Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව උසම පුද්ගලයින් 10 දෙනා

උස-කොට කියන්නේ මිනිසුගේ විවිධත්වයේම කොටසක්. නමුත්, එවැනි සුවිශේෂි අංග ලක්ෂණයක් තිබීම නිසාම ලොව ජනප්‍රිය වුණු පුද්ගලයින් ද සිටිනවා. මේ කතාවත් ඒ වගේ කිහිප දෙනෙකු ගැනයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ උසට වඩා උස් වූ හා විශාල ශරීරයකට උරුමකම් කියන පුද්ගලයින් අප අතර සිටිනවා. ඒ අනුව ලොව උසම පුද්ගලයින් යැයි හඳුන්වන ලැයිස්තුවේ සිටින පුද්ගලයින් 10 දෙනා තමයි මේ .

1.සුල්තාන් කොසේන්- අඩි 8 අඟල් 2.8

  • ඔහු කුර්දි ජාතික ගොවියෙක් වන අතර ලොව උසම පුද්ගලයාට හිමි ගිනස් වාර්තාව ඇත්තේ ඔහුටයි.ඔහුගේ මෙම අසාමාන්‍ය උස වැඩිවීමට හේතුවි තිබෙන්නේ පිටියුටරි ග්‍රන්ථියේ වර්ධක හෝර්මෝන නිෂ්පාදනයට බලපෑම් ඇතිකරවන ‘ඇක්‍රොමිගැලි’ නම් රෝග තත්වයයි.

2.බ්‍රාහිම් ටකිඋල්ලාහ්-අඩි 8 අඟල් 1

  • ලොව දෙවන උසම පුද්ගලයා වන බ්‍රාහිම් මොරොක්කෝ ජාතිකයෙකි. එමෙන්ම ලොව විශාලතම පාද හිමි පුද්ගලයාට හිමි හිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ද ඔහුයි.

3.මෝර්ටේසා මෙහ්ර්සාඩ්-අඩි 8 අඟල් 1

  • මෙහ්ර්සාඩ් ඉරානය ජාතික පැරා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන පැරා ඔලිම්පික් ක්‍රීඩකයෙකි. ඉරානයේ උසම පුද්ගලයා පමණක් නොව එතෙක් මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වු උසම පුද්ගලයා ද ඔහුයි.

4.ධර්මේන්ද්‍ර ප්‍රතාප් සින්ග්-අඩි 8 අඟල් 0.7

  • ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි වෙසෙන ඔහු හින්දි සාහිත්‍යය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

5.චන්ග් ජුන්කායි- අඩි 7 අඟල් 11 ¼

  • ෂාන්ක්සි පළාතේ වෙසෙන ඔහු චිනයේ සිටින උසම පුද්ගලයා ලෙස සැලකේ.

6.අසදුල්ලාහ් ඛාන්-අඩි 7 අඟල්

  • ඔහු ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කේන්ඩ්‍රපාද ප්‍රදේශයේ ජීවත් වේ.පුදුමයට කරුණක් නම් ඔහු හැර ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් සියල්ලන්ගෙම උස අඩි 5 නොඉක්මවීමය.

7.නාසීර් සුම්රෝ-අඩි 7 අඟල් 10

  • පාකිස්තානයේ ෂිකරුපූර් හි වෙසෙන ඔහුට එරට පොලිසීය විසින් සති අන්තයේදී නිවසින් පිටතට නොඑන ලෙස අවවාද කර තිබෙනවාලු. ඔහුව දැකගැනීමට විශාල ජනකායක් ඒකරාශී වීම නීතියට හා සාමයට ගැටලු මතුවිය හැකියි අපේක්ෂා කිරීම ඊට හේතුවයි.

බාඕ ක්සිෂුන්-අඩි 7අඟල් 9

  • ඔහු චීන ජාතික ගොපල්ලෙකි.වයස අවුරුදු 16 වන තෙක්ම ඔහු සාමාන්‍ය උසකින් හෙබි තරුණයෙකු විය. නමුත්, ඉන් පසුව අසාමාන්‍ය ලෙස ඔහු උසින් හා විශාලත්වයෙන් වර්ධනය වන්නට පටන්ගෙන ඇත. වයස අවුරුදු 56 දී ඔහු විවාහ විය. ඒ 2007 වසරේය. එම විවාහයෙන් ඔහුට පුත්‍රයෙක් සිටියි.

9.සුන් මින්ග්මින්ග් -අඩි 7 අඟල් 9

  • ඔහු චීනයේ වෘත්තීය මට්ටමේ බාස්කට්බෝල් ක්‍රීඩකයෙකි. ලොව උසම බාස්කට්බෝල් ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේද ඔහුයි. ඔහු විවාහ වී සිටින්නේ අඩි 6 අඟල් 1 උස හෑන්ඩ්බෝල් ක්‍රීඩිකාවක් වන ක්සූ යෑන් සමඟයි. ලොව උසම විවාහක යුවල ලෙස සැලකෙන්නේද මොවුන් දෙදෙනායි. සුන් ‘Rush Hour 3’ සහ ‘Funny Soccer’ වැනි චිත්‍රපට වල රංගනයෙන් දායක වී ඇත.

10.රදවුආන් චාර්බිබ්-අඩි 7 අඟල් 9

  • 2005 වසර තෙක් ලොව උසම පුද්ගලයා ලෙස සැලකුණේ ඔහුයි. කෙසේවෙතත් මේ වන විට ඔහුට එම ලැයිස්තුවේ හිමි වී තිබෙන්නේ දසවන ස්ථානයයි.