Hela Rahas

Hela Rahas Official Web Portal

කන්ද උඩරට රාජධානියේ භාවිතා කර ඉර හඳ කොඩියේ සැගවුණු කතාව

මහනුවර යුගයේ නැත්නම් කන්ද උඩරට රාජධානිය කියන්නෙ ඉතා වැදගත් වගේම ලොකු ඉතිහාසයක් තියෙන රාජධානියක්. ඉතිං කන්ද උඩරට රාජධානියෙ ඉතිහාසය තුළ තිබුණ වැදගත් තනතුරු, කොඩි වර්ග කිහිපයක් ගැන තමා අද කියන්නෙ.මහනුවර යුගයේ දී හොඳම දිසාව සඳහා ඉර හඳ කොඩිය පිරිනමන එක රජතුමා විසින් සිදු කර ඇත.

ඒ ඒ දිසාව භාරව හිටිය දිසාවේ, නිළමේවරු වගේම සාමාන්‍ය ජනතාව කරපු වීර ක්‍රියා ආදිය ගැන සළකලා බලපු රජතුමා දක්ෂතා දක්වපු දිසාවට ඒක අගය කිරීමක් විදිහට ඉර හඳ කොඩිය පිරිනමලා.ඉර හඳ කොඩිය පැවරීමත් එක්කම ඒ දිසාව කන්ද උඩරට රාජ්‍යය තුළ ඒ කාලේ තිබුණු දිසා 12 න් ප්‍රධාන දිසාව බවට පත්වුනා. මේ ඉර හඳ කොඩිය ප්‍රධාන දිසාවට හිමි ධජය නිසා තමා එදා පටන් අද දක්වාම මහනුවර දළදා පෙරහැරේ දිසා කොඩි අරගෙන යද්දී මුලින් ගෙනයන කොඩිය විදිහට ඉර හඳ කොඩිය අරගෙන යන්නේ.

ඉතිං පළවෙනි විමලධර්මසූරිය රජතුමාගේ කාලයේදී ඉර හඳ කොඩිය මාතලේ දිසාවටත් සෙනරත් රජතුමාගේ කාලයේදී සත් කෝරළයටත් II රාජසිංහ රජතුමාගේ කාලයේදී සතර කෝරළයටත් හිමිවෙලා තියෙනවා. සතර කෝරළයට ඉර හඳ කොඩිය හිමිවීමත් එක්ක උඩරට රාජධානියේ අවසානය වෙනකම්ම තමන්ගේ දිසාව තුළ ඉර හඳ කොඩිය තබාගන්න සතර කෝරළය (සතර කොරළේට අයත් කෝරළ්- ල්බඩ කෝරළේ, පරණ කුරු කෝරළේ, කිනිගොඩ කෝරළේ, බෙලිගල් කෝරළේ) සමත් වෙලා.මේ දිසා කිහිපයකට අයිති කොඩි තම

  • සත් කෝරළය- සිංහයා කොඩිය
  • ඌව දිසාව- හංසයා කොඩිය
  • වලපනේ දිසාව- මයුර කොඩිය
  • නුවරකලාවිය දිසාව- ගජසිංහ කොඩිය
  • වෙල්ලස්ස දිසාව- කොටියා කොඩිය
  • තුන් කෝරළය- භේරුණ්ඩ මහ කොඩිය
  • එදා කන්ද උඩරට රාජධානියේ දිසා 12 ක් (දිසාවන් 12 – සතර කෝරළය, සත් කෝරළය, ඌව, මාතලේ, සබරගමුව, තුන් කෝරළය, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව) තිබුණත් ඒවායිනුත් සතර කෝරළය, සත් කෝරළය, ඌව සහ මාතලේ මහ දිසා විදිහට හඳුන්වපු නිසා ඒවායේ භාර දිසාවේවරුන්ව හැඳින්වුණේ “මහ දිසාවේ” කියලා.
  • මේ දිසාවන් 4 මහ දිසාවේකම බොහෝ විට හිමිවෙලා තියෙන්නේ කන්ද උඩරට රාජධානියේ හිටිය මහා අදිකාරම්වරුන් දෙදෙනාට හරි ජ්‍යෙෂ්ඨතම රදළයෙක්ට.උඩරට පරිපාලන ව්‍යුහයේ රජතුමාට පස්සේ හිටියේ මහා අදිකාරම්වරු. මේ කාලේ මහා අදිකාරම්වරුත් දෙන්නෙක් ඉදලා තියෙනවා. ඒකෙන් පල්ලේ ගම්පහ මහා අදිකාරම් තමා පළවෙනි අදිකාරම්. දෙවනි අදිකාරම් උඩ ගම්පහ මහා අදිකාරම්.
  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් සිය පත්තුවේ මහා අදිකාරම් කියලා තනතුරක් තමන්ගේ පාලන කාලයේ ඇති කරනවා.ඒ වගේම මහනුවර නගරය ආසන්නයේ තිබුණු ප්‍රදේශ 9 ක් රටවල් නමින් හඳුන්වලා තියෙනවා. ඒවා තමා උඩුනුවර, යටිනුවර, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම, පාත බුලත්ගම, හාරිස්පත්තුව. ඒ රටවල් පාලනය කළේ රටේ මහත්තයා නැත්නම් රටේරාළ කියන කෙනා.
  • ඉතිං මේ විදියට තමා උඩරට රාජධානියේ පදවි තානාන්තර කිහිපයක් බෙදී ගිය ආකාරය ගැන සඳහන් වෙන්නෙ.