Hela Rahas

Hela Rahas Official Web Portal

නාසයේ බරගතිය දුරු කරගත හැකි ක්‍රම 6 ක්

ඇතැම් පුද්ගලයින්ට තිබෙන ලොකු ගැටලුවක් තමයි නිතර නාසය බර විම. නාසය සිරවීම නිසා ඇතිවන අපහසුතාව මගහැරගන්න උපකාරී වන ක්‍රම 6 ක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.

1.ඇහිබැමි අතර පිහිටි මේ ලක්ෂ්‍යය සම්බාහනය කරන්න

  • මෙම ලක්ෂ්‍යය මෘදුව තෙරපා මිනිත්තුවක් පමණ සම්බාහනය කරගන්න. එමඟින් නාසා රන්ධ්‍ර වියළියාම සහ ප්‍රදාහයට ලක්වීම වළක්වයි. එමෙන්ම නාස් කුහරයේ ඉදිරිපස ප්‍රදේශයට එල්ලවන පීඩනය අඩු කරයි.

2.නාස් කුහර දෙපස සම්බාහනය කරන්න.

  • දබරෑඟිල්ල සහ මැදැඟිල්ල මෘදුව තෙරපා කවාකාරව හසුරුවමින් මෙම ප්‍රදේශය මිනිත්තු 1-2 ක් පමණ සම්බාහනය කරගන්න. මෙමඟින් නාසයේ ඇතුලත පිහිටි මාර්ගයන් විවෘත වීමට දායක වේ.ඉන් පහසුවෙන් සො‍ටු සූරා ඉවත්කරගැනීමට හැකියාව ලැබේ.

3.නාසය සහ තොල් අතර මැද පිහිටි ලක්ෂ්‍යය සම්බාහනය කරන්න.

  • මිනිත්තු 2-3 ක් පමණ මෙම ලක්ෂ්‍යය මෘදුව චලනයන් භාවිතා කරමින් සම්බාහනය කරගන්න. මෙමඟින් නාසයේ ඉදිමුම් ස්වභාවය ඉවත්කරගත හැකියි.

4.ආර්ද්‍ර උපකරණයක් භාවිතා කරන්න (humidifier).

  • වාතාශ්‍රයේ තෙතමනය 40% කටත් වඩා අඩු වූ විට නාසය තුල ඇති ශ්ලේෂ්මල වියළියාමට ලක්වන අතර එය නිදහස් ශ්වසන ක්‍රියාවලියට බාධා ඇතිකරයි. නාසය සො‍ටු වලින් බර වී ඇති විට වාතාශ්‍රයේ තෙතමනය අඩු මට්ටමක පවතියි නම් අසාධ්‍ය මට්ටමේ බැක්ටීරීයා සංකූලතා පවා වර්ධනය වීමට ඉඩකඩ ඇත. එබැවින්, නිවසේ ආර්ද්‍රතාව 40%-60% අතර ප්‍රශස්ත මට්ටමක පවත්වාගැනීමට සැලකිලිමත් වන්න.

5.නාස් පොල්ල උණුසුම් කරගන්න.

  • උණුසුම් ජලයේ පොඟවා හෝ මයික්‍රෝවේව් උඳුනට දමා උණුසුම් කරගත් රෙදි කැබැල්ලක් නාසය මත තබාගෙන සිටින්න. මෙසේ නාසය උණුසුම් වන විට ශ්ලේෂ්මල දියර ස්වභාවයට පත්වේ. නාසය පිඹිමින් සො‍ටු සූරා ඉවත් කර නාසය සේලයින් ජලයෙන් පිරිසිදු කරගන්න.

6.ව්‍යායාම අභ්‍යාසයක නිරතවන්න.

  • හෘද ස්පන්දන වේගය වැඩිවන විට සහ සිරුර උණුසුම් වන විට නාසයේ ඇති ශ්ලේෂ්මල තරල බවට පත්වීම සිදුවේ. ව්‍යයාම කරන විට මෙසේ නාසය ලිහිල් වීම නිසා සෙම් සො‍ටු සූරා ඉවත්කරගැනීම පහසු වේ. සෙම්ප්‍රතිශ්‍යාව බොහෝ විට වැල‍ඳෙන්නේ වෛරස් ආසාදනයක් ලෙසයි. ඒ අතරේ ප්‍රධානතම වෛරසය වන්නේ rhino වෛරසයයි.එම වෛරසය හේතුවෙන් වැල‍ඳෙන ඝ්‍රාණදාහය තත්වය වළක්වාගැනීමට නම් මෙසේ මිනිත්තු 15 ක් පමණ ව්‍යායාම කිරීම බොහෝ දුරට ඔබට පහසුවක අත්කර දේවි.