Hela Rahas

Hela Rahas Official Web Portal

විශ්වාස කිරීමට අපහසු නවතම සොයාගැනීම් 8 ක්

විශ්වය ආශ්චර්යමත් දේවල් වලින් පිරුණු තැනකි. ලෝකය ගැන බොහෝ දේවල් අනාවරණය කරගැනීමට නවීන විද්‍යාතමක අධ්‍යයනයන් හා පර්යේෂණයන් හරහා හැකි වී ඇත. මේ මෑතකාලයේදී පුරවිද්‍යාඥයින් විසින් සිය පර්යේෂණ කටයුතු අතරතුරදි සොයාගැනීමට සමත් වූ ලොවම මවිතකල නවතම සොයාගැනීම් 8 කි.

1.ඩයිනසෝර් මොලය

  • 2004 එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයෙන් හමුවූ කුඩා පාෂාණ ස්වභාවයක් ගත් වස්තුව පර්යේෂණ මඟින් පසුකලෙක ඩයිනෝසර් මොලයට ෆොසිලයක් බව අනාවරණය විය. එය වසර මිලියන 133 ක් පමණ පැරණිය. මෙය තවමත් අසමස සොයාගැනීම් ගණයේ පවතින්නකි.

2.ඉදිරිපෙළ හමුදා සොල්දාදුවන් විසින් කළ අත්කම් නිර්මාණ අයිතම

  • පෘසියානු යුද්ධ, නැපෝලියන්ගේ හමුදා ව්‍යාපාර සහ දකුණු අප්‍රිකාවේ සහ ඉන්දියාවේ පැවති බ්‍රිතාන්‍ය යුද්ධ කාලයේදී ඉදිරිපෙළ හමුදා සෙබලුන් විසින් සියතින් සිදුකල අත්කම් නිර්මාණ එකතුවක් 2017 වසරේ ප්‍රදර්ශණයකට එක්කර තිබිණි. රෝහල් ගත වී සිටින කාලයේදි , යුධ මෙහෙයුම් අතර ලැබෙන කෙටි විවේක කාල වල ඔවුන් විසින් මෙම නිර්මාණ සිදුකර ඇත. ඔවුන් විසින් සිදුකල අලංකාර බ්ලැන්කට් නිර්මාණ බොහෝ අයගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වී තිබේ.

3.පෘථිවියේ ඉපැරණිතම මිනිසාගේ නෂ්ටාවශේෂ

  • ඕස්ට්‍රලොපිතිකස් මානවයාගේ ඇට සැකිල්ල 2017 වසරේ මහජන ප්‍රදර්ශණයා එක්කර තිබුණි. මෙම සැකිල්ලේ වයස වසර මිලියන 3.6 කි. විද්‍යාඥයින් විසින් සිදුකල මෙම සැකිලි ප්‍රතිනිර්මාණය පෙර පැවති ආකෘතියට වඩා වර්තමාන මානවයාගේ රුවට බොහෝ සෙයින් සමානය. මෙම සැකිල්ල හමුවි තිබුණේ දකුණු අප්‍රිකාවේ ස්ටර්ක්ෆොන්ටේන් ගුහා පරිශ්‍රයේ තිබීයදීය. විශේෂඥයින් විසින් අනුමාන කරන්නේ මෙය කඳු හෙලකින් වැටි ජීවිතක්ෂයට පත් වු තරුණියකගේ අස්ථි කොටස් බවයි.

4.ක්ලෝඩ් මොනෙට් ගේ රහසිගත සිත්තම් එකතුව

  • සුප්‍රසිද්ධ ප්‍රංශ සිත්තරෙකු වන ක්ලෝඩ් මොනෙට් සතුව විශාල සිත්තම් එකතුවක් තිබී ඇතත් ඔහුගේ චරිතාපදානයේ ඒ බව සඳහනක් නොමැති බැවින් ලොවට එය රහසක් ව පැවතිණි. ඔහු එය සිතාමතාම සඟවන ලද කරුණකි. එය සැඟවීමේ අරමුණින් ඔහුට ඒවා ලැබුණේ කොහින්දැයි කිසිඳු සඳහනක් ඔහු විසින් සිදුකර නොමැත. කෙසේවෙතත්, එම එකතුව 2017 වසරේ මහජන ප්‍රදර්ශණයට එක්කරන ලදි. ඒ අතරේ පිසාරෝගේ, මැනෙට් ගේ සහ සිග්නැක් ගේ චිත්‍ර පවා තිබී ඇත.

6.වසර 2500 කට ඉහතදී පැවති දත් සැරසිලි සම්ප්‍රදායක්

  • මැණික් කැට වලින් දත් සැරසීම නවීන සංකල්පයක් නොවන බව පැහැදිලි වන සොයාගැනීමක් උතුරු ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එම ප්‍රදේශයේ වාසය කල මිනිසෙකුගේ හමුවූ හිස්කබලක වටිනා ගල් කැට වලින් සැරසූ දත් කුට්ටමක් හඳුනාගත හැකි විය. මෙය එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනයාගේ භාවිතයක් බව අනාවරණය වී ඇත. ඔබ්සිඩියන් පාෂාණයෙන් තැනූ ඩ්‍රිල් (සිදුරුකරන) උපකරණ, ගස්වල ලා‍ටු සහ අස්ථි වලින් සාදන ගම් විශේෂයක් භාවිතයෙන් මෙම දන්ත අලංකරණය සිදුකර ඇත.

7.බුද්ධ ප්‍රතිමාව අභ්‍යන්තරයේ ඇති මමි දේහය

  • නවීන ස්කෑන් තාක්ෂණය යටතේ සිදුකල පර්යේෂණයකින් බුද්ධ ප්‍රතිමාවක් ඇතුලත තිබූ ලියූ චුආන් නම් බෞද්ධ හිමිනමකගේ මමි දේහය සොයාගැනීමට සමත් වී තිබුණි. මෙම හිමිනම 11-12 වන සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි සැලකේ. හිමිනමගේ දේහයේ අභ්‍යන්තර කොටස් වෙනුවට එහි තිබී හමුවී ඇත්තේ ගාථා පාඨ ‍රැගත් ඉපැරණි පත්‍රිකා වීම විද්‍යාඥයින් මවිතයට පත්කිරීමට සමත් වී තිබූ සිදුවීමක් විය.

8.පේනු තුනේ උපාංගය – ‘ද එනිග්මැලිත්’

කඳුකර ප්‍රදේශයක් තරණය කරමින් සිටියදී එලෙක්ට්‍රික් ඉංජිනේරුවරයෙකු වූ ජෝහ්න්. ජේ. විලියම්ස් නැමැත්තාට මෙම පේනුවක් හැඩයේ මෙවලම පොලොව මත තිබී හමුවි තිබුණේ 1998 වසරේදීය. මෙය හාරා ඉවත් කිරීමෙන් පසු සිදුකල පර්යේෂණයකින් ඔහුට දැකගත හැකි වී ඇත්තේ මෙම කූරු තුනේ පේනුව එම පාෂාණයට ඔබ්බවා ඇති බවයි. එය ගම් වලින් හෝ පෑස්සුමකින් පාෂාණයට සවිකර නොමැති විම ද විශේෂත්වයකි. ඔහු විශ්වාස කරන ආකාරයට මෙය ඉපැරණි අධි-තාක්ෂණික ශිෂ්ඨාචාරයක අවශේෂයක් බවයි. කෙසේවෙතත්, ඔහුට එය හමුවූ ස්ථානය හෙලි කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

9.වසර 3100 ක් පමණ පැරණි චීන නිධාන

හඳුනානොගත් උසස් වංශවතෙකුගේ යැයි සැලකිය හැකි භූමදාන භූමියක තිබි අපූරු ගෘහ භාණ්ඩ ආයිතම කිහිපයක් චීනයෙන් හමුවී තිබුණි.එහි තිබී කැටයම් කරන ලද,චාරිත්‍ර සඳහා ගැනෙන ලෝකඩ බඳුන් විශාල ප්‍රමාණයක් හමු වී ඇත. පුරවිද්‍යාඥයින් පවසන ආකාරයට මෙතෙක් හමු වූ සියල්ල ආරම්භය පමණක් බවත් , ඔවුන්ට හමු වූ ඉපැරණි සුසාන භූමියේ නොවිසඳුණු නිදන් ප්‍රෙහේළිකා තවමත් ඉතිරිව ඇති බවත්ය.

  • පෝලන්තයේ සහ පේරු රාජ්‍යයේ විද්‍යාඥයින් පිරිසක් එක්ව මීට වසර 1200 කට පමණ ඉහත දී පේරු රාජ්‍යයේ ජීවත් වූ ‍රැජිණියකගේ මුහුණ 3D මුද්‍රණ තාක්ෂණික ක්‍රම මඟින් ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වි තිබුණි. එල් කැස්ටිලෝ ඩි හුවාර්මේ නම් මෙම වංශවත් කාන්තාවගේ සොගොන්ගැබ ඉන්කාවරුන්ටත් පෙර ජීවත් වූ වාරි සංස්කෘතියට අයත් එකක් යැයි සැලකේ. හුවාර්මේ නම් මෙම මෘත ශරීරය වෙනත්ම සොහොන්ගැබක ඇයට අයත් ආබරණ රාශියක් සහ අවමංගල චාරිත්‍ර ආයිතම ‍රැසක් සමඟින් තැන්පත් කර ඇත.