින් හඳුන්වාදී ඇති ‘කිට්කැට්’ නිෂ්පාදන වල රස 200 කට අධික සංඛ්‍යාවක් තිබේ. ග්‍රීන් ටී, බ්‍රැන්ඩි, ඇප්‍රිකොට්, කොමඩු, වට්ටක්කා, සෝයා බෝංචි, බැදපු ඉරිඟු, සකුරා මල් සහ සකේ ආදි රස ගණනාවකින් යුතු චොකලට් නිෂ්පාදන ඔවුන් හඳුන්වාදි ඇත. මෙම නිෂ්පාදනයේ ඇති විශේෂත්වය නම් එය ආහාරයට ගැනීමට පෙර උඳුනකට දමා බේක් කරගත යුතු වීමයි.

9.බේක්න් සහ අච්චාරු රසැති චුයින්ගම්

  • මෙම අපූරු රසකැවිලි විශේෂය හඳුන්වාදී ඇත්තේ Accoutrements සමාගමයි.

10.ආහාරයට ගත හැකි දියමන්ති

  • Ameya Eltaro ආයතනය විසින් නිපදවන මේවා ප්‍රසිද්ධ සහ අධික වටිනාකමක් ඇති පාෂාණ ආකෘති ලෙස සීනි වලින් සැකසූ රසකැවිලි විශේෂයකි. මෙම එක් නිර්මාණයක අලෙවි වටිනාකම ඩොලර් 35 ක් පමණ වේ.

11.වට්ටක්කා, බියර්, කොමඩු සහ චීස් බර්ගර් රස වලින් යුතු බිස්කට්

  • Oreo සමාගම විසින් අයිස් ක්‍රීම්, වට්ටක්කා සහ කුරුඳු, පෙපර්මින්ට්, ස්ට්‍රෝබෙරි, පොල්, පීනට් බටර් සහ ජෑම් රසැති බිස්කට් වර්ග හඳුන්වාදී ඇත. එමෙන්ම ඔවුන්ගේ සීමිත පාරිභෝගික නිකුතුවක් ලෙස කොකෝවා අඩංගු නොවන බටර්බියර්, චීස්බර්ගර් සහ කොමඩු රසැති බිස්කට් එකතුවක් හඳුන්වාදී ඇත.

12.බේකන්, හතු සහ ලුණු සමඟ චොකලට්

  • Vosges Haut-chocolat නමැති ඇමෙරිකානු සමාගම විසින් නිපදවන මෙම චොකලට් සහ ට්‍රෆල් රසකැවිලි වර්ග වලට සැබෑ බේකන්, හතු වර්ග, දුම් ගැසූ ලුණු, තලාගත ඉඟුරු, රෝස පෙති සහ විදේශයීය කුළුබඩු වර්ග මුසු කර තිබීම විශේෂත්වයකි.

13.එළවළු රසැති අයිස් ක්‍රීම්

  • Häagen-Dazs සමාගම විසින් හඳුන්වාදී ඇති මෙම අයිස් ක්‍රීම් චෙරි- තක්කාලි, කැරට්-දොඩම් රසවලින් සහ ජපන් චෙස්ට්නට් මුසු කරමින් සාදා ඇත.

14.ජෙලි පණුවන්

  • මෙම ජෙලි පණුවන් අඟල් 96 ක් දිග බර රාත්තල් 26 ක් පමණ වන අමුතුම ආකාරයේ රසකැවිලි විශේෂයකි.