Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබට ප්‍රයෝජනවත් වෙන අරක්ෂක උපක්‍රම 9 ක්

අවාසනාවකට වගේ මේ ලෝකයේදී අපේ ජිවිත 100% ක්ම සුරක්ෂිත නැහැ. ඒ නිසාම කොයි දේටත් සුදානම් ශරීරයෙන් සිටීම වැදගත් වෙනවා. අනපේක්ෂිත කරදරයකදි ඉන් ජීවිතය ගලවා ගන්නේ කොහොම ද කියන දේ පිළිබඳව යම් දැනුමක්-අවබෝධයක් තිබීම ඔබේ ආරක්ෂාවට ඉතා වැදගත් වේ. කතාවටත් කියනවනේ තමන්ගේ ආරක්ෂාව සලසාගත යුත්තේ තමන්මයි කියලා.
ජීවිතාරක්ෂාව සලසාගැනීම සඳහා අනුගමනය කල හැකි ප්‍රයෝජනවත් උපක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

1.ගිනිමැලයක් ගසගැනීමට ගින්දර නොමැති විට

  • මේ සඳහා වතුර පිරවූ පොලිතින් බෑගයක් (සැන්ඩ්විච් බෑග්) ඔබට උපකාර කරගත හැක.එය අත්කාචයක් ආකාරයෙන් භාවිතා කරමින් එක් ලක්ෂ්‍යයකට හිරු කිරණ කේන්ඩ්‍ර කරවමින් දහනය වන යම් ද්‍රව්‍යයක් (වියළි ගස් පොතු, කොළ වැනි)එතැන තබන්න. මේ ගැන අපූරු විඩියෝ අන්තර්ජාලයෙන් ඔබට නැරඹිය හැකියි.

2.සපාකන බල්ලෙකුගෙන් බේරීමට

  • එවැනි භයානක අවස්ථාවකදි ඔබට සිදුවිය හැකි හානිය අවම කරගැනීමට අනුගමනය කල හැකි උපක්‍රම කිහිපයක් තමයි මේ: කෑ ගැසීමට හෝ උස් හඩින් ඝෝෂා නොකරන්න. සෘජුව සිටගනිමින් ‘නැහැ’ යනුවෙන් තදින් පවසන්න. ඔබ සපාකෑමකට ලක්වුයේ නම් ආක්‍රමණයට ලක් වූශරීර කොටස ඉවතට ඇදීමට උත්සහ නොකරන්න. ඒ වෙනුවට බල්ලා දෙසට තල්ලු කිරීම සිදුකරන්න. අත මිට මොළවා ගෙන ඇඟිලි ආරක්ෂා කරගන්න. කකුල් ඉහළට ඔසවමින් හෝ උදරය හා පපු ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට ඇඟ හකුලා ගැනීම සිදුකරන්න.

3.අකුණු ගසන අවස්ථාවක කුඩාරමක නවාතැන්ගැනීමට සිදුවේ නම්

  • සුලි කුණා‍ටු අවස්ථාවක ඔබ එලිමහන් ස්ථානයක ‍රැඳි සිටීමට සිදුවි ඇත්නම් ඔබේ කූඩාරම විශාල ගස් ඇති තැනක අටවානොගන්න(උස් ස්ථාන වලට අකුණු අනතුරු එල්ලවීමේ අවදානම වැඩිය). සුලං නිසා අතු කඩාවැටීම්, ගස් කඩාවැටීම් වැනි අනතුරු ඇතිවිය හැකි බැවින් ගස් වලට පහළින් කූඩාරම් ඉදිනොකරන්න.

4.අඳුරේදි මිතුරු කණ්ඩායමෙන් අතරමං වුණොත්

  • ග්ලොව් ස්ටික් (glow stick) නමැති මෙම ප්ලාස්ටික් වළලු වල සක්‍රීය වන විට ශක්තිය නිකුත් කරන රසායනයක අඩංගු වන අතර පසුව එය ආලෝකය බවට පරිවර්තනය වේ. කැලෑවක සංචාරයේ යන බොහෝ අය මේවා පලඳිති. එමඟින් කණ්ඩායමෙන් කෙනෙක් අතරමං වුණොත් පහසුවෙන්ම ඔහු/ඇය සොයාගැනීමට උපකාර කරයි. එක් ස්ටික් එකක් පැය 8-12 ක් පමණ ක්‍රියාකරයි.

5.කූඩාරමක් ඉදිකිරීමට තැනක් සොයන විට

  • කැලෑවක කූඩාරමක් ඉදිකිරීමට තැනක් සොයන විට පාසි සහිත මෘදු සුමුදු පසක් ඇති තැන් සහ ගස් නොමැති තැන් මගහරින්න. බොහෝ විට එවැනි තැන් වල පස ජලයෙන් සංතෘප්ත වී තිබිය හැකි අතර මඩ ගතිය වැඩි ප්‍රදේශයක් එතරම් ඝනකම් නොවන පස් තට්‍ටුවකින් වැසි තිබෙනවා විය හැකියි. එවැනි තැනක ඉදිකල කූඩාරමක් ඉක්මනින් තෙත් වියාම වගේම හදිසියේ ගිලාබැසීම වුවත් සිදුවිය හැකියි,

6.සීතලින් සිරුරට අනතුරු නොවීමට

  • අධික සිත කාලගුණයක් ඇති විටක ඔබට පිටත ‍රැඳීමට සිදුවේ නම් වැඩිපුර ජලය පානය කරන්න. එසේ කිරීම සිරුරේ උෂ්ණත්වය නියාමනය වීම සඳහා අත්‍යාවශ්‍යය.

7.මදුරු විකර්ෂක නිෂ්පාදන නැතිවම මදුරුවන්ගෙන් ආරක්ෂා වන හැටි

  • ඩෙංගු , මැලේරියා වැනි භයානක රෝග පතුරුවන මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂක නිෂ්පාදන අප භාවිතා කරනවා. නමුත් කැලෑවක දි ඒ සඳහා ස්වභාවික ක්‍රමයක් උපයෝගි කරගත හැකියි. දල්වාගත් ගිනි මැලයට තයිම් කොළ (තුමස් කොළ) කිහිපයක් එක්කරන්න.

8.වැසි කාලගුණයකදි ගින්නක් ඇතිකරගන්න ක්‍රමය

  • තෙත පරිසරයක වියළි දර කෝ‍ටු සොයාගැනීම පහසු නැත. මේ උපක්‍රමය සඳහා තරමක විශාල ලී කොටයක් අවශ්‍යයයි(අඟල් 30 උස අඟල් 12 පමණ පළ).කියත් තලයකින් එහි උසින් තුන් කාලක් පමණ වන සේ එය කොටස් 4 ක් පළා ගන්න.ඒ මැදට දහනය වන කඩදාසි, පොතු, කෝ‍ටු කැබලි දමා ගිනි දල්වන්න. මෙම ක්‍රමයෙන් ගින්නක් දැල්වූ විට ඊට යලි යලි කෝ‍ටු කැබලි කඩදාසි එක්කිරීමට අවශ්‍ය නැහැ.පසුව එය ස්වයංව දහනය වේ. වැඩිවෙලාවක් පවතින නිසා ආහාර වුවත් පිසගත හැකියි.

9.කැලෑවක අතරමං වුණොත්

  • කැලෑවක අතරමං වූ හදිසි අවස්ථාවක ඔබ සිටින ස්ථානය අන් අයට දැන්වීමට ගිනි මැලයකින් සංඥා කල හැක. ගින්නට පයින් අතු හෝ රබර් වලින් සෑදු යමක් දමන්න. ඉන් වඩාත් පැහැදිලි කලු දුමාරයක් ඇතිකරවයි. ප්‍රවේශම් වීමට සැලකිලිමත්වන්න!